හදිසියේ හටගෙන ව්‍යාප්තවන්නේ වයිරසයේ කුමණ ප්‍රභේද දැයි හඳුනාගැනීම පිණිස ශ්‍රී ලංකාවේ සිට නේපාලය දක්වා විද්‍යාඥයෝ සිය සීමිත සම්පත් උපයෝගී කරගනිමින් ලහි ලහියේ දඩි උත්සාහයක යෙදි සිටිති.

SARS-CoV-2 ජෙනෝම අනුක්‍රමණය (Genome Sequencing) නිර්ණය කරන ශ්‍රී ලංකාවේ එකම විද්‍යාගාරය භාරව ක්‍රියාකරන්නේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥවරියක වන නිලීකා මලවිගේය. සිංහල අලුත් අවුරුද්ද සමරණු වස් ඇය සිය රසායනාගාරය දින දහයක් වසා දැමුවාය. වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ අඩු වීම්, එන්නත් ලබා දීමේ වඩ පිළිවෙල වේගවත් වීම ඇගේ තීරනයට බලපෑ සාධක වූ අතර ප්‍රධානතම අවශ්යතාවක් වූයේ වැඩ අධික කමින් හෙම්බත්වී සිටි ඇගේ කණ්ඩායමට විවේකයක් ලබාදීමය. කෙසේවෙතත්, පර්යේෂකයන් නැවත සේවයට පැමිණි විට, ඔවුන් සොයාගත් දෙය හිස බමණ සුලුවිය. අප්රේල් අග දී COVID-19 සහිත පුද්ගලයින්ගෙන් ලබා ගත් සාම්පල 78 න් 66 කම වූයේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් B.1.1.7 ප්‍රභේදයයි . මැයි 9 වන දින වාර්තාගත 2,672 දක්වා ඉහළ ගිය ශ්‍රී ලංකාවේ වාර්තාවන නව රෝගීන් සංඛ්‍යාව අප්‍රියෙල් 17 සිට, සෑම දිනකම පාහේ වාර්තා බිඳ දමමින් ඉහළ යයි. රෝහල් පිරී යද්දී මලවිගේ ඇතිවිය හැකි මරණ රැල්ලක අවදානම සඳහා කල්තියා සූදනම් වෙමින් සිටියි. “ශ්‍රී ලංකාවේ තත්වය ඉතා දරුණු බව පෙණී යනවා” ඇය කියයි.
COVID දැවැන්ත ඉහළ යාමක බරින් පීඩාවට ලක්ව දැඩි අරගලයක ඉන්දියාව යෙදී සිටිද්දී, දකුණු හා ගිනිකොනදිග ආසියාවේ එරට අසල්වැසි රටවල් බොහොමයක් මෙතෙක් එම රටවල නොවූ විරූ මට්ටමේ COVID-19 මහා හිස එසවීමක් අත්විඳිමින් සිටියි. ආසන්න රටවල හා සසඳන විට රෝග ව්‍යාප්තිය කුඩා වුවද, ජනගහනයෙන් 62% කට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇති භූතානයේ සහ මීට පෙර රෝගීන් ස්වල්පයක් සිටි ලාඕසය යන රටවල පවා යම් ආකාරයක රෝග ව්‍යාප්තවීම් වාර්තාවේ.

Gene Sequencing හෙවත් ජාන අනුක්‍රමණය සැකසීම යනු කුමක්ද?

