පස්, පාරිසරික දේහයන් ලෙසින්

Posted by

පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි  පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්‍රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්‍රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.

අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.

මෙම පසුබිම තුල පස ගැන විද්‍යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. thathu.com ගෙන එන මෙම ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයිසංස්කාරක

Soil Horizons And Layers Royalty Free Cliparts, Vectors, And Stock  Illustration. Image 74953262.

පස්, පාරිසරික දේහයන් ලෙසින්

මේ ලිපි පෙළේ විවිධ තැන්වල පස ගැන සඳහන් කරද්දී “පස්”, “පස”, “පසක්”, “පස් වර්ග” කියන පද යොදාගෙන තිබෙන බව ඔබ නිරීක්ෂණය කරන්න ඇති.  පස ද්‍රව්‍යයක් ලෙසත්, සහ පස්  පාරිසරික දේහයක් ලෙසත් “පස”ට සම්බන්ධ  වචනවලින් පැහැදිලි අර්ථ දෙකක් හැඟවෙනවා.  පස කියන්නේ ඛනිජ, වායු, ජලය, කාබනික ද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සැදුම්ලත් ද්‍රව්‍යක්. සමහරු (පාංශු විද්‍යාඥයන් හැර), විශේෂයෙන්ම ඇඳුම්, නියපොතු අතර වගේ) අවශ්‍ය නැති තැනක රැඳුනාම පස හඳුන්වන්නෙ “කුණු” නැතිනම් “දූවිලි” නමින්.                    

පසක් කියන්නේත් කඳු, විල්, නිම්න වගේම තවත් එක ත්‍රිමාණ පාරිසරික දේහයක්. පස නමින් හැඳින්වෙන්නේ තනි තනි පාංශු දේහ රැසක එකතුවක්. පස භූමිය ආවරණය කරන්නේ,  දොඩම් ලෙල්ලක් දොඩම ආවරණය කරන ආකාරයට සමානවයි. නමුත් දොඩම් ලෙල්ලක ඝනකම දොඩම වටා ඒකකාරී වුණත් පසෙහි ඝණකම භූමියේ විවිධ තැන්වලදී විවිධාකාරයි. පස සහ තනි ඒකකයක් වන පසක්,  සංසන්දනය කර දැක්වුවහොත් පෘථිවියේ සමස්ත වෘක්ෂලතා සහ තනි ගසකට සමාන කරන්න පුළුවන්.

එක වනානත්රයක සීනි මේපල්, ඕක්, හෙම්ලොක් සහ වෙනත් විවිධාකර ශාක විශේෂ  දක්නට ලැබෙනවා වගේම, එකම භූ දර්ශනය තුළින් ලොස් ඔසොස් ලෝම (Los Osos loams), ඇල්ටමොන්ට් මැටි (Altamont clays), සැන් බෙනීටෝ මැටි මිශ්‍ර ලෝම (San Benito clay loams), ඩයැබ්ලෝ රොන් මඩ මිශ්‍ර මැටි (Diablo silty clays ) සහ වෙනත් පස් වර්ග හමුවන්න පුළුවන්.

Soil Composition | National Geographic Society

පස් නමින්  බහු වචනෙන් හඳුන්වනු  ලබන ස්වභාවික දේහයන්, පස (ඉහත විස්තර කළ ද්‍රව්‍යයට) අමතරව මුල්, සතුන්, පාෂාණ, මානවකෘති, ආදී ද්‍රව්‍ය රැසකින් සැදුම්ලත් වෙනවා. ඔබ විලකට පනිට්ටුවක් බාලා ජල සාම්පලයක් ලබාගන්නවා වගේ පසෙහි වලක් හෑරීමෙන් පස් ස්වල්පයක් ලබාගන්න පුළුවන්. පස් සාම්පලයක් හෝ ජලය සාම්පලයක් විද්‍යාගාරය තුළ විශ්ලේෂණය කළ හැකි වුණත් පසක් හෝ විලක් හදාරන්න නම් එළිමහනට යාම අනිවාර්යයි.

