ආසාදනයට එරෙහිව සිරුර සටන් කරන අන්දම දුෂ්පෝෂණය මගින් වෙනස් කෙරේ

Posted by

 ආසාදනයට එරෙහිව සිරුර සටන් කරන අන්දම දුෂ්පෝෂණය මගින් වෙනස් කෙරේ

අප්‍රිකාවේ COVID-19 පාලනය නොකළහොත් ගෝලීය  වසංගතයේ පළමු වසර තුළ පුද්ගලයින් 190,000 ක් පමණ මිය යා හැකි බව  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා ප්‍රාදේශීය කාර්යාලය පුරෝකථනය කළේය.

මාස දොළහකට පසුව, බිය දනවන එම  පුරෝකථනයන් බොහෝ දුරට එලෙසම ඉ‍ටුවී නොමැත. 2021 අප්රේල් මස අවසානය වන විට අප්රිකාවේ සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 4,431,639 ක් වූ අතර මරණ 117,934 ක් වාර්තා විය. ආතුර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ වාර්තා වෙන්නේ දකුණු අප්‍රිකාවෙන් වුවත්,  මරණ සංඛ්‍යාව ගතහොත් 50% ක් පමණ වේ. මරණ 117,943 ක් සිදුවීම ඇත්ත වශයෙන්ම ඛේදජනක ය. එනමුත් සමහරුන් පුරෝකථනය කළ පරිදි එම සංඛ්‍යාව හිතූ තරම් ඉහළ අගයක් නොගනී.

සාපේක්ෂව අඩු මෙම ව්‍යාප්තිය සඳහා දැක්විය හැකි බොහෝ මතවාද  තිබේ. එක් සිද්ධාන්තයක් අප්‍රිකාවේ අසමසම තරුණ ජනගහනය වෙත අවධානය යොමු කරයි – යෞවනයන් හට COVID-19 දැඩිව වැළඳීමේ හා රෝහල්ගත වීමේ අවදානම අඩුය. තවත් න්‍යායකින් කියැවෙන්නේ  කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධිත ප්‍රතිරෝධයක් අප්‍රිකානු ජනගහනයට තිබිය හැකි බවයි.  සමහරු සිතන්නේ ඖෂධීය ප්‍රතිකාර සහ මැලේරියා විරෝධී ඖෂධ, බීසීජී(Bacillus Calmette-Guerin) ළමා එන්නත් වැනි ළමා කල ලබාදෙන එන්නත පුළුල් ලෙස භාවිතා කිරීම ඊට දායක විය හැකිය යනුවෙනි. තවත් සමහරු අප්‍රිකානු මහාද්වීපයේ අඩු ජනඝනත්වය දායක සාධකයක් ලෙස ගෙන හැර දක්වති.

පර්යේෂකයන් මෑතක ඉදිරිපත් කළ වාර්තාවක් අනුව, SARS-CoV-2 ආසාදනය, COVID-19 රෝග සහ පෝෂණය අතර ඇති විය හැකි සම්බන්ධතා ගවේෂණය කරණු ලැබිණ. එහිදී අනාවරණය වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිශක්ති ඌනතාවයට වඩාත්ම ප්‍රචලිත හේතුව වන්නේ  දැඩි මන්දපෝෂණය  බවයි.

පර්යේෂකයන් අවධානය යොමු කළේ  කැලරි ප්‍රමාණවත්ව ගනු  ලැබූව ද  හට ගන්නා ආහාරමය ප්‍රෝටීන ඌනතාවය වැනි ප්‍රෝටීන් බලශක්ති මන්දපෝෂණයේ දී විද්‍යාමාන වන  ලෙප්ටින් මට්ටම අඩු කිරීමට හේතු වන මන්දපෝෂණය කෙරෙහි ය. ප්‍රෝටීන් බලශක්ති මන්දපෝෂණය ගෝලීය ගැටලුවක් වන අතර ආසියාවේ තත්වය අඩු වී ඇතත්  අප්‍රිකානු රටවල අඛණ්ඩව වැඩිවීමක් වාර්තා කරනු ලැබ ඇත. ලෙප්ටින් යනු ශරීරයේ මේද සෛල තුළ නිපදවන හෝමෝනයකි. ඊට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ විවිධ භූමිකාවන් හිමිවේ.

