කොවිඩ් වසංගතය තුළ ගෝලීය සාගින්න, මාතෘ මරණ සහ අජීවී දරු උපත් ඉහළ යයි.

මිලියන සංඛ්‍යාත ජනතාවකට තර්ජනයක් වන පරිදි, සීග්‍රයෙන් ඉහළ යන සාගින්න සහ මාතෘ සෞඛ්‍ය සේවයේ උග්‍ර පරිහානියට ගෝලීය මහා වසංගතය දායක වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය බදාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. අසමාන ලෙස ලෝකයේ දුප්පතුන්ට සිදුවන බලපෑම් මින් අවධාරනය කෙරේ..
ලොව පුරා හදිසි ආහාර ආධාර අවශ්‍ය වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය පස් අවුරුද්ද කාලය තුළ ඉහළම ප්‍රමානය වාර්තා කරමින් 2020 දී අවම වශයෙන් මිලියන 155 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් වින්නඹු මාතාවන් 900,000 ක් ඒ කියන්නේ ගෝලීය වශයෙන් අවශ්‍ය වින්න්ඹුමාත බල ඇණියේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් හිඟ වීම නිසාවෙන් මාතෘ හා නවජනිත(අලුත උපන්) මරණ අවදානම තදින් ඉහළ ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනත් කණ්ඩායම් සමඟ ඉදිරිපත් කළ වාර්තා යුගලයකින් මේ කාරණා ඉදිරි පත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සාගිනි-විරෝධී ඒජන්සිය වන ලෝක ආහාර වැඩසටහන(World Food Program) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ් වසංගතය තුළ ඇති විය හැකි දුෂ්කරතා පිළිබඳව කලින්ම සිදු කළ අනතුරු ඇඟවීම් වලංගු වී ඇති බව ත්, එමෙන්ම, “අපට සිද්ධවුණේ නරකම දේ අපේ ඇස් ඉදිරිපිටම දිග හැරෙනවා බලා සිටීමට පමණක්” බවත්ය.
ආහාර වාර්තාව මගින් රටවල් සහ ප්රදේශ 55ක් ආවරණය කරනු ලැබ ඇත. ඒවා අතර, ආහාර අර්බුදයෙහි ඉතාමත් උග්ර අදියර ලෙස සැළ්කෙන දරුණු සාගතයක් හේතුවෙන් පීඩාවට පත් අවම වශයෙන් 133,000 ජනතාවක් සිටින බව කියන බර්කිනා ෆාසෝ, දකුණු සුඩානය සහ යේමනය යන රටවල් තුන ද වේ.
රටවල් 38 ක අවම වශයෙන් මිලියන 28 ක ජනතාවක් සාගතයක පීඩාවට පත්වීමට ඉතා ආසන්නයේ පසුවෙතියි වාර්තාව පෙන්වා දෙයි.

එහි දක්වන අන්දමට සාගිනි අර්බුදයේ ප්‍රධාන ගාමක බලවේගය ප්‍රචණ්ඩ ගැටුම වුවද, වාර්තාව දක්වන්නේ ආර්ථික කම්පන — ඉන් බොහොමයක් ගෝලීය වසංගතය හේතුවෙන් හට ගන්නා ඒවාය — ආර්ථික කම්පන, කාලගුණික විපත් වෙනුවට ආහාර අනාරක්‍ෂිතභාවයේ තවත් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
ලෝක ආහාර සංවිධානයේ(Food and Agricultural Organization – FAO) විශ්ලේෂණයාක් දක්වන්නේ අඩු ආදායම් සහ මහජන ආරක්‍ෂිත ජාලය වෙත පිවිසීම සඳහා සීමිත ප්‍රවේශය වැනි ව්‍යුහාත්මක සාධක, අඩු ආදායම්ලාභී රටවල ජනගහනය ඉල්ලුම පැත්තෙන් අතිවන වසංගතයේ බලපෑම් වලට ගොදුරු වන බවයි. ආර්ථික වර්ධනයේ පසුබෑම සහ ඒ ආශ්‍රිත ආදායම් හැකිලීම් මෙම ජනගහනය අතර මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයන් ඉහළ යාමේ සම්භාවිතාව ඉහළ නංවා ඇති අතර, ආදායම් කම්පනවලට ප්‍රතිචාර වශයෙන් ආහාර පරිභෝජනය අහිතකර ලෙස වෙනස් කිරීමට ඔවුන් දක්වන ඉහළ ප්‍රවණතාවට එය හේතු වී තිබේ. ඊට වෙනස්ව, FAO හි විශ්ලේෂණය පෙන්නුම් කරන පරිදි ඉහළ ආදායම් ලබන රටවල් ද, සැපයුම් පැත්තෙන් පැන නගින බාධාවන්ට මුහුණ දීමට සිදුවෙයි.
දෙවන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ලොව ප්‍රමුඛතම පවුල් සැලසුම් සේවා සපයන්නා වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගිනි. කොවිඩ් වසංගතය ලොව පුරා වින්නඹු මාතාවන්ගේ හිඟය උග්‍ර අතට හරවා ඇති බව පෙන්වාදෙන එම වාර්තාව මාතෘ හා නවජනිතයන් ගේ අවශ්‍යතා පසෙකට දමමින්, වෙනත් සෞඛ්‍ය සේවාවන් සඳහා වින්නඹු මාතාවන් යෙදවීම හේතු කොට ගෙන වින්නඹු සේවය අඩාල වී ඇති බව සඳහන් කරයි. දෙසැම්බර් මාසයේ The Lancet වෛද්‍ය සඟරාවේ පළ වූ අධ්‍යයනයක් උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙ වාර්තාව පවසන්නේ වින්නඹු මාතාවගේ හිඟය සමනය කිරීමෙන් මරණ හා ෂ්ෂ්ෂ් දරු උපත් වලින් තුනෙන් දෙකක් පමණ වළක්වා ගැනිමට හැකි වීමෙන් වසරකට ජීවිත මිලියන 4.3 ක් බේරා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
යුනිසෙෆ් ආයතනය සටහනක් දක්වමින් පෙන්වාදෙන්නේ මෑත දශක කිහිපය තුළ දකුණු ආසියාවේ මව්වරුන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍යය නංවාලීමේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති නමුත් 2020 වසර තුළ මුළු ලෝකය පුරාම ඇති කළාක් මෙන් දකුණු ආසියාවට ද විශාල කම්පනයක් ඇති කළේය. COVID-19 වසංගතය සෘජු හා වක්‍ර වශයෙන් විශාල හා විවිධ බලපෑම් ඇති කර තිබේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා පෝෂණ සේවා ඇතුළුව දෛනික සේවාවන් සැපයීම හා භාවිතය දැඩි ලෙස කඩාකප්පල් වීම තීරණාත්මක වක්‍ර බලපෑම් වලින් එකකි. රෝග නිවාරණ හා රෝග නිවාරණ සේවා භාවිතය ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.