COVID-19 එන්නත් මාත්‍රාවන් අතර දිගු පරතරය, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි කරයි

Posted by

COVID-19 එන්නත් මාත්‍රාවන් අතර දිගු පරතරය, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි කරයි

 ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාවන් අතර දිගු පරතරයක් තිබීම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට බාධාවක් නොවන බව සනාථ කරමින් සහතිකයක් ලැබී තිබේ.

නිර්දේශිත කාල පරතරයට සාපේක්ෂව, සති 45 ක් දක්වා කාලයක පරතරයක් ඇත්ත වශයෙන්ම  වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයකට තුඩු දුන්නේය. තවද, දෙවන මාත්‍රාවෙන් මාස 6 කට වඩා වැඩි කාලයක් ගත වූ පසු  “බූස්ටර” මාත්‍රාවක් ලබාදීම, පවතින ප්‍රභේදවලට ප්‍රතිචාර වශයෙන් ඇතුළුව ප්‍රතිශක්තිය තවදුරටත් ශක්තිමත් කරන්නේය.

එන්නතින් පළමු මාත්‍රාවෙන් පසුව මද වශයෙන් අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව දෙවන හා තෙවන මාත්‍රාවලින් පසුව වඩාත්  අඩු විය.

බංග්ලාදේශය වැනි අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් COVID-19 රෝගීන් සංඛ්‍යාව නැවත ඉහළ යාමකට මුහුණ දෙන අතර ඒ අතරම ඔවුන්ගේ එන්නත් සැපයීම තවමත් දැඩි ලෙස සීමිතව පවති. මෙලෙස, මෙම රටවල  එන්නත් සැපයුමේ ප්‍රමාදයන් ඇතිවීම, පළමු හා දෙවන මාත්‍රාවන් අතර නිර්දේශිත ප්‍රමාණයට වඩා දිගු පරතරයන් ඇති කිරීමට හේතු වී ඇති අතර, එම කාරණාව, ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර නොලැබීම පිළිබඳව සංකා ඇතිවීමට බලපා ඇත.

ගෝලීය වශයෙන් වඩාත්ම පෘථුල ලෙස බෙදා හැරුණු එන්නත් අතුරෙන්එකක් වන  AstraZeneca එන්නතේ හි පළමු හා දෙවැනි මාත්රා අතර සති 8-12 ක පරතරයක් ලෝක සෞඛ්ය සංවිධාන යේ (WHO) Trusted Source(විශ්වාසදායක මූලාශ්‍රය) නිර්දේශ කරයි  . නමුත් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් දක්වන්නේ සති 45 ක් දක්වා පරතරයකින් පසුව වුවද දෙවන එන්නත  ඉතා ඵලදායී වන බවට සහතිකයක් සැපයිය හැකි බවයි.

ඇත්ත වශයෙන්ම, දීර්ඝ ප්‍රමාදයකින් පසු ස්වේච්ඡා සේවකයන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිර්දේශිත කාල පරතරයෙන් පසුව ලැබෙන ප්‍රතිචාරයට වඩා ඉහළ මට්ටමක පැවතිණ. මෙම අධ්‍යනය ,සමපදස්ථයන්ගේ(peers) සමාලෝචනයට භාජනය වී නොමැති නමුත්  පූර්ව මුද්‍රණ ප්‍රකාශයක් ලෙස පළව තිබේ.

Moderna And Pfizer COVID-19 Vaccines Both Require Two Doses - Brownsville  Cares

දිරිගන්වනසුළු ප්‍රතිඵල

COVID-19 රෝගය ඇතිකරවන SARS-CoV-2 වෛරසයට එරෙහි, ප්‍රතිදේහ වැඩියෙන් නිපදවීමටත්,   සෛලීය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩිකිරීමටත් මේ කිව් ආකාරයේ දිගු ප්‍රමාදයක් ප්‍රයෝජනවත් විය හැකි බව (ඉහත සඳහන්)පර්යේෂණයෙන් හෙළි විය.

