එන්නත් සඳහා ගෝලීය වශයෙන් පවතින අසමානතාවේ ප්‍රතිඵල

Posted by

එන්නත් සඳහා ගෝලීය වශයෙන් පවතින අසමානතාවේ ප්‍රතිඵල

අසමානව එන්නත බෙදා හැරීම හේතුවෙන් ගෝලීය සමූහ ප්‍රතිශක්තිය ළඟා කර ගත නොහැකිවෙයි – දුප්පත් රටවල ජනතාවගෙන් 99% ක් දෙනා අනාරක්ෂිතයි. ආසාදනය හා එන්නත්කරණය අතර තරඟයේදී එන්නත්කරණයට පරාජය හිමි වී ඇත.

COVID-19 වසංගතය අවසන්ල් කිරීමට නම් ලොව බිලියන 7.9 ක ජනතාවගෙන් දළවශයෙන් 70% ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයයි මහජන සෞඛ්‍ය විශේෂඥයන් විසින් තක්සේරු කරනු ලබයි.  2021 ජුනි 21 වන විට, ගෝලීය ජනගහනයෙන් 10.04% ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇති අතර, ඔවුන් සියල්ලෝම පාහේ ධනවත් රටවල අය  වෙති.  අඩු ආදායම්ලාභී රටවල පුද්ගලයින්ගෙන් අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී තිබෙන්නේ 0.9% කට පමණි.

ගෝලීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යනයේ ය්දෙන්නෙකු වන Maria De Jesus  සෞඛ්‍ය ආරක්ෂණ අසමානතාවන් පිළිබඳ විශේෂඥයෙකි. එක්සත් ජනපදයේ, ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය Global Health Innovation Center’s Launch and Scale Speedometer විසින් සම්පාදනය කරන ලද එන්නත් බෙදා හැරීම පිළිබඳ දත්ත කට්ටලයක් භාවිතා කරමින්   හෙතෙම ගෝලීය වශයෙන් එන්නත ලබා ගැනීමේ පරතරය ලෝකයට බලපාන්නේ කෙසේද යන්න විශ්ලේෂණය කර බලා ඇත.

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක්

අනෙක් රටවල් රෝග පැතිරීම උග්‍ර තත්ත්වයකට ලක්වෙද්දී සමහර රටවලට සිය ජනගහනයට එන්නත් ලබා දීමට හැකිවීම කෙරෙහි බලපාන  ප්‍රධාන හේතුව සැපයුම නොව  බෙදා හැරීම වේ. බොහෝ ධනවත් රටවල් කල් ඇතිවම COVID-19 එන්නත් මාත්‍රා වැඩිපුර මිළදී ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කළේය.  Maria De Jesus ගේ විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය COVID-19 එන්නත් මාත්‍රා බිලියන 1.2 ක් ඒ කියන්නේ එරට  එක් පුද්ගලයෙකුට මාත්‍රාව 3.7 ක් ලබා ගත හැකි මාටමක ප්‍රමාණය අත්පත් කරගෙන  ඇති බවයි. කැනඩාව මාත්‍රා මිලියන 381 ක් ඇණවුම් කර ඇත; ඒ කියන්නේ සෑම කැනේඩියානු ජාතිකයෙකුටම අවශ්‍ය මාත්‍රාවන් දෙක බැගින් පස් වතාවක් එන්නත් කළ හැකි ප්‍රමාණයකි.

සමස්තයක් ලෙස ගත් කල, ලෝක ජනගහනයෙන් හතෙන් එකක් පමණක් නියෝජනය කරන රටවල් 2021 ජුනි මාසය වන විට ලබා ගත හැකි සියලුම එන්නත් වලින් අඩකට වඩා වෙන් කර ගෙන තිබුණි. මේ හේතුවෙන් ඉතිරි රටවලට මාත්‍රාව සෘජුව හෝ COVAX හරහා හෝ ලබා ගැනීම දුෂ්කර වී ඇත. COVAX අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට COVID-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද ගෝලීය මුලපිරීමයි.

උදාහරණයක් ලෙස බෙනින් චීනයේ සිනොවාක් එන්නත මාත්‍රා 203,000 ක් පමණ ලබා ගෙන ඇත – එය ප්‍රමාණවත් වනේ එරට ජනගහනයෙන් 1% ක් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට පමණකි. ප්‍රධාන වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා මත යැපෙන හොන්ඩුරාස් දළ වශයෙන් මාත්‍රාවන් මිලියන 1.4 ක් ලබා ගෙන ඇත. එමඟින් එහි ජනගහනයෙන් 7% ක් සම්පූර්ණයෙන්ම එන්නත් කරනු ඇත. මේ ආකාර  “එන්නත් කාන්තාරවල” පෙරමුණේ සිටින සෞඛ්‍ය සේවකයින් පවා තවමත් එන්නත් කර නොමැත.

 COVID-19  එන්නත් මාත්‍රාවන් 461,500 ක් පමණ පරිත්‍යාග මගින් ලැබී ඇති හයිටි රාජ්‍යයේ බරපතල ලෙස රෝගය පැතිර යමින් තිබේ.

අඩු ආදායම්ලාභී රටවලට “ඔවුන්ගේ ජනගහනයෙන් 20% ක් දක්වා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් ලබා ගැනීම” ලෙස දැක්වෙන COVAX හි ඉලක්කය පවා  එම රටවල COVID-19 සම්ප්‍රේෂණය පාලනය කර ගැනීමටනොහැකි වී ඇත.

සහයෝගය නොදැක්වීමේ ඵලවිපාක

පසුගිය වසරේ පර්යේෂකයෝ ඊසානදිග විශ්ව විද්‍යාලයේ(Northeastern University) එන්නත් ජනතාවට බෙදාහැරීමේ උපාය මාර්ග දෙකක්  අකෘතිකරණය කළේය. ඔවුන්ගේ සංඛ්‍යාත්මක සමාකරණ මගින් සොයාගෙන ඇත්තේ, ඉහළ ආදායම් ලබන රටවල් මුලින්ම එන්නත් අත්පත් කරගැනීමෙන් ලොව පුරා සිදුවන මරණවලින්  33% ක් පමණක් වළක්වාගැනීම  වෙනුවට ගෝලීය එන්නත් බෙදා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රටවල් සහයෝගය දැක්වූයේ නම්, (ලොව පුරා සිදුවන මරණ) 61% ක් වළක්වා ගත හැකිව තිබූ බවයි. කෙටියෙන් කියතහොත්, රටවල් සහයෝගයෙන් කටයුතු කරන විට  COVID-19 මරණ ආසන්න වශයෙන් අඩකින් පහත වැටේ.

එන්නත් බෙදාහැරීමේ අසමානතාව රටවල් අතර පමනක් නොව රටවල් තුළ ද විශේෂයෙන් දැඩි අසමානතාවය දැනටමත් පවතින රටවල දකිය හැකිවේ වේ.  නිදසුනක් වශයෙන්, ලතින් ඇමරිකාවේ එන්නත් ලබා ඇති ඉතා සුළු පිරිසකගේ අසමාන සංඛ්‍යාවක් ප්‍රභූන් ය: දේශපාලන නායකයින්, ව්‍යාපාරික අධිපතීන් සහ එන්නත ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමට හැකියාවක් ඇති අය මේ ගණයට වැටේ. මෙය පුළුල් සෞඛ්‍ය හා සමාජ අසමානතාවයන්ට මග පාදයි.

වර්තමානයේ දී මෙහි ප්‍රතිඵලය වන්නේ, විනාශකාරී රෝගයකින් ධනවතුන් පමණක් ආරක්ෂා කරන එහෙත් එන්නත ලබා ගැනීමට තරම් වාසනාවන්ත නොවන අයට  අඛණ්ඩව ව්‍යසන ඇති කරවන 

වෙනම හා අසමාන සමාජ දෙකක් බිහි වීමයි.

ඒඩ්ස් සම්බන්ධයෙන් සිදු කළ වැරදි යළි සිදුකිරීම?

මෙය එච්.අයි.වී ලොව පුරා පැතිර ගිය යුගයේ සිටම හුරුපුරුදු කතාවකි.

1990 දශකයේ දී එච්.අයි.වී / ඒඩ්ස් සඳහා කාර්යක්ෂම ප්‍රතිරෙක්ටොවෛරසීය ඖෂධ නිපදවීම ඉහළ ආදායම් ලබන රටවල මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමට මග පෑදීය. කෙසේ වෙතත්, එච්.අයි.වී ආසාදිත ගෝලීය දුප්පතුන්ගෙන් 90% කට පමණ මෙම ජීවිතාරක්ෂක ඖෂධ ලබාගැනීම සඳහා ප්‍රවේශයක් නොතිබුණි.

ඉහළ ආදායම් ලබන රටවල තම වෙළඳපල අඩු කිරීම පිළිබඳව සැලකිලිමත් වන Burroughs Welcome වැනි ප්‍රතිවයිරස නිපදවන ඖෂධ සමාගම් ජාත්‍යන්තරව ස්ථාවර මිල ගණන් අනුගමනය කළහ. එච්.අයි.වී වලට එරෙහිව සටන් කරනු වස් පළමුවෙන්ම යොදා ගත්  ඖෂධය වන Azidothymidine සඳහා  වසරකට ඇමරිකානු ඩොලර් 8,000 වැය විය. අද ඩොලරයේ අගයෙන් ගතහොත් එය ඩොලර් 19,000 කි.

වසංගතයේ කේන්ද්‍රස්ථානය වන අප්‍රිකාවේ උප සහරා රටවල් ද ඇතුළුව දුප්පත් රටවල ජනතාවට කාර්යක්ෂම එච්.අයි.වී / ඒඩ්ස් ඖෂධ ලබා ගත නොහැකි වෙන සේ සූක්ෂමව කටයුතු යෙදීමෙන් 2000 වසර වන විට, උප සහරා අප්‍රිකාවේ මිලියන 22 ක ජනතාවක් එච්.අයි.වී ආසාදිතයින් වශයෙන් ජීවත් වන අතර  කලාපයේ මරණවලටට ප්‍රධාන හේතුව ඒඩ්ස් රෝගය බවට පත් විය.

ඒඩ්ස් ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීම පිළිබඳ අසමානතාවේ  අර්බුදය ජාත්‍යන්තර ප්‍රවෘත්ති සිරස්තලවල ප්‍රමුඛත්වයදැරීමට පටන් ගත් අතර, ඒවාට ප්‍රතිචාර දැක්වීමඋදෙසා ධනවත් රටවල වගකීම නොසලකා හැරිය නොහැකි තරම් විය.

ප්‍රතිරෙක්ටොවෛරසීය ඖෂධ අවශ්‍යතායෙන් පෙළෙන රටවලට ඖෂධ සමාගම් පරිත්‍යාග කිරීමට පටන් ගත් අතර දේශීය ව්‍යාපාරවලට සාමාන්‍ය අනුවාදයන් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසා දුන්නේය. මේ ක්‍රියා මාර්ග, විශාල වශයෙන් පීඩාවට පත් දුප්පත් රටවල් සඳහා තොග වශයෙන් මෙම ඖෂධ සඳහා අඩු වියදම් ප්‍රවේශයකට මග පෑදීය. Global Fund to Fight AIDS, Tuberculosis, and Malaria වැනි නව ගෝලීය ආයතන විසින්, දුප්පත් රටවල සෞඛ්‍ය වැඩසටහන්වලට මුදල් යෙදවීම සඳහා  අරමුදල නිර්මාණය කරන ලද්දේය.

බිම් මට්ටමේ ක්‍රියාකාරිත්ව හෙතුවෙන් නොසලකා හරිය නොහැකි පීඩනයට ලක්වූ එක්සත් ජනපදය සහ අනෙකුත් ඉහළ ආදායම් ලබන රටවල් ලොව පුරා දැරිය හැකි ඒඩ්ස් ප්‍රතිකාර, පර්යේෂණ, සංවර්ධනය හා බෙදා හැරීම යන අංශ සඳහා ඩොලර් බිලියන ගණනක් වියදම් කළේය .

