වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය

Posted by

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය(critical race theory) යනු කුමක්ද?

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තයේ වර්ධනයේ කේන්ද්‍රීය චරිතයක් වන නීති මහාචාර්යවරයකු වන කිම්බර්ලි ක්‍රෙන්ෂෝ මෑත සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටින්නේ විවේචනාත්මක රේස් න්‍යාය “එයට විරුද්ධ වන අයට වඩා දේශප්‍රේමී ය. මන්ද යත්… සමානාත්මතාවයේ පොරොන්දු අපි විශ්වාස කරමු. අසමානතාවය ගැන අවංකව කතා කිරීමට අපට නොහැකි නම් අපට එහි යා නොහැකි බව අපි දනිමු. ”යනුවෙනි.

විවේචනාත්මක ජාති සිද්ධාන්තයට තම විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බොහෝ දෙනාගේ නියෝජිතයින්ගේ ඉදිරිපත්කිරීම් පැහැදිලිවම අසත්‍යය. ක්‍රෙන්ෂෝගේ අදහස් දැක්වීම සත්‍ය වනනමුත්  එහි(වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය) ප්‍රධාන අංග විස්තර නොකරයි. ඉතින් වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යනු කුමක්ද සහ එය බිහි වූයේ කුමක් අරභයාද?

ඩෙරික් බෙල් සහ  ක්‍රෙන්ෂෝ වැනි නීති විශාරදයින් විසින් වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය වර්ධනය කරණු ලැබීම බොහෝ දුරට, 1865 දී සිවිල් යුද්ධයේ අවසානයේ සිට 1968 දී සිවිල් අයිතිවාසිකම් යුගය අවසන් වන විට දක්වා අප්‍රිකානු ඇමරිකානුවන් මුහුණ දුන් මන්දගාමී නීතිමය ප්‍රගතිය සහ බොහෝ පසුබෑම්වලට  ප්‍රතිචාරයක් විය. වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය අවබෝධ කර ගැනීම සඳහා ඔබ පළමුව කළ යුත්තේ එක්සත් ජනපදයේ අප්‍රිකානු ඇමරිකානු අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය තේරුම්ගැනීමයි.

What Is Critical Race Theory, and Why Is It Under Attack?

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යනු ඇත්තටම කුමක්ද?

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යනු අවුරුදු 40 කට වඩා පැරණි ශාස්ත්‍රීය සංකල්පයකි. මූලික අදහස නම් ජාතිය යනු සමාජ ගොඩන්Aගීමක් වන අතර වර්ගවාදය යනු හුදෙක් පුද්ගල මතිග්‍රහයේ හෝ අගතියේ නිපැයුමක් පමණක් නොව නීති පද්ධති හා ප්‍රතිපත්තිවල ද අන්තර්ගත දෙයක් යන්නයි.

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තයේ මූලික මූලධර්ම, නීති විශාරදයින් වන ඩෙරික් බෙල්, කිම්බර්ලි ක්‍රෙන්ෂෝ සහ රිචඩ් ඩෙල්ගාඩෝ වැනි අය විසින් නිර්මාණය කරන ලද 1970 දශකයේ හා 1980 දශකයේ මුල් භාගයේ නීති විශ්ලේෂණය සඳහා වූ රාමුවකින් මතු විය.

හොඳ උදාහරණයක් නම්, 1930 ගනන්වල දී, රජයේ නිලධාරීන් වචනාර්ථයෙන් දුර්වල මූල්‍ය අවදානම් යැයි සැලකෙන ප්‍රදේශ වටා රේඛා ඇඳීම, බොහෝ විට පැහැදිලිවම වැසියන්ගේ වාර්ගික සංයුතිය නිසා ය. බැංකු පසුව එම ප්‍රදේශවල කළු ජාතිකයින්ට උකසට අර්මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යන්නෙන් අදහස් කරන දෙය මෙන්ම “ජාති-විරෝධී” සහ “සමාජ සාධාරණත්වය” වැනි වෙනත් යෙදුම් ඊට ඇති සම්බන්ධය සමඟ ද  පිළිබඳව මහා ව්‍යාකූලත්වයක් ඇත.

යම් තාක් දුරට, “වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය” යන පදය, එමගින් විවිධත්වයේ සහ සාම දෙනාම එක් කර ගැනීමේ සියලු වැඩසටහන් ඇත්ත වශයෙන්ම කොතරම් පෝෂණය කළේ ද යන්න නොත කා, එම  සියලු උත්සාහයන්ගේ පදනම ලෙස දැන් දක්වා ඇත.

EDucation Week, May18, 20121EDucation Week, May18, 20121

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යනු ඇමරිකාවේ ජාතිවාදය නීතිමය වශයෙන් කේතනය කිරීම පෙන්නුම් කරන බුද්ධිමය විමර්ශන ක්ෂේත්‍රයකි.

එය, එක්සත් ජනපද නීතිමය  පද්ධතිය හැඩගස්වීමෙහි ලා වාර්ගික හිංසනය බලපෑ ආකාරය,  එක්සත් ජනපද නීතිය සහ ඉතිහාසය අධ්‍යයනය කිරීම තුළින් අනාවරණය කිරීමට ගන්නා උත්සාහයකි.   සාම්ප්‍රදායිකව ගත් කල, පුද්ගලයන් සමඟ අන්තර්ක්‍රියාකාරිත්වයේ දී වර්ගවාදය ප්‍රකාශ වන්නේ කෙසේද යන්න පිළිබඳව සැළකිලිමත්වෙනවාට වඩා වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය වඩාත් අවධානය යොමු කරන්නේ වර්ගවාදය (එරට) නීතියට කේතනය කර තිබුණේ සහ කේතනය කරන්නේ කෙසේදැයි විමසා බැලීමටය.

බොහෝ වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක න්‍යායවාදීන් බොහොමයක් විසින් විසින් පොදුවේ පිළිගන්නා  විශ්වාසයන් කිහිපයක් තිබේ.

පළමුව, වර්ගය(race) මූලික වශයෙන් හෝ  අවශ්‍යයෙන්ම ජීව විද්‍යාවේ කාරණයක් නොව ඇත්තටම  සමාජයීය ගොඩනැගීමකි. අප වර්ගය ලෙස සිතන දේ සකසා ගැනීමේ දී (පුද්ගලයාගේ) භෞතික ලක්ෂණ සහ භූගෝලීය සම්භවය යම් ආකාරයට දායක වන නමුත්, වාර්ගිකත්වය පිළිබඳ අපේ අදහස් උදහස් උදේසා ඉතිරි දායකත්වය සපයන්නේ සමාජයන්ය. නිදසුනක් වශයෙන්, 19 වන සියවසේ හා 20 වන සියවසේ මුල් භාගයේ විද්‍යාඥයෝ සහ දේශපාලනග්නායෝ කාලවර්ණ ගැන්වූවන් බුද්ධිමය හෝ සදාචාරාත්මක වශයෙන් පහත් අය ලෙස නිතර විස්තර කළ අතර පීඩාව සහ වෙනස් කොට සැලකීම සාධාරණීකරණය කිරීම සඳහා එම ව්‍යාජ විස්තර භාවිතා කළහ.

දෙවනි කාරනය: මෙම වාර්ගික අදහස් ජාතියේ පදනම් ලේඛන සහ නීති පද්ධතිය තුළට කේතනය කර ඇත. ඒ සඳහා සාක්ෂි සෙවීමට වැඩි වෙහෙසක් ගත යුතු නොවේ. කෙළින්ම  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ “තුනෙන් පහේ  සම්මුතියට“ යොමුවීම ම ප්‍රමාණවත්ය . වහලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප‍්‍රතික්ෂේප කළද( ලබා දී නැත ද), වහල්භාවයේ සිටින්නන් සහිත ජනපදවල  කොංග‍්‍රස් මණ්ඩල නියෝජනය වැඩි කිරීම සඳහා වූ ජනගහනයේ කොටසක් ලෙස සලකනු ලැබීය.

