මදුරුවන් සැසිරවීමෙන් ඩෙංගු සාර්ථකව අඩු කරන ‘විශ්මයජනක’  ක්‍රමයක්

Posted by

ඩෙංගු උණ රෝගීන් 77% කින් අඩු කරගැනීමට මග පාදමින් එය පතුරවන මදුරුවන් හසුරුවන “සුවිශේෂී” අත්හදා බැලිමක් ගැන  විද්‍යාඥයෝ කරුණු දක්වති.

මදුරුවන් සැසිරවීමෙන් ඩෙංගු සාර්ථකව අඩු කරන ‘විශ්මයජනක’  ක්‍රමයක්

ඩෙංගු රෝගය පතුරුවන (කෘමියාගේ) හැකියාව අඩු කරන “ආශ්චර්යමත්” බැක්ටීරියාවලින් ආසාදනය වූ මදුරුවන් ඔවුහු ඉන්දුනීසියාවේ යෝගියාකාර්තා(Yogyakarta) නගරයේ දී සිදුකෙරුණු මෙම සම්පරීක්ෂණය සඳහා භාවිතා කළහ.  වෛරසය තුරන් කිරීමේ අපේක්ෂාවෙන් පරීක්ෂන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සිදුවෙමින් පවතී.

ලෝක මදුරු වැඩසටහනේ(World Mosquito Programme) කණ්ඩායම පවසන්නේ එය ලොව පුරා පැතිරී ඇති වෛරසයකට විසඳුමක් විය හැකි බවයි. මීට වසර 50 කට පෙර ඩෙංගු රෝගය ගැන අසා ඇති අය සිටියේ ස්වල්ප දෙනෙකි. එහෙත් එය අද ඉතා සෙමින් පැතිර යන ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් ආතුරයන් සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. 1970 දී දරුණු ලෙස ඩෙංගු රෝගයට ගොදුරුව තිබුයේ රටවල් නවයක් පමණි. එහෙත්  වසරකට ආසාදන ගණන මිලියන 400 ක්වෙයි.

මාංශ පේශි හා අස්ථිවල දැඩි වේදනාවක් ඇති කරවනන නිසා  ඩෙංගු රෝගය සාමාන්‍යයෙන් “අස්ථි ඛණ්ඩ උණ”(“break-bone fever”( ලෙස හැඳින්වේ. ඩෙන්ගු ක්ෂණික ව්‍යාපත්වීම් හේතුවෙන් රෝහල්වල ධාරිතා අභිභවා යා හැකිය.

Wolbachia බැක්ටීරීයාව

මගේ සතුරාගේ සතුරා

මෙම සම්පරීක්ෂණය සඳහා Wolbachia බැක්ටීරීයාව ආසාදනය වූ මදුරුවන් භාවිතා කරනු ලබීය. එක් පර්යේෂකයෙකු වන ආචාර්ය කේටි ඇන්ඩර්ස් එම බැක්ටීරියා විස්තර කරන්නේ “ස්වාභාවිකවම ආශ්චර්යමත්”ලෙසය. Wolbachia බැක්ටීරීයාව (ඩෙංගු බෝ කරන) මදුරුවාට හානියක් නොකරයි, නමුත් එය (බැක්ටීරියාව) පැළපදියම් වන්නේ ඩෙංගු වෛරසයට ඇතුළු වීමට අවශ්‍ය (ම්දුරුවාගේ) ශරීරයේම කොටස් වලය. ඒ අනුව, බැක්ටීරියාව සම්පත් සඳහා වෛරසය සමග තරඟ වදින  අතර ඒ අනුඅඩෙංගු වෛරසය නැවත ප්‍රතිගුණනය කිරීම(පිටපත් සැකසීම) වඩාත් අපහසු කරයි, එබැවින් මදුරුවා නැවත පුද්ගලයෙකුට විදින විට ආසාදනයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුය.

සම්පරීක්ෂණය වෙනුවෙන් Wolbachia බැක්ටීරීයාව ආසාදිත මදුරු බිත්තර මිලියන පහක් භාවිතා කරන ලදී. සෑම සති දෙකකට වරක් නගරයේ වතුර බාල්දි වල බිත්තර තැන්පත් කරන ලද අතර  ආසාදිත මදුරු ගහනයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මාස නවයක් ගත විය. යෝගකාර්තා නගරය කලාප 24 කට බෙදන ලද  අතර මදුරුවන් මුදා හරිනු ලැබුවේ ඉන් අඩක පමණි.

ආසාදිත කෘමීන් මුදා හළ විට රෝගීන් අතුරෙන් 77% ක අඩුවීමක් සහ රෝහල් රැකවරණය අවශ්‍ය පුද්ගලයින් අතර 86% ක අඩු වීමක් වාර්තා වූ බව  New England Journal of Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සම්පරීක්ෂණ  ප්‍රතිඵල  දක්වයි.

