අලි ඇතුන්ගේ හොඬවැළ ගැන දැනගත යුත්තේ කුමක්ද?

Posted by

අලි ඇතුන්ගේ හොඬවැළ ගැන දැනගත යුත්තේ කුමක්ද?

ජෝර්ජියාවේ විද්‍යාඥයින් ඇට්ලන්ටා සත්ව උද්‍යානයෙ හි අලි අධ්‍යයනය කළේ අලි ඇතුන්ගේ හොඬවැළ වැඩ කරන ආකාරය සොයා ගැනීමටයි. මිනිසුන් සිතා සිටිනවාට වඩා අලි ඇතුන්ගේ හොඬවැළ ගැන දැනගත යුතු  බොහෝ දේ ඇති බවයි විද්‍යාත්මක පර්යේෂණ පෙන්නුම් කරන්නේ

ඔබ, අප ඇතුළු බොහොමත් දෙනා ජීවිතේ එක අවස්ථාවක හෝ  කවදාහරි අලියෙකු කන බොන හැටි දැකලා තියෙනවා නො අනුමානයි. එය සරල ක්‍රියාවලියක් බවයි අපට සිතෙන්නේ. ලෝකයේ දැවැන්තතම ගොඩබිම ක්ෂීරපායි සත්වයන් වන අලි ඇතුන් දිනකට රාත්තල් 400 ක් පමණ විශාල තොගයක් ආහාරයට ගන්නවා. ඒ සඳහා ඔවුන් උපයෝගී කරගන්නේ ඔවුන්ගේ දිගු හොඬවැළයි. හොඬවැළ භාවිතා කර ආහාර අහුලා හෝ කඩාගෙන එය කටට කටට ඔබා ගන්නා ආකාරය ඇත්තටම් බලන්න අපූරුයි. ඒ වගේම් ඔවුන් තම හොඬවැළ බීම බටයක් මෙන් යොදාගෙන ජලය උරා බොන බවත් අපි දන්නවා.

How Elephants Eat with Their Trunks | College of Sciences | Georgia  Institute of Technology | Atlanta, GA

ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන්නේ අලි හොඬවැළ ඉතා හුරුබුහුටි අංගයක් බවයි; ඒ වගේම සංකීර්ණ අංගයක් බවයි. ඇත්ත වශයෙන්ම,  වසර 100 කට වඩා වැඩි කාලයක් තුළ ප්‍රකාශයට පත් කරන ලද අලිඇතුන්ගේ  ව්‍යුහ විද්‍යාව පිළිබඳ නව විද්‍යාත්මක තොරතුරු කුඩා ප්‍රමාණයක් අතරට මෙම පර්යේෂණය ඇතුළත්වෙනවා. එමෙන්ම, පර්යේෂණයන් ගෙන්  පෙනී යන්නේ අලි ඇතුන් දේවල් එහා මෙහා කිරීමට ශිල්පීය ක්‍රම කිහිපයක් භාවිතා කරන බවයි.

 “අලි ඇතුන්ට ඔවුන්ගේ හොඬවැළ විවිධ ආකාර හතරකින් චලනය කරන්න පුළුවනි,” අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ඇන්ඩරූ ෂුල්ස් පැවසුවේ “ඔවුන්ට ඒවා එතීමට, ඇඹරීමට, දිගු කිරීමට හා කෙටි කිරීමට හැකියි. එය විස්තර කිරීමට තියෙන අල්ංකාර ක්‍රමය නම් ඔවුන්ගේ හොඬවැළ මාංශ පේශිමය ජල දක්නයක්(hydrostat) ලෙස හැඳින්වීමයි ” මාංශ පේශි හයිඩ්‍රොස්ටැට් සඳහා තවත් උදාහරණ වන්නේ දිව සහ බූවල්ලාගේ අඬුපඬු හෙවත් ග්‍රාහිකාවන්(tentacles)ය.

අලි ඇතුන් ආහාර ‘අහුලා’ ගන්න විට, ඔවුන් එම චලනයන් හතරම භාවිතා කරන බව ෂුල්ස් පෙන්වාදෙයි. ඔවුන්ට වස්තූන් අතුගා උඩට ගත හැකිය. කුඩා වස්තූන් සියුම් ලෙස  ‘නෙලාගැනීමට’ ද ඔවුන්ගේ හොඬවැළවල තොල් වැනි කෙළවර භාවිතා කළ හැකිය. තවද විවිධ ප්‍රමාණයේ ආහාර උරා ඇද ගැනීම සඳහා ඔවුන්ට (වැකුම් ක්ලීනරයක මෙන්) චූෂණය භාවිතා කළ හැකිය. “ඔවුන්ට tortilla කේක් එකක් කෑලිවලට කැඩෙන්න දෙන්නේ නැතිව  ඩැහැ ගන්න පුළුවන්නේ නේ.  මට නම් ඒක අදහාගන්නබැහැ”යි  ෂුල්ස් පවසයි.

