වයස්ගත ජීවිතයට ලිංගිකතාවයේ වැදගත්කම
වයසට යාමත් සමඟ ශාරීරිකව කරදරකාරී තත්ත්වයන් ඇති වෙද්දී ජේෂ්ඨයන් සිය ලිංගික ජීවිතය අත්හරිතැයි සාමාන්‍යයෙන් කල්පනා කෙරුණද එය එසේ නොවේයැයි නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි. එහි දැක්වෙන යථාර්ථය වන්නේ වයස්ගත ඇමරිකානුවන්ගෙන් 40% තවමත් ලිංගික කටයුතු වල නිරත වන බවයි. වයස්ගත ජෝඩු ගතහොත් 54% ක්ම තවමත් සම්භෝග සුවය පතති. අමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ නව සමීක්ෂණ මගින් පෙන්වා දෙනු ලබන අන්දමට ඊටත් වැඩි සංඛ්‍යාවක් ඒ කියන්නේ ජෝඩු 60% ක් කියා සිටින්නේ ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක බව සදහා ලිංගිකතාව වැදගත් වන බවයි. වාසනාවකට මෙන් වයස අවුරුදු 65 සිට 80 දක්වා අයගෙන් 73%ක්ම පසු වන්නේ තම ලිංගික ජීවිතය ගැන සෑහීමකට පත්වය.

වයස්ගත පුද්ගලයන්ට නම් මෙම ගණන්හිලව් එතරම් අරුමයක් නො වන්නට පුළුවන් යයි එරිකා සොල්වේ පවසයි. ඇය මිචිගන් විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ලද “ සෞඛ්‍ය සම්පන්නව වයස්ගතවීම” පිළිබද සමීක්ෂණයේ සම සහයක අධ්‍යක්ෂවරියකි. කෙසේ වෙතත් ඇය පෙන්වා දෙන්නේ, වයස්ගත වීම යනු ආල අන්දරයේ අවසානයයැයි කල්පනාකරන තරුණ පිරිස්වල ඇහැරවීමට සමීක්ෂණ ප්‍රතිඵල හේතු වීමට ඉඩ ඇති බවයි. සමීක්ෂණ වාර්තාව පසුගිය මැයි මාසයේ එළිදැක්විණි. “ බොහෝමයක් වැඩිහිටියන්ට තවමත් ලිංගික තාව වැදගත්” සොල්වේ කියා සිටියි. ඇත්ත වශයෙන්ම වයසට යන විට ලිංගික ජීවිතය තවත් හොඳ අතට යාමට හැකිය යනුවෙන් දකුණු දිග ෆ්ලොරිඩාහි වෛවාහික සහ ලිංගික සෞඛ්‍ය කේන්ද්‍රයේ මනෝ විද්‍යාඥ රැෂෙල් නීඩ්ල් පවසයි. මෙයට එක් හේතුවක් දක්වනවා නම් ආර්තවහරණයෙන් (ඔසප් නැවතීමෙන්) පසුව ස්ත්‍රිය ගැබ් ගැනීමේ බියක් හට නොගැනීම දැක්විය හැකියැයි ඇය පෙන්වා දෙයි. වයස්ගත වෙත්ම පුද්ගලයන්ට තම ශරීරය ගැන වඩාත් පහසුවෙන් සිතීමට හැකිවනවා පමණක් නොව ලිංගික වශයෙන් තමන්ට අවශ්‍ය වන්නේ කුමක්දැයි තෝරා බේරා ගැනීමට පරිචයකින් යුක්ත වන බවද නීඩ්ල් සඳහන් කරයි.
