මතුපිට පස සහ යටිපස
කාබනික ද්‍රව්‍යවලින් සුපෝෂිත A සංස්තරය සමහරක් අවස්ථාලදී මතුපිට පස නමින් හැඳින්වෙනවා. පසක් සීසෑම සහ වගාවන් සඳහා යොදාගැනීම පසෙහි මතුපිට සිට සෙන්ටිමීටර 10ත් 25ත් අතර ගැඹුර දක්වා විහිදෙන ප්‍රදේශයට අයත් පස සංස්කරණයට සහ සමජාතිකෘතීකරණයට ලක් කිරීමෙන් නඟුල් වරියක්(plough layer) තනනවා. වගාව පුරන් වී කාලයක් ගතවන තුරුම මේ නඟුල් වරිය පවතින්න පුළුවන්. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයේ පුරන් වූ ගොවිබිමක වැවුණු වනාන්තරයක් දක්වන්න පුළුවන්. සියවසක් පැරණි නඟුල් වරියත්, ඊට පහළින් පිහිටි ළා පැහැති නොකැළඹුණු පසත් අතර තිබෙන සුමට බෙදුම් රේඛාව අදටත් දැකගන්න පුළුවන්.

වගාකරුවෙකුට මතුපිට පසේ සීමාව තුළදී කාබනික සහ රසායනික දුව්‍ය මුසුකිරීමෙන් පෝෂක, වාතය, සහ ජලය සැපයුම වැඩිදියුණු කිරීම, පස බුරුල් කිරීම සහ ජලය සැපයුම පහසුවෙන් කළ හැකි නිසා, ශාක මුල් වලින් බහුතරයක් හමුවන්නේ වගා කටයුතතු සඳහා යොදාගත් පස්වල මතුපිට පසෙන්. මෙම නඟුල් වරිය පසෙන් ඉවත්කර වෙනත් බිම් කඩකදී මුදුන් පස ලෙස භාවිතා කිරීමට විකුණන අවස්ථා තිබෙනවා. ඉදිකිරීම් ආශ්‍රිත පස් වර්ග මිශ්‍ර කිරීමේ ක්‍රියවලීන් නිසා මතුපිට පස ඉවත්ව යටි පස පෑදුණු නව ඉදිකිරීම් ආශ්‍රිත බිම්වල තෘණ වගාවන් සහ පඳුරු සඳහා මේ මතුපිට පස සුලබව යොදාගැනෙනවා.

මතුපිට පසට යටින් තිබෙන පස යටිපස නමින් හැඳින්වෙනවා. සමාන්‍යයෙන් මිනිස් ඇසින් වසන් වී තිබුණත් යටිපසේ පාංශු සංස්තරවලටත් භූමි භාවිතයට මහා පරිමාණයෙන් බලපෑම් එල්ල කරන්න පුළුවන්. ශාකවලට අවශ්‍ය වන ජලයෙන් වැඩි කොටසක් රඳවා තබාගන්නේ යටි පස තුළයි. යටිපස් බොහෝමයක් සමහර ශාක පෝෂකත් සැලකිය යුතු මට්ටමින් සපනයවා. මතුපිට පසෙහි ලක්ෂණ යටිපසෙහි ලක්ෂණවලට වඩා ශාක වර්ධනයට සහය දක්වනවා. එම නිසා වගාකළ පසක ඵලදායීතාවය වැඩිපුරම බද්ධ වන්නේ මතුපිට පස් ස්ථරයේ ඝනකම සමගයි. අනවශ්‍ය තරම් ඝනකමින්, ආම්ලික බවින් සහ තෙතමනයෙන් වැඩි යටි පස් ස්ථර මුල්වල වර්ධනය අඩාල කරනවා. යටිපසක් රසායනික වශයෙන් හෝ භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම අතිශයින්ම අසීරු සහ මිල අධික කාර්යක් විය හැකියි.
ඉහළ පාංශු ස්ථරවල සිදුවන රසායනික, ජෛව විද්‍යාත්මක සහ භෞතික ක්‍රියාවලීන් යම් තාක් දුරකට ඡ් සංස්තර තුළදීත් සිදුවෙනවා. ඡ් සංස්තර පසෙහි යටින් පිහිටි සැප්‍රොලයිට් හෝ වෙනත් ප්‍රාවරණ පාෂාණික ද්‍රව්‍ය පිහිටි ප්‍රදේශය දක්වා විහිද යන්න පුළුවන්. අතීතයේදී නම් පසෙහි පහළම සීමාව ලෙස සැලකුණේ ස්වාභාවිකව වැඩුණු වෘක්ෂළතාවල මුල් විහිදෙන සීමාවයි. නමුත් වර්තමානයේදී පාංශු විද්‍යාඥයන් තීරණාත්මක කලාපය තුළ සිදුවන භූගත ජල දූෂණය, ප්‍රාකෘතික ද්‍රව්‍ය ජීර්ණය සහ විවිධ ජෛවරසායනික චක්‍ර ආදි පාරිසරික ක්‍රියාවලීන් අවබෝධ කරගැනීම සඳහා යටි ස්ථර අධ්‍යයනය කිරීමට පෙළඹී සිටිනවා. (සටහන බලන්න)
සටහන: සමස්ත පාංශු පැතිකඩ විශ්ලේෂණයෙන් ලබාගන්නා තොරතුරු භාවිතය
පස් වර්ග ඔවුන්ගේ පැතිකඩවල සියලුම ස්ථර ඔස්සේ වැදගත් පාරිසරික කාර්යභාරයන් ඉටු කරන ත්‍රිමාන දේහයන් විශේෂයක්. ඒ තොරතුරු භාවිතයට ගන්නා කාර්යයන් අනුව අදාල තොරතුරු ලබාගත යුත්තේ සෙන්ටිමීටර 1ක් 2ක් අතර ගැඹුරින් අඩු ප්‍රදේශයෙන් හෝ පහළම සැප්‍රොලයිට් ස්ථරවලින් විය හැකියි ( රූපය බලන්න).
උදාහරණයක් දැක්වුවොත්, ශාක වර්ධනයට, ජෛව විද්‍යාත්මක විවිධත්වයට මෙන්ම ජලය සම්බන්ධ ඇතැම් ක්‍රියාවලීන්වලට මූලිකවම දායක වන්නේ ඉහළම සෙන්ටිමීටර කිහිපය අතර පිහිටි පසයි. සංඛ්‍යාව සහ විවිධත්වය අතින් වැඩි වශයෙන්ම ජීවීන් ගැවසෙන්නේ පසත් වායුගෝලයත් අතර අන්තර්මුහුණත පවතින ප්‍රදේශයේ. වනාන්තරවල වැඩෙන ගස්වල පැවැත්ම මේ කලාපයේ පිහිටි ඝණ පලසක් සේ වැඩෙන සිහින් මුල් රැසකින් සැපයෙන පෝෂණය මත වැඩි වශයෙන් රඳා පවතිනවා. මෙම සිහින් මතුපිට ස්ථරයේ භෞතික ස්වභාවය මත වැසි ජලය පසට උරාගන්නවාද නැතිනම් පස මතුපිටින් ගලා යනවාද කියන කරුණත් තීන්දු වෙනවා. පස සම්බන්ධ පරීක්ෂණ අතරින් බොහෝමයකදී නිරීක්ෂකයන්ට වැදගත් ලක්ෂණ මග හැරී නොයන්න පසෙහි ඉහළම සෙන්ටිමීටර කිහිපය වෙනම සාම්පලයක් ලෙස ලබාගැනීම වැදගත්.

