G-7 සමුළුව:කොවිඩ් එන්නත් බෙදාහදා ගැනිමට එකඟ නොවූවහොත් දේශගුණ සම්මුතිය කඩාකප්පල්වෙයි!

Posted by

හෙට(සිකුරාදා) කෝර්න්වෝල් හි ආරම්භ වන තෙදින G-7 සමුළුවේදී කොවිඩ් එන්නත් බෙදාහදා ගැනිමට එකඟ නොවූවහොත් නොවැම්බර් මාසයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික ඉහළපෙලේ සමුළුව වන Cop26 කඩාකප්පල්වීමේ අනතුරක්

එන්නත් සඳහා සමාන ප්‍රවේශයක්(ලගාගැනීමට අවස්ථා) ලබා නොදුනහොත්  දේශගුණික විපර්යාස පිළිබඳ (මෙතෙක් ලබා ඇති)ප්‍රගතිය,  සංවර්ධනය වෙමින් පවතින රටවල්මගින් අඩපන කරනු ලැබීමට ඉඩ ඇතැයි බ්‍රිතාඥ අගමැති බොරිස් ජොන්සන්ට අනතුරු අඟවා ඇත්තේ එන්නත්වල  වැඩි මාත්‍රා ප්‍රමාණ  පරිත්‍යාග කිරීමට ධනවත් රටවල්වලට තව තව්ත් පීඩනය උත්සන්න වෙන පසුබිමකය.

සුප්‍රකට ඔබ්සර්වර් විසින් සම්පාදනය කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ එක්සත් රාජධානිය ඇතුළු ධනවත් ජාතීන්ට ඔවුන්ගේ ජනගහනය මෙන් දෙගුණයකට වඩා එන්නත් කිරීමට ප්‍රමාණවත් තරම් එන්නත් ඇති බවයි.

Share vaccines or climate deal will fail, rich countries are told | Vaccines  and immunisation | The Guardian

හෙට(සිකුරාදා) කෝර්න්වෝල් හි ආරම්භ වන තෙදින G 7 සමුළුවට පෙර, ලෝකයේ බලගතු පුද්ගලයන් සංඛ්‍යාවක් විශ්වාස කරන්නේ දුප්පත් රටවල් සඳහා එන්නත් ලබාදීමේ සැලැස්මකට එකඟ වීමට අපොහොසත් වීම දේශගුණ අර්බුදයට එරෙහි සටනේදී ධනවත් රටවල් සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ වැඩකිරීමට නොහැකි වීමට හේතු වනු ඇති බවයි. 2022 අවසන් වන විට සමස්ත ගෝලීය ජනගහනයටම එන්නත ලබා දෙන ලෙස ලොව ධනවත්ම ජාතීන්ගෙන් ඉල්ලා සිටීමෙන් බ්‍රිතාඥ අගමැතිවරයා දෙපිරිස අතර ආතතීන් සන්සුන් කිරීමට උත්සාහයක නිරත වනු ඇත.  “ලබන වසර අවසන් වන විට ලොවටම එන්නත ලබා දීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇතැයි,” කියා සිටන බ්‍රිතාඥ අගමැතිවරයා “මෙම දරුණු වසංගතය අවසන් කිරීම සඳහා අප හා එක්වන ලෙස මම මගේ සෙසු G 7 නායකයින්ගෙන් ඉල්ලා සිටිමි. කොරොන වයිරසයෙන් විනාශ වූ විනාශය නැවත සිදුවීමට අපි කිසි විටෙකත් ඉඩ නොදෙමුයි” යෝජනා කරයි.

පසුගියසෙනසුරාදා වන විට, එක්සත් රාජධානියේ එන්නතක් ලබා ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 40 පැන්නේය. ලබන සති අන්තයේ රැජිනගේ උපන්දින ගෞරව ලැයිස්තුවේ එළිදක්වන විට, එක්සත් රාජධානියේ එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී කේට් බිංහැම්ට නම්බුනාමයක් ලැබීමට නියමිත බව සන්ඩේ ටෙලිග්‍රාෆ් විසින් වාර්තා කරනලැබීය.

එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා වැදගත් සතියක් ලෙස සැලකෙන මෙමකාල සීමාවේ දී, නොවැම්බර් මාසයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික ඉහළපෙලේ සමුළුව වන Cop26 සඳහා මූලික අඩිතාලම දැමීමට ජොන්සන්  අපේක්ෂා කරයි. එම සමුළුවට ධනවත් රටවල් මෙන්ම  සංවර්ධනය වෙමින් පවතින රටවල් ද නියෝජිතයින් යවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත්,  යුනිලීවර් හි හිටපු ප්‍රධාන විධායක සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති පෝල් පොල්මන් පැවසුවේ ධනවත් රටවල් එන්නත් තොග ‍රැස්කර තබා ගැනීමේ චෝදනාවලට මුහුණ දී සිටින විට, විශාලතම ගෝලීය අභියෝග දෙක වඩ වඩාත් හා භයානක ලෙස සම්බන්ධ වෙමින් පවතින බවයි.

