‘ප්‍රතිඑන්ට්‍රොපි’ සංකල්පයෙන් ඔබට ප්‍රතිසංවිධිත ජීවිතයක්!

Posted by

ජීවිතය පුරා ම අප විසින් විවිධාකාර තීරණ ගනු ලබයි. නිවසෙහි බිම වැටී ඇති මේස් කකුලක් ඇහිඳ එය නිසි තැන තැබීම, වතුර කාන්දු වන කරාමයක් අලුත් වැඩියා කිරීම, දවස අවසානයේ දී නින්දට යාමට පෙර මුළුතැන්ගෙයි ආහාර පිසූ බඳුන් සෝදා පිරිසිදු කර රාක්කවල ඇසිරීම ආදී වශයෙන් අපේ එදිනෙදා ජීවිතයේ සුළු සුළු මට්ටමක සිට නොයෙක් කටයුතු රාශියක් අපි ඉටු කරන්නෙමු.

ඇඳුම් කබඩය තුළ තිබිය යුතු මේස් කුට්ටමකින් එක කකුලක් නිවසේ ආලින්දයේ වැටී තිබේ නම් පසු අවස්ථාවක එය සොයා ගැනීමට අපට මහත්  වෙහෙසක් දරීමට සිදු විය හැකියි. මේස් කකුල එසේ නිවසේ විස්ථානගත වීම භෞතික විද්‍යාවේ එන්ට්‍රොපි සංකල්පය සීහියට නංවන්නකි. එන්ට්‍රොපිය සරලව ම කිවතොත් පද්ධතියක සිදුවන ශක්ති හානිය යි. පද්ධතියක අධික ශක්ති හානියක් සිදුවුව හොත් එය මුළු පද්ධතිය ම අවුලට හෙළයි.

මේස් කකුල ඇහිඳ එය නිසි තැන තැබීමට නම් ඔබට එතරම් ශක්තියක් වැය නොවන්නට පුළුවනි. එහෙත් නිවසේ ගෙවත්තේ ඇති වතුර කරාමයක් අලුත් වැඩියා නොකළහොත් එයින් වතුර කාන්දු වී ගෙවත්ත ම මඩ විය හැකි ය. නිවසේ විදුලි රැහැන් පද්ධතියේ අඩුපාඩු හෝ තාක්ෂණික දෝෂ අප විසින් නිසියාකාරව හරි ගස්වා නොතබනු ලැබුවහොත් වැසිබර අවස්ථාවක විශේෂයෙන් අකුණු සහිත අවස්ථාවක එහි ඵලවිපාක අපට විඳින්නට සිදු වනු ඇත. ඉන් යම් කිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපට වැඩිපුර ශක්තියක්  දැරීමට සිදුවනු නිසැක ය.

එන්ට්‍රොපියේ ප්‍රතිවිරුද්ධ සංකල්පය ගැන හඳුනා ගැනීමේ වටිනාකම දැනෙන්නේ මෙවිට ය. අප එය ‘ප්‍රතිඑන්ට්‍රොපිය’ (negentropy) ලෙසින් හඳුන්වමු. සමාජ පද්ධතීන් පිළිබඳ අධ්‍යයනයන්ගෙන් උකහා ගත් දැනුම සලකා බලන කල, මෙම ‘ප්‍රතිඑන්ට්‍රොපි සංකල්පය’ එදිනෙදා ජීවිතයේ දී අපගේ ඉදිරි ගමනට බාධාවන ශක්ති හානි නොඑසේ නම් අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවන අවස්ථා මග හරවා ගැනීමට, එසේ ම අප කරන කර්තව්‍යයන් හි දී අපට මුහුණ පාමට සිදුවන අවුල් සහගත තත්ත්වයන් මග හරවා ගැනීමට මහෝපකාරී වන බව සඳහන් කළ හැකි ය. ශක්තිය සහ ප්‍රතිඑන්ට්‍රොපිය පිළිබඳ සංකල්පයන් එදිනෙදා ජීවිතය සහ සමාජයීය කටයුතුවල අභිවෘද්ධිය වෙනුවෙන් උපයෝගී කරගන්නේ කෙලෙස ද යන්න පිළිබඳ ව අපි දැන් විමසුමක යෙදෙමු.

mess and dump. An old room with lots of things. Devastation. Very small housing.