මන්දපෝෂණය නිසා ඇති වන ලෙප්ටින් ඌනතාවය නිසැකවම  COVID-19 ඇති කරවන කොරෝනා වෛරස් මගින් පුද්ගලයෙකු ආසාදනයෙන් ආරක්ෂා නොකරයි. එහෙත්, අණුක වෛද්‍ය විද්‍යාවේ සහ ප්‍රතිශක්ති විද්‍යාවේ අන් පර්යේෂකයන්ගේ කාර්යයන් මත පදනම්ව, COVID-19 රෝගය සමඟ ඇති වන අධික ප්‍රදාහය() හේතුවෙන්  සිදුවන හානියට ඊට ප්‍රතිරෝධයක් දැක්විය හැකි යැයි ලිපියේ කතුවර පර්යේෂකයෝ  යෝජනා කරති. ඇත්ත වශයෙන්ම, මෙය ඕනෑම ආකාරයක මන්දපෝෂණයකට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් ලිහිල් කිරීමට හේතුවක් නොවනු ඇත.

ප්‍රදාහය අවුලුවන සයිටොකයින වලට ශරීරයේ ප්‍රතිචාරය ලෙප්ටින් මගින්  වැඩි කෙරේ – සයිටොකයින යනු ප්‍රදා හය නියාමනය කරන ප්‍රෝටීනයි. අධික බර COVID – 19  ධනාත්මක රෝගීන්ට ලෙප්ටින් මට්ටම ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රවනතාවක් ඇත. එමෙන්ම, ඉහළ ලෙප්ටින් මට්ටම දරුණු COVID – 19 සමඟ සම්බන්ධ වේ. එබැවින්, ලෙප්ටින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති කරන බලපෑම සහ COVID – 19 ප්‍රගමනය හා බරපතලකම සමඟ ඇති සහසම්බන්ධය ද රෝගියාගේ ප්‍රතිඵල පුරෝකථනය කිරීම සඳහා වටිනා ජෛව සලකුණුක් බවට පත් කළ හැකිය.

පෝෂණය, ලෙප්ටින් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය

මන්දපෝෂණයට, අඩුපෝෂණය (වැහැරීම, වර්ධනය මොටවීම, අඩු බර), විටමින් හෝ ඛනිජ ප්‍රමාණවත් නොවීම, අධික බර හා ස්ථුලතාවය ඇතුළත් වේ. මන්දපෝෂණය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්වීම් සමඟ සම්බන්ධ වී ඇති බව අපි දනිමු – මෙය විශේෂයෙන් ප්‍රෝටීන් ශක්ති මන්දපෝෂණය සමඟ සම්බන්ධ වේ.

සමතුලිත පෝෂණ ආහාරයක් ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, සයිටොකයින මුදා හැරීමෙන් ආසාදනයට ප්‍රතිචාර දක්වයි. ආක්‍රමණික ක්ෂුද්‍ර ජීවීන්ට පහර දීම පිණිස ප්‍රතිශක්තිකරණ පද්ධතියට උපදෙස් දෙන සංඥා අණු(signaling molecules ) මේවා වේ. බොහෝ විට, ප්රහාරය, ප්රදාහයක ස්වරූපය ගනී. ආක්‍රමණික ක්ෂුද්‍ර ජීවීන් ශරීරයෙන් ඉවත් කළ පසු ප්‍රදාහය අතුරුදහන් වී ශරීරය යථා තත්ත්වයට පත්වේ.  ප්‍රදාහමය ප්‍රතිචාරය සක්‍රීය කිරීම සහ අක්‍රිය කිරීම මෙම පරෙස්සම්සහිත තුලනය ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා තීරණාත්මකවේ.