“එය ඉතා සිත්ගන්නාසුළුයි, අවංකවම කියනවා නම් ප්‍රතිඵල අප බලාපොරොත්තු වූවාටත් වඩා හොඳයි,” ලෝක මදුරු වැඩසටහනේ බලපෑම් තක්සේරු කිරීමේ අධ්‍යක්‍ෂවරයා වන ආචාර්ය ඇන්ඩර්ස්  බීබීසීයට පැවසීය.

තාක්‍ෂණය කෙතරම් සාර්ථක වී ඇත්ද යත් මදුරුවන් මුළු නගරය පුරාම මුදා හැර ඇති අතර කලාපයේම ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය අවට ප්‍රදේශ කරා ව්‍යාප්ත කරමින් පවතියි.

ආචාර්ය ඇන්ඩර්ස් පැවසුවේ “මෙම ප්‍රතිඵල ඩෙන්ගු මර්දන කාර්යයන් නව මගකට යොමු කරනවා” යනුවෙනි. ”  ඩෙංගු රෝගය බරපතල මහජන සෞඛ්ය ප්රශ්නයක් බවට පරිවර්තනය වී ඇති ලොව පුරා  මහා නගරවල නව වැඩපිළිවෙල විශාල පරිමාණයෙන් යෙදවීමේදී ඊටත් වඩා විශාල බලපෑමක් ඇති කළ හැකි යැයි අපි සිතන්නෙමු” යයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කරර්යි.

Wolbachia බැක්ටීරියාව සුවිශේෂී ලෙස මෑනවීමේ හැකියවෙන් යුක්ත නිසා ඊට සත්කාර දක්වන  මදුරුවන්ගෙ ඊළඟ පරම්පරාවට ද උරුම කර දීම තහවුරු කරන අයුරින්  (මදුරුවන්න්ගේ) සාඵල්‍යතාව(fertility)  වෙනස් කළ හැකිය.

එයින් අදහස් කෙරෙන්නේ වරක් Wolbachia බැක්ටීරියාව ස්ථාපිත කළ පසු  දිගු කාලයක්  රැඳී සිටිමින් ඩෙංගු ආසාදනයට එරෙහිව ආරක්ෂාව සැලසීමට කටයුතු කරන බවයි.

නව ක්‍රමය, කෘමිනාශක භාවිත කිරීම  හෝ වඳ බවට පත් කළ පිරිමි මදුරුවන් විශාල ප්‍රමාණයක් මුදා හැරීම වැනි  ඩෙන්ගු පාලන නැතිනම් මර්දනය කිරීමේ සෙසු වැඩපිළිවෙළවල්ට වඩා හාත්පසින්ම වෙනස්ය.  පෙර පවැති වෙනත් පාලන ක්‍රමවල දී සිදුවන්නේ ඩෙන්ගු මාරයන් මර්දනය කිරීම සඳහා එම වැඩසටහන් අක්හණ්ඩව,  දිගටම පවත්වා ගත යුතු විය.

යෝගියාකාර්තා නගරයේ රෝග නිවාරණ අංශ ප්‍රධානී Yudiria Amelia පැවසුවේ “මෙම අත්හදා බැලීමේ ප්‍රතිඵල ගැන අපි සතුටු වෙනවා” යනුවෙනි, “මෙම ක්‍රමය යෝගකාර්තා හි සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ හැකි අතර ඉන්දුනීසියාවේ සියලුම නගරවලට ද තවදුරටත් ව්‍යාප්ත කළ හැකිය.”

මෙම අත්හදා බැලීම වසර ගණනාවක පර්යේෂණයකින් පසු පැමිණි වැදගත් හැරවුම් ලක්ෂ්‍යකි. මන්ද,ඩෙංගු රෝගය පතුරුවන Aedes aegypti මදුරුවන්  සාමාන්‍යයෙන්  Wolbachia බැක්ටීරියාවෙන් ආසාදනය නොවන බැවිනි.

Aedes aegypti මදුරුවන්  සාමාන්‍යයෙන්  Wolbachia බැක්ටීරියාවෙන් ආසාදනය නොවන බැවිනි.

Wolbachia ස්ථාපිත කිරීමට හැකි වේ නම් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට එයම ප්‍රමාණවත් වනු ඇතැයි රෝග ආදෘශන්‍ය අධ්‍යයන(Disease modelling studies ) මගින් ද පුරෝකථනය කරනු ලැබ ඇත. 

බොස්ටන් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඩේවිඩ් හාමර් පවසන්නේ මදුරුවන් දෂ්ට කිරීම් මගින්ම  ව්‍යාප්ත වෙන සිකා, කහ උණ සහ චිකුන්ගුන්යා වැනි රෝග සම්බන්ධයෙන් ද  මෙම ක්‍රමයට “ආකර්ෂණීය විභවයක්” ඇති බවයි.

BBC NEWS(web) හී පළව ඇති ‘Miraculous’ mosquito hack cuts dengue by 77% යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.