ප්රතිශක්තිය අවබෝධ කර ගැනීම

Posted by

ප්රතිශක්තිය අවබෝධ කර ගැනීම

 පිටතින් පමිණෙන ආක්රමණිකයින්ට එරෙහිව ඔබේ ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතිය සටන් කරන අතර රෝග වලින් ඔබව ආරක්ෂා කරයි. ඒ මතු දැක්වෙන දෙයාකාරයෙනි:

Auto-antibodies may explain why some people develop severe COVID-19

පශ්චාත් නිරාවරණ ප්රතිශක්තිය

ඔබ යම් ජීවියෙකුට නිරාවරණය වීමෙන් පසුව මෙම වර්ගයේ ප්රතිශක්තිය වර්ධනය වේ. එකම වර්ගයේ වෛරස් හෝ බැක්ටීරියාවකින් ඔබ නැවත අසනීප වීම වැළැක්වීම සඳහා ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතිය සංකීර්ණ ආරක්ෂක උපක්රම පෙළක් ම ක්රියාත්මක කරයි.

වෛරසයක් වැනි පිටතින් පමිණෙන ආක්රමණිකයෙකුට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයේ ඇතැම් සුදු රුධිරාණු නිපදවීම B සෛල (B lymphocytes) සක්රීය කරයි. බී

සෛල මගින් ප්ලාස්මා සෛල නිපදවනු ලබන  අතර එමඟින් ප්රතිදේහ ලෙස හඳුන්වන ප්රෝටීන විශාල ප්රමාණයක් නිපදවන අතර ඒවා නිශ්චිත ආක්රමණිකයෙකුට එරෙහිව සටන් කිරීමට නිර්මාණය වී ඇත. ප්රතිදේහ ඔබේ ශරීරයේ තරලවල සංසරණය වන අතර ඊළඟ වතාවේ ආක්රමණිකයා ඔබේ ශරීරයට ඇතුළු වන විට ප්රතිදේහ එය හඳුනාගෙන විනාශ කරයි. ඔබේ ශරීරය විශේෂිත ප්රතිදේහයක් නිපදවූ පසු, අවශ්ය නම් වැඩි වේගයෙන් නිෂ්පාදනය නැවත ආරම්භ කළ හැකිය.

macrophages(මහාභක්ෂකයන්) ලෙස හඳුන්වන අනෙකුත් සුදු රුධිරාණු සියලුම ආක්රමණිකයන් “පිරිසැකසුම්කරණය” කරයි. ඒවා, පිටතින් පැමිණෙන ආක්රමණිකයන්ට මුහුණ දී, ඔවුන් තර්ජනයක් ඉදිරිපත් කරන්නේ දැයි තීරණය කර අවශ්ය නම් ඔවුන් විනාශ කරයි. ඔබේ ශරීරයට මීට පෙර කිසි දිනෙක නිරාවරණය නොවූ විෂබීජයක් හමු වුවහොත්, විෂබීජය පිළිබඳ තොරතුරු උපකාරක ටී සෛල( helper T cells) ලෙස හඳුන්වන සුදු රුධිරාණු වෙත යවනු ලැබේ. මෙම සෛල ස්මර්න ටී සෛල   (memoryT cells)  ඇතුළු අනෙකුත් ආසාදනවලට එරෙහිව සටන් වදින සෛල වර්ධනයට උපකාරී වේ.

ඔබ කිසියම් නිශ්චිත වෛරසයකට හෝ බැක්ටීරියාවකට නිරාවරණය වූ පසු, ඊළඟ වතාවේදී  එය ඔබට හමු වූ විට, ප්රතිදේහ සහ ස්මරණ ටී සෛල ජීවියාට ප්රතික්රියා කරන්නේ  රෝගය වර්ධනය වීමට පෙර එයට ප්‍රහාර එල්ලකරමිනි.

Infection prevention and control training for visitors - Ananda Aged Care

එන්නතින් එන ප්රතිශක්තිය

එන්නත් කිරීමෙන් එන්නතින් එන ප්රතිශක්තිය ලැබේ. මෙම එන්නත සැබෑ නැතිනම්නිස්චිත රෝගයකට නිරාවරණය නොවීම ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතියේ ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව සහ මතකය අවුලුවයි. එන්නතක අඩංගු වන්නේ බෝවන විෂබීජයේ මියගිය හෝ දුර්වල වූ ආකාරයක් හෝ ව්යුත්පන්නයකි. සෞඛ්ය සම්පන්න පුද්ගලයෙකුට ලබා දුන් විට, එන්නත ප්රතිශක්තිකරණ ප්රතිචාරයක් ඇති කරයි. එය ඔබේ ශරීරය නිශ්චිත ජීවියෙකු විසින් ආක්රමණය කරනුලැබ ඇති බව සිතීමට සලස්වන අතර, ඔබේ ප්රතිශක්තිකරණ පද්ධතිය, ආක්රමණිකයා විනාශ කිරීමට සහ ආක්‍රමණිකයා ගෙන් නැවත ඔබ ආසාදනයට පත්වීම වීම වැළැක්වීමට ක්රියා කරයි.

How vaccines work | British Society for Immunology

ඔබට දැනටමත් එන්නත ලබා ගෙන  ඇති රෝගයකට ඔබ නිරාවරණය වුව හොත්, ආක්රමණික විෂබීජ ඉක්මනින් විනාශ කිරීමට සූදානම් වන ප්රතිදේහ ඒවාට අභිමුඛ වෙයි.. එන්නත ලබා දීමෙන් පසු ඔබ විසින් වර්ධනය කරගනු ලබන ප්රතිශක්තිය ස්වාභාවික ආසාදනවලින් ඔබ ලබාගන්නා ප්රතිශක්තියට සමානය. බොහෝ රෝග සඳහා ප්රතිශක්තියක් ඇති කිරීම අතින්  ගතහොත්, එන්නතක් (එම රෝග) ආසාදනය තරම්ම කාර්යක්ෂමය. එපමණක් ද නොව, රෝගයකිනැතිවන  බරපතල බලපෑම්වල අවදානමකින් තොරව (ප්‍රතිශක්තිය ඇතිකිරීමපිණිස) එන්නත් ලබා දිය හැකිය.

සම්පූර්ණ ප්රතිශක්තිකරණ ප්රතිචාරයක් සඳහා එන්නතක මාත්රා කිහිපයක් අවශ්ය විය හැකිය.

සමහර අය එන්නතක පළමු මාත්රාවලට ප්රතිශක්තිය ගොඩනැගීමට අපොහොසත් වන නමුත් බොහෝ විට පසුකාලීන මාත්රාවලට ප්රතිචාර දක්වයි. ඊට අමතරව, ටෙටනස් හෙවත් පිටගැස්ම සහ කක්කල් කැස්ස වැනි සමහර එන්නත් මගින් ලබා දෙන ප්රතිශක්තිය ජීවිත කාලය පුරාම පවතින්නක් නොවේ. ප්රතිශක්තිකරණ ප්‍රතිචාරය කාලයත් සමඟ  අඩු විය හැකි බැවින්, ඔබේ ප්රතිශක්තිය යථා තත්වයට පත් කිරීමට හෝ වර්ධනය කිරීමට ඔබට තවත් එන්නත් අනුපූරක මාත්‍රාවක් (බූස්ටරයක්) අවශ්ය විය හැකිය.

එන්නත් වර්ග

එන්නත් විවිධ ආකාරවලින් සකස් කරනු ලැබේ. සෑම වර්ගයකම එන්නතක් ගතහොත් ඒවායේ ඉලක්කය එක හා සමානයි: එනම්,  රෝග ඇති නොකර ප්රතිශක්තිකරණ ප්රතිචාරයක් උත්තේජනය කිරීමයි.

Diagram of the types of vaccination

දුර්වල සජීවී

සරම්ප, මැම්පස්, රුබෙල්ලා සහ පපොල (වැරිසෙල්ලා) වැනි සමහර එන්නත්, දුර්වල කරනුලැබ ඇති (attenuated = තනූකෘත) සජීවී වෛරස් භාවිතා කරයි.

නසන ලද හෝ අක්රිය කරන ලද

වෙනත් එන්නත් අක්රීය කරන ලද (නසා දැමූ) බැක්ටීරියා හෝ වෛරස් භාවිතා කරයි. අක්රිය කළ පෝලියෝ එන්නත (IPV) මේ ආකාරයෙන් සාදා ඇත.

ටොක්සොයිඩ(ධූලකාභ – toxoid)

සමහර වර්ගවල බැක්ටීරියා රෝග ඇති කරන්නේ රුධිර ප්රවාහය ආක්රමණය කරන විෂ නිපදවීමෙනි. ඩිප්තීරියා සහ ටෙටනස් වැනි ටොක්සොයිඩ එන්නත්, හානිකර නොවන තත්ත්වයට පත් කරන ලද බැක්ටීරියා විෂ භාවිතා කරයි.

අසෛලික (acellular) සහ අනු ඒකක

අසෛලික සහ අනු ඒකක එන්නත් සාදනු ලබන්නේ වෛරස් හෝ බැක්ටීරියාවෙන් කොටසක් පමණක් භාවිතා කිරීමෙනි. හෙපටයිටිස්(යාකෘත් ප්‍රදාහ),  බී වර්ගයේ  Haemophilus influenzae (Hib) සහ විදිය හැකි ෆ්ලූ එන්නත් මේ ආකාරයෙන් නිපදවනු ලැබේ.

MAYO CLINIC Family Health (2018) ග්‍රන්ථයේ පළවන Vaccinations and Screenings නම්කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.