ඔපියොයිඩ(opioids) යනු ආසක්ත හෙවත් ඇබ්බැහිවීම අතින් අබිංවලට(opium) සමාන ගුණයන්ගෙන් සමන්විත සංයෝගයකි. ඔපියොයිඩ ඇබ්බැහි වීම අතින් අඩු කළ හැකි එක් ක්‍රමයක් නම් ඒවායින් නිරෝගී මොළයට වඩා තුවාල වූ පටක ඉලක්ක කර ගැනීමයි.

රසායන විද්‍යාව තුළින් ඇබ්බැහිය අඩු ඔපියොයිඩ නිර්මාණය කිරීම
වේදනාවෙන් පෙළෙන රෝගීන්ට ඇබ්බැහිවීමේ අතුරු ආබාධ කිසිවක් නොමැතිව ඔපියොයිඩ වල ඇති සියලු වේදනා නාශක බලය ලබා ගැනීමට ක්‍රමයක් තිබේ නම් කොපමන අගනේ ද?
ඔපියොයිඩ යනු දැනට ලබා ගත හැකි වඩාත්ම ප්‍රබල වේදනා නාශක ඖෂධයකි. එසේනමුත් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවෝ බෙහෙත් වට්ටෝරුවලට නිකුත් කරණ ඔපියොයිඩ් අනිසි භාවිතයට යදා ගනිති.එසේවන්නේ, ඔවුන් සන්සුන්ව හා ප්‍රීති ප්‍රමෝදයට පත්කිරීමට ඔපියොයිඩ වලට ඇති හැකියාව හේතුවෙන් නොදැනුවත්වම වාගේ ඒවාට ඇබ්බැහි වීමයි. කෙසේනමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ ඔපියොයිඩ් වලට ඇබ්බැහි වීමේ හැකියාව අඩු කර ගැනීම සඳහා ඒවා, රසායනිකව සකස් කළ හැකි ක්‍රමයක් ඇති බවයි.
එක්සත් ජනපදයේ ඔපියොයිඩ් වසංගතයේ පළමු රැල්ල ආරම්භ වූයේ 1990 දශකයේදී ය. 2015 වන විට දළ වශයෙන් ඇමරිකානුවන් මිලියන 11.5 ක් වත් බෙහෙත් වට්ටෝරු ඔපියොයිඩ් අනිසි භාවිතයට ඇබ්බහි වී අවාසනාවන්ත් අත්දැකිම් වලට ගොදුරුව සිටියහ. 1999 සිට 2019 දක්වා ඔපියොයිඩ් අධික මාත්‍රාවෙන් 500,000 කට ආසන්න පිරිසක් මිය ගිය බව ඇ.එ.ජ. රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන(The Centers for Disease Control and Prevention – CDC) ගණන් බලා තිබේ. මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ COVID-19 වසංගතය තුළ පමණක් මෙම සෞඛ්‍ය අර්බුදය තවත් තීව්‍ර වී ඇති බවයි. එක්සත් ජනපදය 2020 දී ඔපියොයිඩ් අධික මාත්‍රාවෙන් වාර්තාගත මරණ 93,000 ක් කරා ළඟා වූ අතර එය ඊට පෙර වසරට වඩා 29% ක වර්ධනයකි.
ඔපියොයිඩ පරායත්තතාවයෙන්(dependency) පෙළෙන බොහෝ අය ශාරීරික වේදනාව සමනය කිරීම සඳහා මෙම ඖෂධ භාවිතා කරන බව වාර්තා කරති : ඔපියොයිඩ් අපයෝජනයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ නිදන්ගත වේදනා ප්‍රතිකාරයි. එහෙත් ඇබ්බැහි වීමේ අවදානමකින් තොරව වේදනා සහනයක් ලබා දිය හැකි මේ හා සමාන ඖෂධ දැනට නොමැත.
ඔපියොයිඩ වල ජෛව රසායනය
රසායනික ව්‍යුහයේ වෙනස්කම් සහිත ඔපියොයිඩ වර්ග ගණනාවක් තිබේ. කෙසේ වෙතත්, සියළුම ඔපියොයිඩ් වල ජෛව රසායනික ක්‍රියාකාරිත්වය නියම කෙරෙන එකම රසායනික කාණ්ඩයක් අඩංගු වේ. මෝෆීන්, ඔක්සිකෝඩෝන සහ හයිඩ්‍රොකෝඩෝන එකම ප්‍රධාන පංතියට අයත් එපොක්සිමෝර්ෆිනන් ඔපියොයිඩ වලට අයත් වන අතර සමාන රසායනික ව්‍යුහයන් බෙදාහදා ගනී .අනෙක් අතට, ෆෙන්ටනයිල්(Fentanyl) ඔපියොයිඩ වල නයිල්පිපෙරයිඩින්(phenylpiperidine) පන්තියට අයත් වන අතර එය බෙහෙවින් වෙනස් ය.

මෝෆීන්, ඔක්සිකෝඩෝන සහ හයිඩ්‍රොකෝඩෝන එකම ප්‍රධාන පංතියට අයත් එපොක්සිමෝර්ෆිනන් ඔපියොයිඩ වලට අයත් වන අතර සමාන රසායනික ව්‍යුහයන් බෙදාහදා ගනී

මෝර්ෆින් සහ ෆෙන්ටැනයිල්වල විවිධ රසායනික ව්‍යුහයන් ඇති නමුත් රුධිර ප්‍රවාහයේ සමාන රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය වන නයිට්‍රජන් කාණ්ඩයක් බෙදාහදා ගනී.
ඔබට කාබනික රසායන විද්‍යාව පිළිබඳ ගැඹුරු නොවුණත් යම් මට්ටමක අවබෝධයක් නොමැති නම් මෙම අණු වල රසායනික ව්‍යුහයන් හරියාකාරවම තේරුම්ගැනීම මදක් අපහසු වන්නට පුළුවන. කෙසේ වෙතත්,ඒවා අතර පොදු දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට කතාව සරල කළ හැකිය. ඇමයින කාණ්ඩයක් ලෙස හැඳින්වන්නෙහි කොටසක් වන නයිට්‍රජනයක් අණු දෙකෙහිම අඩංගුය. මෙම කාණ්ඩය රුධිර ප්‍රවාහය වැනි ජලය මත පදනම් වූ පරිසරවල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් ධනාත්මක ආරෝපණයක් බවට පත්විය හැකිය.

උදාසීන ලෙස ආරෝපිත මෝෆින් ජලයේ දී රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය වන අතර එය ධන ආරෝපිත ජෛව රසායනිකව ක්‍රියාකාරී සංයෝගයක් බවට පත්වේ.
මෙම ධන ආරෝපිත ව්‍යුහය වනාහි ඔපියොයිඩවල ජෛව රසායනිකව ක්‍රියාකාරී ස්වරූපයයි – මෙම ධනාත්මක ආරෝපණය ලබා ගන්නා තෙක් එය ඔබේ ශරීරයට කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇත. නයිට්රජන් මත ඇති ධනාත්මක ආරෝපණය වේදනාව උත්පාදනය වන (සිරුරේ) ඉලක්කගත ස්ථානයට බන්ධනය වී සහනයක් ලබා දීම උදෙසා මෙම ඖෂධ උපකාරීවේ.
සාමාන්ය පුද්ගලයෙකුගේ ශරීරයේ ආවේණික ආම්ලිකතා මට්ටමේ(typical acidity level) මෝෆීන් හා ෆෙන්ටනයිල් ධන ආරෝපණය වීම සඳහා ප්‍රශස්ත මං සළසයි. මෙයින් අදහස් කරන්නේ පරිභෝජනය කරන ඖෂධ සියල්ලම පාහේ ශරීරය පුරා ජෛව රසායනිකව ක්‍රියාකාරී වන බවයි. එය මොළයේ වේවා, තුවාල වූ ස්ථානයේ වේවා, ශරීරය පුරා ඇති සෛලවලට qඋෂධයේ බලපෑම දැනෙනු ඇත.
ඔපියොයිඩ ඇබ්බැහි වීම අඩුකර ගැනීම
ඔපියොයිඩ් වලට ඇබ්බැහිබව ඇතිකිරීමේ ගුණ බොහෝමයක් සිදුවන්නේ ඒවා මොළය තුළ හට ගන්වන සන්සුන්බව(calmness) හා අල්ලාසය(euphoria) නිසාය . කෙසේ වෙතත්, ආතරයිටිස්, තුවාල හා පශ්චාත් ශල්‍යකර්ම වේදනාව වැනි තත්වයන් උදෙසා වේදනාවෙන් සහනයක් ලබා දෙනු වස් මෙම ඖෂධ මගින් ඉලක්ක කළ යුතුවන්නේ, ශරීරයේ රෝග තත්ත්වය හෝ තුවාල වූ ප්‍රදේශ පමණකි. පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රශ්නය නම් මොළයට බලපෑමක් නොකර ඔපියොයිඩ වල බලපෑම ශරීරයේ නිශ්චිත ප්‍රදේශවලට සීමා කළ හැකිද යන්නයි.
