ඩෙල්ටා ප්‍රභේදය, COVID-19 ට එරෙහි සටනේ ලොකුම තර්ජනයයි. ඒ මන්ද?
“ඩෙල්ටා” නමින් ඉහළ සම්ප්‍රේෂණය කළ හැකි SARS-CoV-2 ප්‍රභේදයක් එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර එය ඉතා ඉක්මනින් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වනු ඇත යන්න විශේඥ මතයයි.
එක්සත් ජනපදයේ COVID-19 තුරන් කිරීමේ උත්සාහයේ “ලොකුම තර්ජනය” ඩෙල්ටා ප්‍රභේදය බව පසුගිය ද ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ(National Institute of Allergy and Infectious Diseases) අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවසීය. එසේනමුත් ශුභාරංචිය නම් එන්නත් (ඒවායින් දෙකක දත්ත මත පදනම්ව) කී ප්‍රභේදයට එරෙහිව හලදායී වනු ඇති බවයි.
“අපට මෙවලම් තියෙනවා, එබැවින් අපි ඒවා භාවිතා කර ( COVID-19) ව්‍යාප්තිය මර්දනය කරමු” යැයි ෆවුචි කියා සිටින්නේ , තවමත් එන්නත ලබා නොගත් පුද්ගලයින්ගෙන් එසේ කිරීමට පෙරට එන්නැයි ඉල්ලා සිටිමිනි. Quartz India අනුව, මේ දක්වා ඇති සියලුම COVID-19 ප්‍රභේදයන් අතුරෙන් වඩාත්ම සම්ප්‍රේෂණය ඉහළ යයි සැලකෙන මෙම ප්‍රභේදය දැනට එක්සත් ජනපදයේ නව සිද්ධිවලින් 20% ක් වන අතර එය ජූනි දෙවැනි සතියේ 10% ක් විය.
මේ අතර, ඊනියා “ඩෙල්ටා ප්ලස්” (“delta plus” variant) ප්‍රභේදයක් මතුවී ඇතැයි ජූනි 23 දා ඉන්දියාව නිවේදනය කළේය. එය ඩෙල්ටාවේ උප පරම්පරාවක් වන අතර වඩාත් තදින් සම්ප්‍රේෂණය කළ හැකි අතිරේක විකෘතියක් එහි අන්තර්ගතය. නමුත් විශේෂඥයන් පවසන්නේ එම ප්‍රභේදය පිළිබඳ නිගමනවලට එළඹීමට තවම කල් මද බවයි.
ඩෙල්ටා සහ ඩෙල්ටා ප්ලස් ප්‍රභේද ගැන විශේඥයන් දන්නා දේ මෙන්න:

ඩෙල්ටා ප්‍රභේදය කුමක්ද?
2020 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී ඩෙල්ටා ප්‍රභේදය හෙවත් භ්.1.617.2 ප්‍රභේදය නිලධාරීන් විසින් හඳුනාගනු ලැබූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එය 2021 මැයි 11 වන දින “සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක්” ලෙස නම් කළේය. ඩෙල්ටා යනු සැලකිලිමත් විය යුතු ප්‍රභේද ලෙස “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැයිස්තුගත කරනු ලැබූ ප්‍රභේද හතරෙන් එකකි. අනෙක් ඒවා නම් ඇල්ෆා (එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදය), බීටා (දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදය) සහ ගැමා (ප්‍රථම වරට බ්‍රසීලයෙන් සොයා ගන්නා ලද ප්‍රභේදය) වේ.
නමුත් ඩෙල්ටාව “වේගවත්ය; ප්‍රබෝධමත්ය, ඒ වගේම, වඩාත් අවදානමට ලක් වූවන් ගොදුරු කර ගැනීමේ දී පෙර ප්‍රභේදයන්ට වඩා කාර්යක්ෂමය. එබැවින් එන්නත ලබා නොමැති මිනිසුන් ඉතිරිව සිටටිනවා නම් ඔවුන් තව දුරටත් අවදානමට ලක් වේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසිත්ව වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් ජූනි 21 දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය
වෛරස් ස්පයික් ප්‍රෝටීන වල වෙනස්කම් ඇති කරන විකෘති 10 ක් ඩෙල්ටා ප්‍රභේදයෙහි ඇති අතර එය මිනිස් සෛල අල්ලා ගෙන ආක්‍රමණය කිරීමට ඒවා භාවිතා කරන බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention (CDC)) පවසයි. වෛරසයක ජෙනෝමයෙහි මෙවැනි කුඩා වෙනස්කම් වෛරසය හැසිරෙන ආකාරය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි අතර එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සහ / හෝ වෛරසයේ උග්‍රතාවට තුඩු දෙයි.
