ළමා ලිංගික අපයෝජනය ලොව සෑම සමාජයකම වාගේ දැකිය හැක්කකි. මේ උවදුරට අපේ සමාජයෙ ළමයින් දිනපතා ගොදුරු වුවත් ඒ ගැන බලධාරීන්ගේ මෙන්ම සමාජයේද අවධානය යොමු වන්නේ වරින් වර, කඩින් කඩය. මේ දිනවල එලෙස කතා බහක් නැවත් ඉස්මතු වී තිබේ. thathu.com ඊට එක්වන්නේ විදු හුරුව ඒ ගැන බැලීමට උපකාරී වනු පිණිසයි.

ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපයෝජනය යනු කුමක්ද?
මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්රශ්නයේ මහත්තාව(මග්නිටුඩෙ) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

ළමා ලිංගික අපයෝජනය යනු කුමක්ද? What is child sexual abuse?
ළමා ලිංගික අපයෝජනය යනු සාමාන්‍යයෙන් වැඩිහිටියකු හෝ වැඩිමහල් ගැටවර හෝ ළමාවියේ අයකු බොහෝවිට සිය කාමාශාවන් සන්තර්පනය කර ගැනීම පිණිස, සිතාමතා ළමයකු යම් ආකාරයක ලිංගික ක්‍රියාවකට නිරාවරණය කිරීමයි.
මෙම ලිංගික ක්‍රියාවන්වල ස්වභාවය ගැන සැලකිලිමත් වන්නේ නම් යම් අයකු
- (බොහෝවිට වැඩිහිටියෙකු) ළමයා සමග ලිංගික ක්‍රියා ගැන කතාබහ කිරීම සහ හෝ අසභ්‍ය ලිංගික ඡායාරූප, වීඩියෝ පට, සඟරා, චිත්‍ර ආදිය පෙන්වීම
- ළමයකු සමඟ ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීම හෝ එසේ ලිංගිකව හැසිරීම
- ලිංගික අවයව සහ ලිංගිකව උත්තේජනය ඇති කරවන සිරුරේ කොටස් (පියයුරු, යෝනිය, ශිෂ්ණය, කලවා, තට්ටම්, තොල් හා දෙකපුල් ආදිය) ස්පර්ශ කිරීම සහ සුරතල් කරමින් අතපත ගෑම(fondling)
- තම තෘප්තිය තකා සිය ලිංගික අවයව හෝ සිරුරේ වෙනත් කොටස් ලිංගික තෘප්තියක් ඇති වෙන ආකාරයට ස්පර්ශ කිරීමට, අතපත ගෑමට ළමයාට කියා සිටීම,
- ළමයාගේ ඇඟිලි, ළමයා ලවාම ඔහුගේ/ඇයගේ මුඛයෙහි, ගුදයෙහි, යෝනියේ හෝ වෙනත් කොටසක දම්මවා ගැනීම
- සභ්‍ය නොවන ආකාරයට හෝ නිර්වස්ත්‍රව ළමයෙකු වීඩියෝ හෝ වෙනත් කැමරා මගින් රූගත කිරීම
- වුමනාවෙන්ම සිය ලිංගික ප්‍රදේශ ළමයාට නිරාවරණය කිරීම,
- ළමයා ඇඳුම් ඇඳීම, ගැලවීම හෝ නාන කාමරය භාවිතා කිරීම ආදී අවස්ථා අයෝග්‍ය ආකාරයට හෝ හොරෙන් හෝ ඕනෑකමින් බලා සිටීම
ආදිය මෙයට ඇතුළත්ය.

කිසිවෙකු මෙසේ හැසිරේ නම් හෝ එලෙස හැසිරීමට උත්සාහ කරන්නේ නම් හෝ එසේ යැයි ළමයෙකු වන ඔබට පෙනී යන්නේ නම් වහාම කළ යුත්තේ ඔබට විශ්වාසවන්ත අයෙකුට මේ ගැන දැනුම් දීමයි.
අවාසනාවකට මෙන්, මෙම ක්‍රියා සිදු කරනු ලබන්නේ සමහරවිට ඔබ විශ්වාසය තබා සිටින අයවළුන් විසින්ම විය හැකියි. එසේ නම් තේරුම් ගත යුතු කාරණය වන්නේ ඔබ — ඔබ වැනි වෙනත් බොහෝ දෙනෙකු මෙන් — ඔබ ද විශ්වාසය තබා සිටියාට ඔවුන් ‘හොඳ‘ අය නොවන බවයි. හොඳ අය නම් එලෙස හැසිරේවි ද? ඔබගේ පියා, මව, සහෝදරයෙකු හෝ සහෝදරියක, මාමා හෝ නැන්දා කෙනෙකු, වෙනත් ළඟම ඥාතියෙකු, ගුරුවරු, පූජ්‍ය පක්ෂය යනාදී වශයෙන් ඔබගේ කිට්ටුම විශ්වාස වන්තයන් වුවද ඔවුන් විසින්ම ඔබව අපයෝජනයට ලක් කරනු ලැබීම් සිදුවිය හැක. මෙවැන්නක් සිදුවන්නේ නම් ඔබට විශ්වාසවන්ත වෙනත් අයෙකුට ඒ බව දැන්වීමට තරම් ඔබ ධෛර්ය සම්පන්න විය යුතුයි. මෙය ඉතා වැදගත්ය. මන්ද එසේ නොකිරීම හේතුවෙන් විශේෂයෙන් ඔබට මුළු ජීවිතයටම බලපාන ප්‍රතිඵල අත්විය හැකි නිසාවෙනි.

ළමයෙකු ලිංගිකව අපයෝජනයට ලක් කරන වැඩිදෙනා කෞමාර කාමයෙන් (pedophile) පෙළෙන්නන් වේ. සාමාන්‍යයෙන් මොවුන්ගේ ගොදුරු බවට පත්වන්නේ නව ජනිතයන් (අලුතින් උපන් බිළිඳුන්) ගේ සිට වයස අවුරුදු දහ අටක් පමණ අයයි. එනම්, (සමහර සංස්කෘතීන්වල ඇතැම්විට වයස් සීමාවල වෙනස්කම් තිබුණත්) බාලවයස් කාරයන් ය(minor).

සමහර අවස්ථාවල ගැටවර වියේ පසුවන අය තමන් බාල වයස් කාරයෙකු හෝ කාරියක ලෙස නැතිනම් ළමයකු ලෙස හැඳින්වීම නොරුස්සයි. එහෙත් ලිංගික ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක ගැන ක්‍රියා කිරීමට හෝ දැනුවත් තීරණ ගැනීමට තරම් තවමත් ඔවුන් පරිණත වී නැත. එහෙයින් ලිංගික කටයුතු වලට කැමැත්ත දීමට ළමයින්ට නොහැකි යැයි නීතියේ සඳහන් වේ.මෙයින් තේරුම් ගත යුත්තේ කෞමාර කාමයෙන් පෙළෙන්නෙකු හෝ වෙනත් අයෙකු සමග ලිංගික ක්‍රියාවන්ට යෙදීමට බාලවයස්කාර තැත්තා හෝ තැනැත්තිය කැමැත්ත දුන්නේ ද වරදට පොළබවන හෝ එකඟවන එම පුද්ගලයා (තම ඥාතියා, පෙම්වතා, පෙම්වතිය වුව) නීතිය හමුවේ ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස සලකා නීතියේ රැහැනට හසුකර ගෙන දඬුවම් ලැබීමට හේතුවන බවයි.

ළමා ලිංගික අපයෝජනය ගැන වැදගත් කරුණු ගණනාවක්ම ද, ඉන් පරෙස්සම් වීමේ ප්‍රායෝගික ක්‍රම ගැන මෙන්ම ඔබව අපයෝජනය යොදවා ඇතැයි හැඟී ගියොත් ඔබට කළ හැකි දේ ගැන අපි මේ ලිපිය පෙළින් සාකච්ඡා කරන්නෙමු. මීළඟ සතියේ ලිපියෙන් අප විමසීමට ලක්කරන්නේ ලිංගික අපයෝජනයට බලපාන හේතු ගැනයි.
ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපචාරයට හේතු
මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

ළමා ලිංගික අපචාරයට හේතු
අනෙකුත් සමාජයීය ප්‍රශ්න බොහොමයක් මෙන්ම ළමා ලිංගික අපචාර පිළිබඳ ප්‍රශ්නයද යහපත් අතට හැරෙන බවක් නොපෙනේ. මෙයට හේතුව වන්නේ ඒවා සිදුවීමට බලපාන හේතු තරමක් සංකීර්ණ වීමයි. මෙන්ම ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ද එතරම් පහසු කාර්යයක් නොවීමයි.