පොදුවේ ගත් කල, ලිංගික ආශාව සහ ලිංගික ක්‍රියාකාරිත්වය යන දෙකම සලකන විට වැඩිහිටි පිරිස අතර පෙරමුණ ගන්නේ පිරිමින්ය. සමීක්ෂණයට ලක් කළ පුරුෂයන්ගේ අඩක්ම කියා සිටියේ ඔවුන් “ බොහෝ” හෝ “අතිශය” ලෙස ලිංගික කටයුතු ගැන උනන්දුවක් දක්වන බවයි. මීට අදාළව ස්ත්‍රීන්ගේ ප්‍රතිචාරය 12% කි. පුරුෂයන් ගෙන් අඩකට මදක් වැඩි පිරිසක් තවමත් ලිංගිකව ක්‍රියාකාරී බව ප්‍රකාශ කර ඇති අතර ස්ත්‍රීන්ගෙන් එවන් ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ සියයට 31 කිනි. ලින්ගිකව සහායට කෙනෙකු පුරුෂයන්ට සිටීමට සිටීමට වැඩි අවස්ථාවක් තිබීම මෙයට අර්ධ වශයෙන් බලපානවා විය හැකි යයි සොල්වේ පෙන්වා දෙයි. සමාලෝචනයට ලක් කෙරුණු පුරුෂයන් අතරින් සියයට 73 ක් කිසියම් ආකාරයක සම්බන්ධයකින් බැඳී සිටි අතර ස්ත්‍රීන් අතර එම ප්‍රතිශතය 60% කි.

මෙහිම තවත් පැතිකඩක් සලකා බැලුවොත් යහපත් සෞඛ්‍ය ශාරීරික තත්ත්වයකින් යුක්ත වයස්ගත වැඩිහිටියන් ලිංගිකව වඩාත් ක්‍රියාකාරී බව පෙනීගොස් ඇත. සමීක්ෂණයට බඳුන් කළ සියලු දෙනා අතුරෙන් “හොඳ” හෝ “ ඉතා යහපත් ( විශිෂ්ට)” ලෙස තම සෞඛ්‍ය තත්ත්වය විස්තර කල අයගෙන් 45%ක් ම ලිංගිකව ක්‍රියාකාරී විය. තම සෞඛ්‍යය “ සාමාන්‍ය” හෝ “ දුර්වල” ලෙස හඳුනාගනු ලැබූ අය අතුරෙන් ලිංගිකව ක්‍රියාකාරීව සිටි ප්‍රතිශතය 22% කි. “ඒක ඉතිං පුදුම වෙන්න දෙයක් නම් නොවෙයි ඉතින්” සෙල්වේ කියයි. එසේ වුවද, ලිංගිකව ක්‍රියාකාරීවීම වැලැක්වීම කෙරෙහි වයස්ගත වැඩිහිටියන්ගේ සෞඛ්‍යය ප්‍රශ්න කොපමණ සීඝ්‍රතාවයකින් බලපාන්නේ ද යන්න තවම පැහැදිළි නැත.

සමහරවිට ලිංගික අතුරු ආබාධ ඇති කරන ඖෂධ බෙහෙත් ආදිය නිසා එසේ සිදුවෙනවාද නැතිනම් ලිංගික ක්‍රියාවට අවහිර වන්නේ රෝගයන්මද යන්න පැහැදිලි නැතැයි ඇය අදහස් කරන්නීය. ආර්තවභාවයට පත්වීමෙන් පසුව සහ ඒ හා සමගම එන එස්ට්‍රොජන් පරිහානි (decline in estrogen) නිසාවෙන් ඇතැම් ස්ත්‍රීන්ට ලිංගික සම්භගයේ යෙදීමේදී වේදනාවක් මතුවිය හැකි බව ද නීඩ්ල් පෙන්වා දෙයි.
වයස්ගත වැඩිහිටියන් තවදුරටත් ලිංගික ක්‍රියාවෙහි නිරත නොවුවත් ඉන් අදහස් කෙරෙන්නේ කුළුපඟ කම අවසන් වීම නොවේයැයි ඇය අවධානය කරයි.“ එක මිථ්‍යාවක් තියෙනවා තුරන් කරන්නම ඕන. ඒ තමයි ලිංගිකතාව කියන්නේ සම්භෝගය කියන්නෙත් එකක් ලෙස සැලකීම. මේ දෙකම එකක් නොවෙයි. ශාරීරික කුළුපඟතාවට ඇතුළත් වෙන්නේ හුදු ලිංගික සම්භෝගයම පමණක් නොවේ. ස්පර්ශයෙන් වුනත් වැදගත්” යයි නීඩ්ල් සඳහන් කරයි. මේ මතය සනාථ කරන සොල්ට් පෙන්වා දෙන්නේ වයස්ගත ජෝඩු සම්භෝගයේ යෙදුණේ නැති වුණද එය යම් වරදක් වශයෙන් සැළකුව යුතු නැති බවයි. “හවුල් කරුවන් දෙදෙනාම සතුටින් නම් ඔවුනට එකතු වීමට වෙනස් මං තියේනම් ඒ තමයි වැදගත් වෙන්නේ.” යයි ඇය සඳහන් කරයි.
