තාරකා විද්යාව පිළිබඳ කෙටි ඉතිහාසයක්

Posted by

තාරකා විද්යාව පිළිබඳ කෙටි ඉතිහාසයක්

තාරකා විද්යාව ගතහොත්   බොහෝ විද්යාවන් අතරෙහි  බාගදා වඩාත්ම පැරණි එමෙන්ම වඩාත් උත්කෘෂ්ට ඉතිහාසයක් ඇත්තේ තාරකා විද්යාවටය.. රාත්රියෙහි කළුවට දිස්වන අහස සහ දිවා කල දීප්තිමත්ව තිබෙන  අහසට ඔබ්බෙන් ඇත්තේ කුමක් දැයි   විස්තර දැන ගැනීමට අපි කවදත්  උනන්දුව දැක්වූ වෙමු. 

තාරකා විද්යාව ආරම්භ වූයේ කාලගුණය සහ අහස පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම  සඳහා මූලික නිරීක්ෂණ ක්ෂේත්රයක් ලෙස ය.  සෘතු ගැන  සහ දෙවියන්ගේ සිතුම් පැතුම් ගැන පුරෝකතනය සඳහා සංඥා කියවීම පවරන ලද්දේ සාමාන්යයෙන් පූජකවරුන්ට සහ වෙනත් ආගමික පුද්ගලයින්ටය. අප වැඩි වැඩියෙන් මේ කාරණාවට සම්බන්ධ වන විට අපගේ අධ්යයනයද වඩාත් සංවිධානාත්මක වූ අතර සූර්යයා, චන්ද්රයා සහ වෙනත් තාරකා වඩාත් පැහැදිලිව අවබෝධ කර ගැනීමට සහ මැනීමට හැකි මෙවලම් සෑදීමට කල් නොවයාම අපි  පටන් ගත්තෙමු.

මේ සම්බන්ධයෙන් සලකන විට පැරණිතම වෘත්තීය තාරකා විද්යාඥයින් වූයේ පුරාණ මෙසපොතේමියානුවන්, ඉන්දියානුවන්, චීන ජාතිකයන්ය.  එමෙන්ම ලෝකයේ සෙසු රටවල් සියල්ලම පාහේ අභ්‍යාවකාශය පිළිබඳ කෙතරම් උනන්දුවක් හා අවබෝධයක් පෙන්නුම් කළේ ද යත්  දැන් පවා අපි සමහරක් සොයාගැනීම් සනාථ කරමින් සිටිමු. 

 අපට සාපේක්ෂව අභ්‍යාවකාශ වස්තූන්ගේ කෝණය, ඒ ඒ දිනදර්ශනය අනුව ඒවායේ සාපේක්ෂ පිහිටීම .ක්හගෝලීය ක්හාණ්ඩාංක නිරීක්ෂණය කිරීම හා වාර්තා කිරීම සඳහා  ඔවුන් විසින් සාදන ලද සමහර උපකරණ අතර  තරික්සුව(astroloabe – හිරු, සඳු හා තාරකාවල පිහිටීම සලකුණු කිරීම පිණිස ක්‍රි.පු තුන්වැනි සියවසේ සිට දහ අටවන සිය වස දක්වා භාවිතකළ උපකරණයකි), වෘත්තපාදය(quadrant – වස්තුවකට ඇති දුර මැනීම සඳහා භාවිතකළ උපකරණයක්)ක‍ටු ගෝලය(අර්මිල්ලිඅර්ය් ස්ඵෙරෙ – ආකාශ වස්තුවල ගමන් මග පෙන්වීම සඳහා වළලුවලින් සෑදුණු සැකිලි ගෝලය),  සහ වෙනත් සමාන උපකරණ විය.

පැරැන්නන් ලොව පුරා අසාමාන්ය නිරීක්ෂණාගාර පවා ඉදිකර ඇත.  මේවායින් සමහරක් සැබවින්ම ආනුභාව සම්පන්න වන අතර  ගැඹුරු අවභෝධයට  හා දැඩි උද්‍යෝගයට දෙස් දෙයි. ඉන්දියාවේ ජායිපූර්හි ජන්තර් මන්තර් නිරීක්ෂණාගාරය සහ මෙක්සිකෝවේ, චිචෙන් ඉට්සා හී “එල් කැරකල්” නිරීක්ෂණ දේවාලය ඒවායින් සමහරකි. තාරකා විද්යාව අඛණ්ඩව පරිණාමය වන ක්ෂේත්රයක් වන අතර ඔවුන් විසින් සිදු කරන ලද සමහර න්නිර්මාණශීලී සොයාගැනීම් අතර පෘථිවියේ අරය, සූර්යයාගේ හා චන්ද්රයාගේ ප්රමාණය හා දුර ගණනය කිරීම සහ  ඒවා අඟහරුගේ මතුපිට සිතියම් ගත කිරීම ද අයත් විය.

