සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් චන්ද්‍රයාගේ විශාලතම සාගරය සිතුවාට වඩා ගැඹුරුයි

Posted by

සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් චන්ද්‍රයාගේ විශාලතම සාගරය සිතුවාට වඩා ගැඹුරුයි

ටයිටන්වල විශාලතම මුහුද ගගන සිඹින ගොඩනැගිලි පහසුවෙන් ගිල්විය හැකිතරම් ගැඹුරු විය හැකිය.

සෙනසුරුගේ චන්ද්රයා ටයිටන් යනු, පෘථිවිය හැරුණු විට, ග්‍රහලෝක පෘෂ්ඨය  මත ද්රවමය විල් හා මුහුදු සහිත අපේ සෞරග්රහ මණ්ඩලයේ තිබෙන අනෙක්  එකම ස්ථානයයි. විද්‍යාඥයෝ   මෙම අංගයන් පිළිබඳව දැඩි කුතුහලයෙන් සිටිති.   ටයිටන් චන්ද්‍රයාගේ  විශාලතම මුහුද වන මිදුණු මීතේන්, එතේන් සහ නයිට්රජන් මිශ්රණයකින් හෙබි Kraken Mare හි ගැමුර තවත් වැඩි බව දැන් නව ගණනය කිරීම් මගින් හෙළිවෙයි.  මෙම සොයා ගැනීම සිදු කරන ලද්දේ 2014 අගෝස්තු මාසයේදීය.

කැසිනි  ගවේෂණ යානාව ටයිටන් පසුකර යනවිට රේඩාර් ස්කෑන් උපයෝගී කරගනිමින්  සිදුකළ  පරීක්ෂණ පිළිබඳ නව විශ්ලේෂණයකින් පසුවය. ස්කෑන් පරීක්ෂාවන් යොදා ගනිමින් පර්යේෂකයෝ  Kraken Mare හි ගැමුර නිර්ණය කිරීමට ක්‍රියා කළහ. මෙහිදී ඔවුනට එහි කොටසක  මුහුදු පතුලක් සොයා ගැනීමට හැකි වූ නමුත් සමහරක් කොටස්වල එවැන්නක් හමු නොවීය.

විශාල උතුරු මෝය තුළ  පතුලක් හමු වූ කොටසක සමහර සංඥා මතුපිටින් ආපසු පොළා පැමිණි අතර අනෙක් සමහරක්,  දියරය විනිවිද ගොස් මුහුදු පතුලෙන් දෝංකාර වූ බව කෝර්නෙල් විශ්ව විද්යාලයේ ග්රහලෝක විද්යාඥ Valerio Poggiali  පවසයි. මෝයේ මෙම කොටස මීටර් 85ක් පමණ දක්වා ගැඹුරට ඇති බව දෝංකාරය මගින් අනාඅවරණ විනැයි Poggiali  සහ ඔහුගේ සගයෝ  භූ භෞතික විද්යා පර්යේෂණ ග්රහලෝක සඟරාවේ( Journal of Geophysical Research: Planets) වාර්තා කරති.