හැම ජීවියෙකුගේම සෛල තුළ එම ජීවියා නිර්මාණය වන හා පවතින ආකාරය ආවේණියට අනුව නිර්ණය කරන ජාන වර්ග පිහිටා තිබේ. මේ ජාන සැදී ඇත්තේ රූප සටහනේ දකුණු මැද දක්වා ඇති ආකාරයේ DNA (Deoxyribonucleic Acid) නම් ද්විසර්පිලාකාර සංකීර්ණ පොලිමර යනුවෙන් හඳුන්වන රසායනික ව්‍යුහයකිනි. ඇතැම් ඒවා රූප සටහනේ වම් මැද දක්වා ඇති පරිදි තනි සර්පිලාකාර RNA (Ribonucleic acid) වලින් ද සැදී තිබේ. DNA වලට තමන්ගේම පිටපත් නිපදවා ගත හැකි නමුත් RNA වලට එසේ කළ නොහැක. DNA සැදී ඇත්තේ sugar deoxyribose සහ phosphates නාරටිය කරගත් එක් එක් DNA පොලිමරයට විෂේශයෙන් ආවේනික වූ අන්දමකට අනුව එකිනෙකට වෙනස් ලෙස පෙළ ගැසුණු A,(ඇඩිනීන්) T(තයිමයින්),C (සයිටොසයින්), සහ G (ගුආනයින්) යන නයිට්‍රොජීනීය න්‍යුක්රලොටයිඩ පදනම් (nucleotide bases) වලිනි. ඒ අනුව “ජාන අනුක්‍රමණය සැකසීම” හෙවත් Gene Sequencing යනුවෙන් හඳුන්වන්නේ සෛල වල අඩංගුව ඇති අරකී DNA කොටසක තිබෙන A,(ඇඩිනීන්) T(තයිමයින්),C (සයිටොසයින්), සහ G (ගුආනයින්) යනුවෙන් හැඳින්වෙන න්‍යුක්ලොටයිඩ පදනම් පෙළ ගැසී ඇති අණුක්‍රමය නිර්ණය කරගැනීමේ ක්‍රමවේදයයි. ජීවියෙකුගේ ජෙනෝමය නොහොත් සියලුම ජාන වල ඇති DNA වල ඇති න්‍යුකලියොටයිඩ් පෙළ ගැසී ඇති ආකාරය එකිනෙකට වෙනස් බැවින් මුලු ජීවියෙකුගේ ජාන අනුක්‍රමණය වාර්තා කිරීම තරමක සංකීර්ණ කාර්යකි. නමුත් එක DNA කොටසක ජාන අනුක්‍රමණය සොයා ගැනීම අවශ්‍ය උපකරණ ඇත්නම් පහසුවෙන්ම කළ හැකිය. කෙසේ වෙතත් මිනිස් ජෙනෝමය ඇතුළු ජීවී ජෙනෝම කිහිපයකම ජාන අනුක්‍රමණ දැන් මුලුමනින්ම සකසා සම්පූර්ණ කර තිබේ. වයිරස සාම්පල වල ජෙනෝමය නිර්ණය කිරීම මත ඒවායේ විවිධ ප්‍රභෙද හඳුනා ගත හැක.

ඉන්දියාවේ වසංගතය පිටාර ගැලීමක්?
ඉන්දියාවේ වසංගතය දැයි හඳුනා ගැනීම සඳහා කලාපය පුරා පර්යේෂකයෝ ඔවුන්ගේ සීමිත අනුක්‍රමණ නිර්ණ ධාරිතාව ඉක්මණින් ඉහළ නංවා ගැනීමේ විශිෂ්ට උත්සාහයක් දරමින් සිටී. ඔවුන්ගේ පරිශ්‍රමයෙහි අරමුන B.1.617 වැනි ප්‍රභේදයන්ගෙන් රුකුල් ලබමින් ඉන්දියාවේ පැතිරෙන මහා වසංගතය පිටාර ගලමින් තම රටවල ප්‍රජාවන් තුළ පැතිරෙන්නට පටන් ගෙන ඇත් දැයි , නැතහොත් තම රටවල හදිසි ව්‍යාප්තිවීමේ මූලය ඇත්තේ වෙනත් තැනක දැයි සෙවීමය. ඇතැම් විට ඔවුන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ දිවා රාත්‍රී නොබලා, ප්‍රමාණවත් සම්පත් ද නොමැතිවයි. විශේෂයෙන්, අවදානම ඉක්මණින් තක්සේරු කිරීමට හැකි වන පරිදි ඔවුන් වෙහෙසෙන්නේ දැඩිව අවධානයට යොමුව ඇති ප්‍රභේද තම රටවල සංසරණය වන්නේ දැයි දැන ගැනීමටය.
කොරොනා වයිරස් ප්‍රභේද ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී — විද්‍යාඥයන් මෙතෙක් දන්නා දේ මොනවාද?
“මෙම ප්‍රභේදයන් හැකි ඉක්මනින් ප්‍රජාව තුළ හඳුනා ගැනීමට වග බලා ගැනීම සඳහා අපගේ අනුක්‍රමණ නිර්ණය වේගවත් කිරීම වැදගත්,” යයි මලවිගේ පවසයි. මැයි මාසයේ සිට සෑම මසකම ලැබෙන සාම්පල සාමාන්‍යය අනුක්‍රමණ නිර්ණය මසකට 200 කට ආසන්න සංඛ්‍යාවක් වනසේ දෙගුණ කිරීමට ඇය අදහස් කරයි.
