ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව දැනට තිබෙන එන්නත් ප්‍රමණවත් ආරක්ෂාවක් සපයන්නේද?

Posted by

Covid -19 ට එරෙහිව දැනට අනුමත කරන ලද එන්නත් කණ්ඩායම නැතිනම් එන්නත් පෙළ, ඩෙල්ටා ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කරයිද? එසේ නම් ඒවායින් සැලසෙන රැකවරණය මට්ටම කුමක්ද?  එන්නත් මාත්‍රා සම්පුර්ණයෙන්ම ලබා ගැනීමෙන් පසුව පවා ඔබට රෝගය ආසාදනය විය හැකි නම්, අප එන්නත ලබා ගත යුත්තේ ඇයි? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් කරුණු පැහැදිලි කරනු ලබන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් විසිනි.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව දැනට තිබෙන එන්නත් ප්‍රමණවත් ආරක්ෂාවක් සපයන්නේද?

Pfizer, AstraZeneca vaccines protect against Delta variant: Lancet study -  The Hindu BusinessLine
Five things we know about the Delta variant (and two things we don't) |  Gavi, the Vaccine Alliance

ප්‍රශ්න අසන්නේ විස්මිතා ගුප්තා-ස්මිත්

අපි අද විශේෂයෙන් කතා කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහ එන්නත් ගැන ය. අපට කරුණු පැහැදිලි කරන්නේලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ  සෞම්‍යා ස්වාමිනාදන්ය. පළමු ප්‍රශ්නය වශයෙන් අපි මෙහෙම අහමු: ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය විය හැකි බව අපි දනිමු. දැනට අනුමත කරන ලද එන්නත් කාණ්ඩයෙන් ඊට එරෙහිව, අපට ලැබෙන්නේ කුමන ආකාරයේ ආරක්ෂාවක්දැයි කරුණාකර අපට පැහැදිලි කරන්න.

පිළිතුරු දෙන්නේ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්

ඉතින් අද අපි  කතා කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය ගැනයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විස්තර කරන ලද සිව්වන ප්‍රභේදය වන අතර එය පෙර ප්‍රභේදයට වඩා සීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය කළ හැකි අතර අපගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ වලට ප්‍රතිරෝධය දැක්වීමට සමත් බව ප්‍රදර්ශනය කර ඇත. ඉතින් එයින් අදහස් කරන්නේ ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව මෙම ප්‍රභේදය මඟහරවා ගැනීම සඳහා ඔබට ඉහළ ප්‍රතිදේහ ප්‍රමාණයක් අවශ්‍ය බවයි. දැනට ඇති ශුභාරංචිය නම්, ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දරුණු තත්තවයට රෝගය පත්වීම, රෝහල් ගතවීම් සහ මරණයට පත්වීම යන ආකාර වලට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලත් ලැයිස්තුගත එන්නත් සියල්ලම අපට ආරක්ෂාව සලසන බවයි.

එබැවින් දැනට ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛව ඉස්මතුව  ඇති රටවලින් එන්නත් ලබා ඇති පුද්ගලයින් රෝහල් ගත වීමට ඇති ඉඩකඩ අඩු බව පෙන්වීමට හැකි අධ්‍යයන දැන් ලැබී තිබේ. ඩෙල්ටා ප්‍රභේදයෙන් ඔබව ආරක්ෂා කිරීම සඳහා වන  සම්පූර්ණ ප්‍රතිශක්තිය ලබා දීම සඳහා නම් ඔබට එන්නතෙහි  සම්පූර්ණ මාත්‍රා ලබා දිය යුතුය. එබැවින් වැදගත් දෙය නම් ඔබට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නතකට ප්‍රවේශය ඇත්නම්(ලබා ගැනීමේ හැකියාව ඇත්නම්, කරුණාකර එය ලබාගන්න. ඔබ  සම්පූර්ණ මාත්‍රා ලබා ගැනීමෙන් ඩෙල්ටාව සහ COVID-19 හි අනෙකුත් ප්‍රභේදයන්ගෙන් ඔබට ආරක්ෂාව සලසා ගත හැකිය.

ප්‍රශ්නය

සෞම්‍යා, එන්නතෙහි එක් මාත්‍රාවක් ඔබට ලැබී ඇත්නම් සහ ඔබට  එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන්ම ලැබී ඇත්නම්  ඒ දෙකෙහි ආරක්ෂණ මට්ටම කරුණාකර අපට සංසන්දනාත්මක්ව පැහැදිලි කරන්න.

පිළිතුර

මෙහිදී මතකයට නගා ගත යුතු දෙය තමයි, මෙම එන්නත් වල ප්‍රධාන පරමාර්ථය වන්නේ දරුණු රෝග තත්ත්ව වැළැක්වීම බව. මන්ද අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ට (රෝගය) ආසාදනය වූයේ වී නමුත් ඔවුන් එයින් සුවය ලබා ගැනීම සහ බරපතල ලෙස රෝගාතුර නොවීමයි. ඉතින් එය මේ එන්නත් සියල්ලම මගින් හොඳින් ඉ‍ටුකරන ලබන දෙයක්. ඇත්ත වශයෙන්ම, විවිධ ආරක්ෂණ මට්ටම් තිබෙන බව ඇත්තයි. (එන්නත්වල) කාර්යක්ෂමතාව සොයා බලන අත්හදා බැලීම් ගැන ඔබ ඇතැම්විට දැනුවත්ව ඇති. ඒවා 70 සිට 90% දක්වා විය හැකිය. නමුත් දරුණු රෝග වැළැක්වීම සහ රෝහල් ගත කිරීම දෙස බැලීමේදී, ඒවා සියල්ලම ඉතා හොඳයි, 90% කට වඩාඵලදායීයි.