අනිත් අතින්, පසෙහි ලක්ෂණ රැසක් දැකගත හැක්කේ යටි ස්ථරවලදී පමණක් නිසා, පහසුවෙන් ලබාගත හැකි මතුපිට පසට පමණක්ම අවධානය යොමු කිරීම උචිත වන්නේ නැහැ. ශාක වර්ධනය පිළිබඳ ගැටලුවලට නිරන්තරයෙන් හේතු වන්නේ මුල්වලට පස හරහා යාමට නොදී අවහිර කරන භ් හෝ ඡ් සංස්තරවල පවතින අවාසිදායක තත්වයන්. ඒ වගේම මේ යටි ස්ථරවල පිහිටි විශාල පස් පරිමාව පසකින් ශාකයකට උරාගත හැකි ජල ප්‍රමාණය පාලනය කරන්න දායක වෙන්න පුළුවන්. විවිධ පස් වර්ග හඳුනාගැනීමේදී හෝ සිතියම්ගත කිරීමේදී භ් සංස්තරයේ ලක්ෂණවලට වැඩි වටිනාකමක් හිමිවෙනවා. මේ සංස්තරය ප්‍රධාන වශයෙන්ම ඛනිජ සහ මැටි වර්ග එක්රැස්වන කලාපය වීම හැරුණුවිට, මිනිසා පස හැසිරවීමත්, පාංශු ඛාදනයත් හේතුවෙන් ක්ෂණික වෙනස්කම්වලට ලක්වීම නිසා මතුපිට පාංශු ස්ථර පාංශු වර්ගීකරණය සඳහා පදනමක් වශයෙන් යොදාගන්න තරම් විශ්වාසනීය වන්නේ නැහැ.
විශාල වශයෙන් ජීර්ණයට ලක්වූ ප්‍රාවරණ පාෂාණ ඇති තැන්වල පහළින් පිහිටි ඡ් සංස්තර සහ සැප්‍රොලයිට් අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. සාමාන්‍යයෙන් මීටර 1ත් 2ත් අතර ගැඹුරෙහි සිට මීටර පහත් දහයත් අතර ගැඹුර දක්වා විහිදෙන මේ ස්ථර ගොඩනැගිලි ඉදිකිරීම් සහ කැනීම් සම්බන්ධ නාගරික භූමි භාවිතයන්ට පසක් මොන තරම් උචිතද කියන කරුණ තීන්දු කරනවා. භූමිය තුළ අපජලය බැහැරවීම නිසි පරිදි සිදුවනවාද , ගොඩනැගිලිවල අත්තිවාරම් කොතෙක් දුරට ස්ථාවරද යන්න තීරණය කරන්නේ අදාල සීමාවේ ප්‍රාවරණ පාෂාණවල ලක්ෂණ සැලකිල්ලට ගැනීමෙන්. ඒ වගේම දූෂණ කාරක භූගත ජලයට මුසුවීම සහ භූ විද්‍යාත්මක ද්‍රව්‍ය ශිලා ජීරණයට ලක්වීම පාලනය කරන ක්‍රියාවලීන් මීටර කිහිපයක් ගැඹුරු සීමාවේදී සිදුවෙන්න පුළුවන්. මෙම ගැඹුරු ස්ථරවලදී ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල සහ ශාක මුල් වර්ධනයේ තීව්‍රතාව අඩු වුණත්, විශාල පස් පරිමාවක් ක්‍රියාකාරීව දායක වන නිසා ඒවා පාරිසරික වශයෙනුත් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. මෙය උෂ්ණ දේශගුණයක් පවතින ප්‍රදේශවල වැඩෙන වනාන්තර පද්ධතිවලට විශේෂයෙන්ම අදාලයි.
පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි