Covid-19 එන්නත් ලබාදීමේ නව ක්‍රම සහ දෙවැනි ‍රැල්ලේ එන්නත්

Posted by
How a painless patch could one day deliver... - Verndari - transforming  vaccines

Covid-19 එන්නත් ලබාදීමේ නව ක්‍රම

COVID-19 වලට එරෙහිව එන්නත් කොපමණ කාලයක් පවතිනවාද යන්න පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් වැඩිදුර දැන උගෙන ගැනිමට වෙහෙසෙද්දී එන්නත් ලබා ගැනීම සඳහා පුද්ගලයින් පෙළඹවීමට නව ක්‍රම සොයා බැලෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් බ්ලාපොරොත්තු විය හැකි එක් දෙයක් හැටියට, පුද්ගලයන්ට වාර්ෂික උණ රෝගය සඳහා ලබාදෙන එන්නත සමග කොරෝනා වයිරස් එන්නතක අනුපූරක මාත්‍රාවක් (booster) ලබා ගත හැකි වීම දැක්විය හැකියි.  විශේෂයෙන්ම අනුපූරක එන්නත් ලබා ගැනීමේ හැකියාව වැඩි වන අසුබිමක මෙය අතවත් වැදගත් වේ.

COVID-19 න් ආරක්ෂා වීම සඳහා අනුපූරක එන්නත් අවශ්‍ය වේ දැයි ඇ.එ.ජනපදයේ බයිඩන් පරිපාලනය පවසා නැත, නමුත් Pfizer/BioNTech, Moderna, සහ Johnson & Johnson  යන සමාගම් සියල්ලම පවසා ඇත්තේ ඔවුන් දැනටමත් අනුපූරක එන්නත්  කරමින් ඉන්නා බව හෝ එසේ කිරීමට සැලසුම් කරමින් සිටිනා බවයි.

නිදසුනක් ලෙස, මෝඩර්නා සමාගම පවසන්නේ COVID-19, ඉන්ෆ්ලුවෙන්සාව, සහ මානව metapneumovirus (hMPV) යන තුනටම් ඒකාබද්ධ ආරක්ෂාව සලසන එන්නතක් මේ වසරතුළ වැඩිදියුණු කිරීමට ක්‍රියා කරන බවයි. පළමු අදියර සායනික අත්හදා බැලීම් 2021 දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සමාගම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඔබ සිරුරට විදින එන්නත් වලට කැමති නැද්ද? COVID-19 එරෙහි එන්නත, ශරීරයේ අළවන පැච්* එකක්ලෙස, පෙති වශයෙන් හෝ නාසයට ඇතුල්කරන්නක් ලෙස ලබා දීමේ ක්‍රම ගැන් මේවනවිට පර්යේෂකයෝ සොයා බලමින් සිටිති.

*(ඖෂධයක් වරින් වර අවශෝෂණය කර ගැනීමට හැකි වන අයුරු  සම මත ඇළවීමට පුළුවන්,  ඖෂධ ගැල්වූ  ඇළවුම් ද්‍රව්‍යයක්.)

ආශ්වාස ආඝ්‍රාණක එන්නතක් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් ශාන්ත ලුවිස් හී වොෂිංටන් සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන්ට  හොඳ ප්‍රතිඵල  ලැබී ඇති බව ජාතික සෞඛ්‍ය ආයතනය ( The National Institutes of Health – NIH) වාර්තා කරයි. මෙම එන්නත රීසස් වඳුරන්ට ලබා දී ඇති අතර ඔවුන්ගේ පෙනහළු හා නාසික ප්‍රදේශවල  COVID-19ට එරෙහිව ආරක්ෂාව සපයන බව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්  NIHකියා සිටී.

වොෂිංටන් විශ්ව සරසවියේ  වෛද්‍ය විද්‍යාලය මීයන් යොදා ගනිමින් නාසික එන්නත අත්හදා ඇලීමෙන් දිරිගනවන සුළු ප්‍රතිහල ලබා ගෙන ඇතැයි එම වෛද්‍ය විද්‍යාලය  ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. “නාසය  මාර්ගයෙන් එන්නත් ලබාදීමෙන් ශරීරය පුරා ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ සොයා ගත්හ. කෙසේනමුත්, ආසාදනය ශරීරය යටපත් කිරීම වළක්වාලමින්එය නාසික සහ ශ්වසන අථයේ දී විශේෂයෙන් ඵලලදායී වූවේය” යිප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වේ.

Bharat Biotech's nasal vaccine for Covid-19 likely to be a game-changer.  Here's why - Coronavirus Outbreak News

ජෛව තාක්‍ෂණ සමාගමක් වන Vaxess Technologies පවසන්නේ එය කොම්බෝ කොවිඩ්-ඉන්ෆ්ලුවෙන්සා සංයුක්ත එන්නතක් ලබා දිය හැකි පැච් එකක් සංවර්ධනය කරමින් සිටින බවයි. මෙම එන්නත ලබා දෙන්නේ “ඉතා සුළු, වේදනා රහිත ප්‍රක්ෂේපන ගණනාවක් හරහා නිශ්චිතවම සැලසුම් කරන ලද අනුපාතයකින් දියවී යන අතර, ප්‍රතිකාරය වඩාත් ඵලදායී මාත්‍රාවකින් වඩාත් ඵලදායී කාලයක් සඳහා මුදා හරිනවා ඇත” යනුවෙන් සමාගම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Vaxess සමාගම, තායිවානයේ ඖෂධ සමාගමක් වන Medigen Vaccine Biologics Corp. සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. පැච් වලට දිගු  කාලයක් තැන්පත් කර තබා ගත හැකි අතර ගෝලීය වශයෙන් වැඩි රටවල් ගණනාවකට සැපයිය හැකි පරිදි  නැව්ගත කිරීම පහසු වනු ඇතැයි Vaxess ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ෂ්රැඩර් පැවසීය.

පෙත්තක් ලෙස ගත හැකි කොරෝනා වෛරස එන්නතක්  2021 දෙවන කාර්තුවේදී සායනික අත්හදා බැලීම්වලට යෙදවීම සිදු විය හැකියි. මේ මුක්හ  එන්නත වැඩිදියුණු කරනු ලබන්නේ Oravax Medical විසිනි. එය  ඊස්රායල්-ඇමරිකානු සමාගමක් වන Oramed සහ ඉන්දියානු සමාගමක් වන Premas Biotech හවුල් ව්‍යාපාරයකකි.

මුඛ එන්නත් වල එක් වාසියක්  වන්නේ පුද්ගලයන්ට  කාර්යාලයක් වෙත  හෝ පොදු එන්නත් මධ්‍යස්ථානයකට යාම වෙනුවට නිවසේදීම එන්නත ලබා ලබා ගත හැකිවීමයි.

WebMD (May 5) හී Patches, Pills to Deliver COVID Vaccine Being Studied  යනලිපිය ඇසුරෙනි

What Can We Expect From The Second Wave of Coronavirus Vaccines?

දෙවන රැල්ලේ  එන්නත්

ලොව පුරා භයානක අන්දමින් කොවිඩ් රෝගය ව්‍යාප්ත වෙද්දී, ගෝලීය වශයෙන් එන්නත් සැපයා ගැනීම සඳහා රජයන් දැඩි අරගලයක යෙදී සිටී. එසේනමුත් එන්නතෙහි මාත්‍රාවන් ඉතා සුළු ප්‍රමාණයක් පඹණක්තිබෙන බොහෝ රටවල්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්, එන්නත් ලබා දෙන “දෙවන රැල්ල” කෙරෙහි අවධානය යොමු කරමින් බලාපොරොත්තු සහගතව පසුවෙයි.

