ව්‍යාධිකාරක සමඟ  පරීක්ෂණාගාරවල පොර බදන විද්‍යාඥයින්

Posted by

ව්‍යාධිකාරක සමඟ  පරීක්ෂණාගාරවල පොර බදන විද්‍යාඥයින්

Jerry Malayer 

ඔක්ලහාමා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පාසලේ කායික විද්‍යා මහාචාර්ය පර්යේෂණ හා උපාධි අධ්‍යයන සහාය පිඨාධිපති  Jerry Malayer  විසිනි

ලෝකයේ දැන හඳුනාගත්  මානව රෝග කාරක හෙවත් ව්‍යාධිකාරක 1,400 ක් පමණ ඇත:  වෛරස්, බැක්ටීරියා, දිලීර, ප්‍රෝටෝසෝවා සහ හෙල්මින්තයන්(helminth – පටිපණුවන්). මේ රෝගකාරක හේතුවෙන් පුද්ගලයෙකුටතුවාල සිදුවීමට හෝ මරනය  ඇතිවිය හැකිය. එසේනමුත්   එක් එක්ක්ෂුද්‍ර ජීවී විශේෂ ට්‍රිලියනයක් සිටින ලෝකයක විද්‍යාඥයන් තවමත් ගණන් කර ඇත්තේ  සියයට එකකින් දහසෙන් පංගුවකින් එකක් පමණකි. එසේ නම් මිනිසුන්ට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම පර්යේෂකයන් විසින් සොයාගනුලැබ  ලක්ෂණ විදහා දැක්වීම පිණිස කෙතරම් දුරට ඉඩකඩ තිබේද? පිළිතුර ලෙස දැක්විය හැක්කේ බොහෝ දුරට ඉඩ නැත යන්නය.වෙදගත් කාරණය වන්නේ මෙම අන්වීක්ෂීය(අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි) සතුරන් වඩා හොඳින් දැන හඳුනා ගැනීමෙන් මිනිස් අපට බොහෝ වාසි සලසා  ගත හැකිය.

ඉතින් එදිනෙදා ජීවිතයේදී මෙම භයානක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඈත් වී සිටීම වඩාත් අර්ථවත් විය හැකි නමුත්  විද්‍යාඥයෝ  මෙම ක්ෂුද්‍ර ජීවීන් වඩාත් සමීපව හා පෞද්ගලිකව අධ්‍යයනය කර එම ජීවීන් ක්‍රියා කරන ආකාරය ඉගෙන ගැනීමට පෙළඹෙති. ඇත්ත වශයෙන්ම, විද්‍යාඥයන්ට වුනත් එය හැකි තරම් ආරක්ෂිත ආකාරයකින් කිරීමට අවශ්‍යය.

මා ගැන කීවොත් මා ජෛව පාලන රසායනාගාරවල වැඩ කර ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා සහ SARS-CoV-2 කොරෝනා වයිරස් ඇතුළු බැක්ටීරියා සහ වෛරස් පිළිබඳ විද්‍යාත්මක ලිපි පළ කර ඇත්තෙමි . ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම් 10 ක් දැනට ජෛව ආරක්ෂණ විද්‍යාගාරවල රෝගකාරක  අධ්‍යයනය කරමින් සිටී. ඔවුහු වෛරස් හා බැක්ටීරියා වල ජානමය වෙනස්කම් හඳුනාගෙන, ඒවායේ ධාරකයන්ගේ සෛල තුළ ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කරති. මෙම ආක්‍රමණිකයන්ට සත්කාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන ආකාරය සහ තරබාරුකම, දියවැඩියාව හෝ  වයස්ගතවීම වැනි  සමග්ලාන්‍යය හෙවත් සමගිලන්බවට බලපාන්නේ කෙසේද යන්න ඕරා බේරා ගැනීමට සමහරු වෙහෙසෙති. තවත් සමහරු රෝග කාරක හඳුනාගෙන ඒවා තුරන් කරන්නේ කෙසේදැයි සොයා බලමින් සිටිති.

