ගුවන් යානයකින් නැගෙනහිර සිට බටහිරට පියාසර කිරීමට වැඩි කාලයක් ගත වන්නේ ඇයි?

Posted by

ගුවන් යානයකින් නැගෙනහිර සිට බටහිරට පියාසර කිරීමට වැඩි කාලයක් ගත වන්නේ ඇයි?

Skip Bailey විසිනි

එක්සත් ජනපද ගුවන් හමුදා නියමුවෙකු සහ ගුවන් පියාසර උපදේශකයෙකු වශයෙන් සේවය කළ මම දැන් විශ්‍රාමිකයෙක්මි.  මීට වසර කිහිපයකට පෙර මා බෝයිං 747 ගුවන් යානයක නියමු කුටියේ වාඩි වී සිටිනු මට තාම මතකය. මම නිව් ජර්සි සිට කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ සහ ඉන් පසුව හවායි වෙත පියාසර කරමින් අහසේ අඩි 29,000 ක්  උසින් පියාසර කරමින් සිටියෙමි. යානය සැක්රමෙන්ටෝ වෙත ආරක්ෂිතව පියාසර කිරීමට හා ගොඩබෑමට පැය හයක් ගත විය. කැලිෆෝනියාවේ පැය කිහිපයකට පසු මම දිගටම හවායි වෙත ගියෙමි. පියාසර කළ මුළු පැය ගණන ගතහොත්, එය මුළු පැය 11 ක් පියාසර කිරීමකි.

හවායි හි හිරු එළිය භුක්ති විඳීමෙන් පසු, නැවත නිව් ජර්සි වෙත පියාසර කිරීමට කාලය පැමිණියේය. මෙම ගමන වඩා වේගවත් විය. මම මෙවර කැලිෆෝනියාවේ නතර වූයේ නැත, නමුත් ආපසු පියාසර කිරීමට ගත වූයේ පැය අටහමාරක් පමණි. මෙය මට ප්‍රාහේලිකාවක් විය: මෙම ගමන් දෙකම — එනම් යාම සහ ඒම මා සිදුකළේ එකම ගුවන් යානයක පියාසර කරමිනි. අනෙක් කාරණාව නම්  දින කිහිපයකට පෙර තිබුණාට වඩා නිව් ජර්සිය,  කැලිෆෝනියාවට හෝ හවායි වලට වඩාත් ළං වන්නට කොහෙත්ම  ක්‍රමයක්  නොතිබුණි.

ඉතින් හවායි වෙත නැගෙනහිර සිට බටහිරට ගිය  මගේ ගුවන් ගමනට  මා ආපසු නිව්ජර්සිය බලා ආ ගමනටවඩා දිගු වූයේ ඇයි? එකම දුර, එකම ගුවන් යානය සහ එකම නියමුවා?

වායු ගංගාවක් මත පාවීයාම

නැගෙනහිර සිට ආපසු පියාසර කිරීමට වැඩි කාලයක්  කාලයක් ගතවීමට හේතුව තමයි ක්ෂේප හෙවත් ජෙට්  ධාරාව(jet stream): ක්ෂේප ධාරාව කියන්නේ අහසේ ඉහළ වේගයෙන් ඇදී යන නැතිනම් ගමන් කරන වාත ගංගාවක්.

ක්ෂේප හෙවත් ජෙට්  ධාරාවක් සාමාන්‍යයෙන් සැතපුම් 100 ක් පමණ පළල වේ. ඒවා සැතපුම් දහස් ගණනක් දිග විය හැකි අතර ඒවා පෘථිවිය   පුරා දක්නට ලැබේ.  හැබැයි ඒවා ක්ෂේප ධාරාවක් ලෙස හැඳින්වීමට නම් සුළඟ, පැයට සැතපුම් 60 ට වඩා වේගයෙන් ගමන් කළ යුතුය.

සාමාන්‍යය වශයෙන් ගත්හොත් ක්ෂේප හෙවත් ජෙට්  ධාරා, බටහිර සිට නැගෙනහිරට පෘථිවිය වටා හමා යයි. එසේ ගමන් කරන්නේ, මහ පොළව මත එහාට් මෙහාට දඟර ගැසෙමි වක්‍රාකාර  මාර්ගයක් අනුගමනය කරමින් ගලන ගඟක් මෙනනි. එක්සත් ජනපද අහස හරහා ක්ෂේප හෙවත් ජෙට්  ධාරාව කිසි විටෙකත් එක තැනක රැඳෙන්නේ නැත – එය තව තවත් දකුණට චලනය  වෙමින් ශීත සෘතුවේ දී තදින් හමා යන්නේ වී නමුත් ගිම්හානයේදී ඒ තරම් තදින් හමන්නේ නැත.

ඉතින් මේ කාරණාවත්,  ගුවන් යානා ගමන් බිමන් සමඟත් ඇති සම්බන්ධය කුමක්ද?  අපි සොයා බලමු.

