සමහර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධ වීමට බිය වන්නේ ඇයි?

Posted by

සමහර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධ වීමට බිය වන්නේ ඇයි?

මුළු මන්දාකිනියම(Milky Way) ග්‍රහ ලෝකයන් සමඟ බැඳී ඇති අතරම. විශ්වයේ කතා කිරීමට සූදානමින්කවරෙකු හෝ වෙත් නම් එම හඬට  සවන් දීමේ හැකියාව අපි වැඩි කර ගනිමින් සිටින්නෙමු – එබැවින් “පරසක්වල කිසිවෙකු(ජීවීන්) සිටීද?” යන ප්‍රශ්නයට අපට ඉක්මනින් පිළිතුරු දිය හැකි එකක් වනු ඇතැයි අප විශ්වාසයෙන් සිටිමු.

එසේනමුත් අපට ඇත්තටම දැන ගැනීමට අවශ්‍යම ද? පිටසක්වල ජීවීන් ඇත්ත වශයෙන්ම සිටී නම්, ඔවුන් මිත්‍රශීලී ගවේෂකයන්ද, නැත්නම් ග්‍රහලෝක විනාශ කරන්නන්ද? මෙය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා නොවන බරපතල ප්‍රශ්නයකි. මන්ද යත්, ක්‍රමයෙන් ගොඩ ලොකුවෙන තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් හුදෙක් සවන් දීමට වඩා වැඩි යමක් කිරීම තමන්ගේ වගකීම ලෙස භාරගෙන ඇති බැවිනි. සමහර විද්‍යාඥයින් මන්දාකිනිය හරහා  පාරභෞම ජීවීන් ඇත්දැයි  ගවේෂණය කිරීමට උපදෙස් දෙන අතර තවත් සමහරු තර්ක කරන්නේ පෘථිවිය අපටම තබා ගැනීම වඩාත් ඥානවන්ත බවයි.

චිකාගෝ හි ඇඩ්ලර් ග්‍රහලෝකාගාරයේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ලුසි ඈන් වල්කොවිච් පවසන්නේ “බුද්ධිමත් ශිෂ්ඨාචාරයක අවධානය ලබා ගැනීමේ අරමුණින් අප වඩාත් උද්‍යෝගයෙන්යවන පණිවුඩයක් ලැබී අප සමග සම්බන්ධකම් ඇති කරගැනීමට උත්සුක වන ශිෂ්ටාචාරයන් අවශ්‍යයෙන්ම අපගේ යහපතම පතන අය නොවන්නට හැකියාවක් තිබේ. “අනෙක් අතට, (සබඳ කම් ඇති කරගැනීමෙන්) විශාල වාසි තිබීමට ද හැකිය. පිටසක්වල ජීවීන් හා එවැනි සබඳ කම්  පෘථිවියේ ජීවය අවසන් කරන දෙයක් විය හැකි අතර එසේ නැති නම් එය පෘථිවියේ මත ගුණාත්මක ජීවිතයක් ගත කිරීමේ අපට ඇති හැකියාව වේගවත් කරන දෙයක් විය හැකිය. (දෙකෙන් කොයික දැයි) අපට දැන ගැනීමට ක්‍රමයක් නැත. ”

වෙනත් බොහෝ තාරකා විද්‍යාඥයින් මෙන්, වෝකොවිච්ට ද එක් ආකාරයක් හෝ වෙනත් ආකාරයක් හොඳ යයි ඒත්තු ගැන්වී නැත – නමුත් ගෝලීය විද්‍යාත්මක ප්‍රජාව ඒ ගැන කතිකාවක් ඇති කර ගත යුතු බව ඇය පැවසුවාය.

මීට අදාලව අන්තර්ජාල ආයෝජකයෙකු සහ විද්‍යා කටයුතු සම්බන්ධ දානපතියෙකු වන යූරි මිල්නර් විසින් ක්ෂුද්‍ර විද්‍යුත් සංරචක නැතිනම් උපාංග සහිත අභ්‍යවකාශ යානයක් වන Starchip දක්වයි. ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අවුන්සයකට වඩා අඩු බරකින් යුත් කුඩා අභ්‍යවකාශ යානා සමූහයක් ඇල්ෆා සෙන්ටෝරි තරු පද්ධතියට යැවීමේ ශක්‍යතාව තහවුරු කිරීමයි. දානුපතියා විසින් අරමුදල් සපයනු ලබන අන්තර් තාරකා ව්‍යාප්තිය සඳහා කැප වූ පරිත්‍යාගශීලී සංවිධානයක් වන Breakthrough Initiatives වලට ස්තූතිවන්ත වන්නට මෙම සංවාදය ඉක්මනින් උණුසුම් වනු ඇත.  පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් සකස් කිරීම සහ එය යවන්නේ කෙසේදැයි සොයා බැලීම සඳහා ලොව පුරා අදහස් ලබාදෙන ලෙස සංවිධානයේ කඩිනම් පණිවුඩ වැඩසටහන මගින් ඉල්ලා සිටිනු ලැබේ.. ලබන වසරේදී මෙම වැඩසටහන  දියත් කළ හැකිවෙතැයි අපේක්ෂිතයි.

Aliens Postpone Earth Invasion Due to Coronavirus Concerns | GomerBlog

ආසන්නයේ ඇති තරු පද්ධතිවල ජීවය පිළිබඳ ඕනෑම සාක්ෂියක් මේ සවන් දීමේ ව්‍යාපෘතිය මගින් සොයනු ලබමින් සිටින අතර එයට ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් පිහිටි බහීර් ග්‍රහයන්(exoplanets) ඇතුළත් වේ.

“ඉතා ඉක්මණින් වැදගත් සංඥ කිහිපයක් දැනගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන අතර බොහෝ විට පණිවිඩ වැඩසටහන වේගවත් කරන්නෙමු,” යයි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන්ටා බාබරා හි පිලිප් ලුබින් පවසයි.

“අපි පණිවුඩ යවනවාද නැද්ද යන්න ගැන වාද විවාද වෙනවාට වඩා  ප්‍රතිචාර දැක්විය යුතු දේ ගැන සිතීම — සන්දර්භය කුමක්ද? පෘථිවියේ මිනිසුන් නියෝජනය කරන හොඳම දේ කුමක්ද? ආදී වශයෙන් මනුෂ්‍ය වර්ගයා සඳහා වන අභ්‍යාසයක් ලෙස සැලකීමයි වැදගත් ” වර්ඩන් පවසයි, “ඊළඟට තමයි පණිවුඩය  ලබන්නාට ගෝචර වන  පරිදි ඔබ එය වඩාත් හොඳින් සංකේතනය කරන්නේ කෙසේද? කියන තාක්ෂණික විශේෂඥතාවයේ  ප්‍රශ්න මතුවන්නේ”

ගුවන්විදුලි හෝ ලේසර් සම්ප්‍රේෂක හරහා වේවා පින්තූර සම්ප්‍රේෂණය කරන්නේ කෙසේද ; ඉහළ විශ්වාසයකින් යුතුව එය යවන්නේ කෙසේද,  භාවිතා කළ යුතු ආලෝක තරංග ආයාම, හෝ පුළුල් වර්ණාවලියක් හරහා පණිවිඩයක් පැතිරවිය යුතුද; එය යැවිය යුතු වාර ගණන සහ කොපමණ වාරයක් ද; සහ වෙනත් තාක්ෂණික ගැටළු විශේෂඥ ප්‍රශ්න අතරවේ.

විද්‍යාත්මක ප්‍රජාව මෙම ප්‍රශ්න ගැන දිගටම විවාද කරති.

කෙසේවෙතත්, තවමත් සංඥා නොතිබීම ඇත්තෙන්ම ප්‍රහේලිකාවක් බවට පත්වෙයි. මන්දාකිණි පිරී යන තරමට ග්‍රහ ලෝකයන් බහුල සංදර්භයක් තුළ,  පිටසක්වල අමුත්තන් පෘථිවිය මත බහුල විය හැකි නමුත් එසේ නොවන්නේ ඇයි? එවැනි බහුල ග්‍රහලෝක පවතින සංදර්භයක් තුළ පිට සක්වලින් කිසිම සඥාවක් නොමැති තත්ත්වය නැතිනම් මේ විරුද්දාභාසය හඳුන්වන්නේ භෞතික විද්‍යාඥ එන්රිකෝ ෆර්මි වෙනුවෙන් නම් කරන ලද ‘ෆර්මි විරුද්දාභාසය'(Fermi Paradox) ලෙසය.   “පරසක්වල කිසිවෙකු(ජීවීන්) සිටීද?”  යන්න  මුලින්ම ඇහුවේ ඔහු තමයි. ඒ 1956 දී.  එතැන් සිට ගතවූ දශක කිහිපය තුළ මෙම සංසිද්ධිය පැදිලි කරණු වස්  තාරකා විද්යාඥයින් සමාජ විද්යාව සිට, ජීව විද්යාත්මක සංකීර්ණත්වය දක්වා විවිධ සාධක ඉදිරිපත් කර තිබේ.  නිදසුනක් වශයෙන් පිටසක්වල ජීවීන් අපට බියවන නිසා නිහඬ වනවා විය හැකිය, නැතහොත් අපව අවධානයට නුසුදුසු යැයි සලකනවා විය හැකියි. එසේත් නැතිනම් පිටසක්වල ජීවීන් අපට තේරුම් ගත නොහැකි ආකාරයෙන් සන්නිවේදනය කරනවා විය හැකිය, නැතහොත් අපට ඒවා ඇසෙන්නේ නැතුවා ද? එසේත් නැතිනම් පිටසක්වල ජීවීන්ට මොනයම් ආකාරයක සන්නිවේදන හැකියාවක්වත් නොමැති විය හැකිය. මේ සියල්ලට අමතරව ඇත්ත වශයෙන්ම පිටසක්වල ජීවීන් නොමැති වීමේ හැකියාව ගැන ද සැලකිල්ල යොමු විය යුතුය..

එහෙත් මෙසේ මතු කරණු ලබන කාරණා ප්‍රස්තූතගත මූලික ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකරයි: එනම්, පිටසක්වල ජීවීන් සොයා ගැනීම හොඳ අදහසක් ද? යන ප්‍රශ්නයයි.  විශේෂයෙන් ස්ටීවන් හෝකින් ඇතුළු සමහර විද්‍යාඥයන් එක පයින් පිළිතුරුදෙන්නේ  “නැත” යනුවෙනි.

“අපට බලන්න තියෙන්නේ අප දෙසමයි. ඒ අනුව අපට හිතාගන්න පුළුවන්  බුද්ධිමත් ජීවීන් බවට විකාශනය වී ඇති පිටසක්වල අමුත්තන් අපට හදි ගැසිය යුතු නැති පිරිසක් බව තේරුම් යන්න.” යනුවෙන් හෝකින් 2010 දී පැවසීය. පිටසක්වල ජීවීන් සංසන්දනය  හමුවීම ඔහු සංසන්දනය කරන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස් ස්වදේශික ඇමරිකානුවන් මුනගැසීමත් සමගයි: “එය (ස්වදේශික ඇමරිකානුවන්ට)එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන ආ හමුවක් වුණේ නැහැ,” ඔහු පෙන්වා දී ඇත.

තවත් සමහරු විද්‍යා ප්‍රබන්ධයේ පිටු අතරින් ඉස්මතු වන විනාශකාරී ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවා ඇත: අපගේ පණිවිඩ(සඥා)ඔස්සේ මෙහි ඇදී ආ හැකි පිටසක්වල ජීවීන්, සහ මෙහි පැමිණ පෘථිවියේ සම්පත් සූරාකෑමට, මිනිසුන් සූරාකෑමට හෝ අප දන්නා පරිදි සියලු ජීවීන් විනාශ කිරීමට පවා ඉඩ ඇතැයි සමහරු සිතති..

“(විශ්වය තුළ)අපගේ පැවැත්ම දැන හඳුනා ගන්නා ඕනෑම ශිෂ්ඨාචාරයක් තාක්‍ෂණිකව ඉතා දියුණු විය හැකි අතර අපට හොඳින් සැලකීමට සෑදී පැහැ දී සිටිනවා විය හැකියි. අවම වශයෙන් ගත්තත් (පිටසකවල හා ගණුදෙණුව පිළිබඳ) අදහස සදාචාරාත්මකව සැක සහිත බව පෙනේ, ”භෞතික විද්‍යාඥ  මාර්ක් බුකනන් තර්ක කරයි.

