නැවුම් වාතය ගැන නැවුම් ආකාරයකට සිතා බලමු

Posted by

නැවුම් වාතය ගැන නැවුම් ආකාරයකට සිතා බලමු

ගොඩනැගිලිවල වාතය පිරිසිදු කිරීමට කාලය දැන් පැමිණ ඇත.

1842 දී බ්‍රිතාන්‍ය සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ එඩ්වින් චැඩ්වික්(Edwin Chadwick) විසින් “කම්කරු ජනගහනයේ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳ වාර්තාව” ප්‍රකාශයට පත් කරන ලදී. සෞඛ්‍යය හා සම්බන්ධ සමාජීය හා භූගෝලීය අසමානත ගැන සාක්ෂි ලේඛනගත කරමින් චැඩ්වික් පෙන්වා දුන්නේ  අයහපත් සනීපාරක්ෂාව අයහපත් සෞඛ්‍යය සමඟ සම්බන්ධ වී ඇති බවයි. මෙම වාර්තාව අවසානයේදී බ්‍රිතාන්‍ය නගරවලට පිරිසිදු ජල සැපයුම් සංවිධානය කිරීමටත් ඒවායේ අපජල පද්ධති කේන්ද්‍රගත කිරීමටත් මග පෑදීය. එහි ප්‍රථිඵලය වශයෙන්, බෝවන රෝග පැතිරීම, විශේෂයෙන්ම කොලරාව පැතිරීම  අඩු කිරීමට හැකිවිය. විසිවන සියවසේ ලොව පුරා සිදු වූ ඒ හා සමාන ප්‍රතිසංස්කරණ මගින් ආහාර සුරක්‍ෂිතතාව සහ එළිමහනේ වායු දූෂණය පාලනය සිදුවිය. දැන්, මෙ නව සියවසේ  මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් නව ප්‍රමුඛතාවයක් පෙනෙන්නට තිබේ: එනම්,ගොඩනැගිලි ඇතුළත වාතය පිරිසිදු කිරීමයි.

නිදසුනක් ලෙස පාසල් ගන්න.  Covid-19  ලාන්සට් කොමිෂමට(Lancet covid19 commission) අනුව ඒවා “ කාලාන්තරයක් තිස්සේ පවතින්නේ අඩු වාතාශ්‍රය සහිතව” ය. ඇමරිකානු පන්ති කාමර 100 ක් පිළිබඳ අධ්‍යයනයකින් සොයා ගනු ලැබුවේ ඉන් 87 ක්ම  ඇත්තේ කනගා‍ටුදායක මට්ටමක අඩු වාතාශ්‍රය සහිතවය. ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, නෝර්වේ සහ ස්වීඩනය පුරා සිදු කල සොයා බැලීම් වලින් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ පන්ති කාමරවලින් 66% ක භ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න ප්‍රමිතීන්ට වඩා අඩුවෙන් පවතින  බවයි. ඇමරිකාවේ දරුවන් 13 ට ආසන්න වශයෙන්  එක් දරුවෙකුට  ඇදුම රෝගය වැළඳී ඇත. මෙය පාසැල් දහයකින් සොයාගනු ලැබූ  අසාත්මිකතාකාරකමගින් අවුළුවන ලද තත්ත්වයකි. එළිමහන් වායු දූෂණය ගොඩනැගිලි ඇතුළතට පසාරු කරගෙන යා හැකිය.  එවන් සකලංක වාතයට ළමා කාලයේ නිරාවරණය වීමෙන් ස්නායු-වර්ධනය හා ශාස්ත්‍රාලීය කාර්ය සාධනය අඩාලවන්නටත් එමෙන්ම  පිළිකා ඇති වීමටත් බලපෑ හැකිය.

ගැටළුව පන්ති කාමර වලින් බොහෝ ඔබ්බට විහිදේ. බොහෝ අය තම කාලයෙන් 90% කට වඩා (ගොඩනැගිලි) අභ්‍යන්තරයේ ගත කරති.  ගොඩනැගිලිවල වාතාශ්‍රය අඩු අවකාශයන්,  හිසරදය, තෙහෙට්ටුව, හුස්ම හිරවීම, කැස්ස, කරකැවිල්ල, ඔක්කාරය හා ඇස, නාසය, උගුර සහ සමේ ආබාධ ඇති කරවීම හා සම්බන්ධ බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබිණ. දුර්වල වාතාශ්‍රය, රැකියාවට නොපැමිණීම වැඩිවීමට, ඵලදායිතාව අඩුවීම සහ ඇදුම රෝගය සඳහා දුර්වල වාතාශ්‍රය වගකිව යුතු බව පෙණි ගොස් තිබේ.