“මෙම දීර්හ කාල පරතරයන් සමඟ ඉතා ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රේරණයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. කෙටිකාලීනව (එන්නත්) සීමිත සැපයුමක් ඇති රටවලට එය ඉතා දිරිගන්වන සුළුය” යනුවෙන් අධ්‍යයනයේ එක් කතුවරියක වන මහාචාර්ය තෙරේසා ලැම්බේ  ලන්ඩනයේ විද්‍යා මාධ්‍ය මධ්‍යස්ථානයේ(Science Media Centre ) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අධ්‍යනයේ  සම කර්තෘ මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩ රෙව් පොලාර්ඩ්, මෙම සොයා ගැනීම වෙනත් එන්නත් වලින් ලද අත්දැකීම් වලට අනුකූල බව පැහැදිලි කළේය.

“මෙය එතරම් අසාමාන්‍ය දෙයක් නොවෙයි. එය ඇත්තටම ඔබ එන්නත් වලින් අපේක්ෂා කරන දෙයයි. ඔබ පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු, ඔබ පරිණත වීමට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සඳහා වැඩි කාලයක් ලබා දෙන්නේ නම්, පසුව ඔබට වඩා මදක් හොඳ ප්‍රතිචාර දැකීමට නැඹුරු වේ ” ඔහු පැවසීය.

එක් මාත්‍රාවකින් පසු ප්‍රතිදේහ මට්ටම් වසර 1 ක් දක්වා ඉහළ මට්ටමක පවතින  බව අධ්‍යයනයෙන් අනාවරණය විය.

කෙසේ වෙතත්, මහාචාර්ය පොලාර්ඩ් පැවසුවේ පළමු මාත්‍රාවෙන් පසු ප්‍රතිශක්තිය ක්‍රමානුකූලව අඩුවීම හේතුවෙන් ඇතිවන ආසාදන අවදානම සහ දෙවන මාත්‍රාව ප්‍රමාද වීමෙන් පසු  ප්‍රතිශක්තිය ශක්තිමත් වීම අතර හේතුවෙන් යම් තුලනයක් ඇති කර ගත යුතු බවයි.

“කොහොම නමුත් මේ මොහොතේ එක් මාත්‍රාවක් ලබාගැනීමෙන් පමණක් කොපමණ කාලයක් ඔබට හොඳ ආරක්ෂාවක් ලැබීමට හැකිදැයි අපි නොදනිමු. නමුත් නිසැකවම, එය මාස 3 කට වඩා දිගු ය”ඔහු පැවසීය.

බූස්ටර” මාත්‍රාවක ප්‍රතිඵල

දෙවන මාත්‍රාවෙන් මාස 6 කට වඩා වැඩි කාලයකින්  මුල් එන්නතෙහි තුන්වන මාත්‍රාවක් දීමන් සුලබ ප්‍රභේද ඇතුළුව SARS-CoV-2 වලට එරෙහිව ප්‍රතිශක්තීකරණයේ ප්‍රබල වර්ධනයක් ඇති කළ බව ද පර්යේෂණයෙන් හෙළි විය. .

පෙණී ගොස් ඇති පරිදි දෙවන මාත්‍රාවෙන් පසුව  ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා ප්‍රභේද උදාසීන කිරීමට  හැකියාව සහිත ප්‍රතිදේහ ඉහළ මට්ටමක පවත්වා ගැනීමට තෙවන මාත්‍රාව මග පාදා ඇත.  කෙසේ වෙතත්, පර්යේෂකයන් අවධාරණය කළේ මිනිසුන්ට තුන්වන “බූස්ටර” මාත්‍රාවක් අවශ්‍යද යන ප්‍රශ්නය ගැන කතිකාවන් බොහෝ දෙනෙකු අතර පවතී.

AstraZeneca's Covishield vaccine more effective with longer gap before second  dose: Lancet study

එංගලන්තයේ මහජන සෞඛ්ය අංශයේ  නවතම  දත්ත දක්වන්නේ AstraZeneca එන්නත් මාත්රා දෙකක් ඩෙල්ටා ප්රභේද්ය ආසාදනයවී රෝහල්ගතවීම් වලට එරෙහිව 92% ආරක්ෂාව සැපයීමට හැකි බවයි.