තෙවනුව, අපගේ නීති පද්ධතිය හා ආයතන තුළ වර්ගවාදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගත් විට, වර්ගවාදය සම්මතයෙන් බැහැර වූ  දෙයක් නොව ජීවිතයේ සාමාන්‍ය කොටසකි.

Teach critical race theory in Arizona, despite what the GOP says

සිව්වනුව,  ඒ ඒ ආරක්‍ෂිත කාණ්ඩවලට ලබා දී සිවිල් අයිතිවාසිකම් ආරක්ෂාව නොමැති විවිධාකාර වූ සංකීර්ණ වූ වෙනස්කම් කිරීම් වලට ජාතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි බහුවිධ අංගවලට තුඩු දිය හැකිය. නිදසුනක් වශයෙන්, ක්‍රෙන්ෂෝ දැඩිව තර්ක කරමින් කියා සිටින්නේ, එක් ප්‍රවර්ගයක් හෙවත් කාණ්ඩයමක් ලෙස ගත් කල කළු ජාතික කාන්තාවන්ට නීතිමය රැකවරණයක් නොමැති  බවයි. ඔවුන් කළුජාතිකයන් වීමත්, ස්ත්‍රීන් වීමත් නිසා වෙන්කොට සැලකීමට ලක්වූ බව නොතකා  අධිකරණ මගින්  කළු ජාතික කාන්තාවන්ට කළු ජාතිකයන් ලෙසත්  කාන්තාවන් ලෙසත් සලකණු ලැබ අට්ත්තෙ වෙන්කොට සැල්කීමේ නඩු වලදී නොවේ.  

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ඉතිහාසය වැනි ක්ෂේත්‍රවල වර්ගවාදයේ කාර්යභාරය ගවේෂණය කරන විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් අතර මෙම විශ්වාසයන් පොදුවේ දක්නට ලැබේ.

අවසාන වශයෙන්, වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක න්‍යායවාදීන් උනන්දු වන්නේ වර්ගවාදයේ නීතිය සහ පද්ධති අධ්‍යයනය කිරීමට පමණක් නොව, ඒවා වඩා හොඳ ඒවා බවට වෙනස් කිරීමට ය.

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තයට අයත් නොවන්නේ කුමක් ද?

“වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය”  වාර්ගිකත්වය පිළිබඳ පුළුල් ඉගැන්වීම් භාවිතයන් තහනම් කිරීමට උත්සාහ කරන ව්‍යවස්ථාදායකයන් අතර සියල්ලම හසු කර ගන්න වාක්‍ය ඛණ්ඩයක් බවට පත්ව ඇත.  ඇරිසෝනා, අර්කැන්සාස්, අයිඩාහෝ, මිසූරි, උතුරු කැරොලිනා, ඔක්ලහෝමා, දකුණු කැරොලිනා, ටෙක්සාස් සහ බටහිර වර්ජිනියාවේ ප්රාන්ත රජයන්, ඒවායේ අදහස අනුව වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය යන්න පාසල් අඩ්ධ්‍යපනයෙන්  තහනම් කිරීමේ නීති හඳුන්වා දී ඇත.

එසේනමුත්, එලෙස  පාසල් අඩ්ධ්‍යපනයෙන්  තහනම්  කරන දෙයත්,  සහ බොහෝ මාධ්‍ය ආයතන සහ ව්‍යවස්ථාදායකයන් “වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය” ලෙස හඳුන්වන දෙයත් ඉඑට බොහෝ සේ දුරස්ථය. මෙම සංකල්ප ඉගැන්වීම තහනම් කිරීමට යෝජනා කරන ඔක්ලහෝමා සහ ටෙනසිහි එක සමාන නීතිමය අංග පහත දැක්වේ. එහෙත් වර්ගයය හා වර්ගවාදය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය මගින් පහත සඳහන් එම කරුණු කාරනා සනාථ නොකරනු ලබන බවයි.

