Filter Button
COVID-19 මද වශයෙන් වැළඳී සුවය ලබන පුද්ගලයින්ට දශක ගණනාවක් තිස්සේ ප්‍රතිදේහ නිපදවිය හැකි අස්ථි-ඇටමිදුළු සෛල ඇති නමුත් එසේ ලබා දෙන ආරක්ෂාව නව වෛරස් ප්‍රභේද මඟින් යම් දුරකට අඩාල කළ හැකිය.

ප්‍රතිදේහ නිපදවන එවැනි(අස්ථි-ඇටමිදුළු සෛල වැනි) සෛල COVID-19 වලින් සුවය ලැබූ අයගේ සිරුරු තුළ මාස ගණනාවක් රැඳී පවතියි. SARS-CoV-2 ආසාදනය වී ඇති බොහෝ අය සමහරවිට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවනු ඇතැයි පවසා සිටින්නේ COVID-19 වලින් සුවය ලැබූ අය අතරේ අස්ථි ඇටමිදුළුවල දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිදේහ නිපදවන සෛල තිබෙන බව හඳුනාගෙන ඇති පර්යේෂකයන් පිරිසකි.
SARS-CoV-2 ආසාදනය මගින් අවුලුවන ප්‍රතිශක්තිය අසාමාන්‍ය ලෙස දිගු කල් පවතින බවට මෙම අධ්‍යයනය සාක්ෂි සපයයි. මේ නිගමනය තවදුරටත් තහවුරු කරමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි මොනාෂ් විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ මෙනෝ වැන් සෙල්ම්(Menno van Zelm) පවසන පරිදි, “ මෙ සාක්ෂිවලින් දක්වෙන්නේ එන්නත් ද ඒ ආකාරයෙන්ම කල් පවතින බලපෑමක් ඇති කරන” බවයි.
ප්‍රතිදේහ — එනම් වෛරස් අංශු හඳුනා ගැනීමට සහ ඒවාඅක්‍රිය කිරීමට උපකාරී වන ප්‍රෝටීන- ප්‍රධාන ප්‍රතිශක්තිකරණ ආරක්ෂණයකි. නව ආසාදනයකින් පසුව, ප්ලාස්මා පිපිරීම්(plasma blasts) ලෙස හැඳින්වෙන කෙටි කාලීන සෛල යනු ප්‍රතිදේහවල මුල් ප්‍රභවයකි. නමුත් වෛරසයක් ශරීරයෙන් ඉවත් වූ විගසම මෙම සෛල(එනම් plasma blasts) පසුබසිනු ඇති අතර, අනෙකුත් දිගු කල් පවතින සෛල ප්‍රතිදේහ නිපදවයි: ස්මරණ බී සෛල(memory B cells) නැවත ආසාදනයක් ඇතිවේ දැයි සොයා බැලිම සඳහා රුධිරයේ මුර සංචාරයේ යෙදෙන අතර (ඉහත සඳහන් කළ) අස්ථි ඇටමිදුළු ප්ලාස්මා සෛල (bone marrow plasma cells – BMPCs) අස්ථිවල සැඟවී, දශක ගණන් තිස්සේ ප්‍රතිදේහ නිපදවයි.
“ප්ලාස්මා සෛලයක් යනු අප නිරාවරණය වී තියෙන රෝග කාරක අනුව ගත්තොත්, අපේ ජීවිත ඉතිහාසයයි,” අධ්‍යයනය මෙහෙයවූ, ශාන්ත ලුවී, මිසූරි හි වොෂින්ටන් විශ්ව විද්යාලයේ B සෛල ප්රතිශක්තිකරණය පිළිබඳ විද්යාඥ අලි එල්ලෙබෙඩි(Ali Ellebedy) කියයි. අධ්‍යයනය, මැයි 24. දා Nature සඟරාවේ පලවිය.

