Covid-19 පිළිබඳ සැබෑ සංඛ්‍යාලේඛන දක්වන යථාර්ථය

Posted by

Covid-19 පිළිබඳ සැබෑ සංඛ්‍යාලේඛන දක්වන යථාර්ථය

ඉන්දියාවේ නිල කොවිඩ් -19 සංඛ්‍යාලේඛන රටේ වසංගතයේ සැබෑ පරිමාණය තදින් අවතක්සේරු කරන්නේ යයි The New York Times පුවත් පත වාර්තා කරයි.

වෛරසයේ සැබෑ සංඛ්‍යාව පිළිබඳව වඩාත් සමීප තක්සේරුවක් ලබා දීම සඳහා එම පුවත්පත, විශේෂඥයන් දුසිමකට අධික පිරිසක් විමසා කාලයාගේ ඇවෑමෙන් මතුවන ආතුර සංඛ්‍යාවන් හා මරණ සංඛ්‍යාවන් සමග මහා පරිමාණ ප්‍රතිදේහ පරීක්ෂණවල (antibody tests) ප්‍රතිඵල විශ්ලේෂණය කරණු ලැබීය. සැබෑ සංඛ්‍යාලේඛන පිළිබඳ ඇස්තමේන්තු කිහිපයක් පහත දැක්වේ.

මෙම කාර්යයේ ආරම්භක ස්ථානයක් ලෙස, ටයිම්ස් පුවත්පත මගින් රටපුරා ප්‍රතිදේහ පරීක්ෂණ තුනක දත්ත භාවිතා කරන ලදී. ඒ තුනෙන්ම දැක්වූයේ සත්‍ය ආසාදන සංඛ්‍යාව වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉක්මවා ඇති බවයි. මරණ අනුපාතය තක්සේරු කිරීම සඳහා, ආසාදිතයන් අතුරෙන් මියගිය සියලුම ආසාදිතයින්ගේ කොටස කොපමණදැයි විමසා බැලීණ.

එහිදී පෙණී ගියේ වඩාත්ම සංස්ථිතික හෙවත් මැදහත් තක්සේරුවකින්  පවා දක්වන මරණ සංඛ්‍යාව, වාර්තා කරන නිල මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන බවයි. මෙතැන දී සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති කාරනාව නම්, නිල වශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් පස් ගුණයකට වඩා (මරණ) සිදුවී ඇති අතර වඩාත් නරක තත්වයන් ගැන සලකතොත් එය නිල මරණ සංඛ්‍යාව මෙන් 14 ගුණයකින් වැඩි විය හැකි වීමකි.

බොහෝ දෙනෙකුට් දැක ගත හැකි අන්දමට නම් , වෛරසය බලන බලන සෑම තැනකම පවතී.  “මා දන්නා පුද්ගලයින්ගෙන් අඩක් පරීක්ෂාවෙන් පසු ධනාත්මක යයි(රෝගය වැළඳී ඇතැයි)  හෝ මීට පෙරම ආසාදනය වී ඇති අයයි” යනුවෙන් මුම්බායි හි වෙසෙන ආකාෂ් හෙලියා ටයිම්ස් පුවත්පතට පැවසුවේය.

මෙය හුදෙක් ඉන්දියාවේම ප්‍රශ්නයක් පමණක් නොවේ: ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට ගෝලීය මරණ සංඛ්‍යාව වාර්තා වූ සංඛ්‍යාවට වඩා දෙගුණයක් හෝ තුන් ගුණයක් විය හැකිය.

නමුත් ඉන්දියාවේ සංඛ්‍යා අවතක්සේරුව බොහෝවිට සංසන්දනාත්මකව වඩාත් පුලුල්ව පැතිරුනු, කැපී පෙණෙන එකක් විය හැක. පරීක්ෂා කිරීම වඩාත් ව්‍යාප්තව සිදු නොකරීම,  වාර්තා තබා ගැනීමේ දුර්වලතා, හා Covid-19 හෙතුවෙන් සිදුවන  මරණ වාර්තා කිරීමට අකමැත්ත දැක්විය හැක. එපමනක් ද නොව,  රෝහල් අධික ලෙස පිරී ඇති හෙයින්, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලවිශාල පිරිසක් නිවසේදී මිය යති.කොවිඩ් -19 හා කෝවිඩ් ආශ්‍රිත හේතූන් නිසා සිදුවන මරණ  ලෝකයේ රටවල් සිය නිල දත්තවල වාර්තා කර ඇති සංඛ්‍යාව මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීමට ඒවා හේතුකරක වේ.