රෝග කාරක මගින් හානියක් සිදු වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙවැනි පර්යේෂණ මානව හා පශු වෛද්‍ය විද්‍යාවට මෙන්ම ලොව පුරා ක්ෂීරපායින්, කුරුල්ලන්, මාළු, ශාක, කෘමීන් සහ අනෙකුත් විශේෂවල සෞඛ්‍යයට ඉතා වැදගත් වේ.

කලින් අනතුරු ඇඟවීම කලින් සූදානමට මග පාදයි

  වගකිව යුත්තේ කුමන ක්ෂුද්‍ර ජීවීයාද යන්න අවබෝහකරගැනීම, ක්ෂුද්‍ර ජීවීයා ඇත්තේ පරිසරයේ කොයිබද යන්න සහ එම ක්ෂුද්‍ර ජීවීයා මානවයන්ගේ ස්වාභාවික ආරක්ෂාවන් අභිබවා යන ආකාරය මත පදනම් කර ගෙන රෝග සුවකරන්නේ කෙසේ ද,  පදනම්ව රෝග වළක්වා ගන්නේ කෙසේද යන්න ගැන පසුගිය සියවසේදී  විද්‍යාඥයන් ඉගෙන ගෙන ඇති සියල්ල ගැන සිතන්න.

මෙම ජීවීන් කරන්නේ කුමක්ද, ඔවුන් එය කරන්නේ කෙසේද සහ ඒවා පැතිරෙන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම පර්යේෂකයන්ට ඒවායේ ව්‍යාප්තිය හඳුනා ගැනීමට, අවම කිරීමට සහ පාලනය කිරීම උදෙසා පියවර ගැනීමට උපකාරී වේ. අරමුණ නැතිනම් ඉලක්කය වන්නේ මෙම ජීවීන් විසින් බෝ කරන රෝගය සුව කිරීමට හෝ වළක්වා ගැනීමට හැකිවීමයි. රෝග කාරකය වඩාත් භයානක වන තරමට විද්‍යාඥයන් වැඩියෙන් එය තේරුම් ගත යුතුය.

විද්‍යාගාර පර්යේෂණ ඉස්මත්තට එන්නේ මෙහිදීය.

රෝග කාරකයක් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන ගනු වස් විද්‍යාඥයන්ට  මූලික ප්‍රශ්න තිබේ. ධාරක සෛලයකට ඇතුළු වී ප්‍රතිවර්තනය කිරීම පිණිස එම් අ රෝග කාරකයකය භාවිතා කරන්නේ කුමන යන්ත්‍රණයක් ද? කුමන ප්‍රෝටීන සෑදීමට එය සක්‍රීය කරන්නේ කුමන ජානද? රෝග කාරකය තුරන් කිරීම හෝ රෝග ප්‍රතිකාර හෝ එන්නත් ලබා ගැනීම සඳහා උපාය මාර්ග හඳුනා ගැනීමට මේ ආකාරයේ තොරතුරු භාවිතා කළ හැකිය.

රෝග කාරක ගැන දන්නා දේවල එකතුව ක්‍රමයෙන් වර්ධනය වන විට, අළුතෙන් නැගී එන රෝග කාරකයකට මුහුණ දෙන විට පර්යේෂකයන්ට එම දැනුමෙන් යම් ප්‍රමාණයක් යෙදවීමට වැඩි අවස්ථාවක් තිබේ.

ලෝකයේ විවිධ ප්‍රදේශ කරා මිනිසුන් ගමන් කරන විට හෝ අප පරිසර පද්ධති සංශෝධන කරන විට මිනිසුන්ට නව රෝග කාරක අභිමුඛ විය හැකිය. සමහර අවස්තාවල රෝග කාරකය නව දෛශිකයකට )vector =රෝග වාහකයාට( අනුවර්තනය වේ – එයින් අදහස් කරන්නේ රෝගකාරකය වෙනත් ජීවියෙකු හරහා බෝවිය හැකි බවයි – මේ අනුව රෝගකාරකය නව ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට සහ නව ජනගහනයන් ආසාදනය කිරීමට ඉඩ සැලසේ.

