අප අප කුඩා අවදියේම බහ තෝරමින් වචන දෙක තුනක් ගැට ගසා ගනිමින් අදහස් ප්‍රකාශ කිරිමට පටන් ගත්තත් නියම වශයෙන් භාෂා ඉගෙනිම ඇරඹෙන්නේ විධිමත් අධ්යාපනය තුළිනි. මෙහි දී බොහෝ දෙනා අධෛර්යට පත්කෙරෙන්නක් ලෙස සැලකෙන්නේ ව්‍යාකරණයයි. ව්‍යාකරණ උගෙනීමට තියන මේ අකමැත්ත කොපමණ ද කීවොත් ව්‍යාකරණ අනවෂ්‍යය යි කියන පිරිසක් ද සිටිති. එහෙත් ව්‍යාකරණ නොමැතිවභාෂාවකපැවැත්මක් නැති බව සමහරු පෙන්වාදෙති. අද ලිපියෙන් අප කතා කරන්නේ එම මත දෙක අතර තුර සැබෑ තත්ත්වය ගැනයි.

භාෂාවක ව්‍යාකරණ වැදගත් වන්නේ ඇයි?
ඉන්ඩියානා, ඉන්ඩියානාපොලිස් හි 13 හැවිරිදි මැචී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයණු ලැබුවේ මැසචුසෙට්ස්, වූසෙස්ටර් හී College of the Holy Cross ලෙඛකත්ව මධ්‍යස්ථනයෙහි අධ්‍යක්ෂිකා Laurie Ann Britt-Smith විසිනි
ඉංග්‍රීසිය මව් බස ලෙස කතාකරන්නට සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නන්ට ශාස්ත්‍රාලිය ලේඛන කලාව වසර 20ක් උගන්වමින් සිටින මට කිව හැක්කේ, ව්‍යාකරණ වැදගත් වන්නේ මන්දැයි හෝ ව්‍යාකරන අව්ශ්යම දැයි පවා එකී සෑම කෙනෙක්ම පාහේ යම් අවස්ථාවක දී මගෙන් අසන බව මට සහතික කළ හැකිය යන්නයි.
ව්‍යාකරණයනු කුමක්දැයි නිර්වචනය කිරීමට එක් ක්‍රමයකට වඩා තිබේ. වාග් විද්‍යාඥයන් — එනම්, භාෂාව ගැන හැදෑරීම්කරන අය — “ව්‍යාකරණ” යන්න අර්ථ දක්වන්නේ භාෂාවක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තරයක් ලෙසය. ව්‍යාකරණමය වැරදි කිරීම සම්බන්ධයෙන් (එසේ ව්‍යාකරණ වරද්දන අය) හිරිහැරයට ලක් කිරීම සඳහා සමහරදෙනා එය භාවිතා කළත් ව්‍යාකරණ යනු භාෂාව හරිද වැරදිද යන්න තීරණය කිරීමේ ක්‍රමයක් නම් නොවේ. සෑම කෙනෙකුම(ව්‍යාකරණ) වැරදි සිදු කරන අතර, (ඉංග්‍රීසි) භාෂාව, එහි කොටස් එකට එකතු කරන්නටත්, තේරුම් ගත හැකි අන්දමට ඉදිරිපත් කරන්නටත් තරම් නම්යශීලී වේ.
එයට හේතුව ඉංග්‍රීසි යනු “ජීවමාන” භාෂාවක් වීම මෙන්ම එය ලොව පුරා ජනයා සක්‍රීයව කථා කරන භාෂාවක් වීමයි. ඉංග්‍රීසිය, නව වචන සහ සෑම විටම අර්ථය ගොඩනැගීමේ නව ක්‍රම හඳුනාගනිමින් දින දින වර්ධනය වන අතර ඒ අනුව වෙනස්වීම් වලට ලක්වේ වේ.
