ලොව පුරා කොවිඩ් එන්නත් බිලියනයක් බෙදා අවසන්
UPDATED
එක්සත් රාජධානියේ 90 හැවිරිදි ආතම්මා කෙනෙකුට පළමු COVID-19 එන්නත ලබා දීම සඳහා පළමු එන්නත්කටුව, පළමු අත තුළට ගොස් (හරියටම කීවොත් 2020 දෙසැමබර් 2දා) මාස පහකටත් අඩු කාලයකදී(හරියටම කීවොත් දින 143 කට පසුව), ලෝකය පසු ගිය සති අන්තයේ සමරනු ලැබුවේ කොරොන වයිරසය අවහිර කිරීමේ බිලියන වෙනි මාත්රාවයි.

බිලියනය වන මාත්‍රාව ලබාගත්තේ කවුරුන්ද යන්න හෝ එය සිදු වූයේ කොහෙදී ද යන්න පැහැදිලි නැතත්, බිලියනයක මාත්‍රාව කරා පැමිණීම ම වුව අපූර්ව සන්ධිස්ථානයක් ලෙස කැපී පෙනේ. අපූරුයි, කැපී පෙනෙයි, ඒත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. (සුප්‍රකට මූල්‍ය සහ මාධ්‍ය ආයාතනයක් වන) බ්ලූම්බර්ග් (Bloomberg ) වාර්තා කරන්නේ ලෝකයේ COVID-19 එන්නත් මාත්‍රා මිලියන 18.5 ක් දිනකට බෙදා හරින බවයි. කෙසේවෙතත්, ඒ අනුව ගණනය කළොත් ලෝකයේ 75% කට එන්නත ලබා දීමට පවා මාස 19 ක් ගතවනු ඇත.
ඊටත් වඩා නරක කාරණාවක් වන්නේ , COVID-19 ට එරෙහි සටනේ භූගෝලීය ජයග්‍රහණ බොහෝ සෙයින් ධනවත් රටවල් වෙත නැඹුරුව පැවතීමයි.. සතියක් තිස්සේ නව දෛනික රෝගීන් 300,000 ක් ඉක්මවන ඉන්දියාවේ එන්නත් ලබා දී ඇත්තේ ජනගහනයෙන් 1.4% කට පමණක් බව වොෂිංටන් පෝස්ට් වාර්තාකරයි. එම සංඛ්‍යාලේඛන එක්සත් ජනපදයට සාපේක්ෂව සලකා බැලුවොත්, එරටෙහි වැඩිහිටියන්ගෙන් 25% ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇති අතර 40% කට වඩා වැඩි පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී ඇත. සමහර ප්‍රාන්ත සහ නගර එන්නත සඳහා ලබාගැනීම සඳහා උනන්දුවක් නොමැතිකම හේතුවෙන් මාත්‍රාව ප්‍රතික්ෂේප කරයි.

එන්නත් අධික තොගයක් ගොඩ ගසාගෙන සිටින බවක් පෙනෙන එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඒවා, සෙසු රටවල් සමග බෙදාහදා නොගන්නේ මන්දැයි ලෝක නායකයින් විමතියට පත් කරන හෙයින් ඒ පිළිබඳ විවේචන මෑත දිනවල වේගවත් වී තිබේ. එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන්, ඉන්දියාවේ ඔහු හා සමාන තනතුරක් දරන අජිත් ඩෝවාල් සමඟ ඉරිදා කතා බහක යෙදුනේය. නිවේදනයක් නිකුත් කරමින් එ. ජ. ජාතික ආරක්ෂකමණ්ඩල ප්‍රකාශිකා එමිලි හෝර්න් කියා සිටියේ එක්සත් ජනපදය උදව් කිරීමට කැපවී සිටින නමුත් ඒ මේ මොහොතේම එන්නත් සැබවින්ම ලබා දීමෙන් නොවන බවයි. “පවතින සම්පත් හා සැපයුම් යෙදවීම සඳහා එක්සත් ජනපදය පැය 24 පුරාම කටයුතු කරයි,” හෝර්න් පවසයි.
එක්සත් ජනපදය විසින් ඉන්දියාවට සිය කොවිඩ්ෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය “නිශ්චිත අමුද්‍රව්‍ය” ලබා දෙන බවත්, එපමණක් නොව එරටට ඖෂධ, පරීක්ෂණ කට්ටල, සංවාතක, සහ පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දෙන බවත් හෝර්න් කියා සිටියි. එක්සත් ජනපදය ඉන්දියාවට වෙනත් ද්‍රව්‍ය සපයමින් උදව් කරන අතර ඉන්දියාවේ එන්නත නිපදවන BioE ආයතනයෙහි නිෂ්පාදන හැකියාව පුළුල් කිරීමට උපකාරී වේ.