“එය සිදුවන්නේ ඇයිද? මේ රැල්ල දැන් පැන නංඟේ ඇයි?? මෙතරම් තත්ත්වය නරක ඇයි ? ඒ තමයි අප සියළුදෙනා හමුවේ ඇති ප්‍රශ්න” ඩකාහි ළමා සෞඛ්‍ය පර්යේෂණ පදනමේ (Child Health Research Foundation ) අණුක ජාන විද්‍යාඥවරියක වන සෙන්ජුටි සහා පවසයි. අප්රේල් මැද භාගයේදී බංග්ලාදේශයේ නව රෝගීන් සංඛ්‍යාව දිනකට 7,000 කට වඩා වැඩි විය. එතැන් සිට සංඛ්‍යා යළිත් පහත වැටී ඇත, එසේ නමුත් රටෙහි අනුක්ර්ම නිර්ණ පිළිවෙලෙහි විශාල වැඩිවීමක් ඇය නිරීක්ෂණය කර ඇත. ඒවා, අන්තර්ජාල ජෙනෝම දත්ත සමුදායන් හරහා බෙදාහදා ගෙන ඇති අතර තව තවත් විද්‍යාගාර ඊට සම්බන්ධ වෙමින් සිටි. ඊට හේතුව වශයෙන් ඇය දකින්නේ ප්‍රභේද ව්‍යාප්තවීම පිළිබඳව බොහෝ අය සැලකිල්ල දැක්වීමයි.
විමසිල්ලට ලක් විය යුතු ප්‍රභේද හඳුනා ගැනීම, ප්‍රතිචාර සහ සීමාකිරීම් පිළිබඳව තීරණ ගැනීමේ දී වඩාත් ප්‍රබල මැදිහත්වීම් අවශ්‍යද යන්න සොයා බැලිය යුතු බව SARS-CoV-2 අනුක්‍රමණ නිර්ණය කරන කත්මණ්ඩු හි ලාභ නොලබන සංවිධානයක් වන නේපාලයේ අණුක ගතිවිද්‍යා කේන්ද්‍රයේ(Center for Molecular Dynamics) විධායක අධ්‍යක්ෂ දිබේෂ් කර්මාචාර්යා පවසයි. විමතියට කාරණාවක් ලෙසට විශේෂයෙන් පත්ව ඇත්තේ B.1.617 ප්‍රභේදයයි. එය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රථම වරට හඳුනාගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ එය බෙහෙවින් බෝවෙන සුළු බවයි. එය ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන අතර පෙර ආසාදනවලින් හෝ එන්නත් කිරීමෙන් ඇතිවන යම් ප්‍රතිශක්තියක් මග හැරීමේ හැකියාව තිබෙන්නට පුළුවන..
සිංගප්පූරුවේ Duke–NUS වෛද්‍ය විද්‍යාලයේ වෛරස් පරිණාමීය ජීව විද්‍යාඥ ගාවින් ස්මිත් පවසන්නේ “අනුක්‍රමණය කිරීම සැලකියුත්තක් බව කවදත් සළකුණා. නමුත් දැන් එය ය්තීරණාත්මකව වැදගත්. මන්ද යත් නව ප්‍රභේදයන් වැඩි වැඩියෙන් වර්ධනය වන අවධියකට අප පිවිසෙමින් සිටින බැවිනි. සිදුවන්නේ කුමක්දැයි බැලීමට අපට අනුක්‍රමණ දත්ත අවශ්‍ය වෙනවා. ”

සිත් අවුලට පත්කරවන ප්‍රභේද
දකුණු හා ගිනිකොනදිග ආසියාවේ අනුක්‍රමණ සාම්පල තවමත් නිරූපණය කරන්නේ ආතුරයන් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. නමුත් ඔවුන් කලාපයේ රෝග ව්‍යාප්තියට මුල්වන ප්‍රභේදයන් පිළිබඳ සංකීර්ණ චිත්‍රයක් හෙළි කිරීමට පටන් ගෙන තිබේ.