ලොව පුරා නැගී එන බෝවන රෝගවලින් 70% ක්  පමණ සතුන් හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ; මේවා සත්වාසදන(zoonotic) රෝග ලෙස හැඳින්වේ. සිදුවිය හැකි දේ ගැන සාමාන්‍ය වශයෙන් අනාවැකි කීමට තරම්  හැකියාවක් ලබා ගැනීම සඳහා මෙම (බෝවෙන)මාර්ග ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

හෝඩුවාවන් සැපයිය හැකි රටාවන් ස්වභාවික ලෝකයේ පවතින අතර, ක්ෂුද්‍රජීවී ලෝකයේ දැවැන්ත විවිධත්වය සහ මෙම ජීවීන් තමන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම සඳහා නව උපාය මාර්ග විකාශනය කරන වේගය සලකන විට මේ සෑම එකක්ම අධ්‍යයනය කර තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වේ.

මෙම පර්යේෂණ ආරක්ෂිතව කළ හැකිද?

කිසිදු ප්‍රයත්නයක දී ශුන්‍ය අවදානමක්(කිසිදු අවදානමක් නැති) වැනි දෙයක් නොමැත, නමුත් භයානක රෝග කාරක සමඟ වසර ගණනාවක් තිස්සේ වැඩ කරන  පර්යේෂකයන්  සිය කාර්යයන් ඉ‍ටුකිරීම සඳහා ආරක්ෂිත රසායනාගාර ක්‍රම සකස් කර ගෙන ඇත.

සෑම අධ්‍යයනයක දීම,  කළ යුත්තේ කුමක්ද, කෙසේද, කොහේද සහ කවුරුන් විසින්ද යන්න කල්තියා ලේඛනගත කළ යුතුය. මෙම විස්තර ස්වාධීන කමිටු විසින් සමාලෝචනය කරනු ලබන්නේ  වැඩ කටයුතු සඳහා වඩාත් ආරක්ෂිතම මාර්ගය අදාල සැලසුම් තුළ අන්තර්ගත දැයි සහතික කිරීම පිණිසයි. ආයතනය තුළ පුහුණුව ලත් වෘත්තිකයන් විසින් ස්වාධීන පසු විපරම් සිදු කරනු ලබන  අතර, (ඇමරිකාවේ දී  නම්) සමහර අවස්ථාවල එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ දෙකම එවැනි පසු විපරම් කෙරේ.

භයානක රෝග කාරක සමඟ වැඩ කරන අය   මූලධර්ම යුගලයක් පිළිපදින්න අනුගතවෙති . රෝග කාරක පාලනයට අදාල ජෛව සුරක්‍ෂිතතාවයක්(biosefety) ඇත, . විද්‍යා ඥයන්  සහ ඔවුන් සිය රාජකාරී වගකීම් ඉ‍ටුකරන  වටපිටාව ආරක්ෂාකාරීව තබා ගන්නා සියලුම ඉංජිනේරුම විධිවිධානයන්  එයට ඇතුළත් ය: ජෛව ආරක්ෂිත කුටි(biosafety cabinets) ලෙස හැඳින්වෙන සංවෘත, වාතාශ්‍රය සහිත වැඩබිම්, විද්‍යාගාරය තුළ වායු චලනය මනාව පාලනය කිරීම සඳහා දිශානුගත ගුවන් ප්‍රවාහ සහ පොරොත්තු කාමරයක්(anteroom). විශේෂ අධි-කාර්යක්ෂම අංශු වායුඅංශු පෙරහන් (Special high-efficiency particulate air filters-HEPA) රසායනාගාරය තුළට සහ ඉන් පිටතට ගමන් කරන වාතය පිරිසිදු කරයි.

