මහජන සෞඛ්‍යය අරභයා වෛරස මාදිලි ආවේක්ෂණය වැදගත් වන්නේ ඇයි?
මාදිලි ආවේක්ෂණය මහජන සෞඛ්ය ප්රතිචාරයට සහාය වීම සඳහා SARS-CoV-2 නිදර්ශක සහ අනුක්රම එකතුවක් තැනීම පිණිස ඇ.එ. ජ.රෝග පාලනය සහ වැළැක්වීමේමධ්‍යස්ථාන(Centers for Disease Control – CDC) , SARS-CoV-2 මාදිලි ආවේක්ෂණයක් සිදු කරයි. ලබා ගැනීමට ඇති ජානමය අනුක්රමික දත්ත නිරන්තරයෙන් විශ්ලේෂණය කිරීමෙන් CDC සහ එහි මහජන සෞඛ්ය හවුල්කරුවන්ට තවදුරටත් අනුලක්ෂණය කිරීම හෙවත් ලක්ෂ්ණ විදහා දැක්වීම සඳහා විචල්ය වෛරස් මාදිලි හඳුනා ගැනීමට හැකි වේ.
වෛරස සාමාන්යයෙන් කාලයාගේ ඇවෑමෙන් විකෘති අත් කර ගන්නා අතර නව ප්රභේද ඇති කරයි. උදාහරණයක් ලෙස නයිජීරියාවේ මෑතකදී තවත් ප්රභේදයක් මතු විය. CDCයද මෙම මාදිලිය අධීක්ෂණය කරමින් සිටින නමුත් මේ වන විට එය මහජන සෞඛ්ය විශේෂඥට සැලකිල්ල යොමු කල යුතු කිසිදු ලක්ෂණයක් පෙන්වා නැත.
මතුවී ගෙන එන ප්රභේදවල ඇති විය හැකි ප්රතිවිපාක කිහිපයක් පහත දැක්වේ:
ජනතාව අතර වඩාත් ඉක්මණින් ව්යාප්ත වීමේ හැකියාව. SARS-CoV-2 අනියම්-වර්ගයට(wild type)* වඩා එක් විකෘතියක් වන D614G හී ඉක්මනින් පැතිරීමේ හැකියාව වැඩි වෙමින් පවතින බවට දැනටමත් සාක්ෂි තිබේ. රසායනාගාරයේදී, 614G ප්රභේද මිනිස් ශ්වසන අපිච්ඡද සෛල(respiratory epithelial cells) තුළ වඩාත් වේගයෙන් ව්යාප්ත වෙන්නේ 614D වෛරස අභිබවා යමිනි. 614G ප්රභේදය විකෘතියකින් තොර වෛරස් වලට වඩා වේගයෙන් පැතිරෙන බවට වසංගත රෝග සාක්ෂි ද ඇත.
*“අනියම්-වර්ගය” යන්නෙන් ප්රධාන විකෘති කිසිවක් අඩංගු නොවන වෛරස් දැක්වේ
මිනිසුන් තුළ මඳ හෝ දරුණු රෝග ඇති කිරීමේ හැකියාව. 2021 ජනවාරියේදී එක්සත් රාජධානියේ විශේෂඥයන් වාර්තා කළේ B.1.1.7 ප්රභේදය අනෙකුත් ප්රභේද සමඟ සසඳන විට මරණ අවදානම වැඩි වීමේ හැකියාවක් තිබීමට පුළුවන් බවයි. මෙම සොයා ගැනීම සනාථ කිරීම සඳහා වැඩිදුර අධ්‍යයන අවශ්ය වේ.
වෛරස් රෝග විනිශ්චයකිරීමේ විශේෂිත පරීක්ෂණ මගින් අනාවරණය වීම මගහැර යාමේ හැකියාව. බොහෝ වාණිජ මට්ටමේ ප්රතිවර්ත්‍ය -ප්‍රතිලේඛන පොලිමරේස් දාම ප්රතික්රියාව (reverse-transcription polymerase chain reaction ) පදනම් කරගත් පරීක්ෂණ මගින් වෛරසය හඳුනා ගැනීම සඳහා විවිධ ඉලක්ක ඇත්තේ, විකෘතියක් එක් ඉලක්කයකට පමණක් බලපෑම් කළත් අනෙක් RT-PCR ඉලක්කද තවදුරටත් ක්රියාත්මක වන ආකරයෙනි.