ළමා ලිංගික අපචාරය යනු පහසුවෙන් එළියට නො එන, බොහෝ රහස්‍ය අපරාධයකි. මන්ද ඒවා බොහෝවිට අපරාධකරු මෙන්ම වින්දිතයන්ද රහසක් ලෙස වසන් කර තබා ගන්නට දැඩි සේ උත්සාහ ගන්නා හෙයිනි. ළමා අපචාරයට ලක් වූවෙකු නිර්භයව (ලැජ්ජාව නිසා සඟවාගෙන නොසිට) තමාට සිදුවූ හදිය හෙළිදරව් කිරීමට ඉදිරිපත් නොවුවහොත් මුළු ජීවිත කාලය පුරාවට එය රහසක්ව පවතිනු ඇත. අපචාරයට ලක්වන ළමයි බොහෝ විට ඒ ගැන කිසිවකුට හෝ පැවසීමට බියක් දක්වති. ළමා අපචාර සිද්ධි බොහොමයක්ම වාර්තා වන්නේ ම නැත.

ළමා අපචාරයන් සිදු කරන්නන්(අපරාධකරුවන්) සහ ඒවාට ගොදුරු වන්නන් (වින්දිතයන්) සම්බන්ධ ගති ලක්ෂණ කිහිපයක් අපි සොයා බලමු.
අපරාධකරුවන්

ළමා අපචාරයන් සිදු කරන්නන් බොහොමයක්ම ළමුන්ගේ විශ්වාසය දිනූ , ළමුන් විශ්වාසය තබා සිටින්නන්ය. ළමා අපචාර සිද්ධි අතුරින් සියයට 90ක දීම තමා අපචාරයට ලක් කළ අය වින්දිතයන් දන්නා කියන, හඳුනන අයය. ඒ වගේම විශ්වාසය තබා සිටින්නන්ය. පර්යේෂණ පෙන්නුම් කරන ආකාරයට ළමා අපචාර අපරාධ කරුවන් සමහරක් තමුන්ම ද ළමා වියේදී අපචාරයට ලක් වූවන්ය. ළමාවියේ දී අපචාරයන්ට ලක්වීම කෙනෙකු ළමා අපචාර අපරාධ කරුවෙකු බවට පත් කිරීමට ඇති අවධානම වැඩි කරන්නක් වුවද ළමා අපචාරයන්ට ගොදුරු වූ බහුතර වින්දිතයෝ කිසිවිටෙකත්, කිසිවෙකුත් අපචාරයට ලක් කරන්නේ නැතුව සිය ජීවිතය ගත කරති. (Stop It Now! වෙබ් අඩවියේ ළමා ලිංගික අපචාර ගැන මනා විස්තර අඩංගු වේ. අදාළ පිටුවට මෙතනින් පිවිසෙන්න.)
ළමුන් ලිංගිකව අපචාරයට ලක් කරන්නෝ කවරහු ද?
ළමුන් ලිංගිකව අපචාරයට ලක් කරන්නන්, අප දන්නා අඳුනන පුද්ගලයන් විය හැකියි, අප සෙනහසින් සලකන, ගරු කරන අය වෙන්න පුළුවනි. ළමුන් ලිංගිකව අපචාරයට ලක්කරන්නේ අප රූපවාහිනියේ දකින මාදිලියේ ක්‍රීඩා පිටි අද්දර ගැවසෙන නන්නාඳුන ආගන්තුකයන් හෝ ළමුන් පැහර ගොහින් අපයෝජනයට ලක් කර මරාදමන ‘ගෝනිබිල්ලන්’ වැනි අය නම් අපට ඔවුන් හඳුනාගන්න අපහසුවෙන්නේ නැහැ.
ඒත් සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව ගතහොත් ළමුන් ලිංගිකව අතවරයන්ට පත්කරන්නන් ඇත්තටම ඒ ආකාරයේම අයවළුන් නොවේ. ළමුන් ලිංගිකව අපචාරයට ලක් කරන්නන් — ඒ කියන්නේ එලෙස කරතැයි වාර්තා වෙන අය මෙන්ම වාර්තා නොවෙන අය යන දෙකොට්ඨාශයේම අපචාරයට ලක් කරන්නන් — ගතහොත් ඒ අතරේ තාත්තලාය, අම්මලාය, දෙවැනි විවාහයේ දෙමාපියන්ය(සුළු පියා/සුළු මව), ආතලා ආත්තම්මලාය, එහෙමත් නැතිනම් (මාමලා, නැන්දලා, ඥාති සොයුරු සොයුරියන් ඇතුළු) පවුලේ ඥාතින්ය. ඒ කිව් පිරිසත් නොවේ නම් ඔවුන් අසල්වැසියන්ය, දරුවන් බලාගන්නන්ය, පූජක පක්ෂයය, ගුරුවරුන් හෝ පුහුණු කරන්නන්ය නැතහොත් අපේ දරුවන් හා නිතර සමීප ඇසුරක් ඇති එබන්දන්ය.
— Who sexually abuses children?
(STOP IT NOW)
සමහරක් ළමා අපචාරකරුවන් මානසික ආබාධ හෝ ප්‍රශ්න වලින් පෙළෙන්නන් වන අතර ඔවුන් තමන්ව ළමුන් ලෙසම දැකීමට පෙළඹෙති. ළමුන් සමග ලිංගිකව යම් යම් දේවල් කිරීමට ඔවුහු දැඩි ආශාවක් දක්වති. මේ මානසික තත්ත්වය හඳුන්වනු ලබන්නේ කෞමාර කාමය (pedophilia) යනුවෙනි. මෙම තත්ත්වයෙන් පෙළෙන අය කෞමාර කාමුකයන් (pedophiles) ලෙස දැක්වේ.
ළමා අපචාරය අපරාධකරුවන් සාමාන්‍යයෙන් තමන් හඳුනන කියන පිරිමි අයයි. මෙය තවත් කනගාටුදායක තත්ත්වයක් වන්නේ ළමුන් බොහෝ විට එවැනි අයට ගරු කරන හෙයිනි; එවැනි අය විශ්වාස කරන හෙයිනි.
වින්දිතයන්

