ඥානෝද්දීප්තිය සහ භූවිද්‍යාත්මක කාලය
අයිසැක් නිව්ටන් (1643–1727) සහ රෙනේ ඩෙස්කාට්ස් (1596-1650) ගේ යාන්ත්රික දර්ශනය මගින් විශ්වය චලනය වන මූලික නීති නිර්මාණය කිරීමට හැර අධිස්වභාවික අවශ්‍යතාව ඉවත් කෙරිණ. කෙසේ වෙතත්, ඉවත් නොකර ඉතිරි කර ගෙන ඇත්තේ ‘මැවීමේ’ අදහසයි. විශ්වයෙහි ස්වභාවය පිළිබඳ නිරීක්ෂණය කරන ලද පටිපාටිය මැවුම්කරුවෙකුගේ හෙවත් ප්රධාන නිර්මාණකරුවාගේ පැවැත්මට කදිම සාක්ෂියක් ලෙස සැලකිණ. නිර්මාණයේ තර් කය වනාහී ඩාවින්ගේ කාලයේ පරිණාමය පිළිබඳ බොහෝ විවාදයන් හැඩගැස්වීමට තුඩු දුන් වැදගත් තේමාවක් වූ අතර අද එය ‘බුද්ධිමත් සැලසුම’ (intelligent design) ලෙස නැවත මතු වී තිබේ. කෙසේ වෙතත්, ඥානෝද්දීප්තිය (The Enlightment – ආගම හා සම්ප්‍රදායට වඩා හේතුව සහ විද්‍යාව වැදගත් බවට අවබෝධකරගත් 18 වන සියවසේ කාල පරිච්ඡේදය)) තුළ යාන්ත්රික / ද්රව්යමය වශයෙන් විශ්වය පැහැදිලි කිරීමට ඇති ආශාව වැඩි වැඩියෙන් ඉස්මතු වූ අතර ඒ අතරම මෙම පරීක්ෂණවල ප්රතිඵල බයිබලය සමඟ සංසන්දනය කිරීමට ඇති උනන්දුවෙහි එන්ට එන්ටම අඩුවක් ඇති විය.

ස්වාභාවික දර්ශන වාදීහු පෘථිවිය තරමක් පැරණි විය යුතු බව සිතන්නට පටන් ගත්හ. එයට හේතුව විශ්ව වේද්යේ සොයාගැනීම් අනුව කාලය හා අවකාශය යන දෙකම සම්බන්ධයෙන් ගත් කල විශ්වය අනන්න්ත විය හැකි බවයි. එම්මානුවෙල් කාන්ට් (1728-1804) ලියා ඇති පරිදි, මැවීම කිසි විටෙකත් අවසන් හෝ සම්පූර්ණ නොවූ අතර නව මන්දාකිණි සහ තරු පරිණාමය වනු ඇත. මේ අනුව, විශ්වය තවදුරටත් ස්ථිතික ලෙස නොසැලකූ අතර එය ගතික හා පරිණාමයවෙමින් පවතින්නක් විය.