With one hit of its trunk, an elephant kills a Spanish zookeeper - CGTN

අලි පානය කරන විට, ඔවුන් බීම බටයක් භාවිතා කර ටික ටික උරා බොන්නේ නැහැ. ඒ වෙනුවට, බීමට කලින් ඔවුන් තම හොඬවැළේ අභ්‍යන්තරය පළල් කර  ජලය ගැලුම් 2.4 ක් පමන ගබඩා කර ගනියි. අලි ඇතුන්ට සිය හොඬවැළ භාවිත කරමින් කළ හැකි තවත් බොහෝ උපක්‍රම තිබිය හැකියි —  ඒත් ඉතින්ෂුල්ස් තවමත් ඒවා සියල්ලම හදුනාගෙන නැහැ.

The Elephant's Superb Nose - The New York Times

හොඬවැළෙහි ව්‍යුහ විද්‍යාව හැදෑරීම සඳහා ෂුල්ස්, ජෝර්ජියාවේ ඇට්ලන්ටා සත්වෝද්යානයේ කෙලී නම් වූ ඇතින්නක් සම්බන්ධයෙන් අධ්‍යයන් හී යෙදෙමින් බොහෝ කාලයක් ගත කර තිබෙනවා.  ඔහු, තවත් අලි දෙදෙනෙකුට වඩා  වැඩි මනාපයකින් කෙලීව තෝරාගත්තේ “ඇයට පුදුමාකාර පෞරුෂයක් ඇති නිසා” යැයි ෂුල්ස් පවසයි, “ඇය තම හොඬවැළ උපයෝගී කර ගනිමින් ගවේෂණය කිරීමට කැමතියි. ඇය සැබවින්ම කැමති “ ධනාරෝපය නැතිනම් පෝෂණයටයි.

ෂුල්ස් සහ කෙලීගේ හසුරුවන්නන් කෙලී සිටි පරිශ්‍රයෙන් පිටත කැමරා සවි කරේ ඔවුන් අත්හදා බැලීම් කිරීමටයි.මෙහිදී අවධානය යොමුවුණේ කෙලී වනාන්තරයේ ගත කරා නම් ඇයටට හුරුපුරුදු ආහාර මොනවාද? ඒවා කන්නේ කෙලෙසද? යන්න ගැන අවබෝධයක් ලබාගන්නයි. Tortilla කැබලි ඇය වනයේ දී ඇහිඳ්ගෙන කා හැකි කොළ අනුකරණය කරනවා. කහපැහැති අලවර්ගයක් වන Rutabagas විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් කපා ඇති විට, කෙලී වනාන්තරයක ආහාරයට ගන්නා හා අනුභව කරන එළවළුවලට සමාන ය.

How do elephants eat cereal? With a pinch | Science News for Students

කෙලීගේ හොඬවැළ වැඩ කරන ආකාරය ගැන ඉගෙන ගැනීම සිත්ගන්නාසුළු හා වැදගත් කාර්යයක් වන අතර, විශේෂයෙන් වෙනත් කිසිදු පර්යේෂකයෙකු එවැනි කඳ යාන්ත්‍රිකයන් සොයාගෙන නොමැති නිසා එය තවත් වැදගත්වෙනවා” යයි  ෂුල්ස් පවසනවා. තවද, හොඬවැළ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ ඉගෙනීම ප්‍රයෝජනවත් වීමට තවත් අමතර හේතු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

වඩාත් ප්‍රයෝජනවත් රොබෝවරු සාදා ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉංජිනේරුවන්ට එය උදව් වනු ඇති. සන්ධි මූට්‍ටු නොමැති “ශල්‍යකර්ම සඳහා වෛද්‍යවරුන්ට උපකාර කිරීමට හැකි  වැනි  රොබෝවරු සම්බන්ධයෙන් එය විශේෂයෙන් සත්‍ය වේ.

ආසියාවේ සහ අප්‍රිකාවේ සමහර අලි ගහණය තියුනු ලෙස පහත වැටීමත් සමඟ, මෙම සතුන් ‍රැක ගැනීම අලි හොඬවැළ අධ්‍යයනය කිරීම පිණිස තවත් වැදගත් හේතුවක් හැටියට් ෂුල්ස් දකී: .

“අපි විද්‍යාව භාවිතා කරන්නේ අලි ගැන වැඩි විස්තර දැන ගැනීමට මිනිසුන් පෙළඹවීම සඳහා ය,” ෂුල්ස් පවසයි. සතුන් වැඩි වැඩියෙන් අධ්‍යයනය කරන තරමට (එම සතුන්) වැඩි වැඩියෙන් සංරක්ෂණයට ලක් වේ. ”

Washington Postහි Kids Post යටතේ පළවන  What’s to know about elephants’ trunks? A lot more than people think යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.