ජෛව ආරක්ෂණය
නවසීලන්තයටම සුවිශේෂී වූ අංග මේ විග්‍රහයට ඇතුළත් නමුත්, ජෛව ආරක්ෂණය සහ එහි වැදගත්කම පිළිබඳ පොදු කරුණු රැසක් පාඨකයාට උකහා ගත හැකිය.
ජෛව ආරක්ෂණය යනු අනවශ්‍ය බෝග වල් පැලෑටි, පළිබෝධ සහ රෝග හඳුනාගෙන පාලනය කිරීමේ ක්‍රියාවලියයි . කෘෂිකර්මාන්තය සහ ස්වාභාවික පරිසරය නවසීලන්තයේ ආර්ථිකයට ඉතා වැදගත් ය. එරට සතුව අද්විතීය එනමුත් පහසුවෙන් බිඳෙන සුළු ස්වාභාවික පරිසර පද්ධතියක් ඇති අතර එය ලෝකයේ වෙනත් තැන්වල බහුලව දක්නට ලැබෙන පළිබෝධකයන් නොමැතිව වර්ධනය වූවකි. දුර බැහර දූපත් සමූහයක වීම නිසාවෙන් අනවශ්‍ය පළිබෝධකයන් ඇතුළුවීම වැළැක්විමටත් පළිබෝධ සහ රෝග වලට හානිවීම වළක්වා ගැනීමටත් හැකියාව හෙවත් විභවය එරටට ඇති බව සැලකිල්ලට ගත යුත්තකි.

වෙනත් රටක පළිබෝධකයන් නොවන සතුන් සහ ශාක වෙනත් පර්සරයකක් වෙත මුදා හරිනු ලැබුවහොත් එය ගැටලුවක් බවට පත්විය හැකිය. වෙනත් පරිසරයකට. නවසීලන්තයේ වෙත ආ මිනිස්සු ස්වදේශීය නොවන හෙවත් එරටට උරුම නොවන ආගන්තුක ශාක හා සතුන් රැගෙන ආහ. ඒවා පරිසරයට ඉතා අහිතකර ලෙස බලපා ඇත. . නිදසුනක් වශයෙන්, මුල් යුරෝපීය පදිංචිකරුවෝ මස්ට ඇතිකරන හාවන් රැගෙන ආහ. ස්වාභාවික විලෝපිකයන් නොමැති වූ නිසා හාවන්ට හැකි ඉතා ඉක්මණින් විශාල සංඛ්‍යාවක් බෝ කිරීමට හැකිවිය. අධික ලෙස බෝවීම නිසාවෙන් පසුව හාවන් මැරීම සඳහා Sටෝට්ස් සහ ෆෙර්රෙට්ස් සතුන් හඳුන්වා දෙන ලදී, එහෙත් සිඩුවූයේ ඔවුන් ස්වදේශික පක්ෂීන් ද මරා දමීමට පටන් ගැනීමයි. එපමණක් නොව, දැන් කිවි සහ අනෙකුත් පක්ෂීන් වඳවී යාම වලක්වා ගැනීම සඳහා Sටෝට්ස් සහ ෆෙර්රෙට්ස් සතුන් උගුල් අටවා කොටු කර ගැනීමට සිදුවී ඇත. නව පරිසරයකට අළුතෙන් හඳුන්වා දෙනු ලබන ශාකයක් හෝ සතෙකු නව ආසභූමියෙ දී තරඟකරුවන් නොමැත නම් වේගයෙන් බෝවී ස්ථාපිත වූ පසු යළි ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් බවට පත්වේ.

ජෛව ආරක්ෂණ අවදානම්
නවසීලන්තය බොහෝ රෝග බෝ කරන මදුරුවන්ගෙන් මෙන්ම ජලභීතිකාව, සීරීම්, පාද සහ මුඛ රෝගය, ගවයන්ට බලපාන බරපතල රෝගයක් වන bovine spongiform encephalopathy(BSE) වැනි බරපතල සත්ව රෝගවලින් නිදහස් වීමේ වාසනාවන්ත තත්ත්වයට පත්ව ඇත. නම් බැක්ටීරියා ජූලි මාසයේදී සොයා ගන්නා ලබුවේ 2017 ජූලියේ දී ය. නවසීලන්ත රජය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් එක්ව රෝගය මූලෝත්පාටනයට ක්‍රියා කරමින් සිටිති.
මෙම රෝගය මෙවැනි පළිබෝධ සහ රෝග නවසීලන්ත ආර්ථිකයට, පරිසරයට, සෞඛ්යයට හා සංස්කෘතික අනන්‍යතාවයට බරපතල තර්ජනයක් වී ඇත. පාද සහ මුඛ රෝග වැනි ගොවිපළ සතුන්ට ඇතිවනරෝග පැතිරීම ව්‍යාප්තිය නිසා ආර්ථිකයට ඩොලර් බිලියන 10 ක් වැය විය හැකිය. . රැකියා දහස් ගණනක් අවදානමට ලක්වන අතර ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගතවනු ඇත. නවසීලන්තයේ ස්වාභාවික වාසස්ථාන සංචාරක ව්‍යාපාරය, මත්ස්‍ය කර්මාන්තයට සහ විනෝදාස්වාදය සඳහා ද වැදගත් වන නමුත් ඒවා යේ මුල් බැසගෙන ස්වදේශීය විශේෂ පලවා හරින ශාක හා සතුන්ගෙන් ඒවා අවදානමට ලක්ව ඇත.
ජෛව ආරක්ෂණ තර්ජන ඇතිවිය හැකි සාධක:
• ආක්රමණික ශාක (වල් පැළෑටි)
• ශාක රෝග (දිලීර, වෛරස හා කෘමීන්)
• මී මැස්සන්ගේ රෝග (varroa mites)
ජෛව ආරක්ෂණය, ප්‍රායෝගිකව
නවසීලන්තය ගත්හොත්, බොහෝ අයට ජෛව ආරක්ෂණ ක්රියාකාරකම් පිළිබඳ පැහැදිලි උදාහරණයක් විය හැක්කේ මගීන් විසින් ගෙනයනු ලබන ජෛව ආරක්ෂණ අවදානමක් සහිත ආහාර සොයා ගැනීමට එරට ගුවන් තොටුපළවල විශේෂයෙන් පුහුණුකළ යොදාගන්නා කුඩා සුනඛ විශේෂය(beagles) වේ. විදේශයක සිට ආහාර ගෙන ඒමේ දී එම ආහාර අත්‍රේ රෝගකාරක හෝ ආහාඅරවල ජීවත්වන කෘමීන් ද රට තුළට ගෙන ආ හැකිය.
ආරක්ෂණයට ප්‍රධාන සංවිධාන හතරක් සම්බන්ධ වේ:
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (Ministry for Primary Industries = MPI)
සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Conservation DOC)
• ධීවර නවසීලන්තය
සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH).

පළිබෝධ වැළැක්වීම
අනවශ්‍ය පළිබෝධ විශේෂයක් පරිසරයට පැමිණි පසු තුරන් කිරීම ඉතා අපහසු විය හැකි බැවින් පළිබෝධක රට තුළට පැමිණීම වැළැක්වීම වඩාත් සුදුසුය. එබැවින් වරාය හා ගුවන්තොටුපලවල රේගු කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබන ජෛව ආරක්ෂණ පරීක්ෂාවන් ඉතා වැදගත් වේ. නවසීලන්ත ගුවන්තොටුපලවල් සහ වරායන් වෙත පැමිණෙන මගීන් ගෙන එන පලතුරු හෝ නැවුම් ආහාර අතරේ ශාක කෘමීන් සහ (සඛ ශාක වලට වැළඳිය හැකි) රෝග ද ගෙන එන්නේ දැ යි පරීක්ෂා කර බලනු ලැබේ. බඩු භාණ්ඩ අතරේ මීයන් හෝ කෘමීන් සැඟවී පැමිණ නොමැති බවට වග බලා ගැනීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන බෝට්ටු රේගු නිලධාරීන් විසින් හොඳින් පරීක්ෂා කරනු ලැබේ.
වෙනත් තැන්වල බහුලව දක්නට ලැබෙන සමහර පශු රෝගවලින් නවසීලන්තයයේ පශු සම්පත තොරවේම අතින් එරට සුවිශේෂී වන අතර මෙම රෝගවලින් තොර තත්ත්වය පවත්වා ගෙන යාම නවසීලන්ත නිෂ්පාදනයන්ට වටිනාකමක් එක් කිරීම පිණිස වැදගත් වේ. සත්ව රෝග පැතිරීම වැළැක්වීම සඳහා සුරතල් සතුන් සහ පශු සම්පත් ප්‍රවාහනය ඉතා ප්‍රවේශමෙන් පාලනය වේ. සතුන් රෝගවලින් තොර බව පෙන්විය යුතු අතර, ඔවුන් රෝග රැගෙන නොයන බවට වග බලා ගැනීම සඳහා රට තුළට ඇතුළු වූ පසු කාලයක් හුදෙකලා විය යුතුය (නිරෝධායනය). නවසීලන්තයේ එම සතුන් ගතකරන කාලය පුරාම ඔවුන් නිරීක්ෂණය කරනු ලැබේ.

පළිබෝධකයන් රැගෙන යා හැකි ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විවිධ පලතුරු හා එළවළු ආනයනය කිරීම සඳහා නිශ්චිත ප්‍රමිතීන් ඇත. එසේම, හානිදායක පළිබෝධ සහ රෝග අඩංගු පස බෝග සමඟ රැගෙන නොයා යුතුය.
ආනයන මට්ටම ඉහළ යාම (පසුගිය දශකය තුළ 76% කින් ඉහළ යාම) සහ සංචාරක ව්‍යාපාරය (පසුගිය දශකය තුළ 93% කින් ඉහළ යාම) හේතුවෙන් ජෛව සුරක්‍ෂිතතාව පවත්වා ගෙන යාම සඳහා පවතින පද්ධති කෙරෙහි වැඩි පීඩනයක් පවතී . ආනයන පිළිබඳව සොයා බැලීම් සිදු කළ හැකි කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම ආනයනික නිෂ්පාදන වලින් විශාල වශයෙන් ලබාගත් අහඹු සාම්පලවල පළිබෝධකයන් සිටින බව හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට ඉඩ සලසන තාක්ෂණය දියුණු වී ඇත.
Science Learning Hub හී පළවන Biosecurity යන ලිපිය අසුරෙනි