නින්ද, ඔබේ මොළය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට හේතුවේ ද?
ප්‍රමාණවත් නින්දක් නොලැබීම යනු ඇල්සයිමර් රෝගය ලෙස අප විසින් හඳුන්වනු ලබන ඩිමෙන්ශියා ස්වරූපය ඉදිරියේ දි ඔබ වර්ධනය කර ගැනීමට යනවාද යන්නට බලපාන වඩාත් වැදගත් ජීවන රටා සාධකයකි. එය මගේ කණ්ඩායම පර්යේෂණ කරන අංශයක් වන අතර මා ඊට අදාලව බොහෝ වැඩ කිරීමට තරම වාසනාවන්ත වී ඇත. සෑම රාත්‍රියකම පැය හයක් හෝ ඊට අඩු කාලයක් නින්දට යොමු වන අය මෙන්ම අනිද්‍රාව (insomnia — නින්ද නොයෑම) සහ නිශ්ශ්වසනය හෙවත් ඇප්නියාව වැනි නිද්‍රා ආබාධ ඇති අය , ඇල්සයිමර් රෝගය වැළඳීමේ සැලකිය යුතු ඉහළ සම්භාවිතාවක් ඇති බව වසර ගණනාවක් තිස්සේ අපි දැන සිටියෙමු, (අවධාරණය අපෙනි – සංස්කාරක)

ඇල්සයිමර් රෝගයෙන් පෙලෙන බවට හඳුනාගනු ලබන රෝගීන්ගේ මොළය තුළ, බීටා- ඇමයිලොයිඩ්(beta-amyloid) ලෙස හඳුන්වන ඇලෙන සුළු විෂ සහිත ප්‍රෝටීනයක් එකතු වී ඇත. ටාවු(Tau) නමින් හැඳින්වෙන තවත් විෂ සහිත ප්‍රෝටීනයක් සමඟ එය ඇල්සයිමර් රෝගය වර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන අංගයකි. ඇල්සයිමර් රෝගයට මගක් සකසමින් මොළයේ බීටා-ඇමයිලොයිඩ් වැඩි වශයෙන් ඒක රාසී වීමට නින්ද නොමැතිකම හේතුසාධකයක් වන බව දැන් අපි දනිමු. එසේ වුවද මුලින්ම මේ ගැන දැනගත හැකි වූයේ නිව් යෝර්ක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ස්නායු විශේෂඥවරියක වන මහාචාර්ය මයිකන් නෙඩර්ගාඩ් මීයන් පිළිබඳ පුදුමාකාර හෙළිදරව්වක් කිරීමත් සමඟය.. ඇය මොළයේ ඇති ‘අපජල පද්ධතියක්’ (එවැන්නක් පවතින බව වත් අප කිසි විටකත් දැන සිටියේ නැත) සොයා ගත් අතර එය ( ශරීරයේ වසා පද්ධතියට බොහෝ සේ සමාන) ග්ලිම්පැටික් පද්ධතිය(glymphatic system) ලෙස හැඳින්වේ.

අප අවදියෙන් සිටින විට, බීටා-ඇමයිලොයිඩ් ද ඇතුළුව මොළයේ ඇති වන අන්තරායකාරී පරිවෘත්තීය අපවිත්‍රකාරක හා ජීර්ණාවශේෂ(detritus) ඉවත් කිරීමට මොළයේ ග්ලිම්පැටික් පද්ධතිය උපකාරී වේ. කෙසේ වෙතත්, මෙම පිරිසිදු කිරීමේ පද්ධතිය ඉහළ මට්ටමකට පිවිසියේ මීයන් තද නින්දේ සිටින විටය. ඉතින්,. මීයෙකුට අත්යවශ්ය ගැඹුරු නින්දක් ලබා ගැනීම වලක්වනු ලැබුවහොත් මොළයේ බීටා-ඇමයිලොයිඩ් තැන්පතු. ක්ෂණිකව වැඩිවීමක් ඇතිවිය ,
පර්යේෂකයාගේ නිද්‍රා මධ්යස්ථානයේ කළ පර්යේෂණ සහ වෙනත් විද්යාඥයන් විසින් කරන ලද අධ්යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් තුළ ද එවැනිම විෂම චක්රයක් පවතින බවයි. යමෙකුට සම්පූර්ණ රාත්රියක් නිදි වරන්න, නැතහොත් ඉඒ තරම්වත් නැතිව රාත්රියේ පළමු පැය කිහිපය තුළ ඔවුන්ට ලැබෙන ගැඹුරු නින්දේ ප්රමාණය අඩු කර නිරීක්ෂණයක් යෙදී බලන්න, ඊළඟ දවසේ ඔවුන්ගේ රුධිර ප්රවාහයේ, මස්තිෂ්ක තරලයේ සහ කෙලින්ම මොළය තුළ බීටා-ඇමයිලොයිඩ් මනිනු ලබන විට ඒවා සෑදීමේ ක්ෂණික වැඩි වීමක් අපට පෙනේ.
අලි මදිවාට හරක් කීවාක් මෙන්, (මොළයේ) ගැඹුරු නින්දක් ජනනය කරන කොටස් තුළමත් විෂ සහිත බීටා-ඇමයිලොයිඩ් අවාසනාවන්ත ලෙස ගොඩ නැගෙමින් එම කොටස ප්‍රහයට ලක් කොට අවක්‍රමනය කරන බව අපි මෑතකදී සොයා ගත්තෙමු. එහි ප්රතිඵලයක් ලෙස ගැඹුරු නින්ද අහිමි වීම ඔබගේ මොළයට රාත්රියේදී බීටා-ඇමයිලොයිඩ් ඉවත් කිරීමට ඇති නොහැකියාව ත තවත් ඉහළ නංවයි. ගැඹුරු නින්දඅඩු වෙද්දී, ඇමයිලොයිඩ් විශාලවශයෙන් වැඩිවේ.
මේ සම්බන්ධයෙන් ගන්නා විට, රාත්රියක දී පැය හතරක හෝ පහක නින්ද සිය කටයුතු හොඳින් කර ගෙන යාමට ප්‍රමාන වත් බව පවසන ජීවිතයේ මුල් හා මැදි වයස් වල අය ගැන පර්යේෂකයා සෑම විටම සැලකිලිමත් වන්නේ මෙම විෂම චක්රය නියමාකාරයෙන් ක්රියාත්මක වීමට වසර ගණනාවක් ගත විය හැකි බැවිනි. විද්‍යාත්මකව ගෙන හැර පෑමක් නොවූවත් මාග්රට් තැචර් සහ රොනල්ඩ් රේගන් ගැන මම නිතරම කල්පනා කර ඇත්තෙමි. ඔවුන් දෙදෙනාම නින්දේ පලක් නැති බව තරයේ කියා සිටි අයයි. රාත්රියේ පැය හතරක් හෝ පහක් අතර නිදා ගැනීම පමණක් ප්‍රමාණවත් යැයි ඔවුහුකියා සිටියහ. කනගාටුවට කරුණ නම්, පුදුමයට කරුණ නම්, දෙදෙනාම බාගද අහම්බෙන් ඇල්සයිමර් රෝගය වැළඳීමයි. හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද වැඩිපුර නිදා ගැනීම “අවශ්ය නොවන” බව හඬ නගා කියන අයෙකු යන්න සැලකිල්ලට ගත යුතුය.

ජීවිතයේ මුල් හා මැද අවධියේ ඔබේ නින්දට ප්රමුඛතාවය දීම පසුකාලීන ජීවිතයේ දී ඇල්සයිමර් අවදානම අඩු කිරීමට හෝ අවම වශයෙන් එහි ප්රවේශය මන්දගාමී කිරීමට උපකාරී වේ. ඔබ මේ වන තෙක්ම නින්ද නොසලකා හැර තිබුනත්, ඒ ගැන යළි අවධානය ආරම්භ කිරීමට තවමත් ප්රමාද නැත. සායනික අධ්යයනවලින් හෙළි වී ඇත්තේ මැදිවියේ හා වැඩිහිටියන්ගේ නිද්‍රා ආබාධවලට සාර්ථකව ප්රතිකාර කිරීමෙන් ඩිමෙන්ශියාව ඇතිවීම වසර 10 ක් දක්වා ප්රමාද වූ බවයි.
ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකර, අවදිව සිටීම මොළයේ, පහත් මට්ටමේ ජෛව රසායනික හානියක් ලෙස සලකන්න; සහ නින්ද සනීපාරක්ෂක විමුක්තියක් ලෙස සලකන්න. ප්රමාණවත් නින්දක් නොමැතිව, ඇල්සයිමර් රෝගයට පාර කපන බීටා-ඇමයිලොයිඩ් සහ ටාඋ යන ඇලෙන සුළු විෂ සහිත ප්රෝටීන සෝදා හැරීමට මොළයට නොහැකි ය. (අවධාරණය අපෙනි – සංස්කාරක)
BBC Focus (2021-05-01) හී පල වී ඇති CAN SLEEP KEEP YOUR BRAIN HEALTHY? යන ලිපිය ඇසුරෙනි