නුමුහුන් ප්රතිදේහ(monoclonal antibodies) වැනි චිකිත්සීය කාරක වලට ඇති ඉඩකඩ අඩු වීම.
ස්වාභාවිකව හෝ එන්නත් මගින් ඇති කරන ප්රතිශක්තිය මග හැරීමේ හැකියාව.
SARS-CoV-2 එරෙහි එන්නත් කිරීම මෙන්ම SARS-CoV-2 මගින් ස්වාභාවිකව ආසාදනය යන දෙකම කිරීට ප්රෝටීන වල කොටස් කිහිපයක් ඉලක්ක කරන “බහුප්‍රතිදේහ”(“polyclonal”) ප්රතිචාරයක් ඇති කරයි. එන්නත මගින් හෝ ස්වාභාවික ආසාදන මගින් ඇතිවන ප්රතිශක්තිය මග හැරීම සඳහා වෛරසයට කිරීට ප්රෝටීන වල විකෘතිවීම් ගණනාවක් ඒකරාශී කිරීම අවශ්ය වනු ඇත.

සිදුවිය හැකි එකී කාරණා අතරේ අවසන් කාරණාව — එනම් එන්නත මගින් හට ගන්වන ප්‍රතිශක්තිය මගහැරීමට තිබෙන හැකියාව තමයි වඩාත් සැලකිල්ල යොමු විය යුත්ත. මන්ද, ජනගනයෙන් විශාල අනුපාතයකට එන්නත් ලබදුන් විට (වෛරසය) “ගැලවීමේ හෙවත් මිදී ඉවත්වීමේ විකෘතීන්” (“escape mutants”) පතා වරණය දැක්වීම එවන් ප්‍රභේද වලට අනුකූලතාව දක්වන සහ හටගැනීම වේගවත් කරන ප්‍රතිශක්ති පීඩනයක් ඇති කළ හැකිය. මෙය සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර බොහෝ විශේෂඥයන් විශ්වාස කරන්නේ වෛරසයේ ස්වභාවය නිසා ‘ගැලවීමේ විකෘති’ ඇතිවිය නොහැකි බවයි.

නයිජීරියාවේ රෙඩිමර්ස් විශ්ව විද්යාලයේ බෝවන රෝග පිළිබඳ ජාන විද්යාව සඳහා වූ අප්රිකානු විශිෂ්ටතා මධ්යස්ථානයේ (African Centre of Excellence for Genomics of Infectious Diseases (ACEGID), අනුක්රම විශ්ලේෂණය කිරීමෙන් B.1.1.207 පෙළන්තියට අයත් SARS-CoV-2 අනුක්රම දෙකක් හඳුනා ගන්නා ලදී. මෙම අනුක්රම, B.1.1.7 පෙළන්තියට පොදු ශුකී ප්රෝටීන (P681H) හි පර්යාය නොවන() විකෘතියක් හවුලේ තබා ගන්නා නමුත් B.1.1.7 පෙළන්තියට අයත් සුවිශේෂී විකෘති 22 න් වෙන කිසිවක් බෙදාහදා නොගනී. P681H අවශේෂ S1 / S2 ෆුරින් (furin -ෆියුරින් යනු මිනිසුන් තුළ ෆියුරින් ජානය සංකේතවත් කරන එන්සයිමයකි) භේදන අඩවියට ආසන්නව පිහිටා ඇති අතර එය කිරීටක වෛරස් වල ඉහළ විචල්යතාවයක් ඇති අඩවියකි. මෙම ප්රභේදය මුලින්ම මතු වූයේ කවදාදැයි මේ අවස්ථාවේ කීමට නොහැකිය. මෙම ප්රභේදය රෝගයේ බරපතලකම කෙරෙහි කිසියම් බලපෑමක් ඇති කරන බවට හෝ නයිජීරියාවේ SAර්S-ඡොV-2 සම්ප්රේෂණය වැඩි කිරීමට දායක වන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැත.