COVID දැන් උපරිම මට්ටමට පැමිණ තිබේද? සමහර විට විය හැකියි, එත් එය සහතික වශයෙන් කීමට තවම ඉක්මනින් වැඩියි.
SARS-CoV-2 ආසාදනය BMPCs වර්ධනය අවුලුවනු ඇතැයි පර්යේෂකයෝ අනුමාන කළහ. වෛරස් ආසාදන සියල්ලෙන්ම පාහේ එලෙස සිදුවේ. එහෙත් උග්‍ර COVID-19 මගින් , සෛල හටගැනීම කඩාකප්පල් කරණු ලැබිය හැකි බවට ලකුනු ඇත. ආසාදනයවි සුව වීමෙන් පසුව වැඩි කල් යන්නට මත්තෙන් ප්‍රතිදේහ පහළට ඇද දමන බව සොයා ගනු ලැබූ විට, මුල් කාලයේ සිදුකළ සමහර COVID-19 අධ්‍යයන් මගින් ද එවැනි බියක් පළ කෙරිණ.
COVID-19 ආසාදනයෙන් සුවය ලැබූ 77 දෙනෙකු තුළ ප්‍රතිදේහ නිපදවීම ගැන එලිබෙඩිගේ කණ්ඩායම විසින් දිගටම විමසිල්ලෙන් සිටින ල දී. මොවුන් ගෙන් බහුතරය මද වශයෙන් COVID-19 ආසාදනය වු අයයි. අපේක්ෂා කළ පරිදි, SARS-CoV-2 ප්‍රතිදේහ ආසාදනයෙන් මාස හතරකට පසු පහළට කඩා වැටුණි. එසෙනමුත් මෙම පරිහානිය මන්දගාමී වූ අතර ආසාදනය වී මාස 11 ක් ගත වුවද පර්යේෂකයන්ට SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන හඳුනාගත් ප්‍රතිදේහ සොයා ගැනීමට හැකි විය.

ප්‍රතිදේහවල ප්‍රභවය හඳුනා ගැනීම සඳහා, එලෙබෙඩිගේ කණ්ඩායම විසින් සහභාගිවන්නන්ගේ උප කුලකයකින් ස්මරණ බී සෛල සහ අස්ථි ඇටමිදුළු එකතු කරන ලදී. රෝග ලක්ෂණ වර්ධනය වී මාස හතකට පසුවත්, මෙම සහභාගිවන්නන්ගෙන් බොහෝ දෙනෙකුට තවම SAර්S-ඡොV-2 හඳුනාගත් ස්මරණ භ් සෛල තිබී ඇත. ඇට මිදුළු සාම්පල 18 න් 15 කම මාස 7-8 කට පෙර ඒ පුද්ගලයන්ගේ කොරෝනා වයිරස් ආසාදන මගින් අවුලුවන ලද BMPCs වල ඉතා අඩු නමුත් හඳුනාගත හැකි මට්ටමක ගහනයක් විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. මාස කිහිපයකට පසු ඇට මිදුළු තවත් සාම්පලයක් ලබා දුන් පුද්ගලයින් පස් දෙනා තුළම මෙම සෛලවල මට්ටම ස්ථාවරව පැවතිණ.
SARS-CoV-2 ප්‍රතිදේහ අඩුවෙමින් පවතින බව කියා පෑ තත්ත්වයක් යටතේ, “මෙය ඉතා වැදගත් නිරීක්ෂණයක්” යැයි ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි එමරි විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ රෆි අහමඩ් පවසයි. 1990 දශකයේ අග භාගයේදී එම සෛල සොයා ගන්නා ලද්දේ ඔහුගේ කණ්ඩායම විසින්. කෙසේවෙතත්,පැහැදිලි නැති දෙය නම් දිගු කාලීනව ප්‍රතිදේහ මට්ටම් කෙබඳු වනු ඇත්ද යන්න සහ ඒවා කිසියම් ආරක්ෂාවක් ලබා දෙන්නේද යන්නයි. “අපි මෙ මගෙහි තවම ඉන්නේ මුල් අවදියේ. ආසාදනය වී අවුරුදු පහක් න් අතිනම් අවුරුදු දහයකට පසු වෙන්නේ කුමක් දයි බලන්නේ නැහැ නෙ. ”
Pfizer සමාගමේ mRNA එන්නත මගින් එම සෛලම නිපදවනු ලැබීම ඇවිලිය යුතු බවට මුල් සංග්නා එලේබෙඩිගේ කණ්ඩායම නිරීක්ෂණය කර ඇත. එසේනමුත් එන්නත් කිරීම හෝ ආසාදනය මගින් ප්‍රතිදේහ නිපදවීමේ අඛණ්ඩතාවය COVID-19 සඳහා දිගු කාලීන ප්‍රතිශක්තිය සහතික නොකරයි. ප්‍රතිදේහවල ආරක්ෂිත බලපෑම් බොඳ කිරීම පිණිස, මතුවී එන සමහර SARS-CoV-2 ප්‍රභේදයන්ට ඇති හැකියාව නිසා මට්ටම් යථා තත්වයට පත් කිරීම සඳහා අතිරේක ප්‍රතිශක්තිකරණ අවශ්‍ය වනු ඇතැයි එලෙබෙඩි පවසයි. “මගේ උපකල්පනය නම්, අපට බූස්ටරයක් අවශ්‍ය වනු ඇත යන්නයි.”
Nature.com හි පළවූ Had COVID? You’ll probably make antibodies for a lifetime යන ලිපිය ඇසුරෙනි.