මෙය පෘථිවි ඉතිහාසය කෙරෙහි ද ප්රබල බලපෑමක් ඇති කළේය. පෘථිවියමත් ප්රබල වෙනස්කම් වලට භාජනය වී ඇති බවට සාක්ෂි 1700 ගණන් වන විට වැඩි වෙමින් පැවතුනි. වෙනත් සොයාගැනීම් ද සමඟ නෂ්ට හෙවත් අභාවගත ගිනි කඳු සොයා ගැනීමත්, බැසෝල්ට්(කලුවන් ආග්නේය පාෂාණය) යනු පුරාණ ගිනිකඳු නිස්සාරණයෙන් ඉතිරි වූ ඉපැරණි ලාවා මිස අන් කිසිවක් නොවන බව වටහා ගැනීමට හේතු විය. බැසෝල්ට් බහුලව පැතිරී තිබූ අතර බොහෝ විට පෘථිවි පෘෂ්ඨයේ ඉතා ගැඹුරින් හමු වූයේය. එයින් අදහස් කළේ එය බෙහෙවින් පැරණි බවය. ඒ සමගම වාගේ බොහෝ භූ විද්යාත්මක ස්ථර ගැඹුරු ස්තම්භ සාදන -ඇතැම් විට අඩි 100,000 කට වඩා ගැඹුරු — අවසාදිත නිධි බව හඳුනා ගැනිණ.. එම අවසාදිත ප්රමාණය තැන්පත් වීමට විශාල කාලයක් ගතවනු ඇත. තවද, පෘථිවි පෘෂ්ඨය වෙනස් කිරීමට වෙනත් ක්රියාදාමයන් ද දායක විය. බොහෝ විට ජලය මගින් ගැඹුරු ස්තම්භ ඛාදනයට ලක් කළේ ගැමුරු නිම්න නිර්මාණය කරමිනි. බොහෝ ස්ථර කෙතරම් නැමීමට ලක් වූයේ ද යත් බොහෝ විට ඒවා ප්රචණ්ඩකාරී ලෙස අනෙක් පසට පෙරළා දමමිනි. භූමිකම්පා සහ යමහල්(ගිනි කඳු} ද පෘථිවි පෘෂ්ඨය නිරන්තරයෙන් වෙනස් කරමින් පැවතුනි. පෘථිවි ඉතිහාසය හැඩ ගැස්වීමේ දී, ජලය (Neptunism:ආදී කල්පිත සාගර ජලය වීමෙන් පාෂාණ අතිවූයෙය යන සාවද්‍ය මතවාදය) හෝ ගින්න (Volcanism:යමහල් ක්‍රියාකරිත්වය හෝ සංසිද්ධි) යන බලවේගයන්ගෙන් මූලික වූයේ කවරේද යන්න පිළිබඳව වාද කරන කන්ඩායම් වර්ධනය වූ නමුත්, සියලු දෙනාවූ එක් කරුණ ය්වූයේ, ශුද්ධ බයිබලයේ වාච්‍යාර්ථ අර්ථ දැක්විමක්පදනම්කරගෙන කාලයාක් ස්තාපිතව තිබූ මතයෙන් දැකෙනවාට වඩා පෘථිවිය බෙහෙවින් පැරණි විය යුතු බවට මෙම සියලු ක්රියාදාමයන් මගින් එකහෙලා සාක්ෂි සපයන බවයි. ස්කොට්ලන්ත භූ විද්‍යාඥ ජේම්ස් හටන් (1726–1797) තර්කක කළේ මෙම ව්‍යසනකාරී ක්‍රියාවලීන් මගින් වෙනුවට ක්‍රමානුකූලව,නිමක් නැතිව විශාල කාලයක් පුරා ඇතිවන පුනරාවර්තන(නැවත නැවත ඇතිවන) චක්‍ර හෙතුවෙන් පෘථිවිය හැඩගැස්වෙන බවයි. Deep time ලෙස හැදින්වෙන භූවිද්‍යාත්මක කාලය යන අපගේ නවීන සංකල්පය වැඩි දියුණු කරන ලද්දේ ඔහු විසිනි.


පැරණි පෘථිවිය කාබනික ලෝකයට ද බලපෑම් ඇති විය. මුලින් පැවැත්මේ ශ්‍රේෂ්ඨ දාමය ස්ථිතික වූ අතර නිරූපණය කරන ලද්දේ එය මුලින්ම පිහිටුවන ලද ආකාරයට දාමයේ සම්බන්ධතා නියෝජනය කරන විශේෂයන්ගෙන් සමන්විත මැවිල්ල යි. නෂ්ටප්‍රාප්තවීම(වඳ වී යාම) සිදුවිය නොහැකි අතර එක් විශේෂයක් තවත් විශේෂයක් හැටියට වෙනස් විය නොහැක. කෙසේ වෙතත්, ඥානෝද්දීප්තියදී, දාමය කාලිකවත්වයට පත්කෙරිණ, එනම් කාලය ඇතුළුකිරීමයි. චාල්ස් බොනෙට් (1720–1793) යෝජනා කළේ මැවුම්කරු විසින් ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදයන් තුළ විවිධ ජීවීන් බවට වර්ධනය වීමට ඉරණම්ගත විවිධ විෂබීජ නිපදවන ලද බවයි. දාමය තවදුරටත් ස්ථිතික සැලැස්මක් නොවීය. ඒ වෙනුවට, කාලයත් සමග එය පියවරෙන් පියවර දිගින් දිගට දිගහැරී ඇත්තේ දාමයේ අඩියේම ඇති සරලම ස්වරූපවල සිට දාමයේ ඉහළින්ම ඇති වඩාත්ම සංකීර්ණ ස්වරූප වෙත ප්‍රගමනය ලබා දීම සඳහා ය.
