පරිණාමය, නව අවයව තනන හැටි!

Posted by

පරිණාමය, නව අවයව තනන හැටි!

කුරුමිණියාගේ විෂ සහිත දෂ්ටකිරීමට මග පාදන   ජාන ක්‍රියාකාරිත්වය අවයව බිහිකරනු ලබන ආකාරය හෙළි කරගැනීමට මග පෑදිය හැකි වෙයි.

කුරුමිණියෙකුගේ විෂ සහිත දෂ්ටකිරීම, අවයව නිර්මාණය කරණු පිණිස නව වර්ගවල සෛල හටගෙන සම-පරිණාමය වීමට හැක්කේ කෙසේද යන්න අනාවරණය කර ගැනීමට උපකාරී වේ.  මෙම යාන්ත්‍රණ මිනිසුන් ඇතුළු සතුන් අතරේ වඩාත් සංකීර්ණ අවයව සඳහා අදාළ විය හැකිය.

බහු සෛලීය සතුන් මුහුණ දෙන මූලික අභියෝගයක් වන්නේ, ඉන්ද්‍රියයක ක්‍රියාකරිත්වය  වැනි ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වයක්  විවිධ සෛල වර්ගවල අන්තර්ක්‍රියාකම් වලින් මතුවන අන්දමට ඒවා(විවිධ සෛල වර්ග) එකට එක්ව ක්‍රියා කරන්නේ කෙසේද යන්න බව  කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ(California Institute of Technology) ජෝ පාකර් පවසයි. එහෙත් ජීව විද්‍යාග්නායින් මෙය සිදුවන්නේ කෙසේද යන්න ගැන දන්නේ සාපේක්ෂව අල්ප වශයෙනි. සත්ව කන්ඩායම් අතර බහුලව දක්නට ලැබෙන බොහෝ අවයව සංකීර්ණ හා පරිණාමීය වශයෙන් පෞරාණික  බැවින් ඒවායේ මූලාරම්භයන් හෙවත් සම්භවයන්  තෝරා ගැනීම දුෂ්කර කරය.

රෝව් කුරුමිණියන්(rove beetles) ලෙස හැඳින්වෙන කෘමී පවුලක(family) ප්‍රතිරෝධී ග්‍රන්ථි(defiance glands) වඩාත් සරල වන අතර ඒවා වසර මිලියන 100 කට පමණට වඩා පැරණි නොවේ. එමෙන්ම, සියලුම කෘමීන් සතුව ඇති ශරීර මේදය හෝ සංයුක්ත ඇස් සඳහා වන සෛල වැනි පුරාණ සෛල වර්ග වලට වඩා බෙහෙවින් වයසින් අඩුය. එක් විශේෂයක් වන හරිතාගාර රෝව් කුරුමිණියා (Dalotia coriaria) සතුව සෛල වර්ග දෙකකින් පමණක් සමන්විත  ග්‍රන්ථි යුගලයක් උදරයේ ඇත. ඒවා තෙල් සහිත තරලයක දියවන ඝන විෂ ස්‍රාවය කරයි. කුහුඹුවෙකු වැනි විලෝපිකයෙකු විසින් පහර දෙනු ලැබුවහොත්, කුරුමිණියා තම නම්‍යශීලී උදරය වනමින් කුහුඹුවාගේ මුහුණට මෙම විෂ මිශ්‍රනය විද්යි. විෂ මගින් කුහුඹුවාගේ වේදනා ප්‍රතිග්‍රාහක අවුලුවන අතර එය කුහුඹුවා පසුබා යාමට සලස්වයි.

වැඩිහිටි හරිතාගාර රෝව් කුරුමිණියෙකු  මැස්සෙකුගේ කීටයන් ආහාරයට ගනී

මෙම ප්‍රතිරෝධී යාන්ත්‍රණයේ පරිණාමීය මූලයන් අනාවරණය කර ගැනීම සඳහා පාකර් සහ ඔහුගේ කණ්ඩායම සෛල වර්ග දෙකෙහි ජාන ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරීම සඳහා තනි සෛල RNA අනුක්‍රමණය(single-cell RNA sequencing)  නමින් තාක්ෂණයක් භාවිතා කළහ. මෙයින් පෙන්නුම් කළේ එක් සෛල වර්ගයක් ද්‍රාවකය නිපදවන අතර නෙක විෂ නිපදවන බවයි.