නාස්තිය අවම කරමින් වැඩි ප්‍රගතියක් කරා යමු…

සමාජයීය ව මෙන් ම භෞතික විද්‍යාත්මක ව ගත් කල ශක්තිය යනු යම් කාර්යයක් කිරීමට වැය කළ හැකි ප්‍රමාණය නැතහොත් වැය වන ප්‍රමාණය යි.   සංස්ථා, අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල, සමාජ සේවා ආයතනයන් හි වැඩ කටයුතු පිළිබඳ අධ්‍යයනයන් හි දී පෙණි ගොස් ඇත්තේ ආයතන තුළ ශක්ති හානි නිරන්තරයෙන් සිදුවන බවයි. නිදසුනක් ගනිමු. හත් දෙනෙකුට අදාල කාර්යක් ගැන සැලසුම්කරණය පිණිස හ්හත්‍රදෙනෙකුගේ සහභාගිත්වයෙන් ‍රැස්වීමක්පැවැත්වීම හෝ විද්‍යුත් තැපෑල මගින් ඉ‍ටුකර ගත හැකි කාරනාවක්සඳහා සමූහ රස්වීමාක් කැඳවීම දැක්විය හැකියි.කෙරෙන ආකාරය සහ ඔවුන් අවසන් ප්‍රතිඵලය වෙත යන ක්‍රියා පටිපාටී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් කළ යුතු ම ය. ආයතනයක සංවිධානාත්මක බවෙහි අඩුලුහුඬුකම් නිසා එහි සේවය යෙදෙන්නන් සහ එහි සේවය යෙදීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඇතුළු විශාල මානව සම්පතක් එම ආයතනවලට අහිමි විය හැකි බව පෙනී යයි.

මෙම ආයතනවල වැඩෙහි යෙදෙන්නන් සහ එහි ප්‍රධානීන් මෙම ප්‍රතිඑන්ට්‍රොපි සංකල්පය සැලකිල්ලට ගෙන එය තම සංවිධාන කටයුතු සහ සැලසුම්කරණය සඳහා ප්‍රායෝගික ව යොදා ගන්නේ නම් මීටත් වඩා ඵලදායී මෙන් ම කාර්යක්ෂම ආයතනයන් බවට ඒවා පත් වනු ඇත. තම ඉලක්ක කරා යාම වඩාත් පහසු වනු ඇත. සරලව ම කිවතොත් ඔබ ඒ මේස් කකුල ඇහිඳ නිසි තැන තැබීමෙන්, පසු අවස්ථාවක එය සෙවීමට ගත කරන නොඑසේ නම් නාස්ති කරන කාලය මගහරවා ගත හැකි ය; ඒ කැඩුණු වතුර කරාමය අලුත් වැඩියා කිරීමෙන් මාසික ජල බිල්පතේ ගාස්තුව වඩාත් අවම කරගත හැකි ය. ආයතනවලට ද මෙය මෙලෙසින් ම අදාළ කරගත හැකි ය. නාස්තිය අවම කරගත හැකි ය; ප්‍රගතිය වැඩි කරගත හැකි ය!

ප්රතිඑන්ට්රොපික සාර්ථකත්වය කරා පියවර 5කින්!

1.        එන්ට්‍රොපිය පිළිබඳ තක්සේරුකරණය

එදිනෙදා ජීවිතයේ දී ඔබේ නිවසේ සහ ඔබ ආයතනයෙහි ආදී ඔබ වැඩෙහි යෙදෙන ස්ථානවලදී ශක්තිය සහ සම්පත් අපතේ යන අවස්ථා මැනවින් හඳුනාගන්න. මෙය නිවස තුළ සහ ඉන් පිටත පරිසරය එන්ට්‍රොපි අගයන් සටහන් කළ විස්තරාත්මක සටහනක් ලෙස විටක සැලකිය හැකි ය. ඒ සටහනෙහි ශක්ති හානි සිදුවන තැන් නිර්ණය කරගන්න. උදාහරණයක් ලෙස මනාව මුද්‍රා තබා නැති ජනේලයකින් තාප ශක්තිය ඉවතට කාන්දු විය හැකියි.  අපිළිවෙල වූ මුළුතැන්ගෙයක, ආහාර පිසීමට අමතර ව, ආහාර පිසින බඳුන් සොයා ගැනීමට අමතර ශක්තියක් වැයවේ. නවක සේවකන් බඳවා ගැනීම සඳහා වැඩ පිළිවෙල අක්‍රමවත් නම් පසුව නෛතික ගැටළු වලට මුහුණ දීමට හේතු වීමට පුළුවන්.

2.        නාස්තීන් ශ්‍රේණිගත කිරීම සහ ප්‍රමුඛතා හඳුනාගැනීම

මෙම ශක්ති හානිවන ආකාර අතරේ වැඩිපුර ම ශක්ති හානියක් සිදුවන අවස්ථා හඳුනාගෙන ඒවාට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. ඒවා හ්‍රේණිගත කරන්න. හානියේ ප්‍රමුඛතාවයට අනුව ඒවාට වහ වහා පිළියම් යොදන්න. නිතර ඔබේ සිතට වද දෙන්නේ ජලය අපතේ යවන කුස්සියේ කරාමය අළුත්වැඩියා කිරිම නම් එය කඩිනමින් ඉ‍ටු කිරීමෙන්  කුස්සිය  වඩාත් ඵල්දායී තැනක් කර ගැනීමට බාධාකාරී වන වෙනත් කාරණා ගැන සිත යෙදවීමට ඔබට අවස්ථාව උදාවේ.