සුළඟ වෙතට පියාසර කිරීම

ගුවන් නියමුවන් විසින් ‘වේගය’ දෙයාකාරයකින් මනිනු ලබයි. පළමුවැන්න ගුවන් වේගයයි(airspeed) – ඔබ ඔබේ අත ජනේලයෙන් පිටතට් යොමාගෙන සිටින විට,   සුළඟට කොතරම් වේගයෙන් හමන්නේ දැයි (අතට) දැනෙනු ඇත්ද? දෙවැන්න භූගත වේගයයි(ground speed)  – යානය පොළවට ඉහළින්  කොතරම් වේගයෙන් ගමන් කරනවාද යන්නයි. ඔබ ක්ෂේප හෙවත් ජෙට්  ධාරාවේ නතිනම් ජෙට් ප්‍රවාහයේ පියාසර කරන විට, ඔබේ ගුවන් වේගය සැමවිටම එලෙසම පවතී, නමුත් යානය වටා ඇති වාතය චලනය වන නිසාවෙන් ඔබේ භූගත වේගය(ground speed) බොහෝ වෙනස් විය හැකිය.

හවායි බලා යන ගමනේදී මම පැයට සැතපුම් 562 ක ගුවන් වේගයකින් පියාසර කරමින් සිටියෙමි. නමුත් මගේ ගුවන් යානය වෙතට headwind ලෙස හැඳින්වෙන විරුද්ධව හමන සුළඟ ලෙස ජෙට් ප්‍රවාහය පැයට සැතපුම් 140 ක වේගයෙන් හමා එන විට  මා  සැබවින්ම ගමන් කර ඇත්තේ පැයට සැතපුම් 422 ක වේගයෙනි(562 – 140 = 422).

ESEIනමුත්, මීට ප්‍රතිවිරුද්ධව හවායි සිට නිව් ජර්සි වෙත පියාසර කරන ජෙට් ප්‍රවාහය යානය පිටුපසින් හමා එය ඉදිරියට තල්ලු කරයි. ඒ අවස්ථාවේත් මම පැයට සැතපුම් 562 ක ගුවන් වේගයකින් පියාසර කරමින් සිටියෙමි, නමුත් පැයට සැතපුම් 140 ක tailwind නම් ගමනේ දිශාවටම හමන සුලඟ හේතුවෙන් මගේ ගුවන් යානය පැයට සැතපුම් 702 ක වේගයෙන් පොළොව හරහා ගමන් කළ බව දැක්විය හැකියි.

නැගෙනහිර සිට බටහිරට පියාසර කරන විට ගුවන් යානා ජෙට් ප්‍රවාහය මගහැර ගමන් කිරීමට් උත්සාහ කරනු ඇත, නමුත් ආපසු යන ගමනේදී ජෙට් ප්‍රවාහයේ වාසිය ලබා ගැනීමට උත්සාහ කරයි.

වේගයෙන් යාම සඳහා නියමුවන් සැලසුම්කිරීම

ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් ගමන් මාර්ගය සැලසුම් කරන විට, ජෙට් ප්‍රවාහය හමන්නේ කොයිබදැයි සොයා ගැනීමට ඔවුන් බොහෝ විට කාලගුණ අනාවැකි භාවිතා කරයි . ඔවුන් නැගෙනහිර සිට බටහිරට පියාසර කරන විට, ජෙට් ප්‍රවාහය ඔවුන්ගේ ගුවන් යානයට එරෙහිව යාම වළක්වා ගැනීමට ඔවුහු උත්සාහ කරති.  ඔවුන් බටහිර සිට නැගෙනහිරට පියාසර කිරීමට සැලසුම් කරන විට, ඔවුන් ජෙට් ප්‍රවාහය සොයා පියාසර කිරීමට උත්සාහ කරන අතර එමඟින් ඔවුන්ට අතිරේක ජවයක් ලබා දී වේගයෙන් පියාසර කිරීමට උපකාරී වේ. ගමන් මාර්ගය හොඳ සැලසුමක් ඇතිව සැකසීම ඉන්ධන සංරක්ෂණයට ද උපකාරී වේ.

ඊළඟ වතාවේ ඔබ නැගෙනහිර සිට බටහිරට භූමියට ඉහළින්  පියාසර කරන විට, ඔබ බලාපොරොත්තු වනවාට වඩා ටිකක් වැඩි කාලයක් ගත වන විට පුදුම නොවන්න. ඒ වගේම, ඔබ ආපසු පියාසර කරන විට ඔබේ ගුවන් නියමුවා ඔබව ඉක්මණින් නිවස කරා ගෙන ඒම පිණිස  ජෙට් ප්‍රවාහය උපයෝගී කර ගන්නා බව  දැන සිත සන්සුන් කරගන්න. සුබ ගමන්!

Curious Kids(The Conversation) හී පළවන Why does it take longer to fly from east to west on an airplane?  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.