ස්වයංවින්දනය: එය අස්වභාවික දෙයක් ද?

Posted by

අනාදිමත් කාලයක් තිස්සේ මිනිස් සමාජය(සතුන් අතරේ පවා) ස්වයංවින්දනය බහුලව පැතිර පවතින්නක් වුවත් වෙනත් ඇතැම් මාතෘකා මෙන් මෙයද විවෘත කතා බහට නොගැනෙන්නකි. එහෙයින්ම, එය වටා අසත්‍ය, අර්ධසත්‍යය, මෙන්ම මුලුමනින්ම මිථ්‍යා හා වෙනත් කයි කතන්දර රාශියක් ගොඩනැගී තිබේ. වෙනත් අවස්ථාවල දී මෙන්ම මෙහිදී ද සිදුවන්නේ යථා අන්දමට එය(ස්වයංවින්දනය ) වටහා ගනීමට නොහැකි වීමයි. thathu.com සිය මුඛ්‍ය අරමුණ අනුව යමින් මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ සංකල්පයක්, අදහසක්, මතයක් හෝ දෙයක් ගැන අප පාඨකයිනට විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමේ භාවිතයේ පිහිටායි.  thathu.com ඥාන විභාගය ගරු කොට සළකන හෙයින්, වෙනත් කාරණා ගැන මෙන්ම  ස්වයංවින්දනය  ගැන ද තව තවත් කරුණු සොයා බැලීම පාඨක යහපතටම හේතුවේ  — සංස්කාරක

ස්වයංවින්දනය අස්වභාවික දෙයක් ද? සාමාන්ය දෙයක්ද?

ස්වයංවින්දනය( Masturbation ) මුළුමනින්ම සාමාන්ය හා සම්පූර්ණයෙන්ම සෞඛ්ය සම්පන්නය.  එහෙත් බොහෝ අය ඒ ගැන කතා නොකරති;  නමුත් සෑම කෙනෙක්ම පාහේ එය සිදුකරති.

ස්වයංවින්දනයේ යෙදෙන්නේ කවුද?

ස්වයංවින්දනය පිළිබඳ පැරණි විහිළුවක් තිබේ: “මිනිසුන්ගෙන් 80% ක් ස්වයංවින්දනය කරනවා, අනෙක් 20% දෙනා එහෙම නැතැයි  බොරු කියනවා.”  ඇත්ත වශයෙන්ම මෙය සැබෑ සංඛ්යාලේඛන ඉදිරිපත්කිරීමක්  නොවන බව සැබවි. (මන්ද, විහිළු කතාවේ  හැටියට සෑම දෙනෙකුම ස්වයංවින්දනයේ යෙදුණත්,   සමහර අය ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති නිසාවෙනි).  තමුන්  ස්වයංවින්දනයේ යෙදෙන බව එළිපිට  පිළිගන්නේ නැතත්  ස්වයංවින්දනය සුලබව සිදුකෙරෙන්නක් සහ සාමාන්ය දෙයක් බව බොහෝ දෙනා දන්නා කරුණක් යන්න ඉන් නිෂේධනය නොවේ.

ස්වයං වින්දනයෙ යෙදීම  ගැන පමණක් නොව ඒ ගැන කතාකිරීම සම්බන්ධව පවා සමහරු ලැජ්ජාවට පත්වන්නේ ස්වයංවින්දනය නොමනා හෝ ලැජ්ජා සහගත දෙයක් බවට බොහෝ මිථ්යාවන් සමාජයේ එමට පවතින බැවිනි.  ස්වයං වින්දනය පුද්ගලික කටයුත්තක් වන  අතර මිනිසුන් සාමාන්යයෙන් ඒ ගැන කතා නොකරන නිසා එය කිසිවෙකුත්  ස්වයංවින්දනයේ යෙදෙන්නේ නැති බවක් බැලූ බැල්මට පෙනේ.