“අපි එන්නත් සම්බන්ධයෙන් සහයෝගීතාවය නොපෙන්වන්නේ නම් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ගෝලීය සහයෝගීතාව සහ විශ්වාසය බලාප්‍රොත්තු විය නොහැකය.” යි පොල්මන් පෙන්වාදෙයි, ” එන්නත් සහ දේශගුණය වෙනුවෙන්  අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සංවර්ධිත රටවල්  යම් සහයෝගයක් දක්වන බවක් නොපෙනේ නම්  සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය විමෝචන ඉලක්ක ඉහළ දමීමට එතරමුනන්දුවක් නොදැක්විමට ඉඩ තිබිය හැකියි”.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්, එන්නත් දේශගුණික ක්‍රියාමාර්ග සමඟ සමීපව සම්බන්ධ වී ඇති බවට එකඟ වන්නීය. “එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම සහ දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාමාර්ග අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ,” ඇය ද පෙන්වාදෙයි, සාධාරණ එන්නත් ලබා ගැනීම සඳහා ආයෝජනය කිරීම මෙන්ම (ගොඩනැගී ඇති) එන්නත් ජාතිකවාදයට එරෙහිව නැගී සිටීමෙන් පමනයි අපට කෝවිඩ් -19 පරාජය කරන්න පුළුවන්. සෑම රටකටම ඒවායේ දේශගුණික අභියෝගයන්ට මුහුණ දිය හැකි බව  සහතික කිරීමට අපට හැකිනම් පමණයි අපට ඉදිරියට යන මග ගැන් අර්ථවත් එකඟතාවකට පැමිණිය හැක්කේ. ”

සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් වලින් සාධාරණ කොටසක් ලැබෙන්නේ නැත්නම් තමන්  Cop26 වර්ජනය කරන බව ගෝලීය දේශගුණය සම්බන්ධ්යෙන් වැඩ කරන ප්‍රබල ක්‍රියාකාරියනක වන  ග්‍රෙටා තන්බර්ග් පවසා ඇති අතර ඒ ක්‍රියා මාර්ගයම අනුගමනය කරන ලෙස සමහර රාජ්‍ය නොවන සංවිධානද සංවර්ධනය වෙමින් පවතින රටවලින් ඉල්ලීම්කර ඇතැයි කියයි.

Cop26 සාර්ථක වීමට නම් එන්නත්, ණය සහන සහ පරිසර හිතකාමි කටයුතු සඳහා අරමුදල් සැපයීම  ඇතුළු ගැටළු සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා සපුරාලිය යුතු බව එකසත් රාජධානියේ රජයේ ඇමැතිවරු වටහා ගෙන ඇතැයි  රජයේ ජ්‍යෙෂ්ඨ   ආරංචි මාර්ග සඳහන්කරයි.

කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ ජපානය යන රටවල ජනගහනය එකතු කර බැලුවොත්  බිලියනයකට වඩා වැඩිවන්නේ යාන්තමින්  වුවද, එන්නත් මාත්‍රාවන් බිලියන 5.3 ක් සාමූහිකව ලබාගෙන ඇති බව නව දත්ත පෙන්වා දෙන්නේ යයි ගෝලීය සෞඛ්‍ය ඩියුක් විශ්ව විද්‍යාලයේ Global Health Innovation Center  (ගෝලීය සෞඛ්‍ය නවෝත්පාදන මධ්‍යස්ථානය) කියයි. බොහෝ එන්නත් පරිපූර්ණව ලබාදීම සඳහා එන්නත් මාත්‍රාවන් දෙකක් අවශ්‍ය බව සලකන විට, එයින් අදහස් කරන්නේ ලෝකයේ ධනවත්ම රටවලට ඔවුන්ගේ මුළු ජනගහනයම පරිපූර්නවම “දෙවරක් එන්නත්” කළත් තවත් ඉතිරිවන  බවයි.

ඒක පුද්ගල එන්නත් මාත්‍රා ගතහොත්  ප්‍රසම්පාදිත  මාත්‍රාවන් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ කැනඩාවටයි.  මිලියන 37 කට වඩා මදක් වැඩි ජනගහනයක් සිටින එරට සඳහා එන්නත් මාත්‍රාව මිලියන 381 ක් ලබාගෙන ඇත. සියලුම එන්නත් 3 වන අදියර අනුමත වුවහොත් එක් එක් පුද්ගලයාට මාත්‍රා 10 ක් බැගින් ලබා දීමට එය ප්‍රමාණවත් බවක් ඉන් කියැවේ.

එක්සත් රාජධානියට තම ජනතාව අතුරෙන් එක් එක් පුද්ගලයාට   එන්නත් මාත්‍රා හතක්, යුරෝපා සංගමයේ  පුද්ගලයෙකුට හයක් සහ, එක්සත් ජනපදයට පුද්ගලයෙකුට තුනක් සහ ජපානයට පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් බැගින් ලබා දීමට ප්‍රමාණවත් මාත්‍රා ඇත.

සාපේක්ෂව සලකන විට, බොහෝ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සෘජු ගනුදෙනු මගින් හෝ ගෝලීය එන්නත් බෙදාහදා ගැනීමේ මුලපිරීම වන Covax හරහා මාත්‍රාවන් ලබා ගැනීමට වෙහෙස දරමින් සිටියි. එන්නත් ලබාදීමේ හැකියාව ගත හොත් ලබාදිය හැක්කේ  නිදසුන් ලෙස  කොලොම්බියාව සහ ඉන්දුනීසියාව දැනට එක් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් මාත්‍රාව 0.9 ක් ද, දකුණු අප්‍රිකාවට එක් පුද්ගලයෙකුට මාත්‍රාවන් 0.5 ක් ද, පාකිස්තානයේ මාත්‍ර 0.1 ක් පමණි.

එක්සත් රාජධානියේ අතිරික්ත එන්නත් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් දුප්පත් රටවලට පරිත්‍යාග කිරීමට ජොන්සන් මීට පෙර පොරොන්දු වූ නමුත් මෙම ක්‍රියාවලිය තවමත් ආරම්භ වී නොමැත.

The Guardian හි පලවූ  Share vaccines or climate deal will fail, rich countries are told යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.