කලාපීය වෙනස්කම්, වයස, ජනවාර්ගිකත්වය, අධ්‍යාපන මට්ටම සහ තාක්‍ෂණය ඇතුළුව මිනිසුන් කතා කරන ආකාරයට සියලු අන්දමේ සාධක බලපායි. උදාහරණයක් ලෙස දක්වනවා නම් ඉන්ඩියානාපොලිස් හි අය ඉංග්‍රීසි භාවිතා කරන්නේ ඇලස්කාවේ හෝ ජෝර්ජියාවේ අයට වඩා වෙනස් ආකාරයකටය. ඒ වගෙම තමයි, ඇමරිකානු ඉංග්‍රීසි උච්චරණය හා යෙදුම් එංගලන්තයේ, ජැමෙයිකාවේ හෝ ඉන්දියාවේ කතා කරන ඉංග්‍රීසි වලට වඩා වෙනස් ය. නමුත් ඒවා සියල්ලම තවමත් ඉංග්‍රීසිය ලෙසම සැලකේ.
කියවීම, ලිවීම සහ කථා කිරීම තුළින් ඔබ දැනටමත් ඉංග්‍රීසි භාවිත වෙන ආකාරය ගැන තරමක් ඉගෙන ගෙන තිබෙනවා විය හැකියි. ඔබ මුලින්ම ව්‍යාකරණ උගෙනීම ආරම්භ කළේ සරල වාක්‍ය භාවිතා කිරීමට පටන් ගත් අවස්ථාවේදීය. නිදසුනක් වශයෙන්, මගේ පුතාට, එයාව වඩගන්නැයි කීමට අවශ්‍ය වූ විට “ඔබව වඩාගන්න” යනුවෙන් නොව “මාව වඩා ගන්න” කියා පැවසීමට ඉගෙන ගත යුතුව තිබුණි. ඉතින් ඔබ එය ඔය ආකාරයටම නොකළත්, එය තමයි ව්‍යාකරණයේ ආරම්භය.,

අප ව්‍යාකරණ ලෙස හඳුන්වන පාසල් විෂය ඊළඟ පියවරයි. එය වඩාත් ඒකාකාරී, ස්ථාපිත ඉංග්‍රීසි අනුවාදයක් ලෙස සැලකිය හැකි දේ නිර්වචනය කිරීමට උත්සාහ කරන සමහර නීති රීති ස්ථාපිත කරයි. එම නීති රීති නිර්මාණය කළ ආකාරය සහ ඒවායින් ප්‍රතිලාභ ලබන්නේ කවුද? පිළිබඳ සංකීර්ණ ඉතිහාසයක් ඇත අවසාන ප්‍රතිඵලය වනුයේ තම රටේ ඉංග්‍රීසි උගන්නා සිසුන් ප්‍රසිද්ධියේ, රැකියා ස්ථානයේ සහ විධිමත් ලේඛණයේදී භාවිතා කිරීමට අපේක්ෂා කරන ආකාරයේ ඉංග්‍රීසි පාසල් මගින් උගන්වනු ලැබීමයි.
ගෝලිය වසංගතය හමුවේ, ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටුවනු ලබන එළිමහන් පන්ති කාමරයක්. ඉන්දියානු දරුවෝ ඇමරිකානු දරුවන්ට වඩා වෙනස් විධිමත් ඉංග්‍රීසියක් ඉගෙන ගනීති.
ලේඛන නැතිනම් ලියන දේඇත්තේ කියවීම පිණිසය. එබැවින් ඔබ වාක්‍ය ගොඩ නගන විට පාඨකයා(කියවන්නා) ගැන සැලකිල්ල යොමු කල යුතුය. ඔබේ මිතුරන් වෙත, දෙමාපියන් සහ ගුරුවරයා වෙත ඔබ ලියා දක්වන ආකාරය එකිනෙකට වෙනස්ය. පාසැලේදී ඔබ ඉගෙන ගන්නා ව්‍යාකරණ ඔබේ පාඨකයාගේ අපේක්ෂාවන් සපුරාලීමට උපකාරී වේ. (මිතුරන්, දෙමාපියන් සහ ගුරුවරයන් දඇතුළුව) ඔවුහු ද (ඔවුන් උගෙන ගන්නා කාලයේ දී) පාසැලේදී එවැනිම ව්‍යාකරණයක් ඉගෙන ගත්හ.
