පෘථිවියේ ධ්‍රැව චලනය වන බව අපි කවුරුත් දන්නෙමු. එය ස්වභාවික සංසිද්ධියකි. එනමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ දශක කිහිපයක් ඇතුළත දේශගුණික විපර්යාස සහ මිනිස් ජල පරිහරණය ප්ධ්‍රැව චලනයන්ට අමතර ‘තල්ලුවක්’ ලබා දී ඇති බවයි. ඕනෑම වස්තුවක භ්‍රමණය එහි බර බෙදා හරින ආකාරය මගින් පාලනයවේ. පෘථිවියේ බර ව්‍යාප්තිය සැමවිටම වෙනස් වන්නේ ග්‍රහලෝකයේ අභ්‍යන්තරයෙහි ‘ ලෝදිය ‘ පෙරළෙන ආකාරය සහ එහි පෘෂ්ඨය මත වෙනස්වීම් වලිනි.
ජලය කෙතරම් බර ද කීවොත්, මේ සම්බන්ධයෙන් එය ප්‍රධාන බලපෑමක් ඇති කරයි. පසුගිය දශක දෙක තුළ, සුපිරි සංවේදී නාසා චන්ද්‍රිකා මෙහෙයුම් දෙකක් – Gravity Recovery and Climate Experiment (GRACE)(ගුරුත්වාකර්ෂණ ප්‍රතිසාධනය සහ දේශගුණික අත්හදා බැලීම) සහ එහි අනුප්‍රාප්තික GRACE-FO – මෙම බර විස්ථාපනයවීම්විශ්ලේෂණය කර ඇති නමුත් එම නිරීක්ෂණ ආරම්භ වූයේ 2002 දී පමණය. thathu.com අද ඉදිරිපත් කරන ලිපියෙ සඳහන් විද්‍යාඥයින් විසින් චන්ද්‍රිකා දත්ත රැස්කිරීමට පෙර 1990 දශකයේ පෘථිවියේ ඇලවීමේ විස්ථාපනය කෙරෙහි අවධානය යොමු කෙරිණ. නව පර්යේෂණයේදී ඒ වෙනුවට පර්යේෂකයෝ ජලය පිළිබඳ නිරීක්ෂණ වෙත යොමුවෙමින් ධ්‍රැව විස්ථාපනය වූ ආකාරය පිළිබඳ අධ්‍යයනයන් සමඟ (එම නිරීක්ෂණ)ඒකාබද්ධ කිරීමට ක්‍රියා කළහ — සංස්කාරක

දේශගුණික අර්බුදය හේතුවෙන් පෘථිවි අක්ෂය විස්ථාපනය වී ඇතැයි අධ්‍යයනයක් පෙන්වා දෙයි.
මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම පෙන්නුම් කරමින් ග්ලැසියර විශාල වශයෙන් දියවීම නිසාවෙන් ග්‍රහලෝකයේ භ්‍රමණය ඇලවී වී ඇත. .ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියර විශාල වශයෙන් දියවී යාම නිසා 1990 දශකයේ පටන් පෘථිවියේ භ්‍රමණ අක්ෂයේ කැපී පෙනෙන වෙනසක් සිදුවි ඇතැයි පර්යේෂණ වලින් හෙළි වී තිබේ. එයින් මිනිසුන් පෘථිවිය කෙරෙහි ඇති කරන ප්‍රබල බලපෑම පෙන්නුම් කරන්නේ යයි විද්‍යාඥයෝ පෙන්වාදෙති.
පෘථිවියේ භූගෝලීය උතුරු හා දකුණු ධ්‍රැව යනු එහි භ්‍රමණ අක්ෂය මතුපිට ඡේදනය වන ස්ථානය වන නමුත් ඒවා ස්ථාවර නොවේ. පෘථිවිය වටා එහිස්කන්ධය බෙදා හරින ආකාරයෙහි වෙනස්වීම් අක්ෂය ද හා එම නිසාවෙන් එහි ධ්‍රැව ද චලනය වීමට හේතු වේ.

