COVID-19 සම්බන්ධයෙන් මේ දිනවල වැඩියෙන්ම සාකච්ඡා කෙරෙන මාතෘකාව බවට පත්ව ඇති ඩෙල්ටා ප්‍රභේදය ගැන අපේ රටේ ද අවධානය වැඩියෙන් යොමු වූ මොහොතකි මේ. ඇත්තවශයෙන්ම,ඩෙල්ටා ප්‍රභේදය ගැන අප දන්නේ කුමක්ද? අපගේ අවදානම තක්සේරු කරන්නේ කෙසේද? අප එන්නත් ලබා ගැනීමේ දී අඩු හෝ ඉහළ මට්ටමක සිටියත් අපව ආරක්ෂා කර ගැනීමට අප අනුගමනය කළ යුතු උපායමාර්ග මොනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ විස්මිතා ගුප්තා-ස්මිත් සමග සම්මුඛ සාකච්ඡා වැඩසටහනක දී කරුණු පැහැදිලි කරන්නේ එම සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ (Health Emergencies Program) සේවය කරන, වසංගත රෝග විශේෂඥ ආචාර්ය මරියා වැන් කෙර්කොව්.

ඩෙල්ටා ප්‍රභේදය
ප්‍රශ්නය: විස්මිතා ගුප්තා-ස්මිත්
ආයුබෝවන්, සාදරයෙන් පිළිගනිමු. අපි අද ඩෙල්ටා ප්‍රභේදය ගැන කතා කරමු. අද අපගේ විශේෂග්නායා වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් ය. මාරියා, මගේ පළමු ප්‍රශ්නය: කරුණාකර අපට පැහැදිලි කරන්න, 2021 ජූලි මාසය වෙද්දී ඩෙල්ටා ප්‍රභේදය ගැන අප දන්නා දේ මොනවාද කියලා?
පිළිතුරුදෙන්නේ: ආචාර්ය මාරියා වැන් කෙර්කොව්
මුලින්ම කියන්න තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානය යොමු කර ඇති, ලොව පුරා නිරීක්ෂණය කරමින් සහ අධීක්ෂණය කරමින් සිටින ප්‍රභේදයකි. එය ගැන මෙලෙස සැලකිලිමත්වීම වැඩි වී ඇත්තේ එහි සම්ප්‍රේෂණ හැකියාව වැඩි ප්‍රභේදයක් බව අප දන්නා නිසාවෙන්. මෙය(ඩෙල්ටා ප්‍රභේදය) රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇත. ඒවගේම, ඩෙල්ටා ප්‍රභේදය යම් ස්ථානයකින් හදුනාගත් විගසම වාගේ, 2021 දෙසැම්බරයේ දී අනාවරණය කරගත් ඇල්ෆා ප්‍රභේදයට වඩා සැබවින්ම වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ජනතාව අතරේ කාර්යක්ෂමව ව්‍යාප්ත වන බව අපි දනිමු. අද වන විට ඩෙල්ටා ප්‍රභේදය රටවල් 96 ක වාර්තා වී ඇති අතර ඩෙල්ටා ප්‍රභේදය දිගටම ව්‍යාප්ත වනු ඇතැයි අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලොව පුරා මේ ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වැඩි කිරීමට හේතු වන සාධක ගණනාවක් තිබේ. පළමුවැන්න ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව මෙම ප්‍රභේදයන් දඩි සැලකිල්ල යොමු වන ඒවාය. දෙවන සාධකය නම්, අප සමාජයීය වශයෙන් මිශ්‍රවීම වැඩි කර ඇති අතර සමාජ සංචලතාව වැඩි කර ඇති හෙයින් එමඟින් පුද්ගලයන්ට අනෙක් පුද්ගලයන් මුණගැසීමේ අවකාශ වැඩිවීමේ හේතුවෙන් සමාජ සම්බන්ධතා වැඩි වී තිබේ. තෙවන සාධකය නම් මහජන සෞඛ්‍ය සහ සමාජ ක්‍රියාමාර්ග ලිහිල් කිරීම හෝ නුසුදුසු ලෙස හෙවත් අවභාවිතා කිරීමයි. මේ වනවිට කාර්යක්ෂම බව තහවුරු වී ඇති, අප දන්නා මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග මගින් ආසාදන වැලක්වනු ලැබීම, වෛරසය ආසාදනය වූ අයෙකුගෙන් අන් අයට එය පැතිරී යනු ලැබීම අවම කිරීම සහ ජීවිත බේරා ගනු ලැබීම සිදු කෙරේ. සිව්වන සාධකය වන්නේ එන්නත් එක එක මට්ටමකින් තොරව හා අඩු වැඩි නැතුව සෑම අයටසමාන ලෙස බෙදා නොහැරීමයි.
ඉතින්, ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව සැලකිල්ල යොමු වන වන ඕනෑම ප්‍රභේදයක් මගින් ආසාදනවලට ගොදුරු වීමේ අවදානමට ලෝකය තවදුරටත් මුහුණ පාමින් සිටියි.

ප්‍රශ්නය:
ඉතින් මාරියා, ලෝකයේ විවිධ රටවල් මේ වන විට මෙම වසංගතයේ විවිධ අවස්ථා වල සිටි. අප කුමන තැනකජීවත් වුණත්, ඩෙල්ටා ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කර ගැනීමේ දී අපගේ අවදානම තක්සේරු කරන්නේ කෙසේද?
පිළිතුර:
ඇත්තටම මෙය ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔබේ අවදානම හරිහැටි දැන ගැනීම, සෑම දිනකම ඔබේ අවදානම අඩු කිරීමට පියවර ගැනීමේ දී ඔබට උපකාරී වේ. ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව මෙම වෛරසයෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට බොහෝ දේ ඔබට කළ හැකිය. ඔබගේ අත් පිරිසිදුව ඇතිබෙන බවට සහ මුහුණු ආවරණයක් පැළඳසිටින බවට වග බලා ගැනීම, මුහුණු ආවරණය ඔබේ නාසය සහ මුඛය ආවරණය කරන බවට වග බලා ගැනීම සහ ඔබ ඔබේ මුහුණු ආවරණය පැළඳින විට මෙන්ම ඔබේ මුහුණු ආවරණය ගලවන විට ඔබට පිරිසිදු අත් ඇතිව සිටින බව සහතික කිරීම ඒ අතර වේ.. ජනාකීර්ණ අවකාශයන් වළක්වා ගැනීම, අන් අයගෙන් දුරත්වයකින් සිටීම, ඔබ එළිපහළියට් නොගොසින් ඇතුළක සිටීන බව, ඔබ හොඳ වාතාශ්‍රයක් ඇති කාමරයක සිටින බවට වග බලා ගැනීම ද ඊට ඇතුළත් වේ. බොහෝ විට කළ යුත්ත, හොඳ වායු ප්‍රවාහයක් ඇති වන පරිදි කවුළුවක් හෝ කවුළු දෙකක් විවෘත කිරීම තරම් සරල ක්‍රියාවකි. එම සියලු ක්‍රියාමාර්ග ගැනීමෙන් වෛරසයට නිරාවරණය වීමේ හැකියාව අඩු වන අතර ඔබ ආසාදනය වීමේ හැකියාව අඩු කරයි. ඊට අමතරව, එන්නත ලබා ගැනීමෙ දී ඔබේ වාරය එළඹෙන විට, නොවැරදී එන්නත ලබා ගන්න. දරුණු රෝග සහ මරණය වැළැක්වීම සඳහා එන්නත් ඇදහිය නොහැකි තරමට ඵලදායී බව අපි දනිමු. ඉතින්, ඔබේ වාරය පැමිණි විට ඔබ එම අවස්ථාව ලබාගෙන එන්නත ලබාගෙන සම්පූර්ණ මාත්‍රාව ලබා ගැනීමට වග බලා ගන්න. මාත්‍රා දෙකක් ලබා ගැනීම අවශ්‍ය විට, එම දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා යාමට වග බලා ගන්න එවිට ඔබට දරුණු රෝගතත්ත්වයෙන් සහ මරණයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා විය හැකිය.

ප්‍රශ්නය:
මාරියා, අප දරණ අවදානම් වෙනස් වෙනවාද? ඒ වගේම, අප මුහුණපාන තත්වයන් මත පදනම්ව අපගේ උපක්‍රම සහ ආරක්ෂක පියවර වෙනස් කළ යුතුද? නිදසුනක් වශයෙන්, අප ඉහළ එන්නත් ලබා ඇති රටක හෝ නගරයක සිටිය හැකිය, නැතහොත් අඩු එන්නත් ලබා ගත හැකි පසුබිමක අප සිටිය හැකිය, එවිට?
පිළිතුර:
ලොව පුරා බොහෝ දෙනෙකුට තවමත් එන්නත් ලබා දී නැත; නො එසේනම් එන්නත් සම්පූර්න මාත්‍රාව ලැබී නොමැත. ඒ නිසා මිනිසුන් ආසාදනවලට ගොදුරු විය හැකි අතර ඔවුහු දරුණු රෝග හා මරණයට ගොදුරු වවෙති. මේ නිසාම මුලින් තමන්ව ආසාදනය වීම වැළැක්වීම, ඒ වගේම අප ආසාදනය වී ඇත්නම්, වෛරසය අන් අයට ලබා දීම වැළැක්වීම සඳහා අප සතුව ඇති සියලුම මෙවලම් භාවිතා කරමින් පුළුල් ප්‍රවේශයක් ගැනීම අපි දිගටම නිර්දේශ කරමු. වර්තමානයේදී, අප සතුව ඇති සියලුම ක්‍රියාමාර්ග, අප සතුව ඇති සියලුම මෙවලම් දිගටම භාවිත කිරීම, ඒ වගේම ඒවා පිළිපැදීම වෙර ගැන්වීම සඳහා අඛණ්ඩව පිළිපැදීම අපි නිර්දේශ කරමු. ඔබේ ප්‍රදේශයේ නිකුත් කර ඇති ප්‍රාආදේශික මග පෙන්වීම් අනුගමනය කර ඔබ දිනපතා කරන දේ පාලනය කිරීමට වග බලා ගන්නා අතරම ආසාදනය වීමේ අවස්ථා අඩු කරගන්න. එබැවින් මතක තබා ගන්න, මෙය ගතික තත්වයක් වන අතර සැලකිල්ල යොමුව ඇති මෙම ප්‍රභේදයන් පිළිබඳව අපි දිනපතා ඉගෙන ගන්නෙමු. එබැවින් දැනට, ආරක්ෂාකාරීව සිටීමට ගත හැකි සෑම දෙයක්ම කරන අතරම නවතම තොරතුරු ලබා ගැනීම පිණිස ඔබට හැකි සෑම දෙයක්ම කරන්න.
විස්මිතා ගුප්තා-ස්මිත් ස්තූතියි, මරියා.. ඊළඟ වතාවේ හමුවන තෙක් එහෙම නම් ඔබත් ආරක්ෂිතව සිටින්න, නිරෝගීව සිටින්න
ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව දැනට තිබෙන එන්නත් ප්‍රමණවත් ආරක්ෂාවක් සපයන්නේද? යන්න ගැන ජූලි 14දා පළ වූ පෝස්‍ටුවක් මෙතැනින් කියවන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි Science 5, Episode 45- Delta variant වැඩසටහන ඇසුරෙනි