අද මුළු ලොවම වෙලාගෙන ඇති මහා වසංගතය මේ සම්බන්ධයෙන් නව ‘හදිසියක්’  ගෙනැවිත් ඇත. Covid-19ට හේතු වන වෛරසය මිනිසුන් අතර පැතිරයාමට  සමීප ආශ්‍රය සහ වෛරස පතිත(ආසාදිත) පෘෂ්ඨයන් හේතු වනවාට වඩා  අහිතකර වාතාශ්‍රය සහිත කාමරයක සිටින මිනිසුන්ගේ පෙණහලුවලින් පිටවීමෙන් පසුව වාතයේ රැඳී සිටිය හැකි වායු අංශු වලට නිරාවරනය වීමබලපාන බව හඳුනාගෙන තිබේ

ගොඩනැගිලි අභ්‍යන්තරයෙහි වාතයෙහි ගුණාත්මක භාවය රජයේ අවධානය ලක් වී අත්තේ ඉතා අඩුවෙනි. එහෙත් ගොඩනැගිලිවල සහ ගෘහස්ථ පොදු අවකාශයන්හි පිරිසිදු, රෝගකාරක වලින් තොර වාත්‍රාසයක් පවත්වාගෙන යාම කළ හැක්කකි. මෙහි ප්‍රථම පියවර වන්නේ තමනට  කෙතරම් මනා වාතාශ්‍රයක් ලබා ගත හැකිදැයි  යන්න පිළිබඳව වැඩි විස්තර ජනතාවට ලබා දීමයි. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වාතාශ්‍රය සම්බන්ධ හොඳ අදහසක් ලබාගැනීමට උපකාර වන්නකි. කාමරවල මෙම වායුව හඳුනා ගැනීම සඳහා මිල් අඩු සංවේදක(සෙන්සොර්ස්), නිවැසියන්ට කවුළු විවෘත කිරීමට යෝග්‍ය අවස්ථාව හෝ ඔවුන්ගේ වායු සමීකරණ පද්ධති වැඩි දියුණු කිරීමට කාලය පැමිණ ඇහ්ද යන්න පිළිබඳ ප්‍රයෝජනවත් දත්ත ලබා දීමට ඒවා උපකාරීවේ. ජාතික ගෘහස්ථ වායු ගුණාත්මක ප්‍රමිතීන්(National indoorairquality standards) ද මෙහිදී සහාය කර ගත හැකිය. ඒවා බලාත්මක කිරීමට එක් ක්‍රමයක් වනුයේ (අවන්හල් සඳහා දැනටමත් පවතින ආහාර ස්වස්ථතා සහතික වලට සමාන) ගොඩනැගිලි සඳහා වූ වාතාශ්‍රය සහතිකය.

මේ සියල්ල සඳහා  විශාලපිරිවැයක් දැරිය  යුතු නොවේ. ඇමරිකාවේ සියලුම ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල වාතාශ්‍රය අවම මට්ටමට ඉහළ නැංවීම සඳහා රටේ අධ්‍යාපනය සඳහා වන සාමාන්‍ය රාජ්‍ය වියදම්වලින් 0.1% කටත් වඩා අඩු පිරිවැයක් දැරීමට සිදුවන බව නවතම අධ්‍යයනයකින් හෙළි විය.  අමරිකාව ගලවා ගැනීමේ(Rescue Plan) ජනාධිපති ජෝ බිඩෙන්ගේ සැලැස්ම පාසල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 123 ක් ලබා දෙන අතර වාතාශ්‍රය ප්‍රමුඛතාවයක් ලෙස සඳහන් කරයි. අනෙක් රටවල් ද එය අනුගමනය කළ යුතුය.

ආයෝජනය වැඩි කිරීම යනුවෙන් අදහස් වෙන්නේ  මුදල් මනා අන්දමින් වැය කිරීමයි. ගොඩනැගිලි තුළ  වඩා හොඳ ගෘහස්ථ වාතය පැවතීම අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නංවයි – ගණිතය සහ කියවීමේ ලකුණු ඉහළ යන අතර ශිෂ්‍යයන් පංතියේ දී දක්වන  අවධානය වඩා ඉහළ මට්ටමක පවතී. මනා වාතාශ්‍රය සැපයේමෙන්  කාර්යාල සේවකයින්ට ද ප්‍රතිලාභ අත්වේ. සාම්ප්‍රදායික වාතාශ්‍රය සැකසීම්වල සිටින සේවකයින්ට වඩා හොඳ වාතාශ්‍රය සහිත කාර්යාලවලසිටිනා  පුද්ගලයින්ගේ සංජානන ලකුණු 61% වැඩි බව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත.

වාතාශ්‍රය සපයීම යනු  මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම පිළිබඳ න්‍යාය පත්‍රයේ අමතක වූ කොටසකි.  සිය නිවසේ හෝ ගොඩනැගිල්ලේ ජල නළයෙන් පිටවන ජලය,  පිරිසිදු ජලය වනු ඇතැයි යන ජනතා අපේක්ෂාව සනීපාරක්ෂාව පිළිබඳ චැඩ්වික්ගේ වාර්තාව මගින් ඉහළ නැංවිණ. ඒ ආකාරයටම  ගොඩනැඟිලිවල වාතය සම්බන්ධයෙන්ද එය සත්‍යයක් බව සහතික කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රබෝධමත් කිරීමට, පෙළඹවීමට Covid-19 ට මගපෑදිය හැකිය.

The Economist (29th May, 2021) හි  පළව ඇති  Fresh thinking about fresh air යන ලිපිය ඇසුරෙනි   

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.