ළමා අපචාරයට ලක්වන බොහෝ ළමයින් බොහෝ විට විහිංසය්ය (vulnerable) හෙවත් අවදානමට ලක් විය හැකි අයයි. (නිදසුනක්: ඉගෙනීමේ අපහසුතා වලින් පෙලෙන ළමයි, හුදෙකලා වූ ළමයි ආදී) අපචාරයට ලක්වන බොහෝ ළමයි මතු දැක්වෙන හේතු නිසාවෙන් ඒ ගැන කිසිවෙකුටත් නො පවසති.
- එය වෙනත් අයට අදාල කාරණාවක් ලෙස ළමයා කල්පනා කිරීම.
- එය දරුණු හෝ වැරදි ක්‍රියාවක් යැයි සිතීම.
- අපරාධකරුවා ගැන දැනගත්තොත් (විශේෂයෙන්ම අපරාධකරු පවුලේ අයෙකුම හෝ පවුලේ අය දන්නා කෙනෙක් නම්) එය දෙමව්පියන්ට දැඩිව බලපෑ හැකිය යයි සිතීම.
- තමන්ගේ මිතුරු කැළ කෙසේවත් කාරණාව දැන නොගත යුතුය සිතීම.
- අපචාරයට ලක් වෙද්දී තර්ජනයන්ට භාජනයවූ විට විශේෂයෙන්ම ද, එසේ නැතුව වුව ද අපරාධකරු තමා මරා දමති හෝ හානි පමුණුවති යයි සිතීම.
- තවත් ප්‍රබල හේතුවක් වන්නේ තමා කියන කතාව (සිදු වූ දෙය) කිසිවෙකුත් විශ්වාස නොකරතීයයිි සිතීම(විශේෂයෙන් අපරාධකරු ළඟම ඥාතියෙකු වූ විට)
දිළිඳු මෙන්ම අගහිඟකම්වලින් පෙළෙන ළමුන් ද අපරාධකරුවන්ගේ පහසු ගොදුරුය. ඔවුනට උපකාර කිරීමේ මුවාවෙන් ඉදිරිපත්වන, එය වාසියට හරවාගෙන ඔවුහු ළමුන් අපචාරයට ලක් කරති. ඔවුන්ගේ දුක්ඛිත තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිති.
ළමා ලිංගික අපයෝජනය: ළමුන් ලිංගික අපචාරයෙන් වැළැක්වීමේදී වැඩිහිටි වගකීම
මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