මෙලෙස බලාපොරොත්තු දනවන, දෙවැනි රැල්ලේ එන්නත් බවට පත්වීමේ විභවය සහිත එන්නත් කිහිපයක් ගැනම සඳන් කළ හැකියි:  මේරිලන්ඩ් හි පිහිටි Novavax ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදයේ අනුමැති අවසරය සඳහා ඉල්ලුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියානු ඖෂධ සමාගමක් වන Biological E  ටෙක්සාස් හි පර්යේෂකයන් විසින් නිපදවන ලද එන්නතක් පරීක්ෂා කරමින් සිටී. බ්‍රසීලය, මෙක්සිකෝව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල පර්යේෂකයෝ කුකුළු බිත්තර තුළ මහා පරිමාණයෙන් නිපදවිය හැකි කොවිඩ් -19 එන්නතක් ගැන අත්හදා බැලීම් ආරම්භ කරති.

ටයිම්ස් පුවත්පතේ විද්‍යා අංශය ආවරණය කරන  කාල් සිමර් පවසන්නේ CureVac නම් කුඩා ජර්මානු සමාගමක්  පර්යේෂණ පවත්වමින් සිටින RNA එන්නතක්  පිළිබඳව විශේෂඥයන්  කුතුහලය දක්වමින් සිටින බවයි. CureVac,  BioNTech සහ Moderna සමාගම් වලට පෙර RNA එන්නතක් සෑදීමේ මාවතට පිවිසි සමාගමකි. CureVac සමාගමට එහි  එන්නත් අත්හදා බැලීමේ අවසාන අදියරෙහි ප්‍රතිඵල  ලබන සතිය මුලදී ප්‍රකාශයට පත් කළ හැකියයි අදහස් කෙරේ.

“RNA එන්නත් ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රියා කළ හැකි බව BioNTech සහ Pfizer-Biotech පෙන්නුම් කරා” යයි කාල් පෙන්වාදෙයි, “ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල, එන්නතකට අත්පත් කරගත හැකි ඉහළම සාර්ථකත්වයක් එම එන්නත් ලබාගෙන තියෙනවා. එබැවින් අපට දැනට කිව හැකි  අන්දමට  CureVac එන්නත ද ඇත්තෙන්ම ඵලදායී විය හැකිය. ”

අත්හදා බැලීමේ ප්‍රතිඵල තවම ලැබී නොමැති බව ඇත්තකි. එමෙන්ම, “CureVac එහි RNA නිපදවන ආකාරයෙහි යම් වෙනස්කම් ද තිබෙන බවත් ඇත්තයි” කාල් පැවසයි, “එබැවින් එම වෙනස්කම් එන්නතේ සාර්ථකත්ව අර්භයා කොතරම් හොඳින්  පරිවර්තනය වේ දැයි අප සොයා බැලිය යුතුය.”

එහෙත්  එය භාවිතයට ගත හැකිවන්නේ නම්, CureVacහි එන්නත අනෙක් RNA එන්නත් වලට වඩා කැපී පෙණෙන වාසියක් ගෙන එනු ඇත: Pfizer සහ Moderna එන්නත් අධිශීතකරණයක(deep freezer) තබා ගත යුතු අතර, CureVac එන්නත ගෘහ ශීතකරණයක් තුළ පවා ස්ථාවරව පවතින අතර එය භාවිතා කිරීමට පෙර  පැය 24 ක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. මෙම තත්ත්වය, ලොව පුරා ඈත එපිට දුෂ්කර ස්ථාන වෙත එන්නත් යැවීමේ දී වාසිදායක වන ගුණාංගයකි.

එය සාර්ථක වුවහොත් ලබන වසර වන විට මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් ලබා දීමට වුව CureVac සූදානම් විය හැකි බව කාල් පෙන්වාදෙයි. නමුත් RNAඑන්නත් සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් තවමත් විශාල ඉල්ලුමක් පවතී, එබැවින් ප්‍රතිඵල යහපත් වුවද කාල් පවසන්නේ “එය නියත වශයෙන්ම දැඩි අභියෝගයක් වනු ඇත”යනුවෙනි.

The New York Times (May 5) හී  Second wave vaccines යනලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.