අතීතයේ දී, ධ්‍රැවවල පිහිටීම ප්ලාවිතයට දායක වූයේ සාගර ප්‍රවාහ සහ පෘථිවි අගාධයේයේ රත්වූ පාෂාණය සංවහනය වැනි ස්වාභාවික සාධක පමණි. එහෙත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ 1990 දශකයේ සිට දේශගුණික අර්බුදය හේතුවෙන් සාගරයට වසරකට අයිස් ටොන් බිලියන සිය ගණනක් අහිමි වීයාම ධ්‍රැව නව දිශාවලට චලනය වීමට හේතු වී ඇති බවයි.
1995 දී ධ්‍රැවීය ප්ලාවනයේ දිශාව දකුණේ සිට නැගෙනහිර දෙසට මාරුවී ඇති බවත් 1995 සිට 2020 දක්වා සාමාන්‍ය ප්ලාවිතය 1981 සිට 1995 දක්වා ප්ලාවිතය මෙන් 17 ගුණයකින් වේගවත් බවත් විද්‍යාඥයෝ ස් සොයා ගත්හ.
1980 සිට ධ්‍රැව වල පිහිටීම දුරින් මීටර් 4 ක් පමණ චලනය වී ඇත. “ග්ලැසියර අයිස් දියවීම හේතුවෙන් ඇති වන [ගොඩබිම ගබඩා කර ඇති ජලයේ] වේගවත් අඩුවීම 1990 දශකයෙන් පසු වේගවත් ධ්‍රැවීය ප්ලාවිතයේ ප්‍රධාන ගාමක බලවේගය” යැයි චීන විද්‍යා ඇකඩමියේ භූගෝලීය විද්‍යා හා ස්වාභාවික සම්පත් පර්යේෂණ ආයතනයේ ෂාන්ෂාන් ඩෙන්ග් ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නිගමනය කළේය. .
2002 දී අභ්‍යාවකාශ ගත කරන ලද ග්‍රේස් චන්ද්‍රිකාවේ ගුරුත්වාකර්ෂණ දත්ත, අයිස් හානිය වැඩිවීමෙන් පසුව 2005 දී හා 2012 දී යන අවස්ථා දෙකෙහි දීම ධ්‍රැවයේ චලනයන් සමඟ ග්ලසියර දියවීම සම්බන්ධකිරීමට භාවිත කර ඇත. එහෙත් චන්ද්‍රිකාව දියත් කිරීමට පෙර කාලය දක්වා සබැඳිය දිගු කිරීමෙන් ඩෙන්ග්ගේ පර්යේෂණය ඉදිරි පියවරක් තබයි. ඒ, දශක තුනකට පමණ පෙර — 1990 දශකයේ සිට මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ධ්‍රැව මාරුවෙමින් පවතින බව පෙන්නුම් කිරීමෙනි.

මෙම පර්යේෂණයේ වාර්තාව පළවී අත්තේ journal Geophysical Research Letters(භූ භෞතික විද්යාත්මක පර්යේෂණ ලිපි) සඟරාවෙහිය. ග්ලැසියර හානිය විස්ථාපන බොහොමයකට වගකිව යුතු බව පර්යේෂණය පෙන්නුම් කරයි. එසෙවීනමුත් භූගත ජලය පොම්ප පොම්ප කිරීම ද විස්ථපනයන්ට දායකවන්නට බොහෝ ඉඩ ඇත.
භූගත ජලය භූමිය අභ්‍යන්තරයේ ගබඩා කර ඇති නමුත්, එම ජලය පානය කිරීම හෝ කෘෂිකර්මාන්තය සඳහා පොම්ප කර උඩට ගත් පසු අවසානයේදී අවසන් වන්නේ මුහුදට ගලා ඉඑමෙනි. එවිට එහි බර ලොව පුරා යළි බෙදා හැරෙන්නු ලැබේ. පසුගිය වසර 50 තුළ මානව වර්ගයා විසින් ගැඹුරු භූගත ජලාශවලින් ජලය මෙට්‍රික් ටොන් ට්‍රිලියන 18 ක් එය ප්‍රතිස්ථාපනය නොකර ඉවත් කරනු ලැබ ඇත.
ස්විට්සර්ලන්තයේ සූරිච් විශ්ව විද්‍යාලයේ වින්සන්ට් හම්ෆ්රි පැවසුවේ මානව ක්‍රියාකාරකම් මගින් පෘථිවිය වටා විශාල ජල ප්‍රමාණයක් නැවත බෙදාහැර ඇති ආකාරය නව පර්යේෂණය මගින් පෙන්නුම් කරනු ලබන බවයි: “ස්කන්ධයේ මෙම මහා වෙනස කොතරම් ප්‍රබල ද යන්න එය ඔබට පෙන්වයි – එය කොතරම් විශාලද කීවොත් පෘථිවියේ අක්ෂය වෙනස් කළ හැකිය. ” කෙසේ වෙතත්, පෘථිවි අක්ෂයේ චලනය එදිනෙදා ජීවිතයට බලපාන තරම් විශාල නොවන බව ඔහු පැවසීය: එය එක් දිනක් සඳහා ගතවන කාලය(දිග) වෙනස් කළ හැකි නමුත් ඒ, මිලි තත්පර තරම් ඉතා කුඩා ප්‍රමාණයකින් පමණි. හම්ෆ්රි නව පර්යේෂණයට සම්බන්ධව ක්‍රියා කළ අයෙකු නොවේ.
එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජොනතන් ඕවර්පෙක් මීට පෙර ගාඩියන් පුවත්පතට කියා තිබුණේ පෘථිවි අක්ෂයේ වෙනස්වීම් මගින් ඉස්මතු කර පෙන්වනු ලබන්නේ “පෘථිවිය මත මිනිසුන් සැබවින්ම කෙතරම් ගැඹුරු බලපෑමක් ඇති කරනවාද” යන්න බවයි. සමහර විද්‍යාඥයන් තර්ක කරනු ලබන්නේ මෙම බලපෑමේ පරිමාණයෙන් නව භූ විද්‍යාත්මක යුගයක් එනම් මානව විද්‍යායුගයක්(Anthropocene) ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
20 වන ශතවර්ෂයේ මැද භාගයේ සිට කාබන් ඩයොක්සයිඩ් විමෝචන හා මුහුදු මට්ටම ඉහළ යාම, වන ජීවීන් විනාශ කිරීම සහ ගොවිතැන, වන විනාශය සහ සංවර්ධනය මගින් ඉඩම් විපර්යාඅයට ලක්කිරීම පරිවර්තනය කිරීම කැපී පෙනේ.
The Guardian පුවත් පතේ පලවූ Climate crisis has shifted the Earth’s axis, study shows නම් ලිපිය ඇසුරෙනි