පාංශු හරස්කඩ සහ එහි ස්ථර (Horizons = පාංශු සංස්තර)
පස ගැන හදාරන විද්‍යාඥයන් පාංශු සංස්තර අධ්‍යයන කටයුතු සඳහා නිරාවරණය කරගන්න පාංශු ආවාටය නමින් හඳුන්වන මීටර කිහිපයක් ගැඹුරු, මීටරයක් තරම් පළල, දැවැන්ත වලක් හාරනවා. එවැනි ආවාටයක බිත්තියේ පාංශු සංස්තර කිහිපයක් දැක්වෙන සිරස් පැතිකඩක් පාංශු පැතිකඩක් නමින් හැඳින්වෙනවා. මාර්ග සහ වෙනත් ඉදිකිරීම් සඳහා සිදුකළ කැනීම්, පාංශු පැතිකඩ නිරාවරණය කරමින්, පස හැදෑරීමට විවර වුණු කවුළු දොරක් ලෙස ක්‍රියාකරනවා. කලක් තිස්සේ බාහිර පරිසරයට නිරාවරණය වුණු කැනීමකදී නම් ආවාටයේ බිත්තියෙන් සෙන්ටිමීටර කිහිපයක් ඝණ පස් ස්ථරයක් හූරා ඉවත් කර නැවුම් මුහුණතක් පාදාගැනීමෙන් පාංශු පැතිකඩ වඩාත් පැහැදිලිව දැකගන්න පුළුවන්. මාර්ග ආශ්‍රිත කැනීම්වලින් නිරාවරණය වූ පස තැනින් තැනට වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීම විනෝද ගමන්වලට අපූරු නව මානයක් එක් කරාවි. පාංශු සංස්තර(horizons) අර්ථ දක්වන්න ඔබට හැකි වුණු දවසක, පාංශු පැතිකඩක් භූමි ප්‍රදේශයක පරිසරය සහ ඉතිහාසය ගැන කියාදී, එම භූමිය භාවිතා කිරීමේදී මුහුණදීමට සිදුවන අභියෝග ගැනත් අනතුරු අඟවාවි.

1.4 මධ්යම අප්රිකාවේ කපා ඇති මෙම මාර්ගය මගින් බිම් මතුපිටට සමාන්තරව පිහිටි පාංශු සංස්ථර හෝ පස් මහල් අනාවරණය වේ. එක්ව ගත් විට, විශාලනය කෙරුණු චිත්‍රයේ දක්වා ඇති පරිදි මෙම ස්තර මෙම පසෙහි පැතිකඩවලින් සමන්විත වේ. ඉහළ ස්තර A ස්තර ලෙස නම් කර ඇත. ඒවා සාමාන්යයෙන් කාබනික ද්රව්යවලින් අනූන වන අතර පහළ ක්ෂිතිජයට වඩා තද පැහැයෙන් යුක්ත වේ. යකඩ ඔක්සයිඩ් සහ මැටි වැනි සමහර සං එන්ට්ස් ටක වැසි ජලය කාන්දු වීමෙන් A ක්ෂිතිජයෙන් පහළට ගෙන ගොස් ඇත. පහළ ස්තරය B ස්තරය ලෙස හැඳින්වේ, සමහර විට මැටි සහ යකඩ ඔක්සයිඩ එකතු වී ඇති අතර සුවිශේෂී ව්යුහයක් ඇති කලාපයකි. මෙම පැතිකඩෙහි ස්තරවල පැවැත්ම සහ ලක්ෂණ හේතුවෙන් මෙම පස ලෝකයේ දහස් ගණනින් ඇති අනෙකුත් පාංශු අතරින් වෙන්කර දැක්වේ.
පසක සංස්තරවල ඝණකම තැනින් තැනට වෙනස් වෙන අතර ඒවායේ මායිම් තරමක් අක්‍රමවත් වුණත්, ඒවා සාමාන්‍යයෙන් පොළොවට සමාන්තරයි. (1.4 රූපය බලන්න). ප්‍රාවරණ පාෂාණ සංස්තරවලට බෙදීයාමට මූලිකවම බලපාන්නේ පස සහ වායුගෝලය අතර අන්තර් මුහුණතෙන් හටගන්නා වාතය, ජලය, සූර්ය කිරණ සහ ශාක කොටස් වැනි සාධක වීමත් මේ සැකැස්මට හේතු වෙනවා. ප්‍රාවරණ පාෂාණ ශිලා ජීර්ණයට ලක්වීම සිදුවන්නේ උඩ සිට පහළට නිසා ඉහළ ස්ථර වැඩි වශයෙන් වෙනස්කම්වලට භාජනය වී තිබියදී පහළම ස්ථර මුල් ප්‍රාවරණ පාෂාණවලට සමානකම් දක්වනවා. මුල් ප්‍රාවරණ පාෂාණ හඳුන්වන්නේ පසෙහි ප්‍රාකෘතික ද්‍රව්‍ය නමින්. ප්‍රාවරණ පාෂාණවල සංයුතිය සාපේක්ෂව ඒකාකාරී වන තැන්වලදී පසේ සංයුතිය පස බිහිකිරීමට දායක වුණු ප්‍රාකෘතික ද්‍රවයවල සංයුතියට සමාන විය හැකියි. වෙනත් අවස්ථාවලදී සුළඟ, ජලය හෝ ග්ලැසියර මගින් ප්‍රවාහනය කෙරෙන ප්‍රාවරණ පාෂාණ සංයුතිය අතින් සහමුලින්ම වෙනස් ද්‍රව්‍යක් මත තැන්පත් වෙනවා. එවන් අවස්ථාවලදී පසට යටින් පිහිටි ප්‍රාවරණ පාෂාණ, පස බිහිකිරීමට දායක වූ, ඉහළින් පිහිටි ප්‍රාවරණ පාෂාණවලට වඩා වෙනස් විය හැකියි.