නිදසුනක් ලෙස බංග්ලාදේශයේ මෙම ඉහළ නැගීම, මුලින්ම දකුණු අප්‍රිකාවේන් හඳුනා ගනුලැබූ ප්‍රභේදයක් වන N.1.351 නම් ප්‍රභේදයේ පුළුල් ලෙස ප්‍රචලිතවීම සමග සමපාත වේ. ප්‍රභේදය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ඵලදායීතාවය හීන වීම හා සම්බන්ධ යයි සැලකේ.
සහා, මුලින්ම ඇගේ සාම්පල අතුරෙන් එකී ප්‍රභේදය සොයාගත්තේ පෙබරවාරි මාසයේදීය. මාර්තු මාසයේදී ඇය අනුක්‍රමණය කළ ජෙනෝම 36 න් 28 ක්ම B.1.351 විය, එම මාසයේ දීම බංග්ලාදේශයේ අනෙකුත් කණ්ඩායම් විසින් බෙදා හදා ගන්නා ලද අනුක්‍රමණ 100 න් 70% කට වඩා වැඩි ප්‍රමාණයක්ද B.1.351 . මෙම ප්‍රභේදය මුළු රටම වෙලාගෙන ඇත. එය විශේෂයෙන් බංග්ලාදේශයට කනස්සල්ලට කරුණකි. මන්ද එරටෙහි ඇති බොහෝ එන්නත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අනුවාදයක් වන ඉන්දියාවේ නිපදවන කෝවිෂීල්ඩ් ය.
කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේ චිත්‍රය වෙනස් වන අතර B.1.1.7 ප්‍රමුඛ ප්‍රභේදයවේ. මලවිගේට අවශ්‍ය වන්නේ එය E484K නමින් හැඳින්වෙන විකෘතියක් වර්ධනය කරන්නේද යන්න සොයා බැලීම පිණිස එහි ව්‍යාප්තිය හා පරිණාමය පිළිබඳව දඩි විමසිල්ලෙන් සිටීමටයි. එම විකෘතිය වෙනත් සමහර ප්‍රභේදවල පවතින අතර ප්‍රතිශක්තිය මග හැර යාමට පවා එසේ විකෘති වූ ඒවාට හැකි වන්නට පුළුවන.
අප්‍රියෙල් මුල සිට කාම්බෝජයේ ආතුරයන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් තිබේ. එතැන් සිට එහි අනුක්‍රමණයට ලක් කළ ජෙනෝම 120 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් B.1.1.7, ට අයත් බව SARS-CoV-2 අනුක්‍රමණ නිර්ණයකරන රටේ එකම විද්‍යාගාරය පවත්වාගෙන යන කාම්බෝජයේ නොම් පෙන්හි පාස්චර් ආයතනයේ(Pasteur Institute) වෛරස් විද්‍යාඥ එරික් කාල්සන් පවසයි.

වසංගත කාලය තුළ මෙම විද්යාගාරය එහි අනුක්රමණ ධාරිතාව බෙහෙවින් වැඩි කර ඇති අතර, දැන් සතියකට ජෙනෝම දුසිම් දෙකකට වැඩියෙන් සැකසීමට හැකි වීම නිසා එමඟින් වයිරසය ගැන යාවත්කාලීන වන අවබෝධයක් ලබා ගැනීමට මගපෑදී ඇත. . COVID-19 විසින් “අප අනුක්රමණය කරන ආකාරයෙහි විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබ ඇත” යයි කාල්සන් පවසයි. අප්රේල් මස මැද භාගයේදී නොම් පෙන්හි ලොක් ඩවුන් සිදු වූ දා සිට සිය වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ආයතනයේම නතර වී සිටින බව කාල්සන් පවසයි.
බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ සහ කාම්බෝජයේ පර්යේෂකයන් පවසන්නේ සිය ප්රජාවන් තුළ B.1.617 තවමත් සොයා ගෙන නොමැති නමුත් අවම අනුක්රමණය හේතුවෙන් එය සොයා ගැනීමට ලක්නොවී හොරහසේම අතුල් වී තිබිය හැකි බවයි. “අප ඉන්දියාවෙන් වට වී සිටින අතර ජනතාව නිතරම ඇතුළට හා පිටතට පැමිණෙනවා” යයි සහා පවසයි. බංග්ලාදේශයේ තහවුරු වූ රෝගීන් සම්බන්ධයෙන් අනුක්‍රමණය කරනු ලැබ ඇත්තේ1% කටත් වඩා අඩු සංඛ්යාවකි.