අනෙක් තාරකා විද්‍යා rs යින් සිතන්නේ එය අවදානම වටී – ඔවුන් තරමක් අඳුරු වන අතර එය කෙසේ හෝ ප්‍රමාද වැඩියි. අපි loud ෝෂාකාරී විශේෂයක් වන අතර ගුවන්විදුලිය උදාවූ දා සිට අපගේ පණිවිඩ විශ්වය හරහා ගමන් කරමින් තිබේ.

“අප පිටසක්වල ආක්‍රමණයක අවදානමට ලක්වුවහොත් එය ප්‍රමාද වැඩියි” යනුවෙන් නේචර් භෞතික විද්‍යාවේ අවසාන වැටීමකදී පණිවුඩ පිටසක්වළ බුද්ධි (මෙටි) ජාත්‍යන්තරයේ අධ්‍යක්ෂ ඩග්ලස් වකොච් ලිවීය. METI හි වඩාත් කැපී පෙනෙන යෝජකයා වන වාකොච් තර්ක කරන්නේ අප මෙහි සිටින කිසිවෙකුට නොකියන්නේ නම්, මානව වර්ගයාට උපකාර කළ හැකි නව තාක්‍ෂණය අපට මග හැරිය හැකි බවයි, නැතහොත් වෙනත් මිත්‍රශීලී පිටසක්වල ජීවීන්ගෙන් අපව ආරක්ෂා කළ හැකි බවයි.

අනෙක් තාරකා විද්‍යාඥයින් සිතන්නේ එවැනි අවදානමක් ගැනිම්  වටිනා බවයි. එපමන නොව පිටසක්වල ජීවීන් වර්ජනය කිරීමට දැන් ප්‍රමාද වැඩි බවයි ඔවුන්ගේ අදහස. අප ඝෝකාරී විශේෂයක් වන අතර ගුවන්විදුලිය බිහිවූ දා සිට අපගේ පණිවිඩ විශ්වය හරහා ගමන් කරමින් තිබේ.

“අප පිටසක්වල ආක්‍රමණයක අවදානමට ලක්වුවන්නේ නම් දැනටමත් එවැන්නක් වළක්වා ගැනීමට  ප්‍රමාද වැඩියි” යනුවෙන් Messaging Extraterrestrial Intelligence (METI) ආයතනයේයේ අධ්‍යක්ෂ ඩග්ලස් වකොච් Nature Physics  හි සඳහන් කරයි. වාකොච් තර්ක කරන්නේ අප  සිටිනා බව විශ්වයේ කිසිවෙකුට නොකියන්නේ නම්, මානව වර්ගයාට උපකාර කළ හැකි නව තාක්‍ෂණය අපට මග හැරිය හැකි බවයි, නැතහොත් වෙනත් මිත්‍රශීලී නොවන පිටසක්වල ජීවීන්ගෙන් අපට ආරක්ෂාව ලබා ගත හැකි මාර්ග ඇහිරී යා හැකි බවයි.

ටක්සන්හි ග්‍රහලෝක විද්‍යා ආයතනයේ(Planetary Science Institute ) තාරකා ජීව විද්‍යාඥයෙකු හා කතුවරයකු  වන ඩේවිඩ් ග්‍රින්ස්පූන් පවසන්නේ මීට පටහනි අදහසකි.“ඔබ ජීවත් වන්නේ කුසගින්නෙන් පෙළෙන සිංහයන්ගෙන් පිරුණු වනාන්තරයක නම්, ඔබ ඔබේ ගසෙන් බිමට පැන ඔවුන්ට ආචාර කරන්න හදනවාද?” ”

 “ පෘථිවිය මත අපගේ ක්‍රියාකාරකම් නිසියාකාරව කිරීමට ප්‍රමුඛ තැන දෙන එකයි  වඩා වැදගත්” යැයි ග්‍රින්ස්පූන් පවසයි.

Extraterrestrial Life

NBC News හී පළවන Why some Scientists Fear Contact With Space Aliens entire යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.