  “පිටත සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක්, චන්ද්‍රයෙකු මත මුහුදක  ගැඹුර මැනිය හැකිය (bathymetry= අගාධ මිතිය සිදු කළ හැකිය) යන අදහස සිත් ඇදගන්නා සුළුය” යි   ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේ ග්‍රහලෝක විද්‍යාඥවරියක වන, නව අධ්‍යයනයට සම්බන්ධ නොවූ එලිසබෙත් ටර්ට්ල් පවසයි. අධ්‍යයනයේ ප්‍රථිපල ” ටයිටන් චන්ද්‍රයා තේරුම් ගැනීමටත් එමෙන්ම එය ගවේෂණය කිරීම පිණිස මෙහෙයුම්සැලසුම් කිරීමටත් අදාලව  දත්ත සැපයීම සම්බන්ධයෙන් බෙහෙවින් ඵල්දායීය” යි ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පර්යේෂකයෝ  අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් අනතුරු ඇඟවීමක්ද සිදු කරති.  සමහර සංඥ ආපසු පොළා පැනීම හෙවත් දෝංකාරය වීම සිදු නොවූයේ  (මුහුදේ අදාල කොටසෙහි) ගැඹුර විශාල වීම නිසා නොව, මුහුදේ ද්‍රව මගින්, තමන් කලින් ගණනය කළ ප්‍රමාණයට වඩා රේඩාර් ශක්තිය අවශෝෂණය කර ගත් බැවිනි විය හැකිය යනුවෙනි. එසේනම් එමඟින් ගම්‍ය වනුයේ මුහුදේ සංයුතිය පිළිබඳ ඔවුන්ගේ ප්‍රායෝගික ඇස්තමේන්තු නිවැරදි නොවන බවයි.  ඔවුන්ගේ ගණනය කිරීම් මත පදනම්ව සලකා බලතොත්, සෙල්සියස් අංශක -182 ක උෂ්ණත්වයකදී ටයිටන මුහුදේ සියයට 70 ක් ද්‍රව මීතේන්, සියයට 16 ක් ද්‍රව නයිට්‍රජන් සහ ද්‍රව එතේන් සියයට 14 ක් අඩංගු බව පෙනේ.

Largest sea on Saturn's moon Titan could be more than 1,000 feet deep |  Technology News,The Indian Express

කැසිනි යානය සෙනසුරු ග්‍රහයා අසලින් ගමන් කළ අවස්ථාවේ, Kraken Mare මතුපිට තරංග මනින ලද්දේ උස මිලිමීටර කිහිපයක් පමණි. යම් දවසක ටයිටන් විල්හරහා  හා මුහුද හරහා ගමන් කිරීම සඳහා අවැසිවන රොබෝ සබ්මැරීන සහ වෙනත් උපකරණ සැලසුම් කරන ඉංජිනේරුවන්ට ගැඹුර සහ සංයුතියේ දත්ත අත්‍යවශ්‍ය බව ඔහයියෝ  නාසා ග්ලෙන්තාරකා විද්‍යා කේන්ද්‍රයේ ඉංජිනේරුවරයෙකු වන ස්ටීවන් ඔලේසන් පවසයි.  ඔහු ද අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. රොබෝ සබ්මැරීනයක්  දැනට  නාසා හි මෙහෙයුමේ කොටසක් නොවූවත් ඔහු සහ අනෙකුත් ඉංජිනේරුවන් එවැනි මූලික යාත්රාවක් සඳහා සැලසුම් සකස් කර ඇත,  සමස්තයක් ලෙස ටයිටන් ගැන පූර්ණ අවබෝධයක් ලැබීම සඳහා  Kraken Mare අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය : සඳෙහි මතුපිට ද්‍රව ප්‍රමාණයෙන් සියයට 80 ක් පමණ රඳවා ඇත්තේ මෙම මුහුදෙහිය.  වර්ග කිලෝමීටර් 500,000 ක් පමණ එය උතුරු ඇමරිකාවේ මහා විල් සියල්ලෙහි ප්‍රමාණය මෙන් දෙගුණයක් වේ..

අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළත අපේ මීළඟ ගමන් ඉලක්කය වනුයේ අද්විතීය, ඓන්ද්‍රීය ද්‍රව්‍ය සපිරි අභ්‍යවකාශ වස්තුවක් වන ටයිටන් චන්ද්‍රයා යි නාසා ආයතනය මගින් නිවේදනය කරනු ලැබ ඇත.  ජීවයේ තැනුම් ඒකක සෙවීමේ චාරිකාව තවත් ඉදිරියට ගෙන යමින් Dragonfly මෙහයුම 2026 දී දියත් කිරීමෙන් පසුව 2034 දී ටයිටන් වෙත ළඟා වීමට නියමිතයි..

Scientific American(May, 2021) හී පළවන Alien Depths යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.