මිනිසුන් නැවත පරිණාමය වීමට යන්නේද?
[ලන්ඩන්.නුවර, දශ හැවිරිදි ටෙමී බිසිරියු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනු ලබන්නේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාලයේ, සහකාර මහාචාර්ය සහ ඕස්ට්රේලියානු ජෛව විවිධත්වය හා උරුමය පිළිබඳ විශිෂ්ටතා මධ්යස්ථානයේ ප්රධාන විමර්ශක]
Darren Curnoe විසිනි

ඔබ ඇසූ කදිම ප්‍රශ්නයට ස්තූතියි, ටෙමී. මෙය බොහෝ දෙනෙක් මගෙන් අසා සිටින ප්‍රශ්නයක්. ඊට කෙටි පිළිතුර නම් මිනිසුන් මේ වන විට පරිණාමය වෙමින් පවතින අතර අපට එය නොදැනුනාට එය දිගටම සිදුවෙමින් පවතිනු ඇත යන්නය. මෙය තරමක් දුරදිග නොබලා සිදුකෙරෙන ප්‍රකාශයක් සේ පෙණී යා හැකි බැවින් මා අදහස් කරන දේ පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න.
විශාල වෙනස්කම්
පරිණාමය අධ්යයනය කරන ජීව විද්යාඥයින් එසේ කරන්නේ පරිමාණයන් දෙකක සාක්ෂි පරීක්ෂා කිරීමෙනි. පළමු පරිමාණය වන්නේ අපි “සාර්ව පරිණාමය” යන්නෙන් දක්වන දෙයයි.( macroevolution “macro” යන්නෙන් කියැවෙන්නේ විශාලය යන්නයි) . ෆොසිල වාර්තාවල අප දකින විශාල වෙනස්කම් මේවාය. ඒවා සිදුවන්නේ වසර සිය දහස් ගණනක්, මිලියන ගණනක් හෝ අවුරුදු මිලියන දශ ගණනක් වැනි දිගු කාලයක් තුළ ය. නිදසුනක් වශයෙන්, සපුෂ්ප ශාකවල පරිණාමය හෝ ක්ෂීරපායින්ගේ පෙනුම ගැන සිතන්න, මේ දෙකම සිදුවී ඇත්තේ මීට වසර මිලියන 150 කට පෙරය. එහෙම නැත්නම් අපේම නිවසට මඳක් සමීපව උදාහරනයක් ගැන සිතුවොත්, මීට වසර මිලියන 8 කට පමණ පෙර අප මත් අයිති ජීව විද්යාත්මක කණ්ඩායමේ — දෙපා වානරයන් හෝ හොමිනින්ගේ පරිණාමය ගැන සිතන්න. එසේත් නැතිනම් මීට වසර 300,000 කට පෙර අප්රිකාවේ ඉස්මතු වූ, අපේම විශේෂය වූ හෝමෝ සේපියන්ස්(Homo sapiens) ගැන හිතන්න. .
මම හිතන්නේ ටෙමී, ඔබේ මනසෙහි අරක් ගෙන ඇත්තේ මේ ආකර පරිණාමය වෙන්න පුළුවන් කියලයි. බොහෝ අය සිතන්නේ පරිණාමය සැබවින්ම දැකිය හැක්කේ මෙම සාර්ව පරිමාණයෙන් පමණක් බවයි. (වානරයින්) දෙපයින් ඇවිදීම හෝ මිනිස් මොළයේ විශාලවීම වැනි විශාල වෙනස්කම් සාර්ව පරිණාමයේ උදාහරණ වේ.

