පුද්ගලයෙකුගේ උස තීරණය වන්නේ කෙලෙස ද?

Posted by

පුද්ගලයෙකුගේ උස තීරණය වන්නේ කෙලෙස ද?

පුද්ගලයෙකුගේ උස කොපමණ වේ දැයි සෙන්ටිමීටර කිහිපයක් ඇතුළත නිවැරදිව උපතේදී  පුරෝකථනය කළ හැකිය.

වෙනත් වචන වලින් කිවහොත්, උස දෙමව්පියන් සිටින පුද්ගලයින්ට  යානයක හෝ රථයක ගමන් කරද්දී දෙපා දිග වැඩි නිසාවෙන් අන් අයට වඩා අමතර කරඩ විඳීමට සිදුවනු ඇත. එහෙත් තවත් වැදගත් කරුණක් තිබේ: මෙය රඳාපවතින්නේ  ඔබේ මුල් ළමා අවදියේදී  ඔබ යම් ආකාරයක බරපතල දුෂ්කරතා අත්විඳ නැතැයි යන උපකල්පනය මතයි.  පුද්ගලයෙකුගේ ළමා කාලය තුළ මන්දපෝෂණය හා දරුණු රෝආබාධවලට ගොදුරුවීම නිසා, උස යාම සඳහා ඔවුන්ගේ ජානමය හැකියාවන්ට අනුකූලවන උසක් කරා ළඟා වීම වළක්වා ලීමට හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

මෙවන් දුෂ්කරතා, ලෝකයේ රට රට වල පුද්ගලයන්ගේ සාමාන්‍ය උස කෙරෙහි පවා බලපෑ හැකිය.  ලන්ඩනයේ ඉම්පීරියල්කොලීජියේ පර්යේෂකයන් විසින් සිදුකරන ලදුව 2016 වර්ෂයේ elife සඟරාවෙහි පළකෙරුණු අධ්‍යනයක දැක්වෙන පරිදි, විශ්ලේෂන පෙන්නුම්කරන්නේ ලෝකයේ උසම පුරුෂයන් හමුවන්නේ නෙදර්ලන්තයෙනි; උසම ස්ත්‍රීන් ලැට්වියාවෙනි. එහෙත් මේ අනුපිළිවෙල දක්වන වගුව සැමවිටමැලෙසම නොපවති බව Non-Communicable Diseases Risk Factor Collaboration (NCD-RisC) නම් ජාත්‍යාන්තර  සංන්විධානයපෙන්වාදෙයි. 1985 ශ්රේණිගත කිරීම්වල දකුණු කොරියාව 133 වන ස්ථානයේ සිටියද 2019 වන විට එය 60 වන ස්ථානයට පැමිණ තිබේ.  අඩු තරමින් විද්යාඥයන් අතර ප්රමුඛතම න්යායඅට අනුව නම්,  මෙම වර්ධනයට හේතු වී ඇත්තේ මෑත දශක කිහිපය තුළ දකුණු කොරියාවේ සංවර්ධනයේ ප්රතිඵලයක් ලෙස ගුණාත්මක බවින් වැඩිදියුණු කළ ආහාර වේලක් භුක්ති විඳීමයි.

“දකුණු කොරියාවේ සහ මහජන චීන සමූහාණ්ඩුවේ, පසුගිය පරම්පරාඑක,දෙකක් දක්වා උස වැඩිවීම බොහෝ දුරට පෝෂණය වැඩි දියුණු වීම නිසා සිදුවන බව පුළුල් ලෙස තේරුම් ගෙන තිබෙන්නක්” යැයි මිචිගන් ප්රාන්ත විශ්ව විද්යාලයේ පරිගණක ගණිතය, විද්යාව හා ඉංජිනේරු විද්යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ස්ටීවන් හ්සු(Stephen Hsu) පවසයි, “ආහාරයට ගන්නා ප්රෝටීන් සහ කැල්සියම් සහ සම්පූර්ණ කැලරි ප්රමාණය එම කාලය තුළවැඩි වී තිබේ.” හෙතෙම  පුද්ගලයෙකුගේ උස පුරෝකථනය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වන්නෙකි.

මේ අතර, වෙනත් රටවල් NCD-RisC  ලැයිස්තුවේ පහළට වැටී ඇත. උදාහරණයක් ලෙස 1985 දී එක්සත් ජනපදය ලෝකයේ උසම පුද්ගලයින් සිටින රටවල් අතරින් 38 වන ස්ථනය දැරූ නමුත් 2019 දී එය 58 වන ස්ථානය දක්වා පහත වැටුණි. එයට හේතුව සාමාන්යයෙන් මිටි මිනිසුන් සිටින  රටවලින් එක්සත් ජනපදයට සංක්රමණය වී ඇති  නිසාද? එවැනි කාරණාවක් නම්,  සියල්ල ජාන විද්යාවට  සම්බන්ධ ද? එය එක් ප්රධාන සාධකයක් විය හැකි නමුත් එය එකම සාධකය නොවේ යැයි හ්සු අදහස් කරයි.

