COVID-19 පුරුෂයින්ට හා කාන්තාවන්ට වෙනස් ලෙස බලපායි.

Posted by

COVID-19 පුරුෂයින්ට හා කාන්තාවන්ට වෙනස් ලෙස බලපායි. එසේ නම් සායනික අත්හදා බැලීම් දත්ත ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන වෙනම වාර්තා නොකරන්නේ ඇයි?

COVID-19  ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම එක හා සමානව සළකන්නේ නැත. ගෝලීය වශයෙන් ගත් කළ, COVID-19  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ දී සෑම  කාන්තාවන් 10 වෙනුවෙන්  පිරිමින් සඳහා 18 ක් ඇත; COVID-19  වලින් මිය යන සෑම කාන්තාවන් 10 දෙනෙකු සඳහාම පිරිමි 15 ක් මිය යති. එක්සත් ජනපදයේ, එන්නත් කිරීමේ අනුපාතයන්හි ස්ත්‍රී පුරුෂ පරතරයක් මතුවෙමින් පවතින අතර, කාන්තාවන්ට පිරිමින්ට වඩා සියයට 6 කින් ඉදිරියෙන් සිටින බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය(Centers for Disease Control and Prevention – CDC) පවසයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් ඇති වන දුර්ලභ අහිතකර බලපෑම් කාන්තාවන්ට වැඩි වාර ගණනින් ඇතිවන බව පෙනේ.  එහෙත්, ෆයිසර්-බයෝ එන්ටෙක් සහ මෝඩර්නා එන්නත් වැඩියෙන් බලපාන්නේ තරුණ තරුණියන්ටයි.

Nature Communications හි ගිය සතියේ පලවූ  පර්යේෂණ වාර්තාවකට අනුව, 2020 දෙසැම්බරය  ප්‍රකාශයට පත් කරන ලද COVID-19  අහඹු , පාලිත අත්හදා බැලීම් 45 න් ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බලපෑමක් වාර්තා කෙරුණේ 8 ක පමණකි.   වෙනත් මෑත දත්ත වලින් පෙනී යන්නේ අසාදිත සංඛ්‍යාව සහ එන්නත් කෙරුණු සරල ගණනය කිරීම් පවා ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙහ්ඩා නොදමන බවයි.

අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෲ, Radboud  විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සෞඛ්‍ය පිළිබඳ පර්යේෂකවරියක වන  සබින් ඕර්ටෙල්ට්-ප්‍රිගියෝන් පසුවන්නේ ඇගේ කණ්ඩායමේ සොයාගැනීම් ගැන කලකිරීමෙනි. ඇය මෙසේ කියා සිටියි:  “ලිංගිකත්වය බලපෑමකැති කරනු ඇති බව අත්හදා බැලීම් වලදී පනී යනු ඇතැයි මම හිතුවා.මොකද කිව්වොත් එය ප්‍රහේලිකාවේ එපමනට පැහැදිලි දෙයක් නිසයි”.  කායික විද්‍යාත්මක වෙනස්කම් සැලකිල්ලට ගන්නා විට ඖෂධ, පුරුෂයින් හා කාන්තාවන් කෙරෙහි වෙනස්  ආකාරයකින් බලපෑ හැකි ඖෂධ අත්හදා බැලීම් වලදී  නොසලකා හැරීම  භයානක විය හැකි බව ඕර්ටෙල්ට්-ප්‍රිගියෝන් පවසයි. එපමණක් නොව, එලෙස ක්‍රියා කිරීම මගින් රෝගයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් අහිමි වන බව අධ්‍යයනයට සම්බන්ධ නොවූ, ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ සුසාන් ෆිලිප්ස් පවසයි.