ළමුන් ලිංගික අපචාරයෙන් වැළැක්වීමේදී වැඩිහිටි වගකීම
ළමුන් අපචාරයට යොමුවීමෙන් වැළැක්වීමේදී ළමුන් වශයෙන් ගත හැකි පියවර ගැන අප ගිය සතියේ සාකච්ඡා කළා. අද අපේ අවධානය යොමු වන්නේ මේ ගැන දෙමාපිය, ගුරුවරු වෙනත් වැඩිහිටියන්, ඥාතීන්ට පැවරෙන වගකීම සහ ගත හැකි පියවර ගැනයි.
අප මෙතෙක් මේ යටතේ සාකච්ඡා කළ කරුණු කාරණා සළකන විට පැහැදිලි වන දෙයක් තමයි ළමා ලිංගික අපචාර යනු පහසුවෙන් වළක්වාගත හැකි අපරාධයක් නොවන බව. ඊට ප්‍රධාන හේතුවක් තමයි අපචාරයක් සිදු කරනු ලබන්නේ සාමාන්‍යයෙන් ළමයාට ඉතා සමීප අයවලුන් විසින් වීමයි.(2019 ඔක්තෝබර් 21දා තතු ලිපිය බලන්න). තවත් ප්‍රධාන කාරණාවක් හැටියට, සංස්කෘතිය, සම්ප්රදාය සහ වෙනත් හේතු මත (වයසට ඔබින)ලිංගික දැනුම සහ හෝ සිදුවිය හැකි අතවර ගැන වැටහීමක් බොහෝ ළමුන්ට නොමැති කම දැක්විය හැකියි. ඒ කාරණා සහ වෙනත් හේතු පදනම් කරගනිමින් අප මෙහි ඉදිරිපත් කරන්නේ ගුරු දෙගුරුන් ඇතුළු වැඩිහිටියන්ට සැලකිල්ල යොමු කළ හැකි අදහස් කිහිපයකි.අප මුලින්ම කුඩාම ළමුන් ගැන අවධානය යොමු කළොත්, ඔබ ළමයා බලාකියා ගන්නා අය කෙරෙහි සැලකිලිමත් විය යුතු බව ප්‍රථමයෙන්ම දක්වන්න පුළුවනි. සාමාන්‍යයෙන් මේ වගකීම මව පියා සහ ප්රමුඛ පවුලේ අය වෙත පැවරුනත් විවිධ හේතූන් නිසා ප්‍රායෝගිකව පිටස්තරයන්ද ද මේ කාර්යයට දායක වේ. ළඟම ඥාතීන්(බොහෝවිට මොවුන් මව පියා, සහොදර සහොදරියන්, සියා ආච්චී ආදීන්ය) දිවා කාලයේ දරුවා රැකබලා ගත්තත් පෙර පාසලේ ගුරුවරුන් ද මේ අතර වෙනවා. මොවුන් සියල්ලන්ම පාහේ ඇත්තටම දරුවාට ආදරය කරන, යහපත් උදවියයි. එහෙත් ඒ අතරතුර දරුවට වින කරන නපුරන් ද සිටිය හැක. එහෙත් මොවුන් එකවරම, ‘නරක අය’ නැතිනම් කාමාතුරයන් බව පෙනී යන්නට හෝ සැක කිරීමට හේතු සාධක ඔබට හමු නොවන්නේ ඔවුන් ගැන ඔබට කිසි සැකයක් නොමැති නිසාය. එහෙයින් ළමුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන අය ගැන ඉතා විමසිලිමත් වන්න.
ළමුන්ට විශ්වාසය තැබිය හැකි පුද්ගලයන්ගේ ජාලයක් ගොඩනඟා ගැනීමට ළමුන්ට උගන්වන්න. එසේ කිරීම තනිකරම ළමයින්ගේම වගකීමක් පමණක් නොකර ඔබත් ඊට සක්‍රීයව සම්බන්ධ වන්න. එවිට මේ ජාලයෙන් පිටස්තර අයකු පමණක් නොව එම විශ්වාසවන්තයන්ගේ ජාලයේම සාමාජිකයින්ගෙන් අතවරයක් වේ නම් ඉන් ළමයා ගලවාගැනීමේ වැඩි හැකියාවක් ජාලයට ලැබේ.

ළමයාට සැරවැර කරන, හැමදේකටම පාහේ දරුවාට බැනවදින අයෙක් වනවාට වඩා දරුවා සමග විශ්වාසය ගොඩනගා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න. දරුවා බියක් සැකයක් නොමැතිව ඕනෑම දෙයක් ඔබ සමග පවසන විශ්වාසවන්තයෙකු බවට පත් වන්න. කිසිවිටෙකත්, කිසිදෙයක් රහසේ තබා ගත යුතු නැති බවත්, ඕනෑම දෙයක් නොවලහා කීමෙන් දරුවාටම දඬුවමක් ලැබීමට හෝ වරද පැටවීමක් කිසිසේත්ම සිදු නොවන බවත් ළමයාට ඒත්තු ගන්වන්න. විශ්වාසය මත පදනම් වූ මෙවැනි සබඳතාවක් කුඩා කලම පටන් ගෙන දිගටම පවත්වාගෙන යාමෙන් වයසින් වැඩෙද්දී පවා දරුවා ලිංගික අපචාරයන් ගෙන් බේරාගැනීමටත්, ඊට ලක්වීමෙන් වළක්වා ගැනීමටත් මඟ පාදා ගත හැකි ය.