“සංක්රමණ හැරුණු විට, ක්ෂණික ආහාර, සිසිල් බීම ආදිය වැඩි කිරීමත් සමඟ සෑම කෙනෙකුගේම පෝෂණයේ ගුණාත්මක භාවය අඩුවී ඇතැයි සමහරු උපකල්පනය කරති” යැයි හ්සු පෙන්වාදෙයි. හුදෙක් වෙනත් රටවල්, එක්සත් ජනපදය මේ අංශයෙන් අභිභවා යමින් සිටිනවා වෙන්නත් පුළුවන. වෙනත් වචනවලින් කියතහොත්,  ධනවත්ම ආසියාතිකයන් සිටින බව ඇමරිකානුවන්  ක්‍රම්යෙන් මිටිබවට පත්වෙමින් සිටිනවා නොව, ඔවුන් වෙනත් රටවල මිනිසුන් තරම් වේගයෙන් වර්ධනය නොවනවා විය හැකියි.

පුද්ගලයෙකුගේ උස මට්ටමට බලපාන එකම පාරිසරික සාධකය දුර්වල පෝෂණය නොවේ. බරපතල රෝගහට ගැනීම, විශේෂයෙන්ම ඒවා ළමා කාලයේ දී සිදුවුවහොත්  වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපායි; සෙලියාක්(celiac) රෝගය, ක‍ටු මාන්දම(rickets)සහ බාලවියේ ඔස්ටියෝපොරෝසිස්  වැනි අස්ථි රෝග, සහ සහ රක්තහීනතාවය යන මේ සියල්ලම නිදසුන්වේ.

ළමා කාලයේ සෞඛ්ය සම්පන්න නොවන ආහාර වේලක් ලැබීම සහ බරපතල රෝගාබාධයන්ට ගොදුරුවීම මිටි තත්වයකට හේතු විය හැකි නමුත්, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ ජාන කේතීකරණය ඊට වඩා බෙහෙවින් බලපාන බවයි.

Genetics සඟරාවෙහි ප්රකාශයට පත් කෙරුණු, 2018 අධ්යයනයක දී  උස තීරණය කිරීමේදී ජානවල වැදගත්කම හ්සු පහදිලිඅ පෙන්වා දුන්නේය. සිය සගයන් සමඟ එක්ව ඔහු, එක්සත් රාජධානියේ වෙසෙන මිනිසුන්ගෙ  මිලියන භාගයකට ආසන්න ප්රමාණයක ජෙනෝම විශ්ලේෂණය කිරීම සඳහා යන්ත්ර ඉගෙනීම සහ පරිගණක ඇල්ගොරිතම භාවිතා කළේය. සංඛ්යාලේඛන සැකසීමෙන් පසුව, හුදෙක් ඔවුන්ගේ ජාන වලින් පමණක් පුද්ගලයෙකුගේ උස හා අස්ථි ඝනත්වය නිවැරදිව පුරෝකථනය කිරීමට කණ්ඩායමට හැකි විය.

එපමණක් නොව, ජාන විකෘති හා හෝමෝන අසමතුලිතතාවයන් ද වාමනබාවය (dwarfism) ඇතුළු මිටි තත්වයකට සම්බන්ධ කර දැක්වේ. වාමනබාවය(dwarfism) යන මෙම තත්වය සහිත පුද්ගලයෙකුගේ උස  අඩි 4 යිඅඟල් 10 ක් (සෙන්ටිමීටර 147)  හෝ ඊට අඩු මට්ටමක පවතී. වාමනබාවය උප වර්ග දෙකකට බෙදිය හැකිය. පළමුවෙන්ම, විසමානුපාතික වාමනබාවය(disproportionate dwarfism) යනුවෙන් හැඳින්වෙන දේ දැක්විය හැක. මේ තත්ත්වයේ දී ශරීරයේ සමහර කොටස් කුඩා වන නමුත් අනෙක් ඒවා සාමාන්ය හෝ සාමාන්ය ප්රමාණයට වඩා වැඩිය. අනෙක් වර්ගය සමානුපාතික වාමනබාවයයි(proportionate dwarfism). මේ තත්ට්වයේ දී සියලුම ශරීර කොටස් සමානුපාතිකව සාමාන්යයට වඩා කුඩා වේ. වාමන වර්ග දෙකම ජානමය වන අතර, ආකෘති දෙකකට හේතු විය හැකි ජානමය වෙනස්කම් 200 ක් හෝ ඊට වැඩි ගණනක් ඇති බව ද පැවසේ. මෙම ජාන වලින් සමහරක් ජානමය වශයෙන් ප්‍රමුක්හ්යි, එනම් පුද්ගලයෙකුට එම ජාන උරුම කර ගත යුත්තේ එක් අයෙකුගෙන් පමණි.  අනෙක් අය ජානමය වශයෙන් නිලීනවන(recessive) අතර, එයින් අදහස් වන්නේ පුද්ගලයෙකුට දෙමව්පිය දෙදෙනාගෙන් ජාන උරුම කර ගත යුතු බවයි.

Live Science හී පළවූ What determines a person’s height?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.