අඩු ආදායම්ලාභී රටවල කොවිඩ් -19 එන්නත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා මූල්‍ය ආධාර වෙනුවෙන් ඩොලර් බිලියන 2.4 ක ප්‍රතිඥා පසුගිය බදාදා පැවති ලෝක නායකයින්ගේ අතථ්‍ය සමුළුවකදී ලැබුණි. මෙහි සත්කාරකත්වය දරන ලද්දේ ජපාන රජය සහ එන්නත සන්ධානය වන ගැවි(Gavi) ආයතනය විසිනි. (ගැවි යනු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ වසංගත වෙනුවෙන් සූදානම්වීමේ නවෝත්පාදන සඳහා සන්ධානය(Coalition for Epidemic Preparedness Innovations) හා එක්ව පිහිටුවා ගනු ලැබූ සංවිධානයයි(.
මෙම අරමුදල් ප්‍රතිඥා සපයන ලද්දේ ලෝකයේ ධනවත් රටවල්, පදනම්(foundations) සහ පෞද්ගලික සමාගම් විසිනි. බෙල්ජියම, ඩෙන්මාර්කය, ජපානය, ස්පාග්නාය, සහ ස්වීඩනය යන රටවල් පහ ද ඔවුන් සතුව ඇති සැපයුම්වලින් මාත්‍රා මිලියන 54 ක්, ඒවා අවශ්‍යතා ඇති රටවල් සමඟ බෙදාහදා ගැනීමට සැලසුම් කර තිබේ.

මෙම සහයෝගීතාවය මූලික වශයෙන් සැලසුම්කර ඇත්තේ කොවැක්ස්(Covax) ව්‍යාපෘතිය වෙනුවෙනි. කොවැක්ස් යනු Covid-19 එන්නත් බෙදාහැරීමේ දී සාධාරනව එය ඉටු කිරිම ප්රවර්ධනය කිරීම පිණිස වසරකට පමණ පෙර ආරම්භ කළ මුල් පිරීමකි(). එය රටවල් 127 කට මාත්‍රා මිලියන 77 කට වඩා නැව්ගත කර ඇති අතර එය මෙහෙයවනු ලබන්නේ ගැවි සංවිධානය මගිනි.
එන්නත් ලබාගැනීමට අර්මුදල් අඩුවෙන්ම ඇති රටවල් ලබා ගත හැකි රටවල් සඳහා අතිරේක එන්නත් මාත්‍රා මිලදී ගැනීමට සහ නව අපේක්ෂක එන්නත් සඳහා ආයෝජනය කිරීමට මෙම අරමුදල් මගින් අපේක්ෂා කෙරේ. “ගෙවීමට ඇති හැකියාව මෙම වෛරසයෙන් යමෙකු ආරක්ෂා වී ඇත්දැයි යන්න (එන්නත ලබාගැනීම සඳහා) ගෙවීමට ඇති හකියාව මත තීරණය නොකළ යුතුය” යැයි ගැවි හි ප්‍රධාන විධායක වෛද්‍ය සෙත් බර්ක්ලි පවසයි.
මේ දක්වා අඩු ආදායම්ලාභී රටවල ජනතාවට ලබා දී ඇත්තේ කොවිඩ් -19 එන්නත් මාත්‍රාවන් ගෙන් සියයට 0.4 ක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පෙර කි අතථ්‍ය සමුළුවේ දී අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. වඩාත් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ට මෙන්ම සෞඛ්‍ය සේවකයින්ට පවා බොහෝ රටවල එන්නත් ලබා දී නොමැත.

වෛද්‍ය බර්ක්ලි පැවසුවේ සාමාන්‍යයෙන් ධනවත් රටවල් තම ජනගහනයෙන් තුනෙන් එකකට වඩා එන්නත ලබා දී ඇති අතර අඩු ආදායම් ලබන රටවල් එන්නත් කර ඇත්තේ සියයට 1 කටත් වඩා අඩු ප්‍රමාණයකින් බවයි.
ධනවත් රටවල්, තමන් සතු එන්නත් මාත්‍රා බෙදා හදා ගැනීමට දුන් පොරොන්දු කෙතරම් ඉක්මණින් ඉටු කරනවාද යන්න පැහැදිලි නැත. ත්‍යාග වශයෙන් ලබාදෙන බවට කලින් ප්‍රකාශයට පත් කරන ලද මාත්‍රා ද තවමත් ලබා දී නොමැත.
විශාලතම නව මූල්‍ය ප්‍රතිඥාව වන අමෙරිකානු ඩොලර් මිලියන 800 ජපානයෙන් පැමිණි අතර දේශීයව නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30 ක්ද අනතුරුව බෙදාහදා ගන්නා බව ද කියා සිටියේය. අද වන විට, ජපානය තමන්ගේම ජනගහනයට පවා ලබා දී ඇත්තේ මාත්‍රා මිලියන 14 ක් පමනි.
එක්සත් ජනපදය කෝවැක්ස් සඳහා ඩොලර් බිලියන 2 ක ආධාරයක් කලින් ප්‍රකාශයට පත් කළ අතර, උප ජනාධිපති කමලා හැරිස් අතථ්‍ය සමුළු රැස්වීමේදී කතා කළ නමුත්, විශේෂයෙන්ම එරටෙහි එන්නත් අනුපාතය ඉහළ යාම සහ Covid-19 ආතුර සංඛ්‍යාවෙහි තියුනු පහත වැටීම හමුවේ රට සතු එන්නත් බෙදා හදා ගැනීමට ඉක්මණින් ක්‍රියා කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදය වෙත කෙරෙන ඉල්ලීම් ගැන සඳහනක් නොකළාය..
“අපගේ සාමූහික අනාගතය රඳා පවතින්නේ ගෝලීය අර්බුදයට දක්වන සාමූහික ප්‍රතිචාරය මත ය”හැරිස් මහත්මිය පැවසුවාය. “අපට ඇති අභියෝගය වන්නේ කාටත් සමාන ප්‍රවේශයක් ලබා දීමයි.”
“මිනිස්සුන්ට තවමත් කොවිඩ් -19 රෝගය වැළඳෙයි; මිනිස්සු තාමත් ඉන් මියයති. ලොව පුරා සෑම රටකම මිනිසුන්ට හැකි ඉක්මනින් එන්නත ලබා දීම සඳහා අප එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. ” යයි ඇය තවදුරටත් පැවසුවාය.
ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, කුවේට්, මොරිෂස්, මෙක්සිකෝව, ස්විට්සර්ලන්තය සහ වියට්නාමය ඇතුළු රටවලින් නව ප්‍රතිඥා ලැබුණි. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, මාස්ටර්කාඩ් සහ වීසා පදනම අරමුදල් සපයන බවට කැපවීම් දක්වන ආයතන අතර වේ. යුරෝපීය ආයෝජන බැංකුව(European Investment Bank) අප්‍රිකානු සංගමයේ රටවල් සමඟ පිරිවැය බෙදාහදා ගැනීම සඳහා අමතර මුදල් යොදවන බව ප්‍රකාශයට පත් කළේය.

අඩු හා මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයන් සඳහා එන්නත් ලබා ගැනීමේ මූල්‍යකරණ යාන්ත්‍රණයක් වන කොවැක්ස් හි අත්තිකාරම් වෙළෙඳපොළ කැපවීම (Covax’s Advance Market Commitment) සඳහා පසුගිය බදාදා වන විට ඩොලර් බිලියන 9.6 ක් රැස් කර ගැනීමට හැකිවිණ.
දෙවන මාත්‍රාව සඳහා එන්නත මිශ්‍ර කිරීමට කැනඩාව ඉක්මනින් ඉඩ දෙනු ඇත.
එන්නත් හිඟයකට මුහුණ දී සිටින කැනඩාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක මණ්ඩලය නිර්දේශ කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා මුල් මාත්‍රාව විදින ලද සමහර කැනේඩියානුවන්ට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් සැපයීම ගැන විපරම් කර බලන ලෙසයි.
කැනඩාවේ, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව(National Advisory Committee on Immunization) අඟහරුවාදා කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ඔවුන්ගේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර්-බයෝටෙක් හෝ මෝඩර්නා එන්නත් ලබා දිය හැකි බවයි. හැකි සෑම විටම තනි වෙළඳ නාමයක් සමඟ රැඳී සිටින ලෙස උපදේශක කමිටුව කලින් නිර්දේශ කළ නමුත් ෆයිසර් සහ මෝඩර්නා එන්නත් අතුර්මාරු කරමින් භාවිතා කළ හැකි බව දන්වා සිටියේය.
කැනඩාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සාමාන්‍යයෙන් එන්නත් ලබාදීමේ දී කාර්යක්ෂමතාවයෙන් කටයුතු කළද, කිසිදු එන්නතක් රට තුළ නිෂ්පාදනය නොකරයි. පසුගිය සති කිහිපය වන තෙක් විශාල තොග රට වෙත ලැබීම ආරම්භ නොවීය. සිය රටවැසියන්ගෙන් උපරිම සංඛ්‍යාවට යම් ආරක්ෂාවක් ඇති බව සහතික කිරීම සඳහා අවධානය යොමු කළ කැනඩාව හැකි තරම් පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබා ගැනීමට ක්‍රියා කළේය. කැනේඩියානු වැඩිහිටියන්ගෙන් සියයට 62 කට අවම වශයෙන් එක් මාත්‍රාවක් වත් ලබා දී ඇති අතර, සම්පූර්ණ එන්නත් කරණු ලැබ ඇත්තේ සියයට 5.7 ක් පමණි.
The New York Times (June 2, 2021) හී පළවි ඇති Vaccine efforts for low-income nations get an extra $2.4 billion in promises යන ලිපිය ඇසුරෙනි