තට්ටු කිරීම්, ස්පර්ශ කිරීම් හෝ අතපත ගෑම් ගැන පැහැදිලි එමෙන්ම ප්‍රායෝගික සහ යථාර්ථවාදී අයුරින් දරුවාට කරුණු වටහා දෙන්න. කරුණු දුරදිග යාමට පෙර ‘උපන් ගෙයිදීම’ අපචාරාත්මක හැසිරීම හඳුනා ගැනීමට මෙය උපකාරී වේ. පාසල්වියේ සිටින දරුවන්ට හා ගැටවර වියේ දරුවන්ට ලිංගික අපචාරය සහ එහි භයානක පැත්ත ගැන වයසට අනුකූලව කරුණු වටහා දෙන්න. බොහෝවිට දරුවා කාමුකයන්ගේ උපක්‍රම වලට හසුවන්නේ මෙවැනි අවබෝධයක්, වැටහීමක් නොමැති කම හේතුවෙනි.
වයසින් වැඩි අයට නිසි ගෞරවය දැක්විය යුතු වුවත් නුවමනා ආකාරයට කිසිවෙකුටත් බිය යුතු නැති බව දරුවාට තේරුම් කර දීම වැදගත්ය. ඉහත අප දක්වා ඇති ආකාරයට දරුවා දැනුමෙන් සන්නද්ධ කර ඇත්නම් මෙය වඩාත් පහසු වෙනවා ඇත.

ළමා අපචාර අපරාධකරුවන් සෑම විටම වාගේ විවිධාකාරයෙන් ළමයා බියගන්වා අපරාධය හෝ අපරාධ උත්සාහයන් වසන් කිරීමට උත්සාහ දරනවා. එහෙයින් අපරාධයට යොමු කරන්නන්ට තැත් කරන්නා කවුද යන්න නොතකා සිදුවූයේ කුමක්ද යන්න නොවළහ වාර්තා කිරීමට හැකිවන අයුරින් නිර්භයව වීමට, එඩිතරවීමට ළමයාට උගන්වන්න.

තවද විශේෂයෙන්ම දූෂණයට(rape) ලක්වීම (සහ ළමයා කැමැති කරවා ගෙන ලිංගික ක්‍රියාවන්ට යොදා ගැනීම) වලක්වා ගැනීම ගැන ගැටවර වියේ දරුවාට අවබෝධයක් ලබා දිය යුතුය. ඇඳුම් පැළඳුම්, ඇවතුම් පැවතුම්, ගමන්බිමන්, ඇසුරු කරන්නන් ගැන වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුය. ගැටවර වියේ දරුවට අවවාද තරවටු කිරීම දේශනා පැවැත්වීම වෙනුවට අනතුර ගැන කරුණු වටහා දී එම ගැටවර වියේ දරුවාට අවශ්‍ය සහාය සැපයීම වැඩිහිටියාගේ වගකීමයි.

ඔබේ දරුවා කන් නෑසීම, ඇස් නොපෙනීම, කතාකිරීමට නොහැකිවීම හෝ වෙනත් යම් කායික දුබල තාවයකින් හෝ මානසික අසීරුතාවයකින් පෙළෙන්නේ නම් විශේෂයෙන්ම සැලකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන්ම බුද්ධි ආබාධිත ළමුන්ට තමන් පිළිබඳ නිවැරැදි තීරණයක් ගැනීමේ හැකියාව නොමැති හෙයින් ඉතා වැඩි අවධානයක් යොමු කිරීමට සැලකිලිමත් විය යුතුය. කිසිවිටෙකත් ඔවුන් නිවසේ හෝ සෙනඟ නොගැවසෙන හෝ සෙනඟ අඩු තැන්වල වෙනත් අයෙකු සමග තනිව සිටීමට ඉඩ සැලසෙන අවස්ථා අවම කර ගන්න ක්‍රියා කළ යුතුවේ.
eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපි පෙළ ඇසුරෙනි.
එක් ප්‍රතිචාරයක්