හෝව්, පොඩ්ඩක් ඉන්න, පාඨකයා යන ඒක වච්නය සඳන් කර නැවත් ‘ඊ තනි පුද්ගලයා’ ගන කීමේ දී මම “ඔවුහු” යන බහු වචනය භාවිතා කරමින් ව්‍යාකරණ ‘මැරිල්ලක්’ සිදු කලා නේ ද?
බාගදා, එහෙම වැරැද්දක් නොකළා වන්නට ඇත. ඉංග්‍රීසි ජීවමාන භාෂාවක් යැයි මා කීවා මතක නේද? “ඔවුහු” යන්න ඒකවචන, අද්විතීය නොවන සර්වනාමයක් ලෙස භාවිතා කිරීම ‘ජීවමාන’ භාෂාවක් වෙනස් වන ආකාරය පිළිබඳ එක් උදාහරණයක් විය හැකියි. සාම්ප්‍රදායිකව, මා “ඔහු” යනුවෙන් ලිවීමට ඉඩ තිබුණි. මන්ද මෙතුවක් කාලයක් සර්වනාම යෙහීමේදී (සමාජයේ පොදුවේ වුව ද)ප්‍රමුඛව සැළකුණේ පුරුෂයායි. ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සමාජ චින්තනය වෙනස් වෙත්ම, සර්වනාමය “ඔහු හෝ ඇය” ලෙස ලිවීමට පටන් ගත්තේ ස්ත්‍රී පුරුෂ ලෙස භේදයක් දක්වා යෙදීම පිටුදැකීම පිණිසය. භෙද වලින් තොරව සියල්ලන්ම හසුවන පොදු සර්ව නාමයක් ලෙස දැන් අපට “ඔවුහු” යන්න භාවිතා කළ හැකිය.
“But”(නමුත්) හෝ “And”(සහ) වැනි වාක්‍ය ආරම්භක නිපාත යෙදීම අධෛර්යමත් කිරීම ඇතුළුව මෙම ‘මාරුව’ දිගටම විවාදයට භාජනය වනු ඇති. නමුත් මෙම වෙනස්කම් සිදුවන්නේ ඇයිදැයි යන්න ගැන මට සිතෙන දෙයක් ඇත: ඒවා අප එකිනෙකා හා සමග යෙදෙන කතා බහ අනුකරණය කරයි.
ව්‍යාකරණ හැදෑරීම මිනිසුන් අතර සන්නිවේදනය වඩාත් විශද කිරීමට උපකාරී වේ. ඔබ ඔබේම භාෂාව තේරුම් ගෙන එහි රටා සහ ප්‍රභේද අගය කළ පසු, වෙනත් භාෂාවන් ගොඩනඟා ඇති ආකාරය ඔබට වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකිය. එය භාෂාව ඉගෙනීම පහසු කරයි. භාෂාවන් තේරුම් ගැනීමට හැකිවීම ඔස්සේ ඔබේ අදහස් සහ අන් අයගේ අදහස් වඩාත් පුළුල් ලෙස බෙදා හදා ගැනීමට ඔබට ඉඩ සැලසෙයි.
ව්‍යාකරණ බොහෝ වැදගත් වේ — ඒත් ඒ සමහර විට ඔබ සිතූ හේතු නිසා නොවන්නට පුළුවන.
Curious Kids(The Conversation) හී පළවන Why does grammar matter? යන්න ඇසුරෙනි