ඉස්මතු වන SARS-CoV-2 ප්‍රභේද
SARS-CoV-2 ප්‍රභේද ගණනාවක්ම ගෝලීයව සංසරණය වේ. 2020 ශරත් සෘතුවේදී නව ප්රභේද කිහිපයක් මතු විය. ඒවා අතුරෙන් වඩාත් කැපී පෙනෙන්නේ:
● (20I / 501Y.V1, VOC 202012/01, හෝ B.1.1.7 ලෙස හැඳින්වෙන) SARS-CoV-2 හි නව ප්රභේදයක් විකෘති විශාල සංඛ්යාවක් සමඟ එක්සත් රාජධානියේ ඉස්මතු විය. මෙම ප්‍රභේදය එතැන් සිට එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් ගණනාවක දී හමුවී වී ඇත. වෙනත් ප්‍රභේද සමඟ සසඳන විට B.1.1.7 ප්‍රභේදය මරණ අවදානම වැඩි බවට 2021 ජනවාරියේදී එක්සත් රාජධානියේ විද්යාඥයෝ සාක්ෂි වාර්තා කළහ. මෙම සොයා ගැනීම සනාථ කිරීම සඳහා වැඩිදුර අධ්‍යයන අවශ්ය වේ. මෙම ප්රභේදය ගැන 2020 දෙසැම්බර් මස අවසානයේදී එක්සත් ජනපදයෙන් වාර්තා විය.
● දකුණු අප්‍රිකාවේ SARS-CoV-2 හි තවත් ප්‍රභේදයක් (20H / 501Y.V2 හෝ B.1.351 ලෙස හැඳින්වේ) B.1.1.7 ට සම්බන්ධයකින් තොරව මතු විය. මෙම ප්‍රභේදය සතු සමහර විකෘති සහ B.1.1.7 සමහර විකෘති අතර පොදු බවක් දැකිය හැකිය. මෙම ප්‍රභේද හේතුවෙන් ආතුරයන් වූවන් ගැන දකුණු අප්‍රිකාවෙන් පිටත රටවල් කිහිපයකින් අනාවරණය වී තිබේ. මෙම ප්රභේදය ගැන ජනවාරි 2021අවසානයේ එක්සත් ජනපද ය්යෙන් වාර්තාවිය.
● බ්‍රසීලයේ දී , (P.1 ලෙස හඳුන්වන) SARS-CoV-2 ප්රභේද්යයක් බ්‍රසීලයේ සංචාරකයන් හතරදෙනෙකු අතරේ මුලින්ම හඳුනා ගනු ලැබීය. ඒ, ජපානයේ ටෝකියෝ නගරයෙන් පිටත හනෙඩා ගුවන් තොටුපලේදී සිදුකෙරුණු සාමාන්ය නිත්‍ය පරීක්ෂාවක දීය. ශුකී ප්‍රෝටීන වල ප්‍රතිග්රාහක බන්ධන වසමේ ඇති විකෘති තුනක් ඇතුළුව මෙම ප්රභේදයට සුවිශේෂී විකෘති 17 ක් ඇත. . මෙම ප්රභේදය ගැන ද 2021 ජනවාරි මස අවසානයේදී එක්සත් ජනපදයෙන් වාර්තා විය.
මෙම ප්රභේදයන් කෙතරම් පහසුවෙන් සම්ප්රේෂණය විය හැකිද යන්න සහ ඒවාට එරෙහිව දැනට අනුමත කර අති එන්නත් වල ඵලදායීතාව කෙබඳු ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා විදයාඥයෝ කටයුතු කරමින් සිටිති. මෙම ප්‍රභේදවල වෛරස් විද්‍යාත්මක, වසංගත රෝගවිද්‍යාත්මක සහ සායනික ලක්ෂණ පිළිබඳ නව තොරතුරු වේගයෙන් ඉස්මතුවෙමින් තිබේ.
(අවධාරණය අපෙනි – සංස්කාරක)
Centers for Disease Control – CDC වෙබ් අඩවියේ Why Strain Surveillance is Important for Public Health යන ලිපිය ඇසුරෙනි