පසේ වසන සතුන් සහ පස් අතරින් කාන්දු වන ජලය මේ කාබනික ද්‍රව්‍ය පහත ස්ථර කරා ගෙනයමින් ප්‍රාවරණ පාෂාණවල අඩංගු ඛනිජ කණිකා සමග මුසු වීමට සලස්වනවා. මේවා දිරාපත්වන ශාක මුල්වල සුන්බුන් සමග එක්වීමෙන් ඉහළ ස්ථරවල අඳුරු වර්ණයට දායක වෙන කාබනික ද්‍රව්‍ය නිශ්පාදනය කරනවා. ඊට අමතරව, ශිලා ජීර්ණය පස මතුපිටදී වැඩි තීව්‍රතාවයකින් සිදුවන නිසා, බොහෝ පස් වර්ගවල ඉහළ ස්ථරවලින් මැටි සහ ශිලා ජීර්ණයෙන් නිපදවුණු වෙනත් දව්‍ය ක්ෂරණය ඔස්සේ පහළ සංස්තර වෙත සංසරණය වෙනවා. පස මතුපිටට ආසන්නයෙන්ම පිහිටි, ඛනිජ අංශු බහුල වශයෙන්ම තිබෙන, නමුත් කාබනික ද්‍රව්‍ය තැන්පත් වීම නිසා අඳුරු පැහැගත් ස්ථර හඳුන්වන්නේ A සංස්තර නමින්. (1.6 රූපය බලන්න).

ඇතැම් පස්වල, පාංශු පැතිකඩේ ඉහළ ස්ථර අතර, බොහෝවිට A සංස්තරයට පහළින් කාබනික ද්‍රව්‍යවලින් තොර අධික ලෙස ශිලා ජීර්ණයට සහ ක්ෂරණයට ලක්වුණු සංස්තර පිහිටනවා. ඒවා හැඳින්වෙන්නේ E සංස්තර නමින්. (1.7 සහ 1.8 රූප බලන්න).
A සහ O සංස්තරවලට යටින් පිහිටි ස්ථරවල මතුපිටිට ආසන්නයෙන් පිහිටි ස්ථරවලට සාපේක්ෂව කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. සිලිකේට් අඩංගු මැටි, යකඩ, ඇලුමිනියම් ඔක්සයිඩ්, ජිප්සම් හෝ කැල්සියම් කාබනේට් යටි සංස්තරවල විවිධ ප්‍රමාණයෙන් තැන්පත් විය හැකියි. එක්රැස්වුණු ද්‍රව්‍ය ඉහළ සංස්තරවලින් කාන්දු වූ ඒවා හෝ ශිලා ජීර්ණය ඔස්සේ එතැනම බිහි වූ ඒවා විය හැකියි. ඒ යටි ස්ථර භ් සංස්තර නමින් හැඳින්වෙනවා.

ප්රමාණවත් වර්ෂාපතනයක් සිදුවුවහොත්, ද්‍රාව්‍ය(දියවෙනසුළු) ලවණ පාංශු පැතිකඩ පහළට ගෙන යනු ඇත. බොහෝ පාංශු (උදා. රූපය 1.4 හි ඇති පස) අතරේ මෙහි පෙන්වා ඇති ස්තර පහෙන් එකක් හෝ වැඩි ගණනක් අඩංඟු නොවන්නට පුළුවන.
ශාකවල මුල් සහ ක්ෂුද්‍ර ජීවීන් (විශේෂයෙන්ම තෙතමනය වැඩි ප්‍රදේශවලදී) නිරන්තරයෙන් භ් සංස්තරය ඉක්මවා විහිද යමින්, පාංශු ජලය රසායනික වෙනස්කම්වලට බඳුන් කරමින්, ප්‍රාවරණ පාෂාණ ජෛව රසායනික ජීර්ණයට ලක්කරමින්, ඡ් සංස්තරය බිහිකිරීමට දායක වෙනවා. පාංශු පැතිකඩක අඩුවෙන්ම ශිලා ජීර්ණයට ලක්වී ඇත්තේ ඡ් සංස්තරයි.

සමහර පාංශු පැතිකඩවල අඩංගු සංස්තර ආදුනික නිරීක්ෂකයෙකුට වුණත් හඳුනාගත හැකි ලෙස පැහැදිලි මායිම් සහිතව වෙනස් වර්ණයන්ගෙන් යුතුව පිහිටා තිබෙනවා. තවත් සමහර පස්වල වර්ණය වෙනස් වන්නේ සුළු වශයෙන්, ක්‍රමානුකූලවයි. සීමා මායිම් හඳුනාගැනීමත් සාපේක්ෂව අසීරුයි. කෙසේ වෙතත් වර්ණය සංස්තර වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට උපකාරී වෙන ලක්ෂණ රාශියක් අතරින් එකක් පමණයි. (1.18 රූපය බලන්න). පස හැදැරීමේදී පසෙහි පවතින සංස්තර වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම සියලුම සංවේදනයන් යොදාගත යුතු සවිඤ්ඤානික ක්‍රියාවලියක්. පාංශු පැතිකඩක වර්ණ නිරීක්ෂණය කරනවාට අමතරව පාංශු විද්‍යාඥයෙකුට නම්, පස ස්පර්ශ කිරීමෙන්, පසේ ඝන්ධය ආඝ්‍රාණය කිරීමෙන්, පසට සවන් දීමෙන් සහ රසායනික පරීක්ෂණ මගින් පාංශු සංස්තර වෙන්කර අඳුනාගන්න පුළුවන්.
පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි