COVID-19 පැතිරීමට පහසුම ක්‍රමය මුහුණු ආවරණ නොමැතිව කථා කිරීමයි
මේ පිළිබඳව පර්යේෂණ මොනවාද?
COVID-19 ශ්වසන බිඳිති හරහා පැතිරෙන බව දැන සිටියද එය වාතිලින(එයරොසෝල) හරහා පැතිරෙනවාද නැද්ද යන්න (එනම් වාසරව හෙවත් වාතය ඔස්සේ) 2020 වසරේ දී බොහෝ විවාදයට භාජනය වූ මාතෘකාවක් විය. මේ දෙමාර්ගය ඔස්සේම කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුවිය හැකි බව පර්යේෂණ මගින් දක්වන තුරු මේ වාද විවාද ඇදී ගියේය. රෝග සම්ප්‍රේෂණය විශ්ලේෂණය කිරීම සඳහා පසුගිය මාස කිහිපය තුළ බොහෝ අධ්‍යයන සිදු කෙරුණේ ඔය අතර වාරයේය. හුස්ම ගැනීම, කථා කිරීම, කැස්ස හෝ කිවිසුම් යාම අතුරෙන් කුමක් වෛරසය පැතිරීමට වඩාත්ම දායක වේද යන්න තීරණය කිරීම පිණිස සාක්ෂි සොයා බැලීමට විද්‍යාඥයන් දරන ප්‍රයත්න ග්Aඇන සමාලෝචනයක් Journal of Internal Medicine හී පළවිය.

පර්යේෂකයන් සිදුකළේ කුමක්ද?
පර්යේෂකයෝ විමෝචන යාන්ත්‍රණයන් ගැනත් රෝගයේ විවිධ අවස්ථා වලදී වෛරසය විමෝචනය වන්නේ කොතැනින්ද යන්න මෙන්ම රෝග පැතිරීම පාලනය කිරීම සහ එහි බරපතලකම අවම කිරීම සඳහා මුහුණු ආවරණවල කාර්යභාරය පිළිබඳව සොයා බැලූහ. එම සොයා බැලීම් දක්වන පරිදි, වෛරසයේ විවිධ ප්‍රමාණ රැගෙන යා හැකි විවිධ ප්‍රමාණයේ ශ්වසන ජල බිඳිති විමෝචනය වන ආකාරය ඔවුහු විස්තර කරති.
ඔවුන් සොයාගත්තේ කුමක්ද?
ගෘහස්ථව, ඒ කියන්නේ නිවාස, කාර්යාල හෝ වෙනත් ගොඩනගිල්ලක් අභ්‍යන්තරයේ මුහුණ ආවරණයක් නොමැතිව කථා කිරීම වෛරසය පැතිරවීමට ඇති පහසුම මගක් බව පර්යේෂකයෝ සොයා ගත්හ. මෙයට හේතුසාධකවන්නේ කථනයේදී නිපදවන ශ්වසන බිඳිති වර්ගයයි: කථනයේදී නිපදවන මේ බිඳිති අතරමැදි ප්රමාණයේ ඒවා වන අතර මිනිත්තු කිහිපයක් අවලම්බිතව වාතයේ රැඳි තිබේ. මෙම බිඳිති වලින් (ඒවායේ අඩංඟුව ඇති)ජලය වාෂ්ප වී යන විට ඉතිරිවන්නේ සිගරට් දුම් පානයේදී (දුම් බොන්නා පිටකරන) වාතය හරහා පැතිර යන ආකාරයට සමාන වන පරිදි ඒරොසෝලයන් විසුරුවා හරිනු ලැබේ. එමෙන්ම, දුම් පානයේ දී සිදුවන්නාක් හා සමානව, වාතයේ රඳී තිබෙන ඒරොසෝල පාවී යාම නතර කිරීමට විනිවිද පෙනෙන් තාපසුවිකාරයක් වන ප්ලෙක්සිග්ලාස් වලින් තනා ඇති විබෙදුම්(partitions) සමත් නොවන බව පර්යේෂකයෝ පවසති.

වෛරසය පිට කර හරිනු ලබන ස්ථානය ද වැදගත් ය. COVID-19 ආසාදනය ඉහළ ශ්වසන පත්රිකාවෙන් ආරම්භ වීමට මාන බලයි. කථාකිරීමේ දී වැගිරෙන ශ්වසන බිඳිති හට ගන්නේ නැතිනම් සම්භවය ලබන්නේ එහිය. වෛරසය පහළ ශ්වසන පත්රිකාව දක්වා පැතිර යා හැකි අතර එහිදී වෛරස් අංශු හුස්ම සහ කැස්ස බිංදු මගින් වැගිරෙයි, එනමුත් පුද්ගලයා අලාක්ෂණික වන විට (බොහෝ COVID-19 රෝගීන් අලාක්ෂණිකය – ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වනවා විය හැකිය), මෙම බිඳිති වෛරස් අංශු වලින් ගහන වීමට ඇති ඉඩ අඩුය. මේ අතර, රෝග ලක්ෂන කිසිවක්ම නොපෙන්වන, එනම් සම්පූර්ණයෙන්ම අලාක්ෂණික අය පවා කතාකරන විට ඉහළ ශ්වසන පත්රිකාවෙන් වෛරසය පැතිර යා හැකිය. ස්වරනැමි (vocal folds)මගින් ද, පසුව එයරෙසෝල් බවට පරිවර්තනය විය හැකි ඉහළ මට්ටමක අංශු උත්පාදනය කළ හැකිය.
ප්රධාන සාධකය වන්නේ කටහඬෙහි සැර අඩු වැඩි කමයි. එයින් අදහස් කරන්නේ මිනිසුන් ඔවුන්ගේ ස්වරතන්තු(vocal cords) සහ ඉහළ ශ්වසන මාර්ගය හරහා තදින් වාතය පිට කරන තරමට වෛරස් අංශු පිටවී වාතයට එක්වීමට ඉඩ ඇති බවයි. මෙවැනි ඉහළ මට්ටමේ පිටවීම් ගීතිකා කණ්ඩායම්වල මෙන්ම පුහුණුකරු සහභාගිවන්නන්ට තදින් කෑගසා කතාකිරීමට සිදුවන යෝග්යතා පන්තිවලද දැකිය හැකිවෙයි. චිත්රපට ශාලාවක හෝ පුස්තකාලයක වැනි ඇතුළත ස්ථනයක සිටි පමණින්ම ආතුරයන්ගේ පොකුරු ඇතිවීමට ඇති ඉඩකඩ අඩු බව පෙනී යන්නේ මේ නිසාවෙනි. අවන්හලක වැනි මිනිසුන් ශබ්ද නඟා කතා කරන විට අංශු පැතිරීම වඩාත්ම වැඩිවන්නේය. වාතාශ්රය අඩු, අභ්‍යන්තර ස්ථාන මෙය තවත් උග්‍ර කරයි.

මෙමගින් අදහස්වන්නේ කුමක් ද?
ඉහළ අවදානම් සහිත අවස්ථාවන් සලකුණු කර දැක්වීමට අමතර්ව ගෘහස්ථව, විශේෂයෙන් මිනිසුන් ශබ්ද නඟා කථා කරන අතර එකිනෙකට සමීපව සිටින අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීමෙන් අඛණ්ඩව ලැබෙන ප්රතිලාභ පර්යේෂණයෝ පෙන්නුම් කරති. මිනිසුන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කරනවිට(pre-symptomatic) හෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවිට විට(asymptomatic = අලාක්ෂණික) COVID-19 සම්ප්රේෂණය සිදුවිය හැකිය යන්න සළකන විට මුහුණු ආවරණ පැළඳීමට හෝ නොපැළඳීමට තීරන කිරීමේ නැතහොත් පිටත ආහාර ගැනීම වැනි වෙනත් පූර්වාරක්ෂාවන් ගත යුතුද නැද්ද යන්න තීන්දු කිරීමේ පදනමක් ලෙස රෝග ලක්ෂණ පිළිබඳ සාක්ෂි භාවිතා නොකළ යුතුය.
GAVI Alliance වෙබ් අඩවියේ පලවන WHY SPEAKING WITHOUT A MASK IS THE EASIEST WAY TO SPREAD COVID-19 යන ලිපිය ඇසුරෙනි