කුඩා වෙනස්කම්
අනෙක් ආකාරයේ පරිණාමය එතරම් පැහැදිලිව පෙනෙන්නට නැති ඉතා සුළු පරිමාණයකින් සිදු වේ. විද්යාඥයන් එය හඳුන්වන්නේ “ක්ෂුද්ර පරිණාමය” යනුවෙනි. (microevolution “micro” යන්නෙන් දැක්වෙන්නේ කුඩා යන්නයි).
මෙම කුඩා වෙනස්කම් ජාන සමඟ සම්බන්ධයි. ඒවා නව විශේෂයක් ඇතිවීමට හේතු නොවිය හැකි වුවත්, සම්බන්ධ පුද්ගලයින් සඳහා විශාල ගම්‍යාර්ථ ඇති කළ හැකිය.
මෙය සිදු වන එක් ක්රමයක් වන්නේ සම්පුර්ණයෙන්ම අහඹු සිදුවීමකි. මන්ද අලුත උපන් බිළිඳකු බිහි වූ විට සිදුවන්නා වූ ජාන වෙනස් වන ආකාරයයි. ජාන විද්යාඥයින් සොයාගෙන ඇත්තේ සෑම නව පරම්පරාවක් සමඟම — අපි කියමුකෝ ඔබ සහ ඔබේ මිතුරන් කියලා — කණ්ඩායමක් ලෙස ඔබේ ජාන සැකසීම ඔබේ දෙමාපියන්ට සහ ඔවුන්ගේ මිතුරන්ට වඩා මදක් වෙනස් වනු ඇති බවයි.
ජාන විද්යාඥ මෙය හඳුන්වන්නේ “අහඹු ජාන ප්ලාවනය” ලෙසයි. එය කෙටි කාලයක දී කුඩා ජනගහනයක තුළ වේගවත් වෙනස්කම් වලට තුඩු දෙන ඉතා ශක්තිමත් එකක් විය හැකිය.
කලක් එතරම් සුලබ නොවූ ස්වයං ප්රතිශක්තිකරණ රෝග(autoimmune disease) වැනි ගැටළු අද වඩාත් සුලභ වී ඇත්තේ මන්දැයි මෙම ක්රියාවලිය මාර්ගයෙන් පැහැදිලි කර ගත හැකිය. බහු ජාරඨ්‍යය(Multiple sclerosis) සහ සුෂීරික රෝගය(coeliac disease ) ස්වයං ප්රතිශක්තිකරණ රෝග සඳහා උදාහරණ වේ.
අප ජීවත් වන ආකාරය සහ අප කන දේ
සමහර විට මිනිසුන් පිරිසක් ජීවත් වන පරිසරය මෙම ප්රජාවේ ජාන කීටුවෙ හෙවත් සංචිතයේ(gene pool) වෙනස්කම් වලට තුඩු දිය හැකිය.තවද,. එම වෙනස් කළ ජාන ඊළඟ පරම්පරාවට පවරා දීමට හැකිය.
මීට වසර දහස් ගණනකට පෙර මිනිසුන් තිරිඟු, බඩ ඉරිඟු (corn) සහ වී ගොවිතැන් කිරීම ආරම්භ කළ අවස්ථාව සැබවින්ම ප්රබල උදාහරණයකි. එම වෙනස නිසා මිනිස්සු වැඩි පිෂ්ඨමය ආහාර අනුභව කිරීමට පටන් ගත්හ.
මෙය සමහරක් විශාල භෞතික විද්යාත්මක වෙනස්කම් වලට තුඩු දුන්නේ මෙකී මුල්ම ගොවීන්ගෙන් සමහරෙකුට පිෂ්ඨය විශාල ප්රමාණයක් ජීර්ණය කිරීමට නොහැකි වූ බැවිනි.
කෙටි කාලයක් තුළ – අවුරුදු දහස් ගණනක් හෝ ඊට අඩු කාලයක් තුළ – පිෂ්ඨය ජීර්ණය කිරීමට උපකාරී වූ ජානයක්(the amylase geneජානය) මුල් ගොවි ප්රජාවන් තුළ වඩාත් සුලභ විය.

ඇත්ත වශයෙන්ම, පිෂ්ඨමය ආහාර වගා කරමින් සිටි සිය මුතුන් මිත්තන් ගෙන් පැවත එන අද ජීවතුන් අතර සිටින ජනතාව අතර (මුතුන් මිත්තන්ට) වඩා බෙහෙවින් වැඩි ප්‍රමාණයක් මෙම ජානයේ පිටපත් ඔවුන්ගේDNA තුළ ඇත.
තවත් උදාහරණයක් වන්නේ ලැක්ටේස් නම් එන්සයිමයක් නිපදවන ජානයයි. එමගින් වැඩිහිටියන්ට කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන ජීර්ණය කළ හැකිය. ඔබේ මුතුන් මිත්තන් කිරි වැඩි වශයෙන් පානය කළා නම්, ඔබට එම ජානය උරුම විය හැකිය. ඔබගේ මුතුන් මිත්තන් කිරි එතරම් පානය නොකළේ නම් අනෙක් අයට ලැක්ටෝස් අමර්ෂණය හෙවත් අසහනය(dairy intolerance) ඇති විය හැකිය.

ඉතින් ටෙමී, ඔබටත් පෙණී යා යුතු පරිදි මානව පරිණාමය සැබවින්ම නතර වී නැත. අපගේ පරිණාමය අවබෝධ කර ගැනීමෙන් අද අප මුහුණ දෙන සෞඛ්ය අභියෝග පිළිබඳව බොහෝ දේ ද වටහා ගත හැකිය. මිනිසුන් ගෝලීය දේශගුණ විපර්යාසයන්ට දායක වෙද්දී, අපේ පරිණාමයේ ඉදිරි ගමන පවා විපර්යාසට ලක්කරමින් මානවයන් හැටියට අප ගමන් කරන්නේ කොයිබට ද යන්න අවබෝධ කර ගැනීමට ද එය උපකාරී වීමට පුළුවන.
Curious Kids(The Conversation) හී පළවන Are humans going to evolve again? යන ලිපිය ඇසුරෙනි