3.        සැලසුම්කරණය

ඉහත කී ශක්ති හානි වන ක්‍රම අවම කරන ක්‍රම මොනවා දැයි හඳුනාගෙන ප්‍රථමෙන් ප්‍රමුඛතාව හිමි විය යුතු කරුණු විසඳාගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව සැලසුමක් සකසා ගත යුතු ය. උදාහරණයක් ලෙස කුස්සියේ බඩුමුට්ටු පිළිවෙලට සකස් කිරීමට පෙරාතුව ඉතා විශාල ලෙස එහි කරාමයකින් ජලය කාන්දු වනවා නම් පළමුව එය අලුත්වැඩියා කරන්න. ජලය දසත ගලාගොස් ඇත්නම් එය පිරිසිදු කර අනතුරුව මුළුතැන්ගෙයි බඩුමුට්ටු අස්පස්කිරීමට පටන් ගත හැකි ය.

4.        සැලසුම ක්‍රියාත්මක කිරීම සහ විමසිලිමත් වීම

සැලසුම් ක්‍රියාවට නංවන්න. එහෙත්  ශක්ති ඉතිරිය හා ශක්ති හානිය ගැන අවධානයෙන් සිටින්න. ප්‍රතිඑන්ට්‍රොපික වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට යාමේ දී,  සාර්ථකව ක්‍රියාත්මක වන්නේකුමක් ද, ඉඑට කොපමන ප්‍රයත්නයක් වැයවිනි ද  ද යන්න පිළිබඳ නිරතුරු සැලකිල්ලෙන් පසුවන්න. මීට අමතර ව මෙහි දී ඔබ උගත් නව දේවල් ඇසුරින් අනාගත ප්‍රතිඑන්ට්‍රොපික වැඩපිළිවෙල සකස් කර ගත හැකිය.

5.        වැරදි සකසා ගැනිම සහ පවත්වාගෙන යාමට වැඩි යමක් 

ශක්ති හානීන් අවම කිරීම සහ වළකා ලීම සිදු කරන අතරේ ම ඔබ විසින් සිහි තබා ගත යුතු තවත් කරුණක් ඇත:  වර්ත්මාන ක්‍රමය කෙතරම් සුමටව කෙරීගෙන ගියත්, වාසිදායක නොවන ක්‍රමයක් පවත්වාගෙන යාම අර්ථ විරහිතය. ආයතනයක වර්තමාන පරිසරය වෙනස් කළ යුතුව ඇත්නම්, එම පරිසරයට නවක සේවකයන් හඳුන්වා දීමේ දී අනුස්ථාපන වැඩසටහන් වැඩි දියුණු කිරෙමට වෙහෙසීමෙන්ම  ඔබ බලාපොරොත්තු වන ප්‍රගතිය ළඟා කර ගත නොහැකි ය. එනිසා වර්තමාන තත්ත්වය ශක්ති හානිය ප්‍රවර්ධනය කරන්නක් නම් කුඩා කුඩා පියවර ගැන පමණක් නොව සමස්ත ක්‍රමයම ‘ප්‍රතිඑන්ට්‍රොපික ව ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයක්’ මතු ව ඒ නම් ඔබ විසින් ඒ පිළිබඳ ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය.

‘ප්‍රතිඑන්ට්‍රොපි සංකල්පය’ සමාජයීය කර්තව්‍යයයන් සහ සමාජයීය සම්බන්ධතාවන්හි සියළු ප්‍රශ්න සහ අර්බුදයන්ට විසඳුම් ලබා දේ යැයි වරදවා වටහා නොගත යුතු ය. එහෙත් ශක්තිය හෝ සම්පත් අපතේ යන්නේ කොතැනද, ප්‍රමුඛතවය අනුව එතැනට පිළියම් යෙදීමෙන් ඔබ වටා ඇති පද්ධති වැඩිදියුණු කිරීමෙහි ලා ප්‍රමුඛත්වය දෙමින් සුදුසු ක්‍රියා මර්ග ගැනීම පහසු කරවනු ඇත.

පරිවර්ථනය කර සකස් කළේ: විනුක වලවගේ

The Conversatin හි පළ වූ  A concept from physics called negentropy could help your life run smootherයන ලිපිය ඇසුරෙනි.

‘ප්‍රතිඑන්ට්‍රොපි’ සංකල්පය සහ ක්‍රියාමාර්ග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.