එන්නත්, ගර්භනීභාවය, ආර්තවය, ක්ෂීරණය සහ සරුබව
මව්කිරි දෙන ළදරුවන්සහිත කාන්තාවන්, ගර්භනීභාවයට පත් හෝ ගැබ් ගැනීමට සැලසුම් කරන කාන්තාවන් සහ ඔසප් වන කාන්තාවන්ට එන්නත් ලබාදීමේ දී අනුගමනය කලයුතු මාර්ගෝපදේශ කුමක්ද? එන්නත් සහ සරුබව(fertility) බව අතර සම්බන්ධයගැන කුමක් කිව හැකිද? මෙම පැහැදිලි කරනු ලැබීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් විසින්. ඔහු සමග සාකච්ඡාවේ යෙදෙන්නේ විස්මිතා ගුප්තා-ස්මිත්
ප්රශ්නය.ළදරුවන්ට මව්කිරි දෙන කාන්තාවන්ට එන්නත ලබා දිය හැකිද? ගර්භණී හෝ ගැබ් ගැනීමට සැලසුම් කරන කාන්තාවන් ගැන කුමක් කිව හැකිද? එතකොට ඔසප් වන කාන්තාවන්ට? ආයුබෝවන්, විද්‍යාවට සාදරයෙන් පිළිගනිමු 5, මම විස්මිටා ගුප්තා-ස්මිත් වන අතර, අද අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන්ගෙන් මෙම පිළිතුරු ලබා ගන්නෙමු.

ප්රශ්නය:
එන්නත් සම්බන්ධයෙන් තම ළදරුවන්ට මව්කිරි දෙන කාන්තාවන්හට, ඔබට ලබාදිය හැකි උපදෙස් මොනවාද? ඔවුන් එන්නත ලබා ගත යුතුද?
පිළිතුර:
ඔව්, මගේ පිළිතුර ඔව් යන්නයි. ඉතින්, දරුවන් ප්‍රසූත කළ කාන්තවන්ට, සහ ඒ වගේම තම ළදරුවන්ට මව්කිරි දෙන කාන්තාවන්ට එන්නත ලබා ගත හැකිය,එවැනි කාන්තාඅන්ට එන්නත් ලබා ගත හැකි වාරය ආ විට එන්නත ලබා ගත යුතුය. දැනට භාවිතා කරන සියලුම එන්නත්වල කිසිදු අවදානමක් නොමැත. ඒ එන්නත් කිසිව කිසිවක සජීවී වෛරසය නොමැත. එබැවින් මව්කිරි හරහා (වෛරසය)සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නොමැත. ඇත්තවශයෙන්ම, මව සතුව ඇති ප්‍රතිදේහ(antibodies) මව්කිරි පෙවීමේ දේ මව්කිරි හරහා දරුවාට යා හැකි අතර එය දරුවාට තවත් සුළු හෝ ආරක්ෂාවක් ලබා දෙයි. එලෙස වාසියක් විනා කිසිම හානියක් නැහැ, එය ඉතා ආරක්ෂිතයි. එබැවින් මව්කිරි දෙන කාන්තාවන්ට දැනට පවතින එන්නත් විශ්වාසයෙන් යුතුව ගත හැකිය.

ප්රශ්නය:
ගැබ්ගෙන ඇති හෝ ගැබ් ගැනීමට සැලසුම් කරන කාන්තාවන් ගතහොත් එන්නත් ගන කතා කරමින් සිටිනා මේ අවස්ථාවේ ඔබට ඔවුනට කුමක් කිව හැකිද?
පිළිතුර:
ඔව්, එය ඇත්තෙන්ම වැදගත් කරණාවක්. ගැබ් ගැනීම කියන්නේ ඉතා සුවිශේෂී තත්වයක්, අවස්ථාවක්. මන්ද කීවොත්, අප මවගේ සෞඛ්‍යය ගැන පමණක් නොව, කලලරූපය ඒ කියන්නේ නූපන් දරුවාගේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වන නිසයි. එබැවින් ගර්භණී සමයේදී ලබාදෙනු ලබන ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් වෙතොත් ඒවායින් ආරක්ෂාව සම්බන්දයෙන් ප්‍රශ්නයක් නොමැති බව සහතික කරගැනීම හෝ අහිතකර යමක් සිදුවන්නේ නොමැති බව බව සහතික කර ගැනීමට අපි සෑම විටම විශේෂ සැලකිල්ලක් දක්වමු. COVID සම්බන්ධයෙන් ගත් කල, ගර්භනී කාන්තාවන්ට උග්‍රව COVID රෝගාතුර වීමේ අවදානම වැඩි බවත්, නොමේරූ දරුවෙකු ප්‍රසූත කිරීමේ වැඩි අවදානමක් ඇති බවත් අපි දනිමු. එබැවින්, රට තුළ COVID සම්ප්‍රේෂණය විශාල ප්‍රමාණයක් පවතින අවස්ථාවක කාන්තාවක් එයට නිරාවරණය වන විට හෝ ඇය සෞඛ්‍ය සේවිකාවක් හෝ පෙරටුගාමී සේවකයෙකු වැනි වෘත්තියක යෙදී සිටී නම් ඇය ආසාදනයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති විට, එන්නත ලබා ගැනීමේ වාසි නිසැකවම (එන්නතින් යම් අවදානමක් ඇතිවේ නම් එම) අවදානම් ඉක්මවා යයි, විශේෂයෙන් අප දැනට එන්නත් සඳහා භාවිතා කරන වේදිකා වන්නේ mRNA platform, අක්‍රිය කළ the viral vectored platforms (වෛරස් හෝ වෛරස් දෛශික වේදිකා) හෝ අනු ඒකක ප්‍රෝටීන ය(subunit proteins). ඔවුන්ගෙන් කිසිවෙකුට ශරීරය තුළ ගුණනය වෙමින් වර්ධනය විය හැකි සහ ගැටළුවක් ඇති කළ හැකි සජීවී වෛරසයක් නොමැත. එබැවින්, සෑම රටකම ගර්භනී කාන්තාවන්ට එන්නත් ලබාගැනීමෙන් ඇතිවන අවදානම් හා සංසන්දනයේ දී ලැබෙන ප්රතිලාභ පැහැදිලි කිරීම වැදගත් වන අතර ඔවුන් එය ලබා ගැනීමට කැමති නම් එන්නත ලබා ඉඑමට ක්‍රියා කළ යුතුය. ගර්භනී කාන්තාවක් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති තැන සහ එන්නත් මඟින් වැඩි ප්රතිලාභ ලබා ගත හැකි තැන යනාදී වශයෙන් බොහෝ අවස්ථාවන්හීදී කළ යුතු නිවැරදිම දෙය එය යයි මම අදහස්කරමි.