ලිංගික සෞඛ්‍යය ගැන සඳහන් කරන විට අධ්‍යනය පෙන්වා දෙන්නේ සමීක්ෂණයට ලක් කරනු වයස්ගත වැඩිහිටියන් අතුරින් තමන්ට සෞඛ්‍ය සේවා සපයන්නන් සමඟ පසුගිය වසර දෙක ඇතුළත මේ ගැන කතා බහ කර ඇත්තේ සියයට දාහතක් පමණක් බවයි. එහෙත් ලිංගික දුෂ්කෘත්‍යයන් (ක්‍රියාකාරීත්වයේ විෂමතා sexual dysfunction ) ගැන සමීක්ෂණයට ලක් කළ අයගෙන් විමසීමක් නොකළ හෙයින් සංඛ්‍යා ලේඛනයෙන් කුමක් තේරුම්ගත යුතුද යන්න පැහැදිළි නැතැයි සෙල්වේ කියයි.

තම්න්ගේ වෛද්‍යවරයාට මේ ගැන කතා කළ බව ප්‍රකාශ කළ වැඩිදෙනෙකු කියා සිටියේ මාතෘකාව මතු කර ගත්තේ වෛද්‍යවරයා නොව තමන්ම බවයි. ඉන් කියවෙන්නේ වෛද්‍යවරුන් ඒ ගැන නොවිමසන බවයි. කලින් සිදු කළ අධ්‍යයනවලින් ද මේ කාරණය ස්ළුුට වන බව ෆ්ලොරිඩාහි සේජ් පවුල් සංවර්ධන ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ලෝරන්ස් සීගල් පවසයි. මේ විෂය ගැන වෛද්‍යවරයා සමඟ කතා බහ කිරීමේ දී බොහෝ විට වයස්ගත අය යම් සබකෝලයක් දක්වන්නේ මේ මාතෘකාව ගැන කතා කිරීමෙන් වෛද්‍යවරයාටද අපහසුතා ඇති වෙතැයි සිතමිනි. අනෙක් අතට වෛද්‍යවරුන්ටද මේ ගැන කතා කර පළපුරුද්දක් පුහුණුවක් නොමැති හෙයින් ඔවුහු ද සබකෝලයක් දක්වති. ඉතින් වෛද්‍යවරයාගේ නිහැඬියාව ලිංගික සෞඛ්‍යය යනු වයස්ගත අය සමග තමන් සාකච්ඡා කිරීමට අකමැති දෙයක්ය යන පණිවුඩය සෘජුවම වයස්ගත අය වෙත යන බව සීගල් පෙන්වා දෙයි. “ මේ විෂයට අදාළව තමන්ට යම් ඇසිය යුතු දෙ යක් තිබේ නම් වෛද්‍යවරයා සමඟ කතා කිරීම තමයි හොඳම දේ. අපේ ප්‍රශ්නය ගැන කතාකරන්න, ඒ වගෙම පිළියම් යොදන්න වෛද්‍යවරයා බැඳී සිටිනවා. ඒ හන්දා මේවා ඉතින් සුළු දේවල් නේ, වෛද්‍යවරයා අපහසුවට පත් කරන්න හොඳ නැහැනේ ආදී වශයෙන් සිතන්නේ නැතුව සාකච්ඡාවට ගන්න” යයි වයස්ගත අය දිරිගන්වමින් සීගල් කියයි.
WebMD (Health day news) වෙබ් අඩවියේ පළවූ Sex Still Matters to Many Seniors, Survey Finds යන ලිපිය ඇසුරෙනි