COVID-19 එරෙහි එන්නත් නිෂ්පාදන දෙකක මාත්‍රා මිශ්‍ර කර ලබාගැනීම යෝග්‍යය ද?
COVID-19 එන්නත් බෙදාහරීමේ වැඩපිළිවෙල දියත් කරනු ලැබ ඉදිරියට යද්දී සමහර රටවල් එන්නත් නිෂ්පාදන මිශ්‍රකිරීම ගැන සිත යොමු කරයි. මේ මිශ්‍රකිරීම යන්නෙන් අදහස් කරන්නේ එක් එන්නතකින් පළමු මාත්‍රාව ලබා දී සති කිහිපයකට පසුව වෙනස් වර්ගයක සහ වෙනත් නිෂ්පාදනයක දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමයි.
එන්නත් නිෂ්පාදන මිශ්‍ර කිරීම බොහෝ හේතු නිසාවෙන් හොඳ අදහසක් විය හැකිය. සැපයුම් බාධක, රටවල් කිහිපයක එන්නත් හිඟයකට තුඩු දී ඇති බැවින් විවිධ නිෂ්පාදකයින්ගේ එන්නත් මාත්‍රා මිශ්‍ර කර භාවිතයට ගත හැකිවීම එන්නත් සැපයුම සඳහා වන පීඩනය අඩු කරයි. එපමණක් නොව, එකම එන්නතෙහි මාත්‍රාවන් දෙකකට සාපේක්ෂව එය ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් සඳහා හේතු විය හැකි බවට මූලික සාක්ෂි කිහිපයක් තිබේ. සැපයුම් හිඟය හෝ සමහර නිෂ්පාදනවල දුර්ලභ අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වීම නිසා සමහර රටවල් එන්නත් මිශ්‍ර කිරීමට සැලසුම් කර ඇත.

AstraZeneca එන්නතෙහි එක් මාත්‍රාවක් ලැබීමෙන් පසුව Pfizer-BioNTech එන්නත් මාත්රාවක් ලබාදීමෙන් අනතුරුව රුධිර පරීක්ෂණ මගින් මනිනු ලැබූ පරිදි ප්‍රබල ප්රතිශක්තීකරණ ප්රතිචාර ජනනය කරනු ලබන බව මෑතක සිදුකෙරුණු අධ්‍යයන තුනක දී, පර්යේෂකයන් විසින් සොයා ගන්නාලදී. අධ්‍යයන තුනෙන් දෙකකින්ම දැක්වූයේ මිශ්‍ර එන්නත් ප්‍රතිචාර, අවම වශයෙන් ෆයිසර්-බයෝඑන්ටෙක් නිෂ්පාදනයේ මාත්‍රාවන් දෙකකින් සැලසෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් සලසන බවයි. ෆයිසර්-බයෝඑන්ටෙක් යනු Covid-19ට එරෙහි එන්නත් අතරේ වඩාත්ම කාර්යක්ෂම එන්නත් අතුරෙන් එකක් ලෙස සැලකේ.
පරීක්ෂාවට ලක් කර ඇත්තේ මිශ්‍රකිරීමේ විභවයක් ඇති එන්නත් සංයෝජනයන්ගෙන් කිහිපයක් පමණි. එහෙත් එන්නත් මිශ්‍ර කිරීම ආරක්ෂිත හා ඵලදායී බව ඔප්පු වුවහොත්, එමගින් බිලියන ගණනක් දෙනා ආරක්ෂා කිරීමේ උත්සාහය වේගවත් කළ හැකිය. “මෙම හැකියාව බොහෝ රටවලට නව දොරටු විවෘත කරනු ඇති” යයි Carlos III සෞඛ්‍ය ආයතනයේ සායනික පර්යේෂණ විශේෂඥ ක්‍රිස්ටෝබල් බෙල්ඩා-ඉනෙස්ටා පවසයි. මෙයට නිදසුනක් වශයෙන්, සති හෝ මාස ගණනාවකට පසුව ජනතාවට ලබා දීම සඳහා යම් විශේෂිත එන්නතක දෙවන මාත්‍රාවක් වෙනුවෙන් එම එන්නත් තොගයෙන්ම කොටසක් වෙන්කර තැබීම ගැන නොසිතා රජයන්ට මාත්‍රාවන් ලද වහාම බෙදා හැරිය හැකි බව දැක්විය හැකිය.