මෑතකදී යෝජනා කෙරුණු එක් විසඳුමක් මගින් අවධානය යොමු කරනු ලබන්නේ තුවාල වූ පටක හා සෞඛ්‍ය සම්පන්න පටක අතර ආම්ලිකතාවය පිළිබඳවයි. හානියට පත් පටක මගින් නිපදවනු ලබන ලැක්ටික් අම්ලය සහ අනෙකුත් ආම්ලික අතුරු නිෂ්පාදන එකතු කරනු ලබන ඇසිඩෝසියාව හෙවත් අති ආමලතාව නම් ක්‍රියාවලියක් හේතුවෙන් තුවාල වූ පටක සෞඛ්‍ය සම්පන්න පටක වලට වඩා ආම්ලිකතාව වැඩිය. මෙයින් අදහස් කරන්නේ ඔපියොයිඩ ධනාත්මක ආරෝපිතවන හැටියට මෙන්ම හා ක්‍රියාකාරී පටක වල පමණක් ක්‍රියාකාරීවන හැටියට වෙනස් කළ හැකි අතර සාමාන්‍ය පටක වල උදාසීනවව හා අක්‍රියව සිටින අයුරින් වේස් කිරීමේ හැකියාව ඇති බවයි. (එවිට) ඖෂධය ජෛව රසායනිකව ක්‍රියාකාරී වන්නේ නිරෝගී පටක වලට වඩා ඉහළ ආම්ලිකතා මට්ටමක දී පමණි.
ඔපියොයිඩ ඇබ්බැහි වීම අඩුකර ගැනීම
ඔපියොයිඩ් වලට ඇබ්බැහිබව ඇතිකිරීමේ ගුණ බොහෝමයක් සිදුවන්නේ ඒවා මොළය තුළ හට ගන්වන සන්සුන්බව(calmness) හා අල්ලාසය(euphoria) නිසාය . කෙසේ වෙතත්, ආතරයිටිස්, තුවාල හා පශ්චාත් ශල්‍යකර්ම වේදනාව වැනි තත්වයන් උදෙසා වේදනාවෙන් සහනයක් ලබා දෙනු වස් මෙම ඖෂධ මගින් ඉලක්ක කළ යුතුවන්නේ, ශරීරයේ රෝග තත්ත්වය හෝ තුවාල වූ ප්‍රදේශ පමණකි. පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රශ්නය නම් මොළයට බලපෑමක් නොකර ඔපියොයිඩ වල බලපෑම ශරීරයේ නිශ්චිත ප්‍රදේශවලට සීමා කළ හැකිද යන්නයි.
මෑතකදී යෝජනා කෙරුණු එක් විසඳුමක් මගින් අවධානය යොමු කරනු ලබන්නේ තුවාල වූ පටක හා සෞඛ්‍ය සම්පන්න පටක අතර ආම්ලිකතාවය පිළිබඳවයි. හානියට පත් පටක මගින් නිපදවනු ලබන ලැක්ටික් අම්ලය සහ අනෙකුත් ආම්ලික අතුරු නිෂ්පාදන එකතු කරනු ලබන ඇසිඩෝසියාව හෙවත් අති ආමලතාව නම් ක්‍රියාවලියක් හේතුවෙන් තුවාල වූ පටක සෞඛ්‍ය සම්පන්න පටක වලට වඩා ආම්ලිකතාව වැඩිය. මෙයින් අදහස් කරන්නේ ඔපියොයිඩ ධනාත්මක ආරෝපිතවන හැටියට මෙන්ම හා ක්‍රියාකාරී පටක වල පමණක් ක්‍රියාකාරීවන හැටියට වෙනස් කළ හැකි අතර සාමාන්‍ය පටක වල උදාසීනවව හා අක්‍රියව සිටින අයුරින් වේනස් කිරීමේ හැකියාව ඇති බවයි. (එවිට) ඖෂධය ජෛව රසායනිකව ක්‍රියාකාරී වන්නේ නිරෝගී පටක වලට වඩා ඉහළ ආම්ලිකතා මට්ටමක දී පමණි.