ගෝලීය වසංගතය ආරම්භයේ සිට Covid-10 නිසාවෙන් හෝ  එහි ප්‍රතිඵල ලෙස මේ දක්වා මිලියන 6 ත් 8 ත් අතර ජනතාවක් මියගොස් ඇති අතර,   එය රටවල්වල නිල වාර්තාකරණයේ වාර්තා වී ඇත්තේ  මිලියන 3.4 ක් වූ අතර ප්‍රමාණයක් හැටියට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අංශයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිරා අස්මා පවසයි.

රටවල නිල දත්තවල වාර්තා වී ඇති මිලියන 1.8 හා සසඳන විට 2020 දී අවම වශයෙන් මිලියන 3 ක ජනතාවක් කොවිඩ් -19 රෝගයෙන් මියගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්ෂික සංඛ්‍යාලේඛන වලින් වාර්තා වේ.

Coronavirus: What is the true death toll of the pandemic? - BBC News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සහ රටවල්වල නිල දත්ත අතර ඇති විශාල විෂමතාවය අවධාරනය කරන්නේ තමප්‍රජාවන්ට කොරොනා වයිරස් ආසාදනය වී ඇත්දැයි  පරීක්ෂා කිරීමට බොහෝ රටවලට ඇති හැකියාවෙහි සීමිත බව සහ නිල සෞඛ්‍ය දත්තවල ඇති අනෙකුත් දුර්වලතාය. උදාහරණයක් ලෙස, සමහර කොවිඩ් වින්දිතයින් පරීක්ෂාවට ලක් කිරීමට පෙර මිය ගොස් ඇති අතර ඔවුන්ගේ මරණ නිල වාර්තා අතර දක්නට නොලැබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත විශ්ලේෂක විලියම් මැසෙම්බුරි පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තක්සේරුව පදනම් කර ගෙන ඇත්තේ කොවිඩ් -19 නිසා සිදුවිය හැකි අතිරික්ත මරණ තක්සේරු කරන සංඛ්‍යානමය ආකෘතියක් මත ය. මෙම තාක්ෂණයට ඇතුළත් වන්නේ නිල වශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ගෙන ඉන් අනතුරුව වසංගතය සිදු නොවූයේ නම් (රටක)කලින් සිදු වූ මරණ ප්‍රවණතා(mortality trends ) මත පදනම්ව අපේක්ෂා කළ හැකි මරණ සංඛ්‍යාව අඩු කිරීමයි.

එම පදනම මත ලෝක සෞඛ්‍ය සංවිධානය  2020 දී යුරෝපීය රටවල් 53 ක මිලියන 1.1 සිට මිලියන 1.3 ක ජනතාවක් කොවිඩ් -19 රෝගයෙන් මියගිය බව ඇස්තමේන්තු කර ඇති අතර එය නිල දත්තවල වාර්තා වී ඇති සංඛ්යාව මෙන් දෙගුණයකි. නිල වශයෙන් වාර්තා වූ මරණ 900,000 හා සසඳන විට එම කාලය තුළ ඇමරිකාවේ ප්‍රාන්ත 35 ක මිලියන 1.3 ත් 1.5 ත් අතර ජනතාවක් මිය ගිය බව එම සංවිධානය ගණනය කරයි.

WHO ලබන සතියේ ජිනීවාහි පැවැත්වෙන සිය ප්‍රතිපත්ති සම්පාදක රැස්වීමේ වාර්ෂික රැස්වීමට WHO , එහි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනු ඇත. දත්ත පද්ධති වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම සෞඛ්‍ය අංශයේ වර්ධනයන් අධීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට දත්ත පද්ධතිවලට ඇති හැකියාව නංවනු වස්  හදිසි ආයෝජන සිදු කිරීමට   මෙම සංඛ්‍යා උපකාරී වනු ඇත.

“අපට වඩාත් හොඳින් සූදානම් විය හැක්කේ වඩා හොඳ දත්ත ඇත් නම් පමණයි’ වෛද්‍ය අස්මා පෙන්වාදෙයි.

The Ney York Times   හී පළවන The reality of India’s outbreak  සහ Virus deaths are probably two to three times more than official records, the W.H.O. says. යන ලිපි ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.