විද්‍යා ඥයන් හැටියට් අපි හොඳ රසායනාගාර භාවිතයන්ට අනුගතව  සිටින අතර, සෑම කෙනෙකුම කබා,  මුහුණු ආවරණ සහ අත්වැසුම් ඇතුළු පුද්ගලික ආරක්ෂක කට්ටල වලින් සැරසී සිටින්නෙමු. සමහර විට අප විද්‍යාගාරයේ සිටියදී ආශ්වාස කරන වාතය පෙරීම පිණිස විශේෂ ශ්වසන යන්ත්‍ර භාවිතා කරන්නෙමු. මීට අමතරව, අපි බොහෝ විට අප අධ්‍යයනය කරමින් සිටින රෝග කාරකය අක්‍රිය කරන්නෙමු —  එය ක්‍රියාකාරී නොවන බව සහතික කරනු වස් එය කෑලි කෑලි වලට වෙන් කර තබන්නෙමු. අනතුරුව,  වරකට ‘කෑලි’ එකක්  හෝ කිහිපයක් ගෙන  වැඩ කරන්නෙමු.

එවිට ජෛව සුරක්‍ෂිතතාවයක් ඇතී වේ, එයින් අදහස් කරන්නේ රෝග කාරකයක් නැතිවීම, සොරකම් කිරීම, මුදා හැරීම හෝ අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති ක්‍රියාමාර්ග ස්ථාපිතව ඇති බවයි. ඒවාට, ප්‍රවේශ පාලක, ඉන්වෙන්ටරි පාලනය සහ අපද්‍රව්‍ය නිර්දූෂණය හෙවත් ප්‍රශෝධනය(decontaminatiin)  හා බැහැර කිරීම සඳහා සහතික කළ ක්‍රම ඇතුළත් වේ. මෙම ආරක්ෂක පියවරයන්හි කොටසක් වන්නේ තොරතුරු සුරක්ෂිතව තබා ගැනීමයි.

ලෝකයේ පර්යේෂක ප්‍රජාව  ජෛව ආරක්ෂණ භාවිතයන් මට්ටම් හතරක් සලකති. අඩු අවදානමක් නොමැති සාමාන්‍ය රසායනාගාර අවකාශයන් සඳහා ජෛව සුරක්‍ෂිතතා  මට්ටම -1 (BSL-1) සහ BSL-2 යොදනු ලැබේ. මිනිසුන්ට හෝ සතුන්ට බරපතල තර්ජනයක් වන ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් ඒ අය ක්‍රියා නොකරනු ඇත.

BSL-3  යන්නෙන් අදහස් කරන්නේ ඉහළ පුද්ගල අවදානමක් ඇති නමුත් අඩු ප්‍රජා අවදානමක් ඇති රසායනාගාරයි, එයින් අදහස් කරන්නේ පුද්ගලයින්ට බරපතල  රෝග ඇති කළ හැකි රෝග කාරකයක් ඇති නමුත් (එම රෝග සඳහා) ප්‍රතිකාර ලබා ගත හැකි බවයි. මගේ සගයන් සහ මා මෙන්ම  බොහෝ වෛද්‍ය සහ පශු වෛද්‍ය විද්‍යාල විසින් කරනු ලබන්නේ මෙවැනිවැඩයි.

BSL-4   යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයන් හෝ  සතුන් හෝ ඒ දෙකොට්ඨාසය අතර සැලකිය යුතු රෝග සම්ප්‍රේෂණයක්   ඇතිවීමේ අවදානමක් සහිත රෝග කාරක සමඟ වැඩ කිරීම සහ එලෙස ඇතිවිය හැකි රෝග සඳා සාර්ථක ප්‍රතිකාරයක් ලබා ගත නොහැකි වීමයි.  BSL-4 රසායනාගාර සාපේක්ෂව දුර්ලභ ය. එක් ඇස්තමේන්තුවක් අනුව ලෝකයේ පවතින්නේ 50 ක් පමනි.

මේ සෑම මට්ටමක දී ම වැඩි වන අවදානම හමුවේ ඒවායේ වැඩ කරන අය  ආරක්ෂාකාරීව තබා ගැනීමට සහ අහම්බෙන් හෝ අනිෂ්ට ලෙස අනිසි භාවිතා කිරීම වැළැක්වීමට වඩ වඩාත් දැඩි පියවර ගත යුතුය.

විද්‍යාව මෙම ක්ෂුද්‍ර ජීවීන් නොසලකා හැරියහොත් ඇති විය හැකි අවදානම කුමක්ද?

දරුණු රෝග කාරක වර්ග කිහිපයක් නිසා ඇතිවන දරුණු රෝග පැතිරීම් මෑත වසරවලදී, ලෝකය දැක තිබේ  විද්‍යාඥයන්ට දැනුමක් ඇති රෝග කාරක සම්බන්ධයෙන් පවා බොහෝ දේ තව දැන ගත යුතුව ඇත. තවම  අනාවරණය වී නොමැති තර්ජන තවත් ඇත් බව සිතා ගනීම  සාධාරණ ය.

නව රෝගකාරක විෂ බීජ සොයා ගන්නා විට ඒවා පරීක්ෂණාගාර තුළ විද්‍යාඥයින් විසින් අධ්‍යයනය කරණු ලබීම සහ ඒවා එක් ධාරකයෙකුගේ සිට තවත් ධාරකයට ගමන් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම සහ පවතින් තත්වයන් ඒවාට  බලපාන ආකාරය එමෙන්ම කාලයත් සමඟ වර්ධනය වන වෙනස්කම් මොනවාද? වැඩිදියුණු කර ගත හැක්කේ කුමන ඵ්ලදායි පියවරයන් ද? යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන්නේය. ජලභීතිකා, බටහිර නයිල් වෛරසය සහ ඉබෝලා වැනි වඩාත් ප්‍රකට වෛරස් වලට අමතරව  බරපතල තර්ජනයක් වන  සුවිශෙෂී රෝග කාරක කිහිපයක් ද අද ලෝකයේ සංසරණය වෙමින් පවතී. හැන්ට වයිරස්(Hantaviruses), ඩෙංගු, සිකා වෛරසය සහ නයිපා(Nipah) වෛරසය ලෝකයේ  විවිධ විද්‍යාගාරවල පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඒවා සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ වැඩිදුර අවබෝධ කර ගැනීමටත්, වේගවත් රෝග නිර්ණ ක්‍රම වර්ධනය කිරීමටත්, එන්නත් හා චිකිත්සක නිෂ්පාදනය කිරීමටත් පර්යේෂකයෝ කටයුතු කරමින් සිටිති.

ක්ෂුද්‍ර ජීවීන් යනු පෘථිවියේ ජීවීන් අතුරෙන් බහුලම ස්වරූපය වන අතර මිනිස් සෞඛ්‍යයට මෙන්ම ශාක හා සතුන්ගේ සෞඛ්‍යයට ඒවාඅතිශයින් වැදගත් වේ. පොදුවේ ගත් කල, මිනිසුන් ඒවායේ පැවතීමට ද ඒවා මිනිසුන්ගේ පැවතීමට ද විලෝම වශයෙන් අනුවර්තනය වී ඇත. සැබෑ හානියක් කිරීමේ හැකියාව ඇති ක්ෂුද්‍ර ජීවීන් අම්බන්ධව ගත් කල (ඒවායින් හට ගත හැකි) ඊළඟ මහා වසංගතයට පෙර  ඒවා  හැකි තරම් ප්‍රමාණයක් විද්‍යාඥයින විසින් අධ්‍යයනය කරනු ලැබීම අර්ථවත් ක්‍රියාවකි.

(BSL-3 රසායනාගාරවල අධ්‍යයනය කරන ලද රෝග කාරක වර්ග පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය යාවත්කාලීන කරනු ලැබ ඇත)

The Conversation(June 10th, 2021) හී Working with dangerous viruses sounds like trouble – but here’s what scientists learn from studying pathogens in secure labs පළවන යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.