පසුගිය වසර පුරා අප ඉගෙන ගත් පරිදිම, බොහෝ දරුණු COVID-19 ආතුරයන් අතරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, “සයිටොකයින කුණා‍ටුවක්” ලෙස් දැක්වෙන් සයිටොකයින ක්ෂණික වැඩිවීමක් ඇති කරයි. මෙය, දිගට පවතින අධි-ප්‍රදාහ ප්‍රතිචාරයක්(hyper-inflammatory response)  ඇති කරයි. එය ශරීරයේ අවයව වලට පහර දෙන විට ඇතිවන්නේ යහපතට වඩා හානියකි.

ප්‍රෝටීන් ශක්ති මන්දපෝෂණයෙන් පෙළෙන්නන් වැනි අඩු ලෙප්ටින් මට්ටම් ඇති පුද්ගලයින් තුළ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ප්‍රති-ප්‍රදාහ සයිටොකයින වැඩියෙන් ද ප්‍රදාහ අවුලුවන ඒවා අඩුවෙන් ද නිපදවයි.

ප්‍රති-ගිනි අවුලුවන පැතිකඩකට අනුකූල වන මෙම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ  මාරුව(විස්ථාපනය), න්‍යායිකව ගතහොත්, දරුණු COVID-19 ආතුරයන් අතරේ බොහෝ විට දක්නට ලැබෙන අධි-ප්‍රදාහ ප්‍රතිචාරයේ දරුණු ප්‍රතිවිපාක වලට ප්‍රතිරෝධය දක්වනු ඇත, එම දරුණු ප්‍රතිවිපාක හේතුවෙන්  රෝගියාගේ අවයව වලට හානි සිදුවිය හැකිය.

නමුත් මෙම ප්‍රති-ප්‍රදාහ ප්‍රතිචාරයෙන්  COVID-19  ආසාදනය වූ, සහ  මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ වසං කළ හැකිය. එවැන්නන්, COVID-19  ට වඩා සුළු හෝ මධ්‍යස්ථමට්ටමේ සෙම්ප්‍ර්‍යතික්ෂාවක් හෝ උණ ඇති අය පමණක් මෙන් පෙණී යා හැක. මෙයින් අදහස් කරන්නේ සත්‍ය  COVID-19  ආසාදන සංඛ්‍යාව අවතක්සේරු කළ හැකිවන්නට පුළුවන්  අතර තමන්ට රෝගය ආසාදනය වී ඇති බව එවැන්නන් නොදන්නා හෙයින් රෝගය සම්ප්‍රේෂණය වීමට දායක විය හැකි බවයි.

අනාගතය දෙස බැලීම

ජාත්‍යන්තර අගුලු දැමීම් මගින් ආහාර අනාරක්‍ෂිතතාවය පිළිබඳ ගැටළු ඉස්මතු කර තිබේ. නිවැරදි පෝෂ්‍ය පදාර්ථයෙන් නිවැරදි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම ද මෙයට ඇතුළත් ය.

මෙහිදී අප(පර්යේෂකයන්) න්‍යායාත්මක වශයෙන් දක්වන්නේ මන්දපෝෂණය හේතුවෙන් ඇති වන ලෙප්ටින් මට්ටම් දරුණු  COVID-19 තත්ත්වයන්ගෙන් සහ  COVID-19  ආශ්‍රිත මරණවලින් ආරක්ෂා විය හැකි බවයි. මෙය අප‍්‍රිකාවේ  COVID-19  මරණ අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා අඩුවෙන් දැකීමට බලපෑ තවත් හේතුවක් විය හැකිය.

ඒනමුත්, මෙය සත්‍යයක් වුවද, මන්දපෝෂණයෙන් මිලියන ගණනක් මිය යන බව අපට නොසලකා හැරිය නොහැක. අතර ගෝලීය වශයෙන් ආහාර අනාරක්‍ෂිතතාවය තුරන් කිරීමේ උත්සාහයන් අප විසින් වළක්වා ගනු නොලැබිය යුතුය.