එපමණක් ද නොවෙයි. ආසාදන වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ගත්තොත් ඒවා එකිනෙක අතර වෙනස් කම් තිබේ. ඔබත් ඉතා මැනවින් දන්නා පරිදි, අප එන්නතකින්ප්‍රශස්ත වශයෙන් බලාපොරොත්තුවන්නේ ඉන් අපට ආසාදනය වීම සම්පූර්ණයෙන්ම වළක්වා ලීමයි. එබැවින් එන්නතත නිසි පරිදි ලබාගේන්ත් ඔබට රෝගාතුර වෙන්න  ඔබ බලාපොරොත්තු නොවේ. ඒ තමයි ඉතින් ප්‍රශස්ත තත්ත්වය. නමුත් දැනට අප සතුව ඇති එන්නත් කිසිවක් 100% ආරක්ෂණය සපයන්නේ නොවේ. එබැවින් ඔබට එන්නත ලබා දුන්නද, ඔබට රෝගය ආසාදනය විය ගත හැකිය, නමුත් ඒවා ඔබට ඉතා මද රෝග ලක්ෂණ ඇතිවන හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමට හැකි මෙන්ම බරපතල ලෙස රෝගාතුර වීමේ සම්භාවිතාව සැබවින්ම අඩු වීම සිදුවෙයි.

ප්‍රශ්නය

ඉතින් සෞම්‍යා, අපට  එන්නත සම්පූර්ණ ලබා ගැනීමෙන් පසුව පවා අපට (රෝගය) ආසාදනය විය හැකි නමේවගේම, එය අන් අයටද ආසාදනය විය හැකි නම්, එන්නත ලබා ගන්නේ ඇයි කිය ප්‍රශ්නය කෙනෙකුට ඇතිවෙනවා නේද?

පිළිතුර

එන්නත ලබා ගැනීමට හොඳ හේතු දෙකක්ම තිබේ. පළමුවැන්න නම්, ආසාදනයට හසු වුවහොත් පවා ඉන් දරුණු ලෙස රෝගාතුර වීමෙන් ඔබ ආරක්ෂා වීමයි. දරුණු ලෙස රෝගාතුර වන සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයින්ගෙන් යම් ප්‍රමාණයක් සිටින බවත්, (ඒ හෙතුවෙන්)  ඔබට මෙම රෝගයෙන් මියයාමේ අවස්ථාවක් තිබෙන බවත් අපි දනිමු.. අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ තත්ත්වයෙන් ඔබව ආරක්ෂා කිරීමටයි. ඒ නිසා තමයි, ඔබ එන්නත් ලබාගැනීමේ දී ඔබමුලින්ම ඔබට අවශ්‍ය වන්නේ, බලාපොරොත්හු වන්නේ.

දෙවනුව, ඔබ එන්නත් තාම යයි සිතමු.  ඔව්, ඔබට රෝගය ආසාදනයවීම තවමත් ඇතිවිය හැකිය, මන්ද මෙම එන්නත් මඟින් ඔබව 100% ක්ම ආසාදනයෙන් ආරක්ෂා නොකරන බව(කලින් සඳහන්කළ පරිදි) අපි දනිමු. ඒ වුණත් ඔබට රෝගය ආසාදනය වීම මෙන්ම  ඔබට එය අන් අයට බෝ කිරීමට් ඇති හැකියාව සුළුයි. ඉතින් එන්නත් කරනය නොකර ඔබ විශාල අවදානමක් ගැනීමට ඔබට ඇත්ත්ටමඅවශ්‍ය වේද? එලෙස(රෝගය) සම්ප්‍රේෂණ දාමයේ එක් පුද්ගලයෙකු වීමට ඔබට අවශ්‍ය වන්නේ ද? අද ලෝකයේ අප කළ යුත්තේ මෙම සම්ප්‍රේෂණ දාම බිඳ දැමීමයි; මෙම රෝගය පාලනය කර ගැනීමයි. ඒ නිසා තමයි අපි කියන්නේ එන්නත් සඳහා ඔබේ වාරය පැමිණි විට  (ලබා ගත හැකි ඉක්මනින්ම) එන්නත ලබාගෙන සියලු පූර්වාරක්ෂාවන් දිගටම පවත්වාගෙන යන්න. එවිට ඔබ  සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා වගේම ඔබ අවට සිටින අයවත් ආරක්ෂා කරගනීමට හැකිවේ.

විස්මිටා ගුප්තා-ස්මිත්

ස්තූතියි සෞම්‍යා.  ඊළඟ වතාවේ හමුවෙන තෙක් සියළුදෙනාම ආරක්ෂිතව සිටින්න, නිරෝගීව සිටින්න සහ විද්‍යාව සමඟ බැඳී සිටින්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි Science 5, Episode 44- Delta variant and vaccines වැඩසටහන ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.