මෙම න්‍යාය මුලින්ම ගවේෂණයට ලක් කරන ලද්දේ ෆෙන්ටනයිල් භාවිතා කරමිනි . ඇමයින කාණ්ඩයේ නයිට්‍රජන් අසල ෆ්ලෝරීන් ((F)) පරමාණුවක් හඳුන්වා දීමෙන් ෆෙන්ටනයිල් ක්‍රියාකාරී වන ආම්ලිකතා පරාසය අඩු කළ හැකි අතර එය ශරීරයේ සාමාන්‍ය ආම්ලිකතා මට්ටම්වල ක්‍රියාකාරී වීමට ඇති ඉඩකඩ අඩු බව පර්යේෂකයෝ සොයා ගත්හ.

ෆෙන්ටනයිල් වලට ෆ්ලෝරීන් පරමාණුවක් එක් කිරීමෙන් එය, සෞඛ්‍ය සම්පන්න ශරීර පටක වල ජෛව රසායනිකව ක්‍රියාකාරී වීමට ඇති ඉඩකඩ අඩු වේ.
ෆෙන්ටනයිල් වලට ෆ්ලෝරීන් එකතු කිරීම මගින් නිරෝගී පටක හා සසඳන විට තුවාල වූ පටක වල ආම්ලික තත්වයන් තුළ ඔපියොයිඩ් ක්‍රියාකාරිත්වය වැඩි වී ඇත. මෙයින් පෙණී ගියේ ඖෂධය “සක්‍රිය” වන්නේ වේදනා සහනයක් අවශ්‍ය ශරීරයේ සමහර කොටස් වල දී පමණක් බවයි. ඊට අමතරව, වේදනා සහනයක් ලබා දෙන අතරම, ඇබ්බැහි වීමේ විභවය සහ අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීමේ වේගය වැනි ඔපියොයිඩ් හා සම්බන්ධ දරුණු අතුරු ආබාධවල අඩුවීමක් පෙන්නුම් කරයි .
ර්යේෂකයෝ මෑතකදී මෙම රාමුව මෝෆින් ද හසුවන සේ දක්වා දීර්ඝ කර ඇත්තාහ. තුවාල වූ පටක සුවිශේෂව ඉලක්ක කර ගැනීම සඳහා සමාන ෆ්ලෝරීන් ආදේශක මගින් මෝෆින්ගේ ක්‍රියාකාරී ආම්ලිකතා පරාසය වෙනස් කළ හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. මෝෆීන් ආදී එකම පන්තියේ ඔපියොයිඩ් වල අණු සමාන ව්‍යුහයන් දරණ බැවින්, මෙම ප්‍රවේශය හයිඩ්‍රොකාඩෝන සහ ඔක්සිකෝඩෝන වැනි අනෙකුත් ඔපියොයිඩ වලදී ද ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරේ.
ෆ්ලෝරීන් පරමාණුවක් මෝෆින් වලට එකතු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ශරීර පටක වල ජෛව රසායනිකව ක්‍රියාකාරී වීමට ඇති ඉඩකඩ අඩු වේ. ආරොන් හැරිසන් ,
ඇබ්බැහි වීමේ අවදානමකට රෝගීන් ලක් නොකර ට්ඵලදායී ලෙස වේදනාවට ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය සේවයේ සැලකිය යුතු ගැටළුවක් ලෙස තවදුරටත් පවතී. මෙම ප්‍රවේශය අත්හදා බලා ඇත්තේ විද්‍යාගාර පසුබිම් තුළ පමණක් වන හෙයින් එය තව කලක් යනතුරු ෆාමසිවලට නෝනු ඇත. එසේ වූයේ වී නමුත් පවතින ඔපියොයිඩ් රසායනිකව වෙනස් කිරීම ඇබ්බැහි නොවී වේදනාව සමනය කරනන්නා වූ ඖෂධ සංවර්ධනය කිරීම සඳහා හොඳ මාවතකි.
The Conversation හී පළ වී ඇති Designing less addictive opioids, through chemistry යන ලිපිය ඇසුරෙනි