People line up to register themselves to get inoculated against COVID-19 during a vaccination drive at a mosque in Ahmedabad, India, Monday, June 21, 2021. Every adult in India will now be eligible for a free vaccine paid for by the federal government as a new policy shift kicks in Monday, while coronavirus cases in the country continue to plummet. (AP Photo/Ajit Solanki)

“ස්ත්‍රී-පුරුෂභාවය අනුව ඇතිවන බලපෑම් කෙරෙහි අවධානය යොමු නොකිරීම පුදුම සහගතය”යි ඔක්ස්ෆර්ඩ් සරසවියේ මාටින් ලැන්ඩ්‍රේ පවසයි.  එක්සත් රාජධානියේ ප්‍රතිසාධන අත්හදා බැලීමට නායකත්වය ලබාදුන්නේ ඔහුය. tocilizumab නම්  ප්‍රතිප්‍රදාහමය(anti-inflammatory) ඖෂධය Covid-19 න් සිදුවන මරණ අවදානම අඩුකරන  බව අත්හදා බැලීමේ දී සොයා ගත් අතර ලිංගිකත්වය අනුව වෙනස් බලපෑම් ඇත්දැයිද එම අත්හදා බැලීමෙන් සොයා බැලිණ.(කෙසේවුවත් වාර්තා කල යුතු තරම් වටිනා ප්‍රතිඵල ඉන් නොලැබිණ).” කෙසේ වෙතත්, සුසාන් පිලිප්ස් සඳහන් කරන්නේ, පර්යේෂකයන් බොහෝ විට වසර 30 කට වැඩි කාලයක් තිස්සේ ප්‍රකාශිත සායනික පර්යේෂණ වලදී ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශ්ලේෂණයන් මඟ හැර ඇති බවයි. “ගැටලුව තවමත් පවතිනවා” කියා ඇය පවසනවා, “ඒ හින්දා මේ වර්තමාන පර්යේෂණ වාර්තාව වඩාත් වැදගත් වෙනවා.”

විභව ප්‍රතිකාර හා එන්නත් පරීක්ෂාවට ලක් කළ,පාලිත,  අහඹු  අත්හදා බැලීම් 45 ක් හඳුනා ගැනීම සඳහා සිදු කළ විවරණ, නිරීක්ෂණ අත්හදා බැලීම් සහ වෙනත් අධ්‍යයන හැරුණු විට  2020 දෙසැම්බර් 15 දිනට පෙර ප්‍රකාශයට පත් කරන ලද Covid-19 සම්බන්ධ සියලුම ලිපි සොයා බැලීම සඳහා ඕර්ටෙල්ට්-ප්‍රිගියෝන්ගේ කණ්ඩායම PubMed වෙබ් අඩයිය විමසා  බැලීය. අධ්යයනයේ සියලුම අත්හදා බැලීම් , ඊට සහභාගී වූ පිරිමි සහ ගැහැණු සංඛ්යා වශයෙන් වාර්තා කළේයය. නමුත් පිරිමින් සහ කාන්තාවන් අතර ප්‍රතිඵල වල වෙනස්ක ඇත් දැයි විමසා බැලුණේ අටකා පමණි.

Covid-19 විශාලතම  අත්හදා බැලීම් පවා සමහර විට ලිංගිකත්ව විශ්ලේෂණ  මඟ හැරියේය. නිදසුනක් වශයෙන්, ං ෆයිසර්-බයෝ එන්ටෙක් සහ මෝඩර්නා එන්නත් දැවැන්ත අත්හදා බැලීම් මඟින් එන්නත් වල කාර්යක්ෂමතාව ලිංගිකත්වය අනුව වෙනස් වේදැයි ගවේෂණය කළ අතර පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම 90% කට වඩා කාර්යක්ෂමතාවක් ඇති බව සොයා ගන්නා ලදී. නමුත් ඒ අත්හදා බැලීම් දෙකින් එකකෛන් වත් අහිතකර බලපෑම් ලිංගිකත්වය අනුව බෙදා වෙන් නොකෙරුණු බව එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ ලිංගිකත්ව හා සෞඛ්ය පර්යේෂක ලවන්යා විජයසින්හම් හා සගයන් මෙම මාර්තු මාසයේ දී ලැන්සෙට් සඟරාවෙහි පළකළ  ලිපියක සඳහන් කර ඇත.  .මෙම දත්ත විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් නොවුනත්, ඒවා තවමත් රැස්කර අධීක්‍ෂණය කරනු ලැබ ඇත, නමුත් බරපතල අහිතකර සිදුවීම් අඩු සංඛ්‍යාවක් තිබීමෙන් සැලකිය හැක්කේ ස්ට්‍රීඑ පුරුෂ වශයෙන් සැලකිය යුතු  වෙනස්කම් අනාවරණය වී නොමැති බව යයි ෆයිසර් එන්නත අත්හදා බැලීම පිළිබඳ ප්‍රධාන  පරීක්ෂක නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ  ස්ටීවන් තෝමස් පවසයි. . 