සොබාදහමේ අඛණ්ඩ ක්‍රියාවලීන් හා ආශ්චර්යමත් ලෙස මැදිහත් වීමේ අවශ්‍යතාවය තුරන් කිරීමේ ක්‍රමයෙන්වැඩෙන ආශාවට බොනෙට්ගේ කාර්ය ක්‍රමය කදිමට ගැලපිණ. සිය සමකාලීන පාරිසරික තත්ත්වයන්ට අනුවර්තනය වන සෑම එක් එක් නව ජනගහනයක්ම සඳහා ඉඩ සලසන කාරක නියෝජිතයන් වන්නේ භූ විද්‍යාත්මක ව්‍යසනයන් බව යෝජනා කෙරෙන අදහස ගැන වර්ධනය වෙමින් පව්තින උනන්දුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහු උත්සාහ කළේ ය. ජෝර්ජස් – ලුවී ලෙක්ලර්ක්, කොමෙට් ඩි බෆන් (1707–1788), එක් එක් විශේෂයේ සහලක්ෂණය වන සහ විශේෂයන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යනු ලබන “අභ්‍යන්තර වාත්තුව” පිළිබඳ අදහස හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත්, ලිනේනියානු කුලයක හෝ පවුලක ශ්‍රේණිගත කර ඇති සමීප සම්බන්ධතා ඇති ස්වරූප තනි මුල් ජනගහනයකින් හට ගත් බව ඔහු අදහස් කළේය.ඒවා පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් වෙනම කණ්ඩායම්වලට බෙදෙනු ලැබූහ.. විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ ආදී ජනගහනය කාලයත් සමඟ ක්‍රමයෙන් එහි ස්වරූපය වෙනස් විය. මෙය අපගේ නූතන න්‍යායට බෙහෙවින් සමාන ය. ජීවයේ භූගෝලීය ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම සඳහා ද බෆන් ද පුරෝගාමී උත්සාහයක් ගත් අතර එය ජීවයේ ඉතිහාසය පිළිබඳ ඉඟියක් බව වටහා ගත්තේය. එසේ වුවද, විශේෂයන් ස්ථිරසාර යයි ඔහු විශ්වාස කළේය. ඔහුගේ ක්‍රමයේ දී බොහෝ ලිනේන් විශේෂයන් සැබෑ විශේෂ ලෙස නොසැලකිණ. සැබෑ විශේෂ පදනම් වූයේ අභ්‍යන්තර වාත්තු කිහිපයක් මත පමණක් වන අතර ඒවා වෙනස් නොවීය. එපමණක් ද නොව, පරිසරය ජීවියා මත කෙලින්ම ක්‍රියා කොට එය වෙනස් කළ හැකි බවත්, එම වෙනස්කම් අනාගත පරපුරට ද ලබා දෙනු ඇති බවත් යන අදහස ඩාවින්ගේ ස්වාභාවික වරණය පිළිබඳ න්‍යායට වඩා බොහෝ පිටුපසින් තිබූ මතයකි. එසේ වුවද, බයිබලානුකුල වචනාර්ථ නැංවීම්වලට ඇති විශාලතම අභියෝගයක් වන පොසිල පිළිබඳ වෙනස්වන අර්ථය සහ අවබෝධය පැහැදිලි කිරීමට උත්සාහ කරන විට මෙම අදහස් සියල්ලම මැවීමේ කතාව අනතුරට පත් කළේය..

Evolution: The Basics (Routledge, 2011) නම් ග්‍රන්ථයේ The Enlightenment and Discovery of Deep Time යන කොටස ඇසුරෙනි