ඩෙල්ටා ප්‍රභේද තුනක් — එනම්, E484Q, L452R and P614R මානව සෛලවල ACE2 ප්‍රතිග්‍රාහයකට පහසුවෙන් ඇලීමට ස්පයික් ප්‍රෝටීනවලට ඉඩ සලසන්නේ යයි ඉන්දියාවේ Quartz සඳහන් කරයි.
මෙම ප්‍රභේදය එක්සත් ජනපදය ඇතුළුව අවම වශයෙන් රටවල් 92 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID තාක්ෂණික ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් පැවසීය.
Quartz India අනුව දැන් එක්සත් රාජධනියේ ඩෙල්ටා ප්‍රභේදය අලුතින් හඳුනාගත් රෝගීන් අතරේ 90% කට වඩා වැඩිය. ඩෙල්ටා ප්‍රභේදය දැනට එක්සත් ජනපදයේ නව රෝගීන්ගෙන් 20% ක් පමණ සිටින බව ෆවුචි ජූනි 23 දා NBCයේ “TODAY” වැඩසටහනට ප්‍රකාශ කළේ යයි වාර්තා විය.
ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදය අභිබවා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ප්‍රභේදය ලෙස ප්‍රතිස්ථාපනය වනු ඇතැයි CDC අධ්‍යක්ෂ ආචාර්ය රොචෙල් වැලෙන්ස්කි පසුගිය සතියේ ඒබීසී ප්‍රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
එයට හේතුව ඩෙල්ටා, ඇල්ෆා ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණ හැකියාව ඉතා ඉහළ වන අතර එය මාස එකක් හෝ දෙකක් තුළ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති බව වලෙන්ස්කි ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදයෙහි සම්ප්‍රේෂණ හැකියාව වඩාත් ඉහළ ද?
ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 60% ක් පමණ ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බව නේචර් ප්‍රවෘත්ති වාර්තා කරයි . වර්තමානයේ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ප්‍රභේදය වන ඇල්ෆා ප්‍රභේදය මුල් වෛරසයට වඩා 50% වැඩි සම්ප්‍රේෂණය කළ හැකි බව ඡ්ඪ්ඡ් ආයතනය පවසයි.
Nature News අනුව 30% කට වඩා සම්පූර්ණ එන්නත ලබා දී ඇති අයට වඩා 30% කට වඩා අඩුවෙන් පූර්ණ එන්නත ලබා දී ඇති එක්සත් ජනපද ප්‍රාන්තවල ඩෙල්ටාව වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
ඩෙල්ටා ප්‍රභේදය වඩාත් මාරාන්තිකද?
මුල් දත්ත වලට අනුව ඩෙල්ටා ප්‍රභේදය “රෝහල්ගත වීමේ අවදානම මගින් පිළිබිඹු වන පරිදි රෝගයේ බරපතලකම වැඩි වීම සමඟ සම්බන්ධ වේ” යැයි ෆවුචි කරුණු පැහැදිලි කරමින් පෙන්වාදෙයි. Nature News අනුව ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදයට ආසාදනය වුවහොත් පුද්ගලයෙකු රෝහල් ගත වීමට ඇති ඉඩකඩ දෙගුණයක් බව එංගලන්තයෙන් සහ ස්කොට්ලන්තයෙන් ලබාගත් දත්ත වලින්ද පෙනී යයි.
කරුණු එසේ වුව ද, ඩෙල්ටාව වෙනත් ප්‍රභේද සමඟ සසඳන විට සම්ප්‍රේෂණ හැකියාව බෙහෙවින් වැඩි බව තහවුරු වී ඇතත්, එය වඩාත් උග්‍ර රෝග තත්ත්වයක් ඇති කරන්නේද යන්න ගැන තවමත් විශේෂඥයෝ වැඩි යමක් නොදනීති.
ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව වර්තමාන එන්නත් ක්‍රියා කරනවාද?
“මෙම ඩෙල්ටා වික්‍රියාවේ අධි සම්ප්‍රේෂණ හැකියාව සිත් කම්පාවට පත්කරවන්නක් වුවත්, අපගේ එන්නත් ඊට(ප්‍රභේදයට) එරෙහිව ක්‍රියාත්මක බව කියන්න පුළුවන්” යැයි වැලෙන්ස්කි ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත ලබා ගන්නා ලෙසට වැලෙන්ස්කි සහ ෆවුචි යන දෙදෙනාම එක්සත් ජනපදයේ ජනතාව උනන්දු කළහ. වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි සහ/හෝ වඩාත් උග්‍ර රෝග තත්ත්ව අතිකිරීමට් හැකිවන සේ ප්‍රභේදවලට විකෘති වීමට ඇති ඉඩකඩ ඉහළ එන්නත් අනුපාත මගින් අඩු කරනු ලබන බව ද වැලෙන්ස්කි තවදුරටත් සඳහන් කළේය.
එක්සත් රාජධානියේ රජයේ වෙබ් අඩවියෙහි පලකෙරුණු නිවේදනයක දැක්වෙන පරිදි, එංගලන්තයෙ මහජන සෞඛ්‍ය අංශය මගින් මෑතකදී කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් සොයා ගත්තේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇති වන රෝග ලක්ෂණ වලට එරෙහිව ෆයිසර්ගේ COVID-19 එන්නත 88% ක් ඵ්ලදායී වන අතර ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව 93% ක් ඵලදායී වන බවයි. ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව 66% ක් ඵලදායිත්වයක් දක්වන ඇස්ට්‍රාසෙනෙකා එන්නතද ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 60% ක් ඵලදායී වේ.
තවත් බොහෝ එන්නත් වල ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි ඵලදායීතාවය පිළිබඳ දත්ත තවමත් නොමැත. ෆවුචි මීට සති කිහිපයකට පෙර වොෂිංටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ ෆයිසර් එන්නතට යම් සමාන සංයුතියක් ඇති මෝඩර්නාගේ එන්නත ඩෙල්ටා ප්‍රභේදයට ඒ හා සමාන කාර්යක්ෂමතාවයක් දක්වන්න්නට ඉඩ ඇති බවයි. කෙසේ වුවද, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මෝඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්(Johnson & Johnson) එන්නත් දක්වන ප්‍රතිචාර පිළිබඳ දත්ත කිසිවක් තවමත් නිකුත් කර නොමැත.
රුසියාවේ ස්පුට්නික් වී එන්නත නිෂ්පාදකයින් ජුනි 15 වන දින ට්විටර් පණිවුඩයකින් නිවේදනය කළේ ඔවුන්ගේ එන්නත වෙනත් ඕනෑම එන්නතකට වඩා “ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව වඩාත් කාර්යක්ෂම” බවත් ඔවුන්ගේ ප්‍රතිඵල සමස්ත්පාදයින් විසින් සමාලෝචිත ජාත්‍යන්තර සඟරාවකට ඉදිරිපත් කළ බවත්ය.
එක්සත් ජනපදය පුරා COVID-19 සිද්ධි අඩුවෙමින් පවතින අතර, සමහර ප්‍රදේශ, විශේෂයෙන්ම මූලික වශයෙන් අඩු එන්නත් අනුපාතයක් ඇති ප්‍රදේශ තවමත් පළාත් බද හදිසි ව්‍යාප්තවීම් හට ගැනීමේ අවදානමට ලක්ව ඇති බව ෆවුචි පැවසීය. “එන්නත් ලබා ගැනීම සඳහා යොමු වීමේ දිගටම පසුබෑමක් තිබේ නම් පළාත් බද එවනි හදිසි ව්‍යාප්තවීම් හට ගැනීමේ අන්තරායක්, සැබෑම අන්තරායක් තිබෙනවා. එන්නත ලබා ගැනීමෙන් ඒ සියල්ල මුළුමනින්ම හා සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිය.” යයි හෙතෙම පෙන්වාදෙයි.
ජනගහනයෙන් 5% කට වඩා අඩු සංඛ්‍යාවක් එන්නත් ලබා ඇති අප්‍රිකාවේ බොහෝ රටවල් වැනි එන්නත් ලබාගැනීමේ දී එතරම් ප්‍රගතියක් අත්ක්‍ර ගෙන නොමැති රටවලට ඩෙල්ටාව විශාලතම තර්ජනයක් එල්ල කරයි.

‘ඩෙල්ටා ප්ලස්’ ප්‍රභේදය කුමක්ද?
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙල්ටා ප්ලස්(‘delta plus’) ප්‍රභේදය ලෙස හඳුන්වන සිද්ධීන් 40 ක් පමණ ජූනි 23 දාප්‍රකාශයට පත් කරන ලදී. ඩෙල්ටා ප්‍රභේදයේ උප පරම්පරාවක් වන ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් දක්නට ලැබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඩෙල්ටා ප්ලස් හෙවත් AY.1, ගැන මුලින්ම වාර්තා වූයේ ජුනි 11ද එංගලන්තයේ මහජන සෞඛ්‍ය අංශය නිකුත් කළ බුලටීනයකය.
බීට ප්‍රභේදයෙන් ද හමුවන K417N විකෘතිය, ඩෙල්ටා ප්ලස් හී අඩංඟුය. වෛරසය සඳහා ප්රතිකාර කිරීමේ දී උපයෝගී කර ගන්නා නුමුහුන් ප්රතිදේහ මිශ්‍රනයක(monoclonal antibody cocktail) සඵලතාවය අඩු කරවන බවක් පෙනෙන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. “K417N විකෘතිය, ප්‍රතිශක්තිකරණ මගහැරීමේ ගුණංඟ ඇති බවට වාර්තා වී තිබෙන් බීටා ප්‍රභේදයේ (B.1.351 පරම්පරාව) පවතින බැවින් එය ගැන විශේෂ අවධානයක් යොමු විනැයි” ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
‘ඩෙල්ටා ප්ලස්’ ඇත්තේ කොයිබ ද?
රොයිටර් පුවත් සේවයට අනුව ජුනි 16 වන විට රටවල් 11 ක අවම වශයෙන් ඩෙල්ටා ප්ලස් රෝගීන් 197 ක් හඳුනාගෙන ඇති අතර එක්සත් ජනපදයේ 83 ක් ද ඊට ඇතුළත් ය.
‘ඩෙල්ටා ප්ලස්’ වඩාත් භයානකද?
ඉන්දියාව, ඩෙල්ටා ප්ලස් “අවධානය යොමුවන ප්‍රභේදයක්” ලෙස හඳුනාගෙන ඇති අතර එය, මෙතෙක් දන්නා ඕනෑම ප්‍රභේදයකට වඩා සම්ප්‍රේෂණ හැකියාවෙන් වැඩි බව සඳහන් කරයි.
නමුත් විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පිළිබඳ නිගමනවලට එළඹීමට තවම් ඉක්මන් වැඩිබවයි.
“මම නම් සන්සුන්ව සිටින්නෙමි. මුල් ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක හෝ ඊට වඩා සැලකිල්ල යොමු විය යුතු යයි දක්වමින් ඊනියා ඩෙල්ටා ප්ලස් වලින් ඇතිවන අවදානම වෙන්කර හඳුනා ගැනීම පිණිස ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයක් ඉන්දියාව හෝ ලෝකයේ වෙනත් කිසිදු රටක් නිකුත් කර හෝ රැස්කරගෙන ඇතැයි මම නොසිතමි.” යනුවෙන් Shreveport හි ලුසියානා ප්‍රාන්ත විශ්වවිද්‍යාල සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ වෛරස් විද්‍යාඥ ජෙරමි කමිල් බීබීසීයට පැවසීය.
Live Science හී පළව ඇති Fauci says delta variant is the ‘greatest threat’ in our fight against COVID-19. Why? යන ලිපිය ආසුරෙනි