භයානක චිත්‍රය
වයඹ දෙසට අවධානය යොමු කරන්නේ නම් B.1.617 නිසැකවම නේපාලයට පැමිණ ඇත. නේපාලය, ඉන්දියාව හා සමඟ පුළුල් එමෙන්ම වැඩි වශයෙන් විවෘත දේශ සීමාවක් හවුලේ භුක්ති විඳියි. වාර්තා වූ COVID-19 හි ආතුරයන් සංඛ්‍යාව අප්‍රියෙල් මැද භාගයේ සිට ඉහළ ගොස් ඇති අතර එය මැයි 11 වනදා 9,317 ක් ලෙස නව වාර්තාගත මට්ටමකට පැමිණියේය. ජනගහනයේ ප්රමාණයට සාපේක්ෂව ගතහොත් නේපාලයේ ආතුරයන් සංඛ්‍යාව ඉන්දියාවට වඩා වැඩිය.
මැයි මස මුලදී, කර්මචාර්යගේ පර්යේෂක කණ්ඩායම විසින් කත්මණ්ඩු නිම්නයේ මෑතක ආසාදිත පුද්ගලයින්ගෙන් ගත් සාම්පල 12 ක් අනුක්‍රමණය කරන ලදී. අනුක්‍රමණයන්ගෙන් එකොළහක් B.1.617 වන අතර එකක් B.1.1.7 වේ. ප්රතිඵල මගින් පෙන්වනු ලබන්නේ ජනතාව අතර සංසරණය වන දේවල ඉතා කුඩා ප්‍රමාණයක චිත්‍රයක් පමණක් වන නමුත් එයම පවා මදක් තැති ගන්වන සුළු බව කර්මචාර්යා පවසයි. ඔහු පවා ආසාදනයට පත්වී ඇති අතර එසේ වන්නට පෙර COVID-19 එන්නතෙන් එක් මාත්‍රාවක් ලබාගෙන තිබී දැන් සුවය ලබා ඇත.
ජෙනෝම සංනිරීක්ෂණය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබුණද, ඔවුන්ගේ අභිලාෂයන් සම්පත් මගින් සීමා කරනු ලැබේ. “ප්රධාන ගැටළුව අරමුදල් නොමැතිකමයි” යනුවෙන් මලවිගේ පවසයි.
කාල්සන් පෙන්වා දෙන්නේ ජාන අනුක්රමණ ප්රතික්රියා කාරකවලට (sequencing reagents ) ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින බවයි. ගුවන් ක්රියාකාරකම් අඩුවීමත් සමඟ කාම්බෝජයට සැපයුම් ලබා ගැනීම “සටනක්” බවට පත්ව තිබේ.
අනුක්රමණය නිර්ණය පිරිසැකසීම සඳහා කාලය ගතවන බව මලවිගේ පවසයි. කෙටිමඟක් ලෙස, ඇගේ විද්යාගාරය දැනට පවතින පොලිමරේස් දාම ප්රතික්රියා (polymerase chain reaction -PCR) කට්ටල භාවිතා කරන අතර සැලකිල්ල යොමුව ඇති, පුළුල් ලෙස සංසරණය වන ප්රභේද තුනක් ඒවා මගින් ඉක්මනින් හඳුනාගත හැකිය: ඒවා නම් B.1.1.7, B.1.351 සහ P.1යි. එසේ වී නමුත් B.1.617 හඳුනාගන්නා කට්ටල වැඩි දියුණු කර ඇත්තේ ඉතා මෑතක වන අතර ඒවාට වුව අලුතින් මතු වී එන ප්රභේද හඳුනාගත නොහැක.
“හැම දෙයක්ම ඉතා ඉක්මණින් හඳුනා ගැනීම සඳහා නොකඩවා අනුක්‍රමණය කරමින් සිටිය යුතු තීරණාත්මක අවස්ථාවක අපි සිටින්නෙමු” ඇය කියා සිටියි. කලාපයේ බොහෝ ප්රදේශවල තවමත් එන්නත් දීම ඉතා අඩු මට්ටමක පැවතීම නිසා බොහෝ අය අවදානමට ලක්ව සිටින බව පර්යේෂකයෝ පවසති.
nature සඟරාවෙහි 2021 මැයි 14 දින පළ වූ India’s neighbours race to sequence genomes as COVID surges යන ලිපිය අසුරෙනි