ගෝලිය වසංගතය අස්සේ කළු දිලීර රෝගය ඉන්දියාවේ වැඩියෙන් ව්‍යාප්තවන්නේ ඇයි?
ඉන්දියාවේ “කළු දිලීර” නමින් හැඳින්වෙන රෝගී තත්වයන් පෙලෙන්නන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර, ඒ අය වැඩි වශයෙන් කෝවිඩ් -19 වලින් සුවය ලබන රෝගීන්ය.
මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ මෙම රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන බවයි. එසේ වුව ද, වෙනත් සාධක ක්‍රියාත්මක වනවා ද විය හැකිද? වෙනත් රටවල සිදුවන්නේ කුමක්ද? කළු දිලීර ඇත්තේ මොන රටවල ද?
කොවිඩ් වසංගතයට පෙර, අවම වශයෙන් ලොව පුරා රටවල් 38 කින්වත් කළු දිලීර ලෙස හඳුන්වනු ලබන mucormycosis රෝගීන් ගැන වාර්තාවිය. ලෝකයේ ප්‍රමුඛ පෙළේ දිලීර අධ්‍යාපනයන්ට අනුව වැඩිම රෝගී අනුපාතයක් ඇත්තේ වාර්ෂිකව මිලියනයකට රෝගීන් 140 ක් පමණ වාර්තා වන ඉන්දියාව සහ පාකිස්තානයෙනි.

දිලීර ආසාදන පිළිබඳ විශේෂඥයෙකුවන, මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඩේවිඩ් ඩෙනින් පවසන්නේ ඉන්දියාවේ කළු දිලීර රෝගීන් පිළිබඳව සලකතොත් කොවිඩ් වසංගතයට බොහෝ කලකට පෙර සිටම “ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා ඝනත්වයක්” ඇති බවයි. mucormycosis දුර්වලව පාලනය කෙරෙන දියවැඩියාව හා දැඩි සම්බන්ධයක් ඇතැයි සැලකෙන අතර ඉන්දියාවේ එය[දියවැඩියාව] බහුලය.
Covid-19 වැළඳී සිට යථා තත්ත්වයට පත්වන රෝගීන් අතරේ දිලීර ආසාදන ඇති අය 94% ක්ම දියවැඩියාවෙන් දුක් විදින්නන් බව ගෝලීය වශයෙන් කළු දිලීර ආතුරයෙන් ගැන විමසා බැලූ මෑතක පර්යේෂණ වාර්තාවක දැක්වේ. තවද කළු දිලීර ආසාදිත යයි වාර්තාවන රෝගීන් බහුතරයක් (71% ක්) ඉන්දියාවේ අයයි.

කළු දිලීර ආතුරයන් සහ දියවැඩියාව අතර සබැඳියක් වෙනත් රටවල් තුල දැකිය හැකිද?
ලකුණින් බැහැරව හා දියවැඩියාව ඉහළ ඒක පුද්ගල ව්‍යාප්තියක් ඇති අනෙකුත් රටවල් අතරේ ඉන්දියාව හැර සෙසු රටවල්වලින් ද මුචොර්ම්ය්චොසිස් ආතුරයන් වාර්තාවේ. ඉන්දියාවේ අසල්වැසි රටවල් වන පාකිස්තානය සහ බංග්ලාදේශය යන දෙරටේම ජනගහනයේ දියවැඩියාව පැතිරීම ඉහළ මට්ටමක පවතී. ඒ රටවල මුචොර්ම්ය්චොසිස් රෝගීන් ඇති නමුත් එය විශේෂයෙන් විශාල සංඛ්‍යාවක් නොවේ. බංග්ලාදේශයේ මුචොර්ම්ය්චොසිස් වැළඳී ඇතැයි සානාථ කෙරුණු රෝගියෙකුට වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දී ඇති අතර තවත් සැක සහිත ආතුරයෙක් ගැන පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී. වෛද්‍යවරුන් බීබීසීයට පැවසුවේ රෝගීන් දෙදෙනාම දියවැඩියාව වැළඳුන අය බවයි. පකිස්තානයෙන් ද මෑතක සතිවල mucormycosis ආතුරයන් පස් දෙනෙකු වාර්තා වූ අතර මැයි 12 වන විට සිව්දෙනෙක් මරුමුවට පත්වූහ. බ්‍රසීලයෙන් ද මේ වන විට mucormycosis රෝගීන් 29 ක් වාර්තා වී ඇති නමුත්, මෙයින් කීදෙනෙකු කොවිඩ් සහ / හෝ දියවැඩියා රෝගීන්ද යන්න තවමත් පැහැදිලි නැත.
කොවිඩ් රෝගීන් අතරේ එකලා mucormycosis ආතුරයන් සිටිනා බව රුසියාවෙන් ද මෑතදී වාර්තා විය. එසේනමුත් ඒ කොපමණ සංඛ්‍යාවක් දැයි මේ දක්වා අනාවරණය වී ඇත්ද යන්න පැහැදිලි නැත.
එක්සත් ජනපදයේ දියවැඩියාව ඉතා ඉහළ මට්ටමක පවතී – ජනගහනයෙන් 9.3% කට මෙම තත්වය බල පා ඇති බවට ගණන් බලා ඇත. ගෝලීය වශයෙන් වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ද සිටින්නේ ඒ රටෙහිය. එසේවුව ද mucormycosis එහි ඉතා දුර්ලභ ය. එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන වලට(Centers for Disease Control -CDC’s) අනුව දියවැඩියා රෝගීන් කළමනාකරණය බොහෝ දුරට සාර්ථකය. දියවැඩියා සඳහා රෝග නිර්ණයෙන් වසන් වෙන්නේ 3% ක් පමණකි.

දියවැඩියාව අවදානම් සාධකයක් විය හැක්කේ ඇයි?
විශේෂඥායන් පවසන අන්දමට ගැටළුවට මුල් වන්නේ වාර්තාවන නැතිනම් හඳුනාගනු ලැබූ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව නොව දියවැඩියාව ඇති බවට රෝග නිර්ණය නොකෙරෙන සංඛ්‍යාව බවයි.
ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල දියවැඩියාවෙන් පෙළෙන අයගෙන් 57% ක්ම හඳුනා නොගත් රෝගීන් බව අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය(International Diabetes Federation-IDF) ගණන් බලා තිබේ. මේ සියල්ලම පාහේ ඇත්තේ ඉන්දියාවේය. පාකිස්තානයේ ද රෝග විනිශ්චය නොකළ දියවැඩියාව ඉහළ මට්ටමක පවතින බවට ගණන් බලා තිබේ. කිර්ගිස්තානයේ ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය හරිප්‍රසාත් ප්‍රකාශ් පවසන්නේ “ඉන්දියාවේ කළමණාකරණයෙන් තොරව දියවැඩියාව බහුල වන්නේ එහි ජනතාව නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු නොකරීමේ හේතුවෙන්” බවයි. දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් ඒ බවට නිර්ණය කෙරෙන්නේ “වෙනත් සෞඛ්‍ය සංකූලතා අරීක්ෂාවන් වල දී වන අතර (දියවැඩියාවට) ඔවුන්ට ප්‍රතිකාර නොකෙරෙන” බව ඔහු එන්වාදෙයි. නිසියාකාරව පාලනය නොකරන ලද දියවැඩියාව දිලීර ආසාදන ඇතුළු සමහර ආසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.
අප්‍රිකානු කලාපයේ ද හඳුනා නොගත් දියවැඩියාව 60% කට ආසන්න මට්ටමක පවතින නමුත් ඇස්තමේන්තු වලට අනුව mucormycosis ඇතිවීමේ අවදානම අඩුයි – එය 3% ක් පමණකි. ආචාර්ය ඩෙනින් පෙන්වා දෙන්නේ “සිදුවනවා විය හැක්කේ [ mucormycosis] රෝග විනිශ්චය නොකිරීම නිසා විය හැකිය … එය [ mucormycosis] අහසුවෙන් හඳුනා ගත හැකි රෝගයක් නොවේ.” යනුවෙනි.
පටක නියැදි එකතු කිරීමේ දුෂ්කරතාවය සහ රෝග විනිශ්චය පරීක්ෂණවල සංවේදීතාව නොමැතිකම හේතුවෙන් කළු දිලීර රෝග විනිශ්චය වසන්ව යන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

කළු දිලීර ඇතිවීමට තවත් හේතු මොනවාද?
සමහර කෝවිඩ් ප්‍රතිකාර සඳහා වගවිභාගයකින් තොරව ස්ටෙරොයිඩ භාවිතා කිරීම mucormycosis හෝ වෙනත් දිලීර ආසාදනවලට මග පැදිය හැකි බව විශේෂඥයෝ යෝජනා කරති.
ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිසා ඇතිවන ප්‍රදාහය අඩු කිරීම පිණිස ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සඳහා බහුලව නියම කරනු ලබන ස්ටෙරොයිඩ දෙකක් ඇත: dexamethasone සහ methylprednisolone ඒ දෙකයි.
කෙසේ වෙතත්, රෝහල්වලට සහ වෛද්‍යවරුන්ට දරා ගත නොහැකි තරමට ආතුරයන් වැඩිවෙමින් පවතින නිසා, මෙම ස්ටෙරොයිඩ වෛද්‍ය අධීක්ෂණයකින් හෝ අනුමැතියකින් තොරව ගන්නා බවට සාක්ෂි තිබේ.
මේ ආකාරයට ඖෂධ ස්වකැමැත්ත අනුව භාවිතයට එරෙහිව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් මෑතකදී අනතුරු අඟවා ඇති අතර එය mucormycosis වර්ධනය වීමේ අවදානම ඉහළ යාම වැනි බරපතල හානිකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව වෛද්‍ය ඩෙනින් පවසයි.
එක්සත් රාජධානියේ කෝවිඩ් රෝගීන් 2,000 ක් පමණ ආශ්‍රයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් පෙණී ගොස් ඇත්තේ dexamethasone මධ්‍යස්ථ හෝ දරුණු ආසාදනයක් ඇති අය අතරේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට උපකාරී වන නමුත් මද ආසාදනයක් ඇති අයට හානිකර වීමේ හැකියාව ඇති බවයි.
රෝහල් පරිසරයක භාවිතා කරන විට නම් ස්ටෙරොයිඩ වල කාර්යක්ෂමතාව එම අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරිණි. කෙසේ වෙතත්, ඉන්දියාවේ සමහර ප්‍රාන්තවලදී නිවාස හුදකලා කට්ටල සමඟ dexamethasone මහජනයාට බෙදා ඇති බව වාර්තා වේ. “වැඩිවැඩියෙන් ස්ටෙරොයිඩ භාවිතය යෝග්‍ය නොවන බව (අධ්‍යයන හරහා) ඉතා පැහැදිලිය,” යි ආචාර්ය ඩෙනින් කියාසිටී.

BBC News(web) හි පළවන Black fungus: Is diabetes behind India’s high number of cases? යන ලිපිය අසුරෙනි