පරිණාමය සහ උරුමය

Posted by

පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ කුමක් මගින් ද යන්න නිවැරදිව සොයා බැලීමට විසිවන ශතවර්ෂයේ ආරම්භයේ දී ලොව පුරා විද්‍යාඥයෝ  උත්සාහ කළහ.

මේ අසීරු මෙහෙයුම සාර්ථක කර ගනු වස් නේපල්ස් බොක්ක මුහුදු වෙරළේ පිහිටි මැරීන් ස්ටේෂන් හි සේවය කරන තියඩෝර් බොවේරි(Theodor Boveri) එහි ජලයේ බහුල සතුන් භාවිතා කළේය: මුහුදු ඉකිරියන්(sea urchins). ඉකිරියෙකුට  ශුක්‍රාණු මෝචනය කිරීමට සැලැස්වීම පුදුමාකාර ලෙස  පහසු ය. කරන්න තියෙන්නේ සුළු දෙයයි: ඔබ ඉකිරියා හොඳට සොලවා අනතුරුව වතුර වීදුරුවක උඩු යටිකුරු කර හරවන්න. එවිට ශුක්‍ර තරලය පිටතට ගලා යයි.  මේ අන්දමේ සාම්පල මෙතරම් පහසුවෙන් ලබා ගත හැකි වීමට හැකිවීමත් සමඟම, බොවේරි සියළුම ආකාරයේ අත්හදා බැලීම් සිදු කිරීමට පසුබට වූයේ නැත. එමෙන්ම, යහපත් සෞඛ්‍යයට වර්ණදේහ(chromosome) අංකය ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. වැරදි වර්ණදේහ සංඛ්‍යාවක් සහිත විකෘති වූ ඉකිරියන් ඔහු  විස්තර කළේ  ‘බිහිසුණු’ ඉකිරියන් ලෙසයි.

මේ අතර, , තෝමස් හන්ට් මෝගන් බුරුතු පිටින් පලතුරු මැස්සන් බෝ කරමින් සිටි අතර, නිශ්චිත වර්ණදේහවල ඔහුගේ මැස්සන්ගේ ඇසේ වර්ණයට අනුරූප වන කලාප ඇති බව පෙන්වීමට පටන් ගත්තේය.

ජාන – එනම් උරුමයේ ඒකක වන ජාන පවතින්නේ වර්ණදේහ තුළය.  ජීවීන් බොහොමයකට වර්ණදේහ කට්ටල දෙකක් ඇත, ඒ කට්ටල දෙක ඔවුන්ගේ දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එකක් ලෙස උරුම වී ඇත.

මිනිසුන්ට යුගල විසි තුනක් ඇති නමුත් එක් යුගලයක් සෑම විටමත් නියම යුගලයක් නොවේ. පිරිමින්ට ඔවුන්ගේ පියවරුන්ගෙන් උරුම වූ Y  වර්ණදේහයක් සහ මවුවරුන්ගෙන් X වර්ණදේහයක් ඇති අතර කාන්තාවන්ට මාපිය දෙදෙනාගෙනම්  X බැගින් උරුම වේ.

Male/female sex chromosomes. Conceptual image of the X and Y human chromosomes and their role in determining the sex of an individual. At top is an X and Y chromosome which determines male characteristics. The Y chromosome has been altered in shape and size to appear much larger and more Y-shaped than it really is. At bottom are two X chromosomes that determine female characteristics. Every human cell has 46 chromosomes, of which the other 22 pairs are identical in both males and females. Chromosomes carry genetic information in the form of genes and the sex chromosomes carry the genes which control sexual development.

ජාන, පරිණාමය, සහ උරුමය

මේ අතර ගණිතඥයෝ, ඩාවින්ගේ න්‍යාය අල්ලාගෙන  කාලයගේ අවෑමෙන් ජනගහනය හරහා ජාන සම්ප්රේෂණය වන ආකාරය සොයා බැබැලූහ. ජානය යනු උරුමයේ ඒකකය වන අතර  ස්වාභාවික වරණය ක්රියාත්මක වන්නේ ඒ මතයි. පසුකාලීනව මෙය රිචඩ් ඩෝකින්ස් විසින් ජනප්රිය කරන ලද ‘ආත්මාර්ථකාමී ජාන'(‘selfish gene’ ) න්‍යාය ලෙස ප්රසිද්ධියට පත් විය. පරිණාමයේ මිනුම යනු ජනගහනයක ජානවල නිතරතාව කාලයත් සමඟ වෙනස් වන ආකාරයයි. විශාල වලිගයක් සඳහා වූ  ජානයක් මොනරෙකුට සංවාසයේ යෙදීමේ නිතරතාව වැඩිවීමට උදව් වන්නේ නම්  එවිට එම ජානය පරම්පරාවන් හරහා වඩාත් කාර්යක්ෂමව පැතිරෙනු ඇති අතර එම ජානය අනාගතය දක්වා නොනැසී පවතිනු ඇත. තිබුණොත් මොනරෙකුට සඳහා ජානයක් බොහෝ විට මොනරාගේ සහකරුට උදව් කරයි නම්, එය වරණය හිමිකරගෙන ඇත.

තනි ජානවලට අමරණීයභාවය ළඟා කර ගත හැකි හොඳම ක්රමය වන්නේ ජීවියෙකු තුළසමායොජනයෙන් වෙනත් ජාන සමඟ සමපාත වීමයි. අප වනාහී හුදෙක්  ජාන සාර්ථක කර ගැනීම සඳහා වූ ලෙලි (ආවරණ) පමණකි.

GENETICS by Adam Rutherford(2018)  ග්‍රන්ථය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.