අභ්‍යවකාශයෙන් ඔබ්බට ඇත්තේ කුමක්ද? කලිෆෝනියාවෙ, ෆ්‍රෙමොන්ට් හී 11 හැවිරිදි සියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ, රිච්මන්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ
මහාචාර්ය ජැක් සිංගල්
අපට ඉහළින් ඇත්තේ අහසයි. එහෙම නැත්නම්, විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන පරිදි වායුගෝලයයි.. එය පෘථිවියට සැතපුම් 20 ක් (කිලෝමීටර් 32) පමණ ඉහළට විහිදේ . වායුගෝලයේ එහා මෙහා පාවෙන්නේ අණු වල මිශ්‍රණයකි — එනම් ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම බිලියන ගණනින් ඔබ තුළට ඇතුල්වන, වාතයේ ඉතමත් කුඩා ක්ෂුද්‍ර කොටස්ය.
වායුගෝලයට ඉහළින් අවකාශය ඇත. එය අණු ඉතා අඩු, හිස් ඉඩ බොහෝ කොට ඇති බැවින් එසේ හැඳින්වේ.
අභ්‍යවකාශයට ගමන් කර ඉන් නොනැවතී දිගටම ගමන් කරන්නට ඔබට කවදා හෝ සිතක් පහළ වී ඇත් ද? එය කෙබඳු අත්දැකීමක් වනු ඇත්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? අභ්‍යවකාශයේ දීඔබට කුමක් සොයා ගන්නට ලැබේ ද? ඔබ දදැකීමට ඉඩ ඇති බොහෝ දේ පැහැදිලි කිරීමට මා වැනි විද්‍යාඥයින්ට හැකිය. එසේනමුත් අවකාශය සදහටම පවතින්නේද යන්න වැනි අප තවමත් නොදන්නා සමහර දේවල් තිබෙන් බවත් මතක තබ ගන්න ඕනෑය.
ග්‍රහලෝක, තරු සහ මන්දාකිණි
අභ්‍යවකාශය හරහා ඔබගේ ගමන ආරම්භයේ දී, ඔබට සමහර දර්ශන හඳුනාගත හැකිය. නිදසුනක් දක්වන්නේ නම් අපගේ පෘථිවිය, ග්රහක(asteroids) සහ ධූම කේතු(comets) සමහරක් ද සමග කක්ෂ ගතව සූර්යයා වටා භ්‍රමණය වන ග්රහලෝක මණ්ඩලයක කොටසක් බව ඔබට පසක් වෙනු ඇත..
සූර්යයා ඇත්ත වශයෙන්ම සාමාන්‍ය තාරකාවක් පමණක් බව ඔබ දැන සිටිය හැකි අතර අනෙක් තාරකා වලට වඩා විශාලව හා දීප්තිමත්ව අපට එය පෙණෙන්නේ එය සාපේක්ෂව අපට වඩාත් සමීප නිසා පමණි. ළඟම ඇති ඊළඟ තාරකාව වෙත යාමට ඔබට සැතපුම් ට්‍රිලියන ගණනක් අභ්‍යවකාශය හරහා ගමන් කළ යුතුය. නාසා ආයතනය මෙතෙක් කර ඇති වඩාත් වේගවත්ම අභ්‍යවකාශ ගවේෂණ යානාවක ඔබට ගමන් කළ හැකි නම් පවා, එහි යාමට ඔබට වසර දහස් ගණනක් ගතවනු ඇත.

තාරකා නිවාස මෙන් සලකතොත්, මන්දාකිණි නිවාස ආදී විවිධ ගොඩනැගිලි වලින් පිරුණු නගර හා සමාන ය. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට පෘථිවිය අයත්වන (ක්ෂීරපථය නම්) මන්දාකිනියේ පමනක් තරු බිලියන 100 ක් ඇත . ඔබටඑම මන්දාකිනියෙන් ඔබ්බට වේගයෙන් යා හැකි නම්, එම තරු බිලියන 100 එකට මිශ්‍ර දර්ශනය වනු ඇත — උපමා හැටිය කීවොත්, ගුවන් යානයකින් ගමන් කරන අතර තුර බලන විට පුරවර ගොඩනැගිලිවල විදුලි පහන් දැක්වෙන ආකාරය හා සමවේ.
මෑතදී තාරකා විද්‍යාඥයින් දැනගෙන ඇත්තේ බොහෝ හෝ බොහොමයක්ම තාරකා වලට තමන්ගේම කක්ෂගත ග්‍රහලෝක ඇති බවයි. සමහර ඒවා පෘථිවියට සමාන ය, එබැවින් ඒවා වෙනත් ජීවීන්ගේ නිවහන විය හැකිය.
වෙනත් මන්දාකිනියක් කරා ළඟා වීමට පවා ඔබට තවත් ට්‍රිලියන මිලියන ගණනක් අභ්‍යවකාශය හරහා ගමන් කිරීමට සිදුවේ . විද්‍යාඥයින් විසින් “අඳුරු පදාර්ථ”(dark matter) ලෙස හඳුන්වනු ලබන සමහර අද්භූත, අඥාත අදෘශ්‍යමාන අංශු පමණක් ඇති එම අවකාශයේ වැඩි කොටසක් මුළුමනින්ම පාහේ හිස් ය .
විශාල දුරේක්ෂ භාවිතා කරමින් තාරකා විද්‍යාඥයින් එහි මන්දාකිණි මිලියන ගණනක් තිබෙන බව දැකීමට සමත්ව තිබේ – තවද, ඒවා සෑම දිශාවකටම ගමන් කරමින් පවතී.
වසර මිලියන ගණනක් පුරා ඔබට දිගු කාලයක් නිරීක්ෂණය කළ හැකි නම්, සියලු මන්දාකිණි අතර ක්‍රමයෙන් අළුතෙන් ඉඩක්(අවකාශයක්) එකතු වන බවක් පෙණී යනු ඇත. මෙය තාරකා විද්යාඥයන් දක්වන සුලබ නිදසුනකින් වඩාත් පහදිලි කර ගත හැක. හුළං පුරවා නැති බැලූනයක ඇති කුඩා තිත් සිතින්මවාගෙන එයට හුළං පිරවීමේ දි දැකිය හැකි දේ සිතට ගැනීමෙන් ඔබට මෙය පසක් කළ ගත හ හැකිය. හුළං පිරෙන්නට, පිරෙන්නට පෙර අපී කී තිත් අතර දුර වැඩිවන්නාසේම, මන්දාකිණි අතර ද දුර වැඩිවෙයි.


අභ්‍යවකාශයට අවසානයක් තිබේද?
ඔබ අදහස් කළ පරිදි ඔබටතව ටවට් ඈතට යාමට හැකි නම්, ඔබ සදහටම මන්දාකිණි පසුකර ගමන් කරාවි ද? සෑම දිශාවකටම අසීමිත මන්දාකිණි සංඛ්‍යාවක් තිබේද? නැත්නම් සියල්ලම අන්තිමේ දී අවසන් වේද? එය අවසන් වුවහොත්, එය අවසන් වන්නේ කුමකින් ද?
මේවා, විද්‍යාග්නායින්ට තවමත් නිශ්චිත පිළිතුරු සපයා ගහ් නොහැකි ප්‍රශ්න ය. බොහෝ දෙනා සිතන්නේ ඔබ මන්දාකිණි පහු කරමින් සෑම දිශාවකටම සදහටම ගමන් කරනු ඇති බවයි. එය එසේ නම් විශ්වය පරක් තෙරක්නැති අප්‍රමාණ දෙයකි.
සමහර විද්‍යාඥයන් සිතන්නේ විශ්වය, අවසානයේදී එය වටාම එතීමට ඉඩ ඇති බවයි – එබැවින් ඔබට පිටතට දිගටම යා හැකි නම්, යම් දවසක ඔබ ගමන ආරම්භ කළ ස්ථානයට නැවත පැමිණෙනු ඇත.
මේ ගැන සිතා බැලිය හැකි එක් ක්‍රමයක් නම්, ගෝලාකාර වස්තුවක් සිතින් මවාගෙන ඔබ එහි මතුපිට පමණක් ගමන් කළ හැකි සත්වයෙකු යැයි සිතන්න. නිදසුනක් ලෙස ඔබ ඕනෑම දිශාවකට — නිදසුනක්ලෙස නැගෙනහිර දෙසට ගමන් කිරීමට පටන් ගෙන ඉදිරියට ගියහොත් අවසානයේදී ඔබ ආරම්භ කළ ස්ථානයට නැවත පැමිණෙනු ඇත. විශ්වයේ තත්වය මෙලෙස නම්, එයින් අදහස් වන්නේ විශ්වය ඔබට සිතාගත නොහැකි තරම් විශාල වුවද.අපරිමිතව විශාල නොවන බවයි.
කෙසේ වෙතත්, ඔබට කිසි විටෙකත් විශ්වයේ හෝ අභ්‍යවකාශයේ අවසානයට යා නොහැක. විද්‍යාඥයන් දැන්, දැන් සලකන්නේ විශ්වයට අවසානයක් හෙවත් අගක් ඇතැයි සිතිය නොහැකි බවය — මන්දාකිණි අහවර වන ප්‍රදේශයක් හෝ අභ්‍යවකාශයේ අවසානය සනිටුහන් කිරීම දැක්වෙන යම් ආකාරයක බාධකයක් ඇති ප්‍රදේශයක් නැති බව්යෛ.
නමුත් මේ කිසිවක් කිසිවෙකුත් නිසැකවම දන්නේ නැත. එම නිසා සියා අසා ඇති මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කෙසේද යන්න අනාගත විද්‍යාඥයෙකු විසින් සොයාගනු ලැබිය යුත්තකි.
Curious Kids (The Conversation) හී පළවන Does Outer Space End or go on forever යන ලිපිය අසුරෙනි