ෆයිසර්-බයෝටෙක් එන්නත මාත්‍රා දෙකකින් 96% ආරක්ෂාවක් සපයේ.

ලන්ඩනයේ විද්‍යා මාධ්‍ය මධ්‍යස්ථානයේ පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් රාජධානියේ රජය ප්‍රකාශ කර ඇත්තේ දරුණු COVID-19 වලට ගොදුරු විය හැකි පුද්ගලයින්ට 2021 සැප්තැම්බර් මාසයේ සිට බූස්ටර එන්නතක් ලබා දිය හැකි බවයි.

අධ්‍යයනය පැවැත් වූ ආකාරය

ප්‍රමාද වූ දෙවන  හෝ තුන්වන මාත්‍රාවක කාර්යක්ෂමතාව තක්සේරු කිරීම පිණිස පර්යේෂකයන් වයස අවුරුදු 18-55 අතර ස්වේච්ඡා සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධ සායනික පරීක්ෂණයකට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් (ඔවුන්)මාත්‍රාවන් එකක් හෝ දෙකක් ලබාගෙන තිබුණි.

සමස්තයක් වශයෙන්, සහභාගිවන්නන් 30 දෙනෙකුට පළමු මාත්‍රාවෙන් සති 44 ක මධ්‍යස්ථයකින් දෙවන මාත්‍රාව ප්‍රමාද විය.  මාත්‍රා අතර කෙටි කාල පරතරයකින් පසු දෙවන මාත්‍රාව ලබාගත් අයට වඩා මොවුන්ගේ පසුකාලීන ප්‍රතිදේහ මට්ටම් වැඩි බව විද්‍යාඥයෝ සොයා ගත්හ.

The Role of T Cells in the Body

T cells

තුන්වන මාත්‍රාවක් ලබාගත් සහභාගිවන්නන් 90 දෙනෙකු තුළ, දෙවන මාත්‍රාවෙන් දින 28 කට පසු දක්නට තිබූ ප්‍රතිදේහ ප්‍රතිචාරයට සාපේක්ෂව ප්‍රතිදේහ මට්ටම් ඉහළ අගයක් ගති. ඔවුන්ගේ T සෛල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරවල වර්ධනයකට මග පාදා තිබුණි ලැබුණි.

පළමු මාත්‍රාවට සාපේක්ෂව සලකා බලද්දී ප්‍රමාදව දෙවන හෝ තුන්වන මාත්‍රාව ලබාගත් ස්වේච්ඡාදාඅයකයන් අතරේ  සේවකයන් අතරේ මද(milder) අතුරු ආබාධ දිස්විණ. 

කෙසේ වෙතත්, කතුවරු ඔවුන්ගේ අධ්යයනයේ ඇතැම් අඩුපාඩු ගැනද සටහන් කරති. උදාහරණයක් ලෙස, දෙවන මාත්‍රාව ප්‍රමාද වීමෙන් පසු T සෛල ප්‍රතිචාර පිළිබඳ සීමිත දත්ත ප්‍රමාණයක් පමණක් තිබුණි.

ඊට අමතරව, පර්යේෂකයන් විසින් ප්රතිශක්තිකරණ ප්රතිචාර මනිනු ලැබුවේ තුන්වන මාත්රාවකින් දින 28 ක් දක්වා පමණි. එහෙත්, ඔවුන් මාස 6 දී ස්වේච්ඡාදායක ප්‍රතිචාර  විපරම් කර බැලීමටමට සැලසුම් කර තිබේ.

අවසාන වශයෙන්, වර්තමාන පර්යේෂණයට ඇතුළත් වූයේ තරුණ වැඩිහිටියන් පමණි, එසේ නමුත් සාපේක්ෂව වයස්ගත වැඩිහිටියන් පිළිබඳ අධ්‍යයනයක් ද දැනටමත් සිදු වෙමින් පවතී.

Medical News Today හි පලවූ  Longer gap between COVID-19 vaccine doses may increase immune response යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.