බොහෝ තැන්වලදී පෘථිවියේ මතුපිට තිබෙන නිරාවරණය වූ පාෂාණ මතුපිටින් කැබලි වී, දිරාපත් වී, ශිලා ජීරණයට ලක් නොවූ පාෂාණයේ දැඩි කොටස් මත තැන්පත් වුණු , ඒකාබද්ධ නොවූ ජීර්ණාවශේෂ ස්ථරයක් තැන්පත් වෙනවා. මේ ඒකාබද්ධ නොවූ ස්ථරය හැඳින්වෙන්නේ රෙගොලිත් (regolith) හෙවත් ප්රාවරණ පාෂාණ නමින් ( රූපය බලන්න).මෙම ස්ථරයේ ඝණකම ශුන්යයේ සිට(පර්වතය මතුපිට නිරාවරණය වූ තැන්වල) මීටර දහය ඉක්මවූ අගයන් දක්වා වෙනස් වෙන්න පුළුවන්. යටිතලයේ පිහිටි පාෂාණය ඉස්කෝප්පයකින් හෑරීමට තරම් බුරුල් වී ඇති තැන්වලදී මේ ද්රව්ය හැඳින්වීමට සැප්රොලයිට් (saprolite) යන පදය ව්යවහාර කෙරෙනවා.තවත් සමහර තැන්වලදී රෙගොලිත් ද්රව්ය ඒවා සෑදුණු තැනින් කිලෝමීටර ගණනක් පරිවහනය වී නව පතුල් පාෂාණක් ආවරණය කරමින් ස්ථර ලෙසින් තැන්පත් වෙනවා. එම නිසා රෙගොලිත් එයට යටින් තිබෙන පාෂාණයට සම්බන්ධ වන්නට හෝ නොවන්නට පුළුවන්.

බැක්ටීරියා, දිලීර සහ ශාක මුල් ඒවායේ භෞතික සහ ජෛව රසායනික බලපෑම ඔස්සේ රෙගොලිත් ස්ථරවල ඉහළ කොටසත්, බොහෝ අවස්ථාවලදී සම්පූර්ණ ස්ථරයත් වෙනස්කම්වලට ලක් කරනවා. ශිලා, වායු, ජලය සහ ජීවය එක්කාසු වෙන මෙම අන්තර් මුහුණතින් පස බිහිවෙනවා. අකාබනික පාෂාණ සහ ජීර්ණාවශේෂ  ජීවමය පසක් දක්වා විකාශය වීම ස්වභාවධර්මයේ චිත්තාකර්ෂණීයම සංසිද්ධියක්. සාමාන්‍යයෙන් මිනිස් ඇසින් වසන්ව තිබුණත්, මාර්ග ඉදිරිකිරීම් සහ වෙනත් කැනීම් අතරතුර පස සහ රෙගොලිත් සුලබව දැකගන්න පුළුවන්.

පස විනාශකාරී(destructive) සහ  (කෘතිමව) ගොඩනගනසුළු (creative) ක්‍රියාවලීන්වල ප්‍රතිඵලයක්. ශිලා ජීර්ණය සහ කාබනික අවශේෂ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් ජීර්ණයට ලක්වීම විච්ඡේදක(විනාශකාරී) ක්‍රියාවලීන් ලෙසත්, නව ඛනිජ ද්‍රව්‍ය නිශ්පාදනය සහ නව ස්ථාවර කාබනික-ඛනිජ සංකීර්ණ නිශ්පාදනයත් සංශ්ලේෂක(ගොඩනගනසුළු) ක්‍රියාවලීන් ලෙසත් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. පාංශු සංස්තර සංස්ලේෂණ ක්‍රියාවලියේ අපූර්වතම ප්‍රතිඵලය ලෙස දක්වන්න පුළුවන්. රෙගොලිත් ස්ථරයේ ඉහළ ප්‍රදේශයේ පාංශු සංස්තර ඇතිවීම පසක් ප්‍රාවරණ පාෂාණ වල යටි ස්ථර වලින් වෙන්කරන ඊටම අනන්‍ය වූ ලක්ෂණයක්.(රූපය බලන්න).

පාංශු විද්‍යාව (pedology) පිළිබඳව විශේෂඥතාවක් දක්වන පාංශු විද්‍යාඥයන් (pedologists) පස් ස්වාභාවික දේහ ලෙසත්, පාංශු සංස්තරවල ලක්ෂණ ගැනත්, භූමි දර්ශනයක් තුළ පවතින පස් අතර සබඳතා ගැනත් විශේෂයෙන් අධ්‍යයනය කරනවා. භෞමික විද්‍යාඥයන් (zzz) ලෙස දැක්වෙන වෙනත් පාංශු විද්‍යාඥයන් අවධානය යොමු කරන්නේ (පස අධ්‍යයනය කරන්නේ) එය ජීවීන්ගේ (විශේෂයෙන්ම ශාකවල) වාසභූමියක් ලෙස සලකමිනි. ඒ කවරාකාරයේ අධ්‍යයනයකට වුණත් පස සෑම පරිමාණයකින්මත්, මාන තුනෙන්මත් (විශේෂයෙන් සිරස් මානයෙන්) නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍යයි.

පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර

The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.