අනෙකුත් දේහ සෛල වල ජාන ක්‍රියාකාරිත්වය සමඟ සංසන්දනය කිරීමෙන් හෙළි වූයේ කුරුමිණියාගේ ශරීරයේ වෙනත් තැන්වල සෛල පාලනය කරන ද්‍රාව්‍ය සෛල දැනට පවතින ජාන කට්ටල අනුවර්තනය කරගෙන ඇති බවයි: අක්මාවක් ලෙස කුරුමිණියාට ඇති අවයවයෙහි පටක හා මේදය සාදන ඒවා මෙන්ම  ෆෙරමෝන් ලෙස හැඳින්වේන රසායනික සාදන ඒවවේ.. මෙම ප්‍රතිනිර්මාණය නව සෛල වර්ගයට තෙල් සහිත ද්‍රාවක සංරචක සෑදීමට ඉඩ ලබාදෙන්නේය.

මේ අතර, විෂ සෛල, දැනට පවතින පරිවෘත්තීය ජාන මෙන්ම කුරුමිණියාගේ පිට සම(cuticle) වර්ණගැන්වීම  හා ඝන කිරීම හා සම්බන්ධ වී ඇත. “කුරුමිණියා මේ නැවත භාවිතා කර ඇත්තේ කලින් පැවති තර්කනයක්මයි”  පාකර් පවසයි.

අත්හදා බැලීම් වලදී, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ  සෛල එක් වර්ගයක් පමණක් තනිව ගතහොත් නොනැසී පැවතීම සඳහා වාසියක් ලබා දීමට ප්‍රමාණවත් නොවන බවයි.  ද්‍රාව්‍ය හෝ විෂ නිෂ්පාදනය පාලනය කරන ජාන වල ක්‍රියාකාරිත්වය  අවහිර කර කුරුමිණියන්  සහ ස්‍රාවන සහිත කුරිමිණියන යන දෙපිරිසම කුහුඹුවන්ගෙන් පිරුණු ස්ථානයක තැබූ විට කුරුමිණියන් අතුරෙන් දිවි‍රැකගැනීමට වැඩි අවස්ථාව සැලසුණේ දෙවනියට කී කුරුමිණි පිරිසටය.  ඔවුන්ගේ සම්පූර්ණ විෂ සහිත මිශ්‍රනයට ප්‍රවේශ වීම නැතිවීම කුරුමිණියන්ගේ නොනැනසී පැවැත්මේ අනුපාතය සියයට 30 කින් අඩු කළේය.

පාකර් යෝජනා කරන්නේ ද්‍රාව්‍ය සෛල මුලින්ම පරිණාමයවන්නට ඇත්තේ සමහර විට කුරුමිණියාගේ කොටස් සඳහා  ලිහිසි තෙල් සපයන්නටය. මෙමඟින් විෂ සෛල පරිණාමය වීමට සුදුසු ස්ථානයක් නිර්මාණය කරන ලද අතර එමඟින්

නව කාර්ය්යන් බිහි විය. ස්වාභාවික වරණය පසුව සෛල වර්ග දෙක මත ඒකකයක් ලෙස ක්‍රියා කිරීමට පටන් ගත්තේ නව ඉන්ද්‍රිය ප්‍රශස්ත කිරීම සඳහා එක් එක් වර්ගයේ දායකත්වය තවදුරටත් ශෝධනය කරමිනි.

 “අවයව පරිණාමය වන ආකාරය හුවා දැක්වීමට මෙය කදිම ක්‍රමයක් යැයි මම සිතමි” යනුවෙන් පාකර පවසයි.

සෛල මගින් එකිනෙකට සුවිශේෂී සතාන  නිර්මාණය කිරීමෙන්  යම් සන්දර්භයක් තුළ පමණක් අර්ථවත් වන හෙයින් වෙනත් ආකාරයකින් පැන නගින්නේ නැති කාර්යයන් පරිණාමය වීමට මේ ආකාරයෙන් ඉඩ සලසයි,” ජර්මනියේ යුරෝපීය අණුක ජීව විද්‍යාගාරයේ(European Molecular Biology Laboratory) ඩෙට්ලෙව් අරෙන්ඩ් පෙන්වා දෙයි.

New Scientist(29th May, 2021) හී පළවන How evolution makes new organs  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.