නමුත් ඉන්දියාවේ උපත ලැබූ එක්සත් ජනපද කොන්ග්‍රෙස් සභික රාජා ක්‍රිෂ්ණමූර්ති, අතිරික්ත එන්නත් නිකුත් කරන ලෙස බිඩෙන් පරිපාලනයෙන් ඉල්ලා තිබේ. “එක්සත් ජනපද තොග ගබඩාවේ අප පාවිච්චියට නොගන්නා ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා මිලිය 40කට ආසන්නව ගොඩගසා තිබෙනවා. අප එම තොග මෙක්සිකෝවේ සහ කැනඩාවේ COVID-19 එරෙහි සටන් කිරීම සඳහා අප විසින් දැනටමත් විවෘත කරනු ලැබ තිබෙනවා” යයි ක්‍රිෂ්ණමූර්ති අප්‍රේල් 24 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. හෙතෙම, කොරෝනා වෛරස් වසංගතය පිළිබඳ විශේෂ සභා අනුකමිටුවේ සාමාජිකයෙකි.

ගෝලීය ජනගහනයෙන් 6.9%ක් සම්පූර්ණයෙන්(ඒ සඳහා සමහර එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍යයි) එන්නත් ආරක්ෂාව ලබාදීමට ප්‍රමාණවත් වුවත් බෙදා හැරීම සිදුවී ඇත්තේ එක පාර්ශවයකට වාසි සැලසෙන අයුරිනි. අඩුම ආදයම් ලබන රටවල් හා සැසඳීමේදී 25%ක වැඩි වේගයකින් ඉහළ ආදායම් ලබන රටවල් එන්නත් හිමි කර ගනී.

එක්සත් ජනපදය මාර්තු මාසයේ දී උතුරේ සහ දකුණෙහි එහි අසල්වාසීන්ට(කැනඩාව සහ මෙක්සිකෝව) එන්නත් මාත්‍රා මිලියන 4 ලබා දුන් බව Aත්තකි. “මෙම වෛරසය ජාත්‍යන්තරව පැතිරීම මැඩපැවැත්වීම සඳහා සහ මහජන සෞඛ්යයආරක්ෂාකිරීම හා අපගේ ජාත්‍යන්තර ආර්ථිකය සුරක්ෂිතකිරීම පිණිස මෙම එන්නත් දැන් ගබඩාවෙන් එළියට ගත යුතුයි. මෙම ඇස්ට්‍රා සෙනෙකා මිලියන ගණනක් මාත්‍රා, COVID-19 පැතිරීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ඉන්දියාව, ආර්ජන්ටිනාව සහ අනෙකුත් රටවල භාවිතය සඳහා මුදා හරින ලෙස ගෞරවාන්විතව හා දැඩි ලෙස මම බයිඩන් පාලනයෙන් ඉල්ලා සිටිනවා.
(අවශ්‍ය රටවලට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 60ක් බෙදා දීමට සහ එන්නත් සාදන ද්‍රව්‍ය ඉන්දියාටලබා දීමටත් ධවල මන්දිරය ගත් තිරණය ක්රිෂ්නාමූර්ති පසුගිය 26 දා ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගැයීමට ලක්කළේය.)

භාවිතයට නොගත් ඇමරිකානු එන්නත් වෙනත් රටවල් සමඟ බෙදා ගැනීමේ සැලසුම ගැන විමසූ විට බයිඩන් නිශ්චිත මතයක් පළ කිරීමෙන් වැළකී සිටියේය. “අපි එය සිදු කරන මාවතට පිවිස සිටින්නෙමු,” ඔහු පසුගිය බදාදා පැවසීය. “අපි දැනටමත් එයින් මදක් ඉටුකර තිබෙනවා. අපි භාවිතා නොකරන සමහර එන්නත් සම්බන්ධයෙන් කුමක් කිරීමට යන්නේදැයි අපි සොයා බලමින් සිටින්නෙමු. එම එන්නත් යැවීමට පෙර ඒවායේ ආරක්ෂිත බව අප සහතික කර ගත යුතුයි. එලෙස ලොව පුරා රටවලට යම් උපකාරයක් හා අගයක් ලබා දීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ”
WebMD හී පළවන Global Milestone: 1 Billionth COVID Vaccination යන ලිපිය ඇසුරෙනි