නව අධ්‍යයන වාර්තාවේ සොයාගැනීම් වෙනත් අධ්‍යයනයන්ට අනුකූල වේ. EClinicalMedicine හී මෑතකපළවූ COVID-19 පිරික්සුම් පිළිබඳ, කුඩා  අධ්යයනයකින්, සොයා ගැනුණේ සොයා බැලූ පිරික්සුම් 30ක ප්රතිඵල අතුරෙන් ලිංගිකත්වය හේතුවෙන් බලපාමට පත්වීද යන්න එකදු පිරික්සුමකවත් නොදැක්විණ.  පුළුල්පරාසයක නිරීක්ෂණ වාර්තා  ඇතුළුව පුළුල් පරාසයක COVID-19 පර්යේෂන පත්‍රිකා පරීක්ෂා කරමින් BMJ Global Health  හි අප්‍රේල් මස පළ කළ අධ්‍යයනයකට  ද ලිංගිකත්වය ප්‍රතිඵල කෙරෙහි බලපාන්නේ දැයි විශ්ලේෂණය කර තිබුනේ 121 න් 14 ක් පමණි.

ලිංගිකත්වය අනුව වෙන් කළ දත්ත වාර්තා නොකිරීමට හේතු කාරණා සමහර විට තිබිය හැකිය. tocilizumab(interleukin-6  ප්‍රතිග්‍රාහකයට එරෙහිව තනි සෛලයකින් ක්ලෝණීය කරණය කළ ප්‍රතිදේහයකි) පිළිබඳ ලෑන්ඩ්‍රේ කණ්ඩායමේ අධ්‍යයනයෙන් සංඛ්‍යාමය වශයෙන් වැදගත්වන ලිංගික වෙනසක් දක්නට ලැබුණි: පිරික්සුම ආරම්භයේදී (ඒ වන විටත්) යාන්ත්‍රික වාතා වෙත යොමු කර නොසිටි රෝගීන් තුළ,  මියයෑම හෝ යාන්ත්‍රික වාතාශ්‍රය අවශ්‍ය වීමේ අවදානම tocilizumab හේතුවෙන් සමස්තයක් වශයෙන් අඩු කරනු ලැබ ඇත – එසේනමුත් ලිංගිකත්වය විශ්ලේෂණය කිරීමෙන් පෙණී ගියේ වෙනස  කාන්තාවන් තුළ නොව පිරිමින් තුළ පමණක් බවයි. කෙසේවෙතත් මාසයක් ඇතුළත රෝහලෙන් පිටවී යාම වැනි වෙනත් ප්‍රතිකරම ගතහොත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර සංඛ්‍යාමය වශයෙන් සැලකිය යුතු වෙනසක් නොවීය. එහෙයින්,  එයට “ලිංගික බලපෑමක් ඇති බවට ඒත්තු ගැන්වෙන සාක්ෂි” නොමැති බව කණ්ඩායම නිගමනය කර  නිසා එය අධ්‍යයන් පත්‍රිකාවේ  වාර්තා නොකළ බවත ලෑන්ඩ්‍රේ පවසයි.

ස්ත්‍රී පුරුෂබාවය සම්බන්ධයෙන් වෙනස්කමක් නොපවතින අවකාශයක  ලිංගික වෙනසක් යෝජනා කිරීම හානිකර විය හැකි බව ඔහු සඳහන් කරයි. නිදසුනක් වශයෙන්,  කාන්තාවන් කුඩා සංඛ්‍යාවක් යොදා ගෙන සිදු කළ පිරික්සුම් වල දී, ඇස්ප්‍රින් මඟින් කාන්තාවන්ගේ හෘදයාබාධ හා ආඝාතය(stroke) වළක්වා ගත නොහැකි බවක් දැ වුණ නමුත් එවැනි දුර්වල සාක්ෂි මත පදනම්ව ඖෂධ භාවිතය සීමා කිරීමෙන් කාන්තාවන්ට ප්‍රයෝජනවත් විය හැකි ඖෂධයක් (ඔවුනට) අහිමි වනු ඇතැයි ලෑන්ඩ්‍රේ තර්ක කරයි.

ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ එමිලි ස්මිත් පවසන්නේ  ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය ඔවුන්ගේ විශ්ලේෂණයන් වෙත ගෙන ඒම මේ වන විට තනි, තනි පුද්ගල පරීක්ෂකයින්ගේ යුතුකම බවයි. නමුත් “සමහර විට පද්ධති මට්ටමේ මැදිහත්වීම් මගින් එය විසඳා ගත හැකිය” යි ඇය පවසයි. අරමුදල් සපයන ආයතන හෝ පිරික්සුම් ලේඛනවලට ලිංගික විචල්‍යයන් වාර්තා කිරීම අත්‍යවශ්‍ය කළොත්, එමඟින් පර්යේෂකයන්ට පිරික්සුම්වලටම එය ඇතුල් කිරීම සඳහා පර්යේෂකයන්  පෙළඹවිය හැකි වීමට පුළුවන.

දත්ත හිඟය සායනික පිරික්සුම්ලින් ඔබ්බට විහිදේ: Global Health 50/50 නම් ලාභ නොපතන් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ලිංගික, Sex, Gender and COVID-19  ව්‍යාපෘති දත්ත ගබඩාවේ  ඉතාමත් මෑතක මාසික වාර්තාවට අනුව රටවල් 198 න්, ලිංගිකත්වය අනුව වෙන් කරන ලද (wisamaakrutha – ඩිසග්ග්‍රෙගටෙඩ්)මරන දත්ත වාර්තා වී ඇත්තේ 37% ක් පමණි; ලිංගිකත්වය අනුව වෙන් කරන ලද (විසමාකෘත – disaggregated)එන්නත් දත්ත වාර්තා කෙරෙන්නේ 18% ක් පමණි. සමහරක් එක්සත් ජනපද රාජ්‍යයන් ද ලිංග දෙකින් එකකට අයත නොවන හෝ ලිංගිකත්වය අවිනිශ්චිත පුද්ගල අනන්න්‍යතා වාර්තා තබාගත්ත ද, මෙම වාර්තාවට අනුව නම්, ලිංග දෙකින් එකකට අයත් නොවන පුද්ගලයින් සඳහා දත්ත වාර්තා කර ඇතත්තේ ඔස්ට්‍රියාව සහ ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක් පමණකි.

COVID-19 වසංගතය මගින් “ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දී ඇති ආකාරයට එවන් අවබෝධයක් සපයා ඇති වෙනත් අවස්ථාවන් ස්වල්පයක් පමණකි” යනුවෙන්  Global Health 50/50 හි සම අධ්‍යක්ෂිකා සාරා හෝක්ස් පවසයි. ඇය සහ තවත් අය කියාසිටින්නේ  පර්යේෂකයන් එම(ලිංගික) වෙනස්කම් පිළිබඳව  අවබෝධයක් ලබාදීමට තම තමන්ම ක්‍රියා කළ යුතු කාලය දැන් එළ්ඹ ඇති  බවයි.

AAAS Science සඟරාවෙහි පළව ඇති COVID-19 affects men and women differently. So why don’t clinical trials report gender data? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.