එහෙත් අවංකව සිතා බලන්නේ නම්  සත්‍යය වන්නේ බොහෝ දෙනා ස්වයංවින්දනයේ යෙදෙන බවයි. පිරිමින් ස්වයංවින්දනයේ යෙදෙති; කාන්තාවන් ස්වයංවින්දනය කරති; එමෙන්ම ළිංගිකත්වය වෙනස් කරගත් අය ද ස්වයංවින්දනය කරති. ලිංගික ක්‍රියාව ගැන සාම්ප්‍රදායානුකූලව සිතන අය මෙන්ම, සමලිංගිකයන් සහ ද්වි ලිංගික පුද්ගලයන් යන සියල්ලෝම ද ස්වයංවින්දනය කරති. සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් ස්වයංවින්දනය කරති. සමහර අය දිනකට දෙවරක් ස්වයංවින්දනය කරති, සමහරු එය කරන්නේ ඉඳහිට වරක් පමණි. සමහර අය කිසි විටෙකත් ස්වයංවින්දනය කරන්නේ නැත – එයද නිවැරදිය. ස්වයංවින්දනය යනු පෞද්ගලික තීරණයකි; ඔබට අවශ්ය නම් පමණක් එය කරන්න.

බොහෝ අය සිතන්නේ ස්වයංවින්දනය යනු තනිකඩ පුද්ගලයින්ට හෝ ලිංගික සම්බන්ධකම් නොපවත්වන  පුද්ගලයින්ට පමණක් සීමා වූවක් බවයි.. එසේ නමුත් එය කිසිසේත්ම සත්‍ය නොවේ.   බොහෝ පුද්ගලයින්,  ඔවුන් පවත්වන  සම්බන්ධතාවයන්ගේ  තත්ත්වය කුමක් වුවත් විවිධ හේතු නිසා  ස්වයංවින්දනයේ යෙදෙති. ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා ස්වයංවින්දන යෙදෙන්නේ නම්  (හෝ ස්වයංවින්දනය කිරීමට උවමනාවක් දක්වන්නේ නම්) එය සම්පූර්ණයෙන්ම සාමාන්ය, ස්වභාවික දෙයක් ලෙස සැලකුව මනාය.  ඔබේ අඩුවක් එයින් අදහස් කරන්නේ නැත. ඔබගේ ‘රහස’ ඔවුන් දන්නේ යයි  එයින් අදහස් කරන්නේ  නැත.

ඔබට ඕනෑවට වඩා ස්වයංවින්දනය කළ හැකිද?

“ඕනෑවට වඩා” ස්වයං වින්දනය කිරීම ගැන බොහෝ අය කනස්සල්ලට පත්වන නමුත් බොහෝ සේ ස්වයංවින්දනයේ යෙදීම, — දිනකට එක් වතාවකට වඩා වුණත්  ස්වයංවින්දනයේ යෙදීම  සම්පූර්ණයෙන්ම සුදුසුය.

ස්වයංවින්දනය කිරීම ගැටළුවක් බවට  පත්වන්නේ එය පාසැල් යාම, රැකියාව, ඔබේ මිතුරන් හා පවුලේ අය සමඟ කාලය ගත කිරීම සහ ඔබ කැමති වෙනත් ක්රියාකාරකම් කිරීමට බාධාවක් වෙනවා නම්  පමණි. නමුත් ස්වයංවින්දනය ඔබේ එදිනෙදා ජීවිතයට හිරිහැරයක්, බාධාඅවක් නොවන තාක් කල්, ඔබ ‘ඕනෑවට වඩා’ ස්වයං වින්දනය කිරීම  ගැන හිත කරදර  කර ගත යුතු නැත. නිතිපතා ස්වයංවින්දනය වුව සම්පූර්ණයෙන්ම වලංගුය.

American Pie' Movie Soundtrack: Where Are the Bands Now? - Thrillist

ස්වයං වින්දනයේ යෙදෙන විටක මා කිසිවෙකුට හෝ හසු වූයේ  නම් මා කුමක් කළ යුතුද?