(1) එක් ජාතියක් හෝ එක් ලිංගිකත්වයක් සහජයෙන්ම වෙනත් ජාතියකට හෝ ලිංගිකත්වයට වඩා උසස් ය;

(2) සෑම පුද්ගලයෙකුම, එම පුද්ගලයාගේ ජාතිය හෝ ලිංගිකත්වය අනුව සහජයෙන්ම වරප්‍රසාද ලාභී වන අතර, දැනුවත්ව හෝ උපවිඥානුභාවයෙන් හෝ , ජාතිවාදීය, ස්ත්‍රී/පුරුෂවාදීය හෝ පීඩාකාරී ය;

(3) පුද්ගලයාගේවර්ගය(ජාතිය) හෝ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් පුද්ගලයෙකුට වෙනස්කොට සැල්කීමට  හෝ අහිතකර සැලකුම් ලැබීඉමට යොග්‍යය;

(4) පුද්ගලයෙකුගේ සදාචාරාත්මක ස්වභාවය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතිය හෝ ලිංගිකත්වය අනුව ය;

(5) පුද්ගලයෙකු, එම පුද්ගලයාගේ ජාතිය හෝ ස්ත්‍රී පුරුෂභාවය අනුව, එම ජාතියේ හෝ ස්ත්‍රී පුරුෂභාවයේ  වෙනත් සාමාජිකයන් විසින් අතීතයේ සිදු කරන ලද ක්‍රියාවන් සඳහා වගකීම දරයි;

(6) තනිකරම පුද්ගලයෙකුගේ ජාතිය හෝ ලිංගිකත්වය නිසාවෙන්ම පමණක් පුද්ගලයෙකුට අසහනය, වරදකාරිත්වය, වේදනාව හෝ වෙනත් ආකාරයක මානසික පීඩාවක් දැනිය යුතුය.

What Is Critical Race Theory, and Why Is It Under Attack?

මෙම පනත් වලින් බොහොමයකි ඉදිරිපත් කරණු ලබන්නේ  ඇමරිකානුවන් කුසලතාතන්ත්‍ර(meritocracy) පාලනයක් පවතින රටක ජීවත් නොවන බවත්, එක්සත් ජනපද නීතිවල පදනම් අංග ජාතිවාදී බවත් එමෙන්ම, වර්ගවාදය යනු ඇමරිකාවට ගැලවිගත නොවූ  සදාතනික අරගලයක් බවත් යෝජනා කරන අධ්‍යාපනික ද්‍රව්‍ය ඉදිරිපත් කිරීම සීමා කිරීමයි.

ඇමරිකානුවන් ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමට පුරුදු ව ඇත්තේ දුෂ්කරතා ජයගෙන, අපේ බ්‍රිතාන්‍ය පීඩකයින් පරාජය කළ , සියල්ලන්ටම සමාන අවස්ථා සහිත රටක් නිර්මාණය කළ පිරිසක් හැටියට විජයග්‍රාහී කාචයකිනි.  

පෙණියන පරදි නිසැකවම ඒ සියල්ල සත්‍ය නොවේ.

වාර්ගිකත්වය පිළිබඳ විචාරත්මක සිද්ධාන්තය මගින් එක්සත් ජනපද ඉතිහාසය සහ නීති ආයතන විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයන් සපයනු ලබන්නේ, වාර්ගික ගැටලු අපගේ  අවධානයට ලක් නොවී සිටින විට ඒවා(වාර්ගික ගැටලු) පහව නොයන බව පිළිගැනීමෙනි.

The Conversation හී පළවූ Critical race theory: What it is and what it isn’t යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.