ආසාදන, ප්‍රතිශක්තිකරණය සහ  පෝෂණය අතර අන්තර් සම්බන්ධතාව

ආසාදනය හා මන්දපෝෂණය සෑම දාමත් අත්‍යන්තයෙන් ලෙස බැඳී පවතී. ලොව පුරා ප්රතිශක්ති ඌණවයට මූලික හේතුව මන්දපෝෂණය වන අතර, මෙම අන්තර්ක්රියාකාරිත්වයේ ව්‍යාධිජාන්‍යය පිළිබඳව අපි වැඩි වැඩියෙන් උගෙන ගනිමින් සිටින්නෙමු.  වයස අවුරුදු 5 දක්වා ළමුන් තුළ සිදුවන මරණ වලින් අඩකට වඩා වැඩියෙන් වගකිවයුත්තේ බෝවන රෝග පහක්ය! මියයන ළමුන්ගෙන් වැඩි දෙනෙක් ඌනපෝෂණයෙන් පෙළෙමින් සිටි අයයි. ක්ෂුද්ර පෝෂක ඌනතාවයන්, දුර්වල වර්ධනය, බුද්ධිය දුර්වල වීම, මරණ අනුපාතය වැඩිවීම, සහ ආසාදනයන්ට ගොදුරු වීමේ හැකියාව වැනි බලපෑම් ඇති කරයි.

ලොව පුරා පරපෝෂිතයන් මගින් සිදුවන ආසාදන  අතිමහත් ය. පරපෝෂිතයන් මන්දපෝෂණයට හේතු විය හැකි බව වටහාගෙන ඇති නමුත් මන්දපෝෂණය නිසා පරපෝෂිතයන් මගින් සිදුවන ආසාදන  වැඩි වන්නේ මන්දැයි යන්න ගැන අවබෝධය මදය. මේ අනුව, අදාල වන කොන්දේසි හා තත්ත්වයන් ගැන එකට සොයා බැලිය යුතුය. ගර්භණීභාවය හා සම්බන්ධ පෝෂණ ඌනතාවයන් ආසාදනයන් වෙත දක්වන ප්රතිශක්තිකරණ ප්‍රතිචාරය දුර්වල වීම සමඟ සම්බන්ධ වේ. මෙම ප්‍රතිශක්තිකරණ ඌනතාවය මව්කිරි දීමෙන් අර්ධ වශයෙන් මගහරවා ගැනීමට බලපාන හෙයින්, ළදරුවන් ආසාදනවලින් ආරක්ෂා කර ගත හැකි එක් හොඳම ක්‍රමයක් වේ නම් ඒ මෙයයි. මන්දපෝෂණය හා පෝෂණ විපර්යාසයන් හෙවත් වෙනස් කිරීම්, ආහාර අනුභව කිරීමේ ආබාධ, පෝෂක අවශෝෂණය,  මානව ප්‍රතිශක්තිඌනතා වෛරස් ආසාදනයේ පොදු සංකූලතා,  සහ අතරමැදි පරිවෘත්තීය ඇතුළත් වන අතර ගිලන් බව හා මරණ(මර්ත්‍යතාව) සඳහා සැලකිය යුතු මෙන්ම ස්වාධීන කාර්යභාරයක් ඉටු කරයි. 21 වන සියවස නව තොරතුරු සහ නව අභියෝග සපයයි. නව තාක්‍ෂණයන් හා දේශපාලන වෙනස්කම් සමඟ සෞඛ්‍ය සම්පන්න, රෝගවලින් තොර, වඩා හොඳ පෝෂණයෙන් යුත් ජනගහනයක් බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

CLINICAL PRACTICE  Invited Article Abstract:The Interaction between Nutrition and Infection by Peter Katona and Judit Katona-Apte2

The Conversation හී පළවන Poor nutrition changes the way a body fights infection: this might protect against severe COVID-19   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.