ස්වයංවින්දනය පුද්ගලික වන අතර යමෙකු ඔබව “අල්ලා ගත්” විට එයින් ඔබ යම්  අපහසුතාවයකට පත්විය හැකිය. නමුත් ඔබ දැනගත යුත්තේ මෙයයි:  සමහරවිට එම අය ද ස්වයංවින්දනය කරනවා විය හැකියි.  ඒ නිසා ඔවුන් (මෙවැනි අසීරු අවස්ථාවක) ඔබට දැනෙන්නේ කෙසේදැයි ඔවුන් තේරුම් ගන්නා අතර ඔබේ ලැජ්ජාවද ඔවුහු තේරුම් ගනිති.

ස්වයං වින්දනයේ යෙදී සිටින විට අයෙකු ඔබ වෙත ඇවිද ගෙන එන්නේ නම්, ඔබ සිනාසී එය සැහැල්ලුවෙන් සැලකීමට හෝ බරපතල දෙයක් ලෙස නොව විහිළු ස්වරූපයකින්  ගෙන හැර දක්වා ක්‍රියා කිරීමට  හෝ හැකි අතර එවිට ඔබට දැනෙන අපහසු ගතිය අඩු වෙනු ඇත..  කෙනෙකුගේ පුද්ගලිකත්වය නොතැකීම ගැන  සහ කෙනෙකුගේ පුද්ගලික කාරණාවකට මැදිහත් නොවීමේ වැදගත්කම ගැන ඔවුන් සමඟ කතා කිරීමටද මෙය හොඳ කාලයකි. සෑම කෙනෙකුටම පෞද්ගලිකව  තමන්ගේ ශරීරය ගැන නිදහසේ සොයා බැලීමට ඉඩ ප්‍රස්ථාව,  නිදහස තිබිය යුතුය.

Masturbation Facts: Side Effects of Masturbation | Healthy Living

ස්වයංවින්දනය සෞඛ්ය සම්පන්නද?

ස්වයංවින්දනය මුළුමනින්ම සෞඛ්ය සම්පන්න වන අතර එය සම්පූර්ණයෙන්ම සාමාන්ය දෙයකි. ස්වයංවින්දනය  වැරදි හෝ නරක යැයි සිතීමට ඔබව බිය ගැන්වීම පිණිස මිථ්‍යාවන් ටොන් ගණනක් තිබේ. නමුත් සත්‍යය  නම් ස්වයංවින්දනය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි යන්නය.. ස්වයංවින්දනය කිරීමෙන් ඔබ අන්ධයෙකුවීමට, පිස්සු හැදෙන්නට හෝ මෝඩයෙකු වන්නට ඉඩක් නැත. එය ඔබේ ලිංගේන්ද්රයට හානි නොකරයි, කුරුලෑ ඇති නොකරයි; නැතහොත් ඔබේ වර්ධනය අඩාල නොකරයි.

ඇත්ත වශයෙන්ම ස්වයංවින්දනය ඔබට හොඳක් වුව විය හැකිය. ස්වයංවින්දනයෙන් ලැබෙන වාසි කිහිපයක් මෙන්න:

●       ස්වයංවින්දනය වෙනත් ඕනෑම ලිංගික ක්රියාවකට වඩා ආරක්ෂිතයි. ඔබ ගැබ් ගැනීමක් හෝ ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන වලට ගොදුරුවීමක් ස්වයංවින්දනයෙන් ඇති නොවෙ.

●       ස්වයංවින්දනය ලිංගිකව කැමති දේ සහ අකමැති දේ ඉගෙන ගැනීමට ඔබට උපකාරී වේ. ඔබ යමෙකු සමඟ ලිංගිකව හැසිරීමට තීරණය කරන්නේ නම්, ඔබ කරන දේ / කිරීමට අකමැති දේ ඔබට දැනගත හැකිය..

●       ඔබේ ශරීරය ගවේෂණය කිරීම සහ ඔබට ලිංගික සතුටක් ලබා දෙන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම සවිබල ගැන්විය හැකි අතර ඔබේ ශරීර ප්රතිරූපය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

●       ස්වයංවින්දනය මානසික ආතතිය අඩු කර ඔබට ලිහිලක් ඇති කිරීමට උපකාරී වේ. සමහර අයට නින්දට වැටීමට පවා එය උපකාරී වේ.

Planned Parenthood වෙබ් අඩවියේ Masturbation සහ Is masturbating healthy?   යන කොටස් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.