මැලේරියාව තුරන් කිරීමේ චීනයේ පාඩම්

Posted by

මැලේරියාව තුරන් කිරීමේ චීනයේ පාඩම්

මැලේරියා ආසාදිතයන් මිලියන 30 සිට බිංදුව දක්වා අඩු කරගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කරයි.

වසර 70 ක උත්සාහයකින් පසුව, චීනය මැලේරියාවෙන් තොර බවට  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  චීනයට සහතිකයක් ප්‍රදානය කර ඇත. එය, 1940 ගණන්වල  වාර්ෂිකව මිලියන 30 ක් රෝගීන්  වාර්තා වන රටකට කැපී පෙනෙන ජයග්‍රහණයකි.

“මැලේරියාව තුරන් කිරීම ගැන අද අපි චීනයේ ජනතාවට සුබ පතනවා,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය. “ඔවුන්ගේ සාර්ථකත්වය මහන්සියෙන් උපයා ගත් අතර එය පැමිණියේ දශක ගණනාවක ඉලක්කගත හා තිරසාර ක්‍රියාමාර්ගවලින් පසුවය. මෙම නිවේදනයත් සමඟ මැලේරියාවෙන් තොර අනාගතයක් අත්පත් කරගත හැකි (ශක්‍ය) ඉලක්කයක් බව ලොවට පෙන්වන රටවල් සංඛ්‍යාව අතරට ට චීනය ද එක්වෙයි. ”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ දශක 3 කට වැඩි කාලයක් තුළ මැලේරියා රහිත සහතිකයක් ලබා දුන් පළමු රට චීනයයි. මෙම තත්ත්වය අත්පත් කරගත්, කලාපයේ අනෙකුත් රටවල් අතර ඕස්ට්‍රේලියාව (1981), සිංගප්පූරුව (1982) සහ බෲනායි දරුස්සලාම් (1987) යන රටවල් ඇතුළත් වේ.

මැලේරියාව තුරන් කිරීම ගැන චීනයට සුබ පැතුම් එක් කරන   ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපීය කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය ටකේෂි කසායි පෙන්වා දෙන අන්දමට, “මෙම වැදගත් සන්ධිස්ථානය කරා ළඟා වීමට චීනයේ වෙහෙස නොබලා ගත් උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ කලක් ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක්ව පැවති රෝගයක් තුරන් කිරීම සඳහා ශක්තිමත් දේශපාලන කැපවීමක් සහ ජාතික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම කෙතරම් දුරට හේතු විය හැකිද යන්නයි. චීනයේ ජයග්‍රහණය මැලේරියාවෙන් තොර බටහිර පැසිෆික් කලාපයේ දැක්ම කරා අප එක් පියවරක් සමීප කරයි. ”

ගෝලීය වශයෙන් ගත් කල රටවල් 40 කට මැලේරියා රහිත සහතිකයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇත.  මෑතකදී එවැනි සහතිකයක් හිමි කරගත් එල් සැල්වදෝරය (2021), ඇල්ජීරියාව (2019), ආර්ජන්ටිනාව (2019), පැරගුවේ (2018) සහ උස්බෙකිස්තානය (2018) එම රටවල් 40යට අයත්වේ.

මැලේරියාව රටින් තුරන් කිරීම දක්වා චීනයේ ගමන

1950 දශකයේ සිට චීනයේ සෞඛ්‍ය බලධාරීන් මැලේරියාව පැතිරීම සොයා ගැනීමට සහ නැවැත්වීමට කටයුතු කළේ රෝගයට ගොදුරු වීමේ අවදානමින් යුත් පුද්ගලයින්ට රෝගය වැළඳීම වැළැක්වීමේ ප්‍රති-මැලේරියා ඖෂධ ලබා දීම මෙන්ම රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමෙනි. මදුරුවන් බෝවන ස්ථාන අඩු කිරීම සඳහා ද රට විශාල උත්සාහයක් ගත් අතර සමහර ප්‍රදේශවල නිවෙස්වල කෘමිනාශක ඉසීම භාවිතය වේගවත් කළේය.

1967 දී චීන රජය විසින් මැලේරියාව සඳහා නව ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම අරමුණු කරගත් “523 ව්‍යාපෘතිය”  නම් පර්යේෂණ වැඩසටහනක් රටපුරා දියත් කරන ලදී. ආයතන 60 ක විද්‍යාඥයින් 500 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත් මෙම උත්සාහය 1970 දශකයේ දී  ආටෙමිසිනින් පදනම් කරගත් සංයෝජන ප්‍රතිකාරවල (artemisinin-based combination therapies – ACTs) මූලික සංයෝගය වන අර්ටෙමිසිනින් සොයා ගැනීමට හේතු විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මැලේරියා වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය පේද්‍රෝ ඇලොන්සෝ සඳහන් කරන්නේ “දශක ගණනාවක් තිස්සේ  අළුත් ආකාරයට සිතීමට චීනයට ඇති හැකියාව මැලේරියාව කෙරෙහි දක්වන ප්‍රතිචාරයන් වල දී රටට යහාපත ගෙන ආ අතරම එහි යහපත් බලපෑම ගෝලීය වශයෙන් ද ව්‍යාප්තව ඇති” බවයි. “මලේරියාව තුරන් කිරීමේ දී  එහි ප්‍රගතිය  වේගවත් කිරීම සඳහා රජය මෙන්ම එරට  ජනතාව නිතරම නව හා නව්‍ය ක්‍රම සොයමින් සිටිය බව ද හෙතෙම සඳහන් කරයි.

මැලේරියාව වැළැක්වීම සඳහා කෘමිනාශක-පිරියම් කළ දැල් (insecticide-treated nets (ITNs)  භාවිතය පිළිබඳව 1980 දශකය තුළ පුළුල් ලෙස පරීක්‍ෂා කළ ලෝකයේ මුල්ම රටවල්වලින් අතුරෙන්  චීනය ද එක් රටකි. ඒ, මැලේරියාව පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවැනි දැල් නිර්දේශ කිරීමටත් පොරාතුවය. 1988 වන විට දැල් මිලියන 2.4 කට වැඩි ප්‍රමාණයක් රට පුරා බෙදා හැර තිබුණි. එවැනි දැල් භාවිතා කිරීම නිසා එම දැල් භාවිතයට යොදවා තිබූ ප්‍රදේශවල මැලේරියා රෝගය සැලකිය යුතු ලෙස අඩු විය.  

Malaria: NMEP laments Low use of Insecticide Bed Nets - Health Reporters

1990 අවසන් වන විට චීනයේ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 117 000 දක්වා පහත වැටී ඇති අතර මරණ 95% කින් අඩු විය. 2003 වර්ෂයේ සිට ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව සමඟ සටන් කිරීම පිණිස වූ ගෝලීය අරමුදලේ(Global Fund to Fight AIDS, Tuberculosis and Malaria) සහාය ඇතිව චීනය පුහුණුව, කාර්ය මණ්ඩලය, රසායනාගාර උපකරණ, ඖෂධ සහ මදුරුවන් පාලනය කිරීම වේගවත් කිරීමට ක්‍රියා කිරීමෙන් තවත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවිණ: වසර 10 ක් තුළ වාර්ෂිකව රෝගීන් සංඛ්‍යාව 5000 ක් දක්වා පහත වැටී තිබේ. 

2020 දී, අඛණ්ඩව වසර 4 ක ශුන්‍ය දේශීය නඩු වාර්තා කිරීමෙන් පසුව, චීනය මැලේරියාව තුරන් කිරීම පිළිබඳ නිල ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයක් සඳහා ඉල්ලුම් කළේය. ස්වාධීන මැලේරියා තුරන් කිරීමේ සහතික කිරීමේ මණ්ඩලයේ සාමාජිකයින් 2021 මැයි මාසයේදී චීනයේ සංචාරය කළේ රටේ මැලේරියාවෙන් තොර තත්ත්වය සහ රෝගය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ එහි වැඩපිළිවෙල තහවුරු කර ගැනීම සඳහා ය.

සාර්ථකත්වයට මග

චීනය එහි පදිංචිකරුවන් සඳහා මූලික මහජන සෞඛ්‍ය සේවා පැකේජයක් නොමිලේ සපයයි. මෙම පැකේජයේ කොටසක් ලෙස, පුද්ගලයාගේ නෛතික හෝ මූල්‍යමය තත්වය නොසලකා චීනයේ සියලුම ජනතාවට මැලේරියාව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා දැරිය හැකි සේවාවන් ලබා ගත හැකිය.

ඵලදායී බහු-අංශ සහයෝගීතාවය ද සාර්ථකත්වයට මූලික විය. 2010 දී  සෞඛ්‍ය, අධ්‍යාපනය, මූල්‍ය, පර්යේෂණ හා විද්‍යාව, සංවර්ධනය, මහජන ආරක්ෂාව, හමුදාව, පොලීසිය, වාණිජ, කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සහ සංචාරක යන අංශ නියෝජනය කරන චීනයේ අමාත්‍යාංශ 13 ක්  මැලේරියාව රටපුරා අවසන් කිරීම පිණිස එකට එකතු විය.

මෑත වසරවලදී, “1-3-7” යනුවෙන් දැක්වෙන උපාය මාර්ගයේ කාල නියමයන් දැඩි ලෙස පිළිපැදීමෙන් රට සිය මැලේරියා අවධාරිත සංඛ්‍යාවන්  තවදුරටත් අඩු විය. “1” යන්නෙන් අදහස් කරන්නේ මැලේරියා රෝග විනිශ්චය වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය පහසුකම් සඳහා එක් දින කාලසීමාවකි; 3 වන දිනය අවසන් වන විට, සෞඛ්‍ය බලධාරීන් විසින් අවධාරිතයා සනාථ කිරීම සහ පැතිරීමේ අවදානම තීරණය කිරීම අවශ්‍ය වේ; තවද, දින 7 ක් ඇතුළත රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගත යුතුය.

මැලේරියාව පාලනය කර තබාගැනීම

අවට රටවලින් මැලේරියාව චීන තුළට ඇතුල්වීමේ අවදානම ප්‍රධාන කරුණකි. විශේෂයෙන්ම,  මැලේරියාව අවේණිකව ඇති රටවල් 3 ක්ම මායිම් වශයෙන් ඇති  දකුණු යුනාන් පළාතේ මැලේරියාව ‘ආනයනය කිරීමේ’ අවදානම ප්‍රබලය. . උප සහරා අප්‍රිකාවෙන් සහ වෙනත් මැලේරියා ආවේණික ප්‍රදේශවලින් ආපසු පැමිණෙන චීන ජාතිකයන් අතර රෝගය ව්‍යාප්තවීමේ අභියෝගයට ද චීනය මුහුණ දෙයි.

රෝගය නැවත රට තුළ තහවුරු වීම  වැළැක්වීම සඳහා, රට අවදානම් කලාපවල මැලේරියා පරීක්ෂාව වේගවත් කර ඇති අතර කලාපීය මැලේරියා මර්දන වැඩසටහන් වල ක්‍රියාකාරීව නිරත වී ඇත. COVID-19 වසංගතය පුරාම චීනය සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා මාර්ගගත වේදිකාවක් හරහා පුහුණුවීම් පවත්වා ඇති අතර මැලේරියා සිද්ධි විමර්ශන පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අථත්ය (virtual)රැස්වීම් පවත්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ 2021.06.30 දින පළවූ From 30 million cases to zero: China is certified malaria-free by WHO නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.