ගෝලීය සහයෝගීතා වඩියක්

ධනවත් රටවලට එම ජීවිතාරක්ෂක ඖෂධ ගෝලිය සපයා දීමේ හැකියා ඇත් කිරීමට,ප්‍රතිරෙක්ටොවෛරසීය ඖෂධ වැඩිදියුණු කිරීමේ සහ නිරපරාධේ දශලක්ෂ ගණනක ජීවිත අහිමිව යාමෙන් දශකයකට වැඩි කාලයක් ගත විය.

 සිය ජනතාවට ඉහල අනුපාතයකින් එන්නත් ලබා දී  ඇති ධනවත් රටවල් ගෝලීය වශයෙන් එන්නත් සැපයීම ඉහළ දැමීම පිණිස යම් වගකීමක් භාර ගැනීමට පටන් ගෙන ඇත්තේ  වත්මන් වසංගතයට මාස පහළොවක් ගත වු තනය.

එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ ජපානයේ නායකයින් මෑතකදී දුප්පත් රටවලට COVID-19 එන්නත් මාත්‍රාව බිලියනයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

2022 අවසන් වන විට “ලෝකයටම් එන්නත ලබාදෙමු” (“vaccinate the world”) යන  ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත්, වෛරස් පැතිරීම පාලනය කිරීම වස් ප්‍රමාණවත් පුද්ගලයින් වංඛ්‍යාවක් එන්නත් කිරීම සඳහා අතිතරම් මාත්‍රා ප්‍රතිග්‍රාහක රටවලට  ලැබේද යන්නත් තවමත් පැහැදිලි නැත. මෙම ඉලක්ක 2022 අග වනතෙක් කල්ග්තවීමෙන්, බ්‍රසීලයේ සිට ඉන්දියාව දක්වා වාර්තාගත ලෙස COVID-19න්  මිය යන සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව  බේරා ගත නොහැකි වනු ඇත.

එච්.අයි.වී / ඒඩ්ස් වසංගතය පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරස් වසංගතය අවසන් කිරීම සඳහා  පළමුව COVID-19 එන්නත් ලබා ගැනීමට පහසුව සැලසීම වෙනුවෙන්  ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයෙහි  ප්‍රමුඛතාවය දිය යුතු බවයි. එවිට ධනවත් ජාතීන්ට ඔවුන්ගේ එන්නත් නිෂ්පාදන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාත් ලොව පුරා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහාත් වෙනත් රටවල් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වනු ඇත.

අවසාන වශයෙන්, දුප්පත් රටවලට ඔවුන්ගේ මහජන සෞඛ්‍ය පද්ධතියට අරමුදල් සැපයීමට සහ එන්නත් මිලදී ගැනීමට වැඩි මුදලක් අවශ්‍ය වේ. ධනවත් රටවලට සහ G -7 වැනි කණ්ඩායම්වලට එම අරමුදල් සැපයිය හැකිය.

මෙම ක්‍රියාමාර්ග ධනවත් රටවලට ද ප්‍රයෝජනවත් වේ.  එන්නත් ලබා ගෙන නැති, අනාරක්‍ෂිත ජනගහනයක් ලෝකයේ සිටින තාක් කල්, COVID-19 දිගටම ව්‍යාප්ත වෙමින් විකෘතිව නව ප්‍රභේද තනමින් පවතිනු ඇත. 2021 මැයි යුනිසෙෆ් ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි: “අප ජීවත්වන එකිනෙකා කෙරෙහි රඳා පවතින ලෝකයේ සෑම සියළු දෙනාම ආරක්ෂිත වන තුරු කිසිවෙකුත් ආරක්ෂිත නොවේ.”

The Conversation(June 22nd, 2021) හි පලවූ  Global herd immunity remains out of reach because of inequitable vaccine distribution – 99% of people in poor countries are unvaccinatedයන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.