මේ කාරණාව යුරෝපයට සහ කැනඩාවට අමතර දිරිගැන්වීමක් වී තිබේ. ලේ කැටි ගැසීමේ දුර්ලභ ආබාධයක් ඇතිවීමේ අවදානම නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් තරුණ වයස් කාණ්ඩවල අය වැළකී සිටීය යුතු යයි එම රටවල රජයන් නිර්දේශ කිරීමට පෙර එම එන්නතේ ආරම්භක මාත්‍රාවක් මිලියන සංඛ්‍යාත ජනතාවට ලැබුණි. එවිට ඔවුන්ට සිදු වූයේ ඊළඟට කුමක් කළ යුතුදැයි කල්පනා කිරීමටය. ඔවුන් අභිමුඛයේ තිබුනේ විකල්ප දෙකකි: එක්කෝ දෙවන මාත්‍රාවක් ලබා ගනීම හෝ නැතහොත් වෙනත් එන්නතකට මාරු වීමයි.

Belda-Iniesta ආයතනයේ උදව් උපකාර මත සිදු කළ ස්පාඤ්ඤ අධ්‍යයනයක දැක්වෙන අන්දමට , ආරම්භයේ ඇස්ට්‍රාසෙනෙකා(AstraZeneca) මාත්‍රාවෙන් සති 8 කට පසු ෆයිසර්-බයෝඑන්ටෙක් (BioNTech) එන්නත ලබා ගත් පුද්ගලයින් 448 දෙනෙකුට අතුරු ආබාධ සුළු ප්‍රමාණයක් පමණක් ඇතිවූ අතර සහ දෙවන මාත්‍රාව ලැබීමෙන් සති 2 කට පසුව ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ලබාගැනීමට හැකිවිණ.. සෛල ආසාදනය කිරීම සඳහා ප්‍රමුඛවන SARS-CoV-2 වෛරසයේ පෘෂ්ටයෙහි ප්‍රෝටීන උදාසීන කිරීමට — කොරෝනා වයිරස් නොවන ප්‍රකාශිත ශූල(spike) පරීක්ෂාවට ලක් කළ රුධිර සාම්පල 129 ටම හැකි වී යයි පර්යේෂකයන් විසින් The Lancet හී පූර්වමුද්‍රණ හෙවත් මුද්‍රණ පිටපතට පෙර වෙබ් අඩවි යේ පළවූ වාර්තාවක සඳහන් කරනු ලැබ ඇත.
එමෙන්ම, එන්නත් මාත්‍රා අතර කාල පරතරය සම්බධයෙන් ද පර්යේෂකයන්ගේ සැලකිල්ල යොමුවිණ. බලීනයේ Charité විශ්ව විද්‍යාල රෝහලේ බෝවන රෝග විශේෂඥයෙකු වන Leif Erik Sander සහ සගයන් සොයා ගත් ප්‍රථිපල මෙහි දී වැදගත්ය. එක් පරීක්ෂණයකදී සෞඛ්‍ය සේවකයින් 61 දෙනෙකුට එකම එන්නතෙහි මාත්‍රා දෙක සති 10 සිට 12 දක්වා කාලය තුළ ලබා දුන් පසු, සම්මත කාල පරතරය වන සති 3 ක කාල පරතරයකින් ෆයිසර්-බයෝටෙක් මාත්‍රාවන් දෙකක් ලබා දුන් පාලක කණ්ඩායම ගැලපෙන ආන්දමින් ස්පයික් ප්‍රතිදේහ නිපදවූ අතර අතුරු ආබාධවල වැඩි වීමක් සිදු නොවීය. ඊටත් වඩා දිරි ගන්වනසුළු කාරණාවක් වන්නේ, ප්‍රතිදේහ ප්‍රතිචාරය ඉහළ නැංවීමට සහ දැනටමත් ආසාදනය වී සෛල ඉවත් කිරීමට උපකාරී වන ඔවුන්ගේ T සෛල, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් සම්පූර්ණයෙන්ම ලද අයට වඩා මදක් හොඳ ස්පයික් ප්‍රතිචාරයක් දැක්වීය. මේ හා සැසඳිය හැකි ප්‍රතිඵල, ජර්මනියේ උල්ම්(Ulm) හි කුඩා අධ්‍යයනයක් සිදු කළ කණ්ඩායමකට ද ලැබුණි. කණ්ඩායම දෙකෙහිම් ප්‍රතිඵල පූර්ව මුද්‍රණ වාර්තා ලෙස පළ කර ඇත.
ජොන්සන් සහ ජොන්සන්(Johnson & Johnson) විසින් නිපදවන ලද එක් මාත්‍රාවක් පමණක් අවශ්‍යවන COVID-19 එන්නත නිපදවීමට උදව් කළ භෙත් ඊශ්‍රායල් උපස්ථායිකා වෛද්‍ය මධ්‍යස්ථානයේ (Israel Deaconess Medical Center) ඩෑන් බාරූච් පවසන්නේ “එක් නිෂ්පාදනයක එන්නතකට වඩා වෙනස් නිෂ්පාදන එන්නත් දෙකක් වඩා බලවත් විය හැකි” බවයි. එය සහ මාත්‍රා දෙකේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත, SARS-CoV-2 හි ස්පයික් ප්‍රෝටීන සඳහා ඩීඑන්ඒ කේතීකරණය ග්‍රාහකයාගේ සෛල තුළට හඳුන්වාදීම පිණිස ප්‍රතිවලනය නොවන ඇඩිනො වයිරසයක් හෙවත් ග්‍රන්ථිවෛරසයක් “දෛශිකයක්”(vector) ලෙස භාවිතා කරයි. ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෝඩර්නා යන එන්නත් ඒ වෙනුවට ස්පයික් හෙවත් ශූල සඳහා ඩූත RNA (messenger RNA (mRNA) කේතීකරණය භාවිතා කරයි, එම සෛල ගෙන ප්‍රෝටීන් සෑදීමට භාවිතා කරයි.