ප්රශ්නය
කාන්තාවන්ට ඔසප් වීම සිදුවන අවස්ථාවලදී එන්නත ලබා දීම සුදුසුද?
පිළිතුර
ඉතින්, ඔසප් වීම සිදුවෙමින් ඇති කාන්තාවකට එන්නත ලබා ගැනීමට බාධාවන කිසිවක් විද්‍යාත්මකව සැලකීමේ දී මට නම් දැකගත නොහැකිය. කවුරුත් දන්නා පරිදි, (ඔසප් වීම සිදුවෙමින් ඇති අවස්ථාවේ) ඇයට ටිකක් මහන්සි ගතියක් දැනෙන්නට පුළුවන. එසේ නමුත් එය ඔබට එන්නත ලබාගැනීම් පිණිස ලබා දී ඇති දිනය නම් (ඔබට ඔසප්වීම ආරම්භවී ඇතැත්) කිසි පකිළීමකින් තොරව එන්නත ලබා ගැනීමමෙන් කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැත.

ප්රශ්නය
එන්නත් සහ සාරවත්බව සහ වඳභාවය අතර සම්බන්ධතාවක් ඇති බවට අසත්‍ය, වැරදි තොරතුරු රාශියක් ගැන අපට අසන්නට ලැබේ. කරුණාකර මේ කාරනාව පිටුපස ඇති විද්‍යාව පැහැදිලි කළ හැකිද?
පිළිතුර
ඔව්, එය පොදුවේ අසන්නට ලැබෙන මිථ්‍යා මතයකි. එන්නත් පුරුෂයින්ගේ හෝ කාන්තාවන්ගේ සාරවත් බවට කොයි යම් ආඅකාරයකින් හෝ බාධා කරන බවට විද්‍යාත්මක සාක්ෂි හෝ සත්‍යයක් නොමැති බව මා ආරම්භයේම කිව යුතුය. මක්නිසාද යත්, එන්නත් මගින් සිදුකරනු ලබන්නේ යම් වෛරස් හෝ බැක්ටීරියාවලට සුවිශේෂිත ප්‍රෝටීන හෝ ප්‍රතිදේහජනක වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් උත්තේජනය කිරීමයි. . එබැවින් මෙම අවස්ථාව සලකතොත්, COVID එන්නත මගින් සිදු කරනු ලබන්නේ, SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන වලට එරෙහිව ප්‍රතිදේහ ප්‍රතිචාරයක් සහ සෛල මැදිහත් වූ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් උත්තේජනය කිරීමයි. එබැවින්, පිරිමින්ගේ හෝ කාන්තාවන්ගේ ප්‍රජනක අවයවවල ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකි ක්‍රමයක් නොමැති බව තේරුම් යා යුතුයි. එබැවින්, මෙම එන්නත් කිසිදු ආකාරයකින් සරුබවට(fertility) බාධාවක් නොවන බවට ජනතාවට ස්ථිරම සහතික විය හැකි ය.
ඊළඟ වතාවේ තවත් මෙවැනි සම්මුඛ සාකච්ඡාවකින් හමුවන තුරු, ආරක්ෂිතව සිටින්න, නිරෝගීව සිටින්න සහ විද්‍යාව සමඟ බැඳී සිටින්න.
/COVIDVaccineandFertility_final_nologo-252243f4186646648ac774dfded35869.png)
WHO Science Conversation Podcasts Episode # 41: Vaccines, pregnancy, menstruation, lactation and fertility ඇසුරෙනි