මෙම යුගයෙන් පසු තාරකා විද්යාවේ ඊළඟ ප්රධාන වර්ධනයන්  සිදු විය යුරෝපයේය. 17 වන සියවසේ මුල් භාගයේදී  විප්ලවීය සොයාගැනීමක් සිදු වූ අතර එය අපගේ දෘෂ්ඨි පථයේ සීමවන් ගෙන් ඔබ්බට ගියේය. එම සොයාගැනීම දුරේක්ෂයයි. 

දුරේක්ෂය, නිකොලොස් කොපර්නිකස්, ගැලීලියෝ ගැලීලි සහ ජොහැන්නස් කෙප්ලර් වැනි ලෝකයේ වඩාත්ම සිත් නිර්මානශීලී මනසක් සහිත පුද්ගලයින් අනුප්‍රාණය කර ඇති අතර තවදුරටත් එය සිදුවෙමින් පවතී.ඔවුහු, ස්සූර්ය  කේන්ද්රීය ආකෘතිය ඉදිරිපත් කිරීමට, නව ග්රහලෝක සොයා ගැනීමට සහ චන්ද්රයාගේ සහ සූර්යයාගේ චලිතයන් පිළිබඳ වඩාත් නිවැරදි අනාවැකි පළ කිරීමට පෙරමුණ ගත්හ.

ඔවුන්ගෙන්  පසුව තාරකා විද්යාව පිම්මේ ඉදිරියට ගියේය. උනන්දුවෙහි වෙනස් වීම වඩාත් තීව්ර විය.  වඩාත් තියුණු  ආකාරයකින් අහස දෙස බලමින් නිරීක්ෂණය කිරීමට පටන් ගැනීමත් සමගම මිනිසුන් විවිධ වර්ණාවලි හෙළි කිරීමට සමත් විය.  අයිසැක් නිව්ටන්, අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යනු ගුරුත්වාකර්ෂණය, සාපේක්ෂතාවාදය සහ අපූර්වතාව සොයා ගැනීමට අපට උපකාර කළ ශ්‍රේෂ්ඨයන් අතරින්  කිහිපදෙනෙකි.

යමෙකු මෙම ශ්‍රේෂ්ඨ විද්යාවේ ඉතිහාසය අධ්යයනය කරන විට තාරකා විද්යාව හා භෞතික විද්යාව අතර ඇති සමීප සම්බන්ධතාවය නොසලකා හැරියහොත් එයමහ ‘පිස්සු වැඩක්’ වනු ඇත.  භෞතික විද්යාව යනු තාරකා විද්යාව සාදනු ලබන  න්යායාත්මක කැන්වසයයි.  ඒවාට ඇත්තේ සහජීවක සම්බන්ධතාවකි. ඒ, මේ ආකාරයි: තාරකා විද්යාවේ නිරීක්ෂණ මගින් භෞතික විද්යාවේ න්යායාත්මක අනාවැකි ඔප්පු කිරීමට උපකාර වන අතර භෞතික විද්යාවේ න්යායාත්මක පැහැදිලි කිරීම් මගින් තාරකා විද්යාත්මක සිදුවීම් පැහැදිලි කර ඇත.

 මුලින් සඳහන් කළ කාරණාවට සුප්‍රකට නිදසුනක් ලෙස සූර්යග්රහණය නිරීක්ෂණය කිරීම මගින් සාපේක්ෂතාවාදයේ න්යාය සනාථ කිරීම ද,   තාරකා නිමි නිමි දැල්වීමට හේතුව පසුව දැක්වූ කාරණාවටසම්බන්ධතාවයට සුදුසු උදාහරණයකි.

 තාරකා විද්යාවේ ඉතිහාසය ගැන කතා කිරීම වෙනමම අධ්යයන ක්ෂේත්රයක් වන අතර ඒ සඳහාම පොත් වෙළුම් කිහිපයක්ම වෙන් කළ යුතුවේ. තාරකා විද්යාව අවබෝධ කර ගැනීම සඳහා ඔබ එහි පරිණාමය තේරුම් ගෙන ජීවත් විය යුතුය එනිසා එහි ඉතිහාසය නොසලකා හැරීමෙන් කෙනෙකුට මෙම ක්ෂේත්රයට සාධාරණය ඉටු කළ නොහැකිය. පැරැන්නන් සිදු කළ ආකාරයටම ඔබ ගවේෂණය කරන බවත් ඔවුන් ගැන ඉගෙන ගැනීම ප්‍රයෝජන බවත් මතක තබා ගන්න.

 එබැවින් අපේ අධ්‍යන ආරම්භ කළ යුත්තේ පෘථිවියෙහි වෙසෙන අපගේ ජීව ප්රභවය වන සූර්යයා ගවේෂණය කිරීමෙනි.

Astronomy for beginners by Jayden Samson(2015) ග්‍රන්ථ්යෙහි  A Brief History Of Astronomy පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.