රෝග කාරකයක් හඳුනා ගැනීම පිණිස ප්‍රතිශක්තිකරණ පද්ධතියට එන්නත් වර්ග දෙක මිශ්‍ර කිරීමෙන් විවිධ ක්‍රම ලබා දිය හැකිය. “ mRNA එන්නත් ඇත්තෙන්ම ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීමට ඉතා හොඳයි. දෛශික මත පදනම් වූ එන්නත් T සෛල ප්‍රතිචාර දැක්වීමට වඩා හොඳය,” සැන්ඩර් පවසයි. මිශ්‍ර මාත්‍රාවෙන් ලබාදෙන එන්නත් මේ දක්වා ලබා දී ඇති ප්‍රතිඵල දිරිගවන සුලු බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත පිළිබඳ විශේෂඥයෙකුයෙකු වන මැතිව් ස්නේප් පිළිගනියි. එසේනමුත් T සෛල ප්‍රතිචාරයේ යම් දියුණුවක් සිදුවන්නේ මාත්‍රා මිශ්‍ර කිරීමට වඩා මාත්‍රා අතර දිගු කාල පරතරයකින්ද යන්න සැල්කිල්ලෙන් විමසා බැලිය යුතු බව ඔහුගේ අදහසයි.
COVID-19 ට එරෙහිව එන්නත්වලින් සැපයෙන සැබෑ ආරක්ෂාව තක්සේරු කිරීමට මෑත අධ්‍යයනයන් නිර්මාණය කර නොමැති නිසා ඒවා අසම්පූර්ණ ය. එවැන්නක් සඳහා නම් විවිධ එන්නත් සංයෝජන ලබා ගන්නා විශාල කණ්ඩායම් අතරේ, ආසාදනයවන්නේ හා අසනීප වන්නේ කවුරුන් දැයි මාස ගණනාවක් තිස්සේ සොයා බැලීම අවශ්‍ය වේ. මේ අධ්‍යයන මත රඳා පවතින ප්‍රතිදේහ සහ T සෛල මිනුම් (සපයන) සැබෑ ජීවිත ආරක්ෂාවට අනුරූප වේ යැයි සිතනු ලැබේ, නමුත් මෙම සහසම්බන්ධතා කෙතරම් විශ්වාසදායකද යන්න තීරණය කිරීම සඳහා අධ්‍යයන (දිගටම) සිදු වෙමින් පවතී.
කෙසේ වෙතත්, මේ අධ්‍යයනවල සොයාගැනීම් මෑත කාලීන ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා සහාය වී ඇත. වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින් සඳහා එන්නත් දෙක මිශ්‍ර කිරීමට(ඒ කියන්නේ මාත්‍රා දෙක වෙනස් නිෂ්පාදනවලින් ලබාදීමට) ස්පාඤ්ඤය අවසර දී ඇත. කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ සහ ඩෙන්මාර්කය ඇතුළු ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා වයස් සීමාවන් පනවා ඇති අනෙකුත් රටවල් ද එවැනිම නිර්දේශ ඉදිරිපත් කර ඇත. COVID-19 ට එරෙහිව හැකි තරම් පිරිසකට එන්නත් ලබා දීමට ලෝකය තරඟයක යෙදෙද්දී, මෙම සංයෝජන අධ්‍යයනයන් ගෝලීය එන්නත් ප්‍රවේශයේ “ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණක්” වන (එන්නත් බෙදීයාමේ) අසමානතාවයට(nequality) එරෙහිව තවත් එක් ආයුධයක් විය හැකි බව එරස්මුස් වෛද්‍ය මධ්‍යස්ථානයේ(Erasmus Medical Cente) සායනික ඖෂධවේදියෙකු වන හියුගෝ වැන්ඩර් කුයි පවසයි. එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම තමන්ට ලබා ගත හැකි එන්නත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ දී ලොව පුරා බොහෝ රටවල යථාර්ථය බවට පත්වනු ඇතැයි ස්නේප් ද අදහස් කරයි
AAAS Science සහ Gavi Alliance හී පළවන ලේඛන අසුරෙනි