පෘථිවියේ මුල්ම ජීවය හට ගන්නට හේතු වන්නට ඇත්තේ අකුණු සැර බව නව අධ්‍යනයක් හෙළිකරයි
විද්යා ඥයන් කලින් සිතූ පරිදි උල්කාශ්මවලට(meteorites) වඩා විදුලි කුණාටු, පෘථිවියේ පුරාතන ජීවීන්ගේ ව්ර්ධනයට අවශ්ය පොස්පරස් මුදාහරින්නට ඉඩ ඇති බව නව අධ්යයනයකින් හෙළි වී තිබේ.
Nature Communications හි මාර්තු 16 වන දින ප්රකාශයට පත් කරන ලද අධ්යයනයකට අනුව, ආදිකල්පිත විදුලි කුණාටු පෘථිවියේ ජීවය ආරම්භ කිරීම සඳහා ප්රධාන තැනුමේකකයක් සැපයීමට උපකාරී වන්නට ඇත.


පොස්පරස් යනු දැනට දැන හඳුනාගෙන ඇති සියලු ජීවීන් සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යකි. ඒවා DNA සහ RNA අණු වල කොඳු නාරටිය වේ. ආදීකල්පිත පෘථිවියේ මෙම මූලද්රව්යය බහුල වුවද, බොහෝමයක් ප්‍රතික්‍රීයනොවන ඛනිජ(nonreactive minerals) තුළ හිරවී තිබුණි. පර්යේෂකයන් විසින් 2005 දී කරන ලද අධ්යයනයක දී ප්රතික්රියාශීලී පොස්පරස් ඛනිජ ෂ්රයිබර්සයිට්(schreibersite) ස්වරූපයෙන් සැපයේමට උල්කාශ්ම වගකිව යුතු යැයි උපකල්පනය කිරීමට හේතු විය.

(Schreibersite යනු සාමාන්‍යයෙන් දුර්ලභ යකඩ නිකල් ෆොස්පයිඩක් වුවද යකඩ නිකල් උල්කාශ්මවල සුලබය. ග්‍රීන්ලන්තයේ ඩිස්කෝ දූපත්වල සහ ඉලිනොයිස් හි දී එය සොයා ගනු ලැබ ඇත.)
නමුත් පෘථිවියේ ජීවයේ මූලාරම්භය පෘථිවිය තුළම හට ගත්තා විය හැකිය. අපගේ පෘථිවියේ අකුණු සැර වැදීමෙන් ෂ්රයිබර්සයිට් සෑදිය හැකි බව භූ විද්යා ඥයන් කණ්ඩායමක් සොයා ගත්හ.
එහි අර්ථය වන්නේ “ජීවයේ හට ගැනීම උල්කාශ්ම බලපෑම් සමඟ සම්බන්ධවීම අවශ්‍යම නොවන බවය” යි එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්යාලයේ භූ විද්යාඥවරියක සහ පෙර කී අධ්යයනයේ සමකතෘවරියක වන සැන්ඩ්රා පියාශෝලො ScienceNews ප්රවෘත්ති සේවයට පැවසීය.
අකුණු සැරයක් පොළොවට වැදුණු විට එයට ෆුල්ගුරයිට්(fulgurites) නම් වීදුරු පාෂාණ නිර්මාණය කළ හැකිය. ඉලිනොයිස් හි 2016 අකුණු සැර වැදීමෙන් නිර්මාණය කරන ලද ෆුල්ගුරයිට් කැබැල්ලක් විශ්ලේෂණය කිරීම සඳහා එක්ස් කිරණ සහ වර්ණාවලීක්ෂය(spectroscopy = ආකාශ වස්තු නිකුත් කරණ කිරණ විශ්ලේෂණය සඳහා යොදා ගන්න උපකරනයක්) භාවිතා කරමින් පර්යේෂකයන් පාෂාණය පුරාවට තිත් මෙන් වැටී තිබූ ඉතා කුඩා ෂ්රයිබර්සයිට්(schreibersite) ගෝල සොයා ගත්හ. මීට වසර බිලියන 3.5–4.5 කට පමණ පෙර පුරාතන පෘථිවියේ අකුණු මඟින් පොස්පරස් අඩංගු සංයෝග කිලෝග්රෑම් 110–11,000 ක් පමණ වසරක් පාසා ස්ථිර ලෙස සැපයනු ලැබූ බව ඔවුහු ගණනය කළහ.
තවද, මීට වසර බිලියන 4.5 කට පෙර උල්කාශ්ම මගින් ද පොස්පරස් අඩංගු සංයෝග කිලෝග්රෑම් 100,000- මිලියන10 ක් පමණ සැපයනු ලැබූ බව කණ්ඩායම ගණන් බලා ඇත, නමුත් මෙම පාෂාණ පෘථිවියට කඩා වැටීම කාලයාගේ ඇවෑමෙන් විශ්මයාකාර ලෙස පහත වැටුණි. ඒ අනුව, පොස්පරස් වල වඩාත් වැදගත් ප්‍රභවය උල්කාශ්ම ද නැතහොත් අකුණු ද යන්න රඳා පවතින්නේ (පෘථිවිය මත) ජීවය පරිණාමය වූයේ කිනම් කාලයක් දී යන්න මතය. පැරණිතම ජීව ස්වරූප අවම වශයෙන් අවුරුදු බිලියන 3.5 කට පෙර ආරම්භ වූ බව විශ්වාස කෙරේ, එසේනමුත් ScienceNews දක්වන අන්දමට, නිශ්චිත කාලවක වානු නිර්ණයකිරීම දුෂ්කරය.

මහ පොළව මත “ජීවිය හට ගත්තේ මදක්පමා වී නම්, (ඊට උපකාරී වන) පොස්පරස් සඳහා අකුණු සැර යනු අපූරු ප්රභවයක්” යැයි පර්යේෂණයේ නිරත නොවූ ටම්පා හී දකුණු ෆ්ලොරිඩා විශ්ව විද්යාලයේ භූ රසායන විද්යාඥ මැතිව් පැසෙක් ScienceNews සේවයටපැවසීය. “එය(ජීවය හට ගැනීම) වඩාත් කලින් සිදු වූයේ නම් උල්කාශ්ම වඩාත් බහුල ප්රභවයක් වනු ඇත.”
පෘථිවියේ ජීවීන් සඳහා පොස්පරස් ලබා දී ඇත්තේය උල්කාශ්ම මඟින් ද හෝ අකුණු මඟින් ද කීමට අපහසු වුවද, අධ්යයනය මගින් වෙනත් ග්රහලෝක සම්බන්ධයෙන් ගත් කල විභවයක් සහිත මූලද්රව්‍යයක ප්‍රභවයක් හඳුනාගැනීමට මෙම අධ්‍යනය සමත්ව ඇත.
“ඒක නම් නියමයි. . . ජීවය වර්ධනය කළ හැකි ග්රහලෝකයකට පොස්පරස් උත්පාදනය කිරීම පිණිස එක් මාර්ගයකට වඩා ඇති බව පැවසීමට හැකිවීම කදිමයි ” අධ්යයනයේ සහභාගී නොවූ ඇරිසෝනා ප්රාන්ත විශ්ව විද්යාලයේ තාරකා ජීව විද්යාඥ ඔලොගිස්ට් හිලරි හාර්ට්නෙට් පවසයි